කෙස් ගසකට වඩා කුඩා ප්‍රකාශ ඩයෝඩයක් .

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කෙස් ගසකට වඩා කුඩා ප්‍රකාශ ඩයෝඩයක් .

    පරිගණක සඳහා නව ආකාරයක ක්ෂුද්‍ර ප්‍රකාශ ඩයෝඩයක් නිර්මාණය කිරීමට පර්යේෂකයෝ පිරිසක් සමත්වී සිටිති.
    "passive optical diode" නමින් නම්කර ඇති මෙම උපකරණය විශ්කම්භය මයික්‍රෝන 10ක් තරම් (මිනිස් කෙස් ගසකින් 1/10ක් තරම්) කුඩා සිලිකන් මුදු දෙකකින් සමන්විතය. අනෙකුත් ඩයෝඩ මෙන් බාහිර සහයෝගයකින් තොරව සංඥා ගමන් කරවීම පාලනය කළ හැකිවීම මෙහි විශේෂත්වය බවද පර්යේෂකයෝ පවසති.
    සාමාන්‍ය ඩයෝඩයක කාර්ය භාරය වන්නේ එක් පැත්තකට පමණක් විදුලිය සන්නයනය කිරීමයි. තාර්කික විද්‍යුත් පරිපථයන්හි ප්‍රධානම අංගය වන්නේ මෙලෙස විදුලිය සන්නයනය කරන දිශාව තීරණය කරන ඩයෝඩයන්ය.
    පරිගණක චිපයක් තුළ මිලියන ගණනින් අඩංගු කළ හැකි මෙම ක්ෂුද්‍ර උපාංගය භාවිතයෙන් දත්ත සැකසීමේ වේගය කිහිප ගුණයකින් වේගවත් කළ හැකි බවද පැවසේ.

    passive_optical_diode.jpg
     
    • Like
    Reactions: nidarsha91