මට නම් Iphone 7 PLUS 128GB එකක්. 2017 දී.
හම්බ උනේ නම් කෙල්ල ගෙන් නෙමේ. මම වැඩකරපු කොම්පැනි එකක ලොක්කගෙන්.
මම කැම්පස් යනකාලේ යාලු වෙන්න ගිය කෙල්ලක් හිටියා. ඒ කෙල්ල යාලු වෙන්න ඇහුව්හ්ම කිවුවේ, ඒකිට ලෝකේ වටේම සවාරි යන්න ඕන, ශෝපින්ග් යන්න ඕන, කවද හරි බැන්දොත් බදින්නේ අඩි 6 ට වඩා උස, හින්දි නළුවෙක් වගේ ලස්සන, පිටරටක ඉගෙන ගත්ත, මගේ ෆැමිලි එකටම වියදම් කරන්න පුලුව එක්කෙනෙක් තමා කියලා.
එ කාලේ ටිකිරි මොලේට වැටහුනා, යකෝ ලෝකෙ වටේ මේකිව සවාරි එක්ක යන්න තියා, කැම්පස් එකේ ඉදන් ගෙදර යන්නත් ගෙදරින් සල්ලි ඉල්ලගෙන එන මට මේක හරියන් නැ කියලා.
මම ඉතින් හොරෙන් මුනුපොතේ බලනවා වෙන Accounts හදාගෙන. අවුරුදු 4 කට වගේ පස්සේ එකී කිවුවත් වගේ අරවගේම ගොයියෙක් බැදලා තිබ්බ. ඌ යි මා යි නම් අහසයි පොළොවයි වගේ තමා.
මම වැඩකරපු කොම්පැනි එකේ, මාරම ගති කෙල්ලෙක් හිටියා. කෙල්ල හෙනම ලොකු ලයින් එකෙන් තමා හිටියේ.වැඩිය කාත් එක්කවත් කතා නැ. හෙනම ඩිසන්ට්. කොහොම හරි මාත් එක්ක ප්රෝජෙට් සීන් එකක් නිසා ගූගලේ චැට් කරනවා.මුණට හම්බ උනා ට වැඩිය කතා කරන්නේ නෑ.
කොහොම හරි දවසක් ඔෆිස් එකේ කෙල්ල එක්ක චැට් කරනකොට අර අර කලින් කිවුව කෙල්ල බැදපු කොල්ල ගේ FB Profile එක යැවුවා. "මෙන්න යාලු වෙනවා නම් නියම කොල්ලෝ කියලා". මගෙන් ඇහුව අදුරනව ද..? යාලුවෙක් ද..? කියලා. මම කිවූවා නිකන් දැකල එවුවේ. ඔයාට ටිකක් matching වගේ කියලා. එතනින් එක ඉවරයි.
මම ඊට පස්සේ මොකුත් ඒ ගැන කතා කළෙ නැ. මාසෙකට පස්සේ වගේ ටික දවසක් යද්දී මෙන්න මෙකී Office එන එක අඩු උනා. ආවත් අඑගට් ට පන නැති ලයින් එකෙන් තමා ඉන්නේ. වැඩි දවසක් යන්න හම්බ උනේ නැ බෝසගේ වයිෆ් ඇන්ඩ් බොසත් මට මාරම සැලකිලි.
ඊට පස්සේ මෙන්න යකෝ බොසා දවසක් ඇවිද ගන්නවත් බැරුව හේරමිටියෙනුත් එනවා. බොසාගේ වයිෆ් and අර කෙල්ලත් ෆුල් ම හැපී එකේ. ඊට පස්සේ තමා අර කෙල්ල මට ඔය කියන ෆෝන් ඒක බොසා දුන්නා කියලා දුන්නේ. එකේ ලියල තිබ්බ කඩ්ඩෙන් හෙනම හැල්ලක්. මමත් අන්දුන් කුන්දුන් වෙලා හිටියේ.
ඒ කාලේ T20 එකක තිසර පෙරේරා කෙලපු සීන් එකකට එකෙක් හදල තිබ්බ උඩ දාලත් ගැහුවා , බිම පෙරලගෙනත් ගැහුවා , ඔන්න ඔය වගේ සින් එකක්. ඕක මට අර ඔෆිස් කෙල්ල එවලා, මට එවල තිබ්බ "He ඉස් ඕල් රෞන්ඩ්ර්" කියලා.
පස්සේ තමා මට තේරුනේ සින් එක. ඔෆිස් කෙල්ල අරකි බැදපු කොල්ලව සෙට් කරගෙන FB or etc.. හරහා. කොහොමත් ඔෆිස් කෙල්ල යි බොස් ගේ වයිෆ් ගේ ඉස්සර ඉදන් හෙනම යාළුකමක් තිබ්බා. ඊට පස්සේ ඔෆිස් කෙල්ල බොස් ගේ වයිෆ් සහ බොස් වත් සෙට් කරලා. අර කෙල්ල බැදපු එකත් බයි පොරක් වෙන්න ඕන. කොහොම හරි බොස් ටත් ඇවිදගංන බැරි වෙන්න නෙළුව කියන්නේ, ගනු දෙන්නට දොබ විසිවෙන්න දෙන්න ඇති. කොහොම හරි ඕක දැනගත්තා, වගේ ක්ලික් උන දවසෙම මම එතනින් අයින් උනා. තව සැහෙන්න සින් උනා . ඔන්න ඔහොමතමා මට Iphone 7 PLUS 128GB හම්බ උනේ.
ඒ Iphone මගුල ත්, මගේ ලග වැඩි දවසක් තිබ්බේ නැ. යාලුවෙක්ට විකුණන්න දෙන්න බස් එකේ ගෙනියනකොට, බැග් එකෙන් කවුරු හරි උස්සලා.