කෙලෙහි ගුණ මතක ඇති ජාතියක යුතුකම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කෙලෙහි ගුණ මතක ඇති ජාතියක යුතුකම


    70625743_2515827931808003_1303875100956688384_n.jpg

    කැබිතිගොල්ලෑවේ 68 ක් කොටි විසින් මරා දාපු වෙලාවේ මහින්ද ගියා ඔවුන් බලන්න ,

    මිනිස්සු ගම අතෑරලා යනවා කියද්දි මහින්ද ඔවුන්ට උස් හඩින් කිව්වා ,

    " නෑ නෑ කවුරුවත් යන්න ඕන නෑ , මීට පස්සේ මේ වගේ දේවල් නොවෙන්න මං වගබලා ගන්නම්, මම දැන් කොළඹට ගිහින් මේ ගැන අවසාන තීන්දු ගන්නවා, බය නැතුව ඉන්න, කවුරුවත් යන්න එපා ගෙවල් අතෑරලා "

    මේ වීඩියෝ අන්තර්ජාලයේ තියෙනවා හොයාගෙන නරඹන්න ,,

    එදාම රෑ මහින්ද , රටේ ජනාධිපති විදියට ජාතික රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරා,

    විනාඩි 45ක ඒ විශේෂ ප්‍රකාශයේ උච්ඡතම වචන ටික මට අදටත් මතකයෙන් කිව හැකියි ,

    " ආදරණීය රට වැසියනී ....

    මගේ ජනතාව ගිනි ගොඩක් මැද ජීවත් වෙද්දි මට විතරක් ආරක්ෂිත බංකරයක ජීවත්වෙන්න බෑ ...

    ප්‍රභාකරන්ට සා- ම- ය කියන අකුරු තුනේ වටිනාකම තේරෙන්නෙම නැතිනම් එයාට තේරෙන භාෂාවෙන් උනත් කතාකරන්න මා පසුබට නොවන බව හොදින් මතක තබා ගන්න ..... etc "

    කාටද මේවා මතක ?

    විවාදයක් තියාගන්න එපා ,

    මහින්ද 2005 සිට 2009 අග දක්වා ගේම ගැහුවා ලස්සනට , ඉස්පිල්ලක් ඇලපිල්ලක් අඩු නොවෙන්න ඔහු ඔහුගේ කොටස රට සහ ජනතාව වෙනුවෙන් අකුරටම ඉෂ්ඨ කරා ,,

    ඒ ගෞරවය ඔහුට පුද කරන්න බැරි නම් ඌ කුහකයෙක්ම පමණයි ,

    මිලිබෑන්ඩ්ලට , කුෂ්නාර් ලට කනේ ඇගිලි ගහගන්න මහින්ද එදා මුණටම කිව්වා ,,

    මහින්දට එදා තිබුන බලපෑම් / පීඩනය සුළු පටු නෑ ,

    නමුත් මහින්ද , අදටත් ඒ සිදුවීම් ගැන ප්‍රසිද්ධියේ මුකුත්ම කියන් නෑ ,

    ඉන්දීය නියෝජිතයෝ ඇවිත් වහාම මෙහෙයුම් නවතන්න කියපු වෙලාවේ , කේන්ති ගිය මහින්ද ඉන්දියන් කට්ටියගෙන් අහලා තිබ්බේ ,

    " ඇයි නැවැත්තුවේ නැත්‍තන් ගිය පාර වගේ උඩින් පරිප්පු දාන්නද ? " කියලා

    ඒ කොන්ද නායකයෙක් විදියට මහින්දට තිබ්බ නිසා ,

    උබත් - මමත් - අපිත් අද බය නැතුව මහ මග ඇවිදිනවා ,

    යුද්ධයට නායකත්වය දුන්

    මහින්ද රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්

    සේනාංක ප්‍රධානීන්

    ශ්‍රී ලංකා පොලීසිය

    සටන් කළ සෙබලුන්

    මව්බිම වෙනුවෙන් සිය තාරුණ්‍ය පුජා කළ මිය ගිය රණවිරුවන් ,

    ආබාධිත වුවන් ,

    මේ සියළු දෙනා පක්ෂ පාට භේදයකින් තොරව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු ,,

    එය කෙලෙහි ගුණ මතක ඇති ජාතියක යුතුකම
     
    • Like
    Reactions: Frenth

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඒක හින්ද තමයි මහින්දට අදත් මිනිස්සු ගරු කරන්නෙ..කෙලෙහිගුන නොදන්න අමනයො මොනා කියුවත්, මහින්ද කියන්නෙ රටක්..