කෙසෙල් කමු

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    පලතුරු වල තියෙන ගුණේ ගැන තමා මේල් එක ආවෙ. ඒ සේරම අතරෙ කෙසෙල් වල ගුණේ ගැන ගොඩක් විස්තර තිබ්බ..අනිත් එව්ව නම් රට පලතුරු..අපිට ඉතින් ලේසියෙන්ම හම්බෙන්නෙ කෙහෙල්නේ.. ඉතින් මේ කෙහෙල් නැත්නම් කෙසෙල් ගැන..

    කෙසෙල් ගෙඩිය දිහා බලපුවාම අපිට මුලින්ම පේන්නේ ලෙල්ලනේ..!! ඉතින් මං මුලින්ම ලෙල්ල ගැන කියල ඉන්නම්කො..
    සමහර කෙසෙල් ගෙඩි වල ලෙල්ල කලු වෙලා නැත්තම් කලු තිත් තිත් මතු වෙලා තියෙනව අපි දැකල තියෙනවනේ..එහෙම වෙන්නෙ කෙසෙල් ගෙඩිය අම්බානෙක ඉදුනම..මේ විදිහට ඉදුනම සමහරු කන්න කැමති නෑ..
    ඒත් ඔයාල දැනන් හිටියද, මේ විදිහට කලු වෙන්න ඉදුනු කෙසෙල් වල, සිරුරේ ඇති අසාමාන්‍ය සෛල වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් තියෙන බව??
    මේ කලු පැල්ලම් වලින් TFT පවුලෙ සෛල ප්ලාස්මා අඩංගු රසායනිකය සංඝටකයක් නිශ්පාදනය කරනවලු.

    (TFT Family, දන්න ඉංග්‍රීසියෙන් නම් Tumor Necrosis Factor එක ..නොදන්න සිංහලෙන් කියනවනම් අසාමාන්‍ය පටක ක්ෂය කිරීමේ සාධකය සහිත සෛල ප්ලාස්මා අඩංගු පවුල :D.. මේක ගැන විස්තර විකිපීඩියා සයිට් එකෙන් බලාගන්නකෝ..)

    කෙසෙල් වල කලු ගතිය වැඩි වෙන තරමට මේ පිළිකා සෛල වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩි වෙනවලු..ඉතින් කනවනම් හොඳටම ඉදුන එව්ව තමා...දැන් ඉතින් කට්ටිය කලු වෙලා, කුණු වෙච්චත් කයිද මන්ද!!!


    කෙසෙල් ලෙල්ල ගැන තවත් එකක් තිබ්බ..හැබැයි මං මේකත් හරිද කියල චෙක් කලේ නම් නෑ..ඒත් දානව ඉතින්..කරල වැඩේ හරි ගියොත් කට්ටිය කියන්නකෝ...


    මේ ලෙල්ලෙ ඇතුලෙ තියෙන පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස් වගේ ඛනිජ වර්ග වල දත් සුදු කිරීමේ හැකියාව තියෙනවලු..
    ඉතින් අපි කරන්න ඕනෙ, ලෙල්ලෙ ඇතුල් පැත්ත අරන්, දත් වල හිමීට අතුල්ල අතුල්ල විනාඩි 2ක් ඉන්න එකලු..එතකොට අර ඛනිජ ටික දත් වලට උරාගෙන දත් සුදු වෙනවලු..වැඩේ හරි යනව කියල මේල් එකේ තිබ්බ..කොච්චර දවස් අතුල්ලන්නද කියල තිබ්බෙනම් නෑ..



    කෙසෙල් කෑමෙන් සිරුරේ එක් එක් අවයව වලට ලැබෙන වාසි විවිධයි කියලත් කියනව....



    රාත්‍රී කාලයේ ඇස් වල ක්‍රියාකාරීත්වය වැඩි කරනවලු (Night Vision)..


    හෘදවාහිනී වල අධික ආතතිය එහෙමත් නැත්තම් අධික රුධිර පීඩනය වලක්වනවලු..

    අස්ථි දිරා යාම වලකනවලු..

    අතීසාරය, පාචනය වගේ ලෙඩ වලදි, බඩවැල් වල විද්‍යුත් විච්චේදනය සිදු කරල සහනය දෙන්න සමත් වෙනවලු..ඒ වගේම මළබද්ධයත් වලක්වනවලු..

    වකුගඩු පිළිකා ඇතිවීමේ අවදානම ඉතා අඩු කරනවලු..



    මීට අමතරව,

    දුම් පානය කරන්නන්ට දුම්පානය අත හැරීමටත් කෙසෙල් ආහාරයට ගැනීම උදවු කරනවලු..

    මොළයේ ක්‍රියාකාරීත්වය ඉහල නංවනවලු..

    ඔසප් වේදනාව අවම කරනවලු..

    මදුරුවො කාපුවාම එන කසන ගතිය නැති කරනවලු..

    ලේ අඩු වීම (Amenia) වලකනවලු..

    මානසික ආතතිය නැති කරනවලු..

    හෘද රෝග ඇති වීමේ අවදානම අවම කරවනවලු..

    තුවාල/වණ වලට ඉක්මන් සුවය ගෙන දෙන්නත් කෙසෙල් උදවු කරනවලු..


    (උපුටා ගැනීමකි රිපෝස්ට් නම් සොරි)
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    good work machan rep 3+

    patta pata pata :D

    GOOD POST Thanks

    1.gif
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දුම් පානය කරන්නන්ට දුම්පානය අත හැරීමටත් කෙසෙල් ආහාරයට ගැනීම උදවු කරනවලු..

    මේකනම් ඇත්ත වගේ මචෝ ගිය මාසෙට දවසකට කෙසෙල් 500g වගේ කැවා
    දැන් ඉස්මොක් කොරන්න කිසි ඉන්ටරස්ට් එකක් නැහැ
    rep+6