කෙලෙසුවා කන්‍යාවී.....

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
කෙලෙසුවා කන්‍යාවී.....


කෙලෙසුවා කන්‍යාවී.....
උනා සළුපිළි
නග්න කොට රුව
සුනඛයෙක්
චන්ද්‍රිකාවකින් විත්.
අපචාර රජකරයි
ආසනය මත
පතන යුක්තිය
ඉවත්කර
නෙත වැසූ රෙදිකඩ

කෙලෙසුවා කන්‍යාවී.....
වසා ඇත රහසඟ
දෙනෙත් බැදි රෙදි කඩින්
නොමැත යුක්තිය
දෙවඟනද අසරණය
නිරුවතිනි ඇය

කෙලෙසුවා කන්‍යාවී.....
සුනඛයා පිටව යයි
පව් සමා කර ගනී
උපාසක වෙසක් ගෙන
නිවන ගැන දෙසති බන
ගවරැලට බුදින තණ

කෙලෙසුවා කන්‍යාවී.....
කඩුව ජහ මනයාට
වනති අහුවන අතට
තරාදිය ගල් වලට*
නහවති කරමින මළපහ
පිදිය යුතු සත් මලින්
යූක්තියේ දේව දුව
මුක්තිය හිමිව ඇති
සුනඛ පෝතක පැටවු

අසරණය කන්‍යාවී....
නිරුවතින් වැළපෙම්න්
අයදීවී දෙවියනට
තමන් ඉන්නා තැනට
කැඳව ගන්නා ලෙසට
මියෙන්නට පෙර
ලබන්නට ජීවිතය.....

383200_2498876965246_1652571134_2248612_552457358_n.jpg
 

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
"යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

හැරල්ඩ් ජේ. ලැස්කි
(1893-1950)
 

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
දීපාලි විජේසූන්දර අභියාචනාධිකරණයට

සරත් ෆොන්සේකා මහතාට එරෙහි සිදු කොඩි නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරිය කටයුතු කළ, මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඊයේ (05) අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම් දෙනු ලැබීය.
ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී මෙම දිවුරුම්දීම සිදුව තිබේ. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද සහභාගී වූහ.

deepali.jpg