කෙසෙල් නංගී....

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඉස්සර ලංගම බස් එකක් ගියා වැල්ලවත්තෙ විහාර ලේන් එකෙ ඉඳන් ජාඇල දක්වා. ඕක මුළු කොළඹම කැරකිලා තමා ගියේ. ඕකෙ හිටියා එළ කොන්දොස්තර මහත්තයෙක්. මෑන්ස්ගෙ ෆුල් ට්‍රයි එක උපරිමයක් පටව ගන්ඩයි, කාන්තාවට වෙන හිංසාව අවම කරන්ඩයි. ඒ හිංසාවට කැමති කාන්තාවොත් ඉන්ඩ ඇති. ඉතිං බුවා මොනවා හරි කියලා කෂ්ටියව ඉස්සරහට යවනවා. දවසක් එහෙම නොගිය මහත්තයෙකුට පොර මේ විදිහෙ කතාවක් කිව්වා. “අයියෝ, ඔය මහත්තය ඔය ජැක් එක ගලවල පොඩ්ඩක් ඉස්සරහට යන්ඩකෝ. තව සෙනඟ නගින්ඩ ඉන්නවනෙ. මයිකල් ජැක්සන්ලයි, ජැක්සන් ඇන්තනීලයි ඔක්කොම නගින්නෙ මේ බස් එකටනෙ.” අර හාදය කොහෙන් ගියාද නෑ.

    ඔය සිද්දිය මතක් උනාම තව කතාවක් මතක් උනා.

    මේ වැඩේ උනේ පොඩි කාලෙදිම බටහිර රටක පදිංචියට ගිහින්, අවුරුදු 20දි විතර ලංකාවට ආවෙ, පොඩි නිවාඩුවකට. ඉතිං මේ බොහොම සුන්දර කෙල්ලට හිතුනා කොලඹ පොඩි රවුමක් ගහන්ඩ. ගෙදර ඈයෝ කිව්වත් තනියම යන්ඩ එපා කියල, කෙල්ල ෆන් එකටත් එක්ක තනියම, බස් වල නැගල කොලඹ වටේ කරක් ගැහුවා.

    දැන් ඉස්කෝල ඇරෙන වෙලාව. කෙල්ල බම්බලපිටිය හන්දියෙ මාකට් එක ඉස්සරහා හෝල්ට් එකට ආවෙ මැජස්ටික් සිටි එකේ එහෙම රවුමක් ගහල, දෙහිවල පැත්තට යන්ඩ බස් එකක් ගන්ඩ. එතනම පොඩි බක්කියක තියාගෙන පලතුරු විකුනන ආච්චි කෙනෙක් හිටියා. ආච්චි ගාව තියෙන රත්නමාලු (රත් කෙහෙල්) දැකලා අපේ කෙල්ලගෙ ඇස් උඩ ගියෙ, මෙයා කවදවත් ඒ වගේ කෙසෙල් දැකල නොතිබුන හන්දා.

    ඉතිං මෙයා ආසාව හින්ද කෙසෙල් ගෙඩි දෙකක් අරං ඇඳන් හිටිය ඩෙනිම් කලිසමේ පිටි පස්සෙ සාක්කු දෙකේ දාගෙන ලංගම බසයකට ගොඩ උනා. කරුමෙ කියන්නේ, ඒ ඉස්කෝල ඇරෙන වෙලාව හින්දා, බස් එකේ වැඩි හරියක් හිටියේ ඇඩ්වාන්ස් ලෙවෙල් සයිස් තරුණ කොල්ලො. දන්නවනෙ ඔය වෙලාවට බස් වල තියෙන තදබදය. කොල්ලො ටික මේ සුන්දරීව ටිකක් බයිට් කරන්ඩත් එක්ක ආටිෆිෂල් තදබදයකුත් ඇති කරා.දැන් කෙල්ලට හෙල්ලෙන්ඩ විදිහක් නැහැ. ඉද්ද ගැහුව වගෙ එතනමයි.

    ඔය අල්ල පනල්ලී කෙල්ලට තේරුණා කවුරු හරි නොසන්ඩාලයෙක් සාක්කුවෙ තිබ්බ කෙහෙල් ගෙඩියකට විද්දා කියලා. අනේ මේ බොහොම ආසාවෙන් ගත්ත කෙහෙල් ගෙඩිය නේද කියල, කෙල්ල හිතුවා, ආයෙ මේව කවද කන්ඩ ලැබෙයිද නොදන්න නිසා, ඉතුරු එකවත් පරිස්සම් කරගන්ඩ ඕන කියල ඒ කෙහෙල් ගෙඩියට අත ගහගෙනම ඉන්ඩ ඕන කියලා.

    “කෙල්ල සාක්කුවට අත දාන කොට තේරුණා ඒ ටිකට කවුද අන්ඩීසන්ට් කොල්ලෙක් කෙසෙල් ගෙඩිය බාගෙට ඇදලා කියල. සුන්දරී කළේ, ඒක ආපහු ඇතුළට ඔබාගෙන, සාක්කුවට පිටතින් කෙහෙල් ගෙඩිය තද කරල අල්ල ගෙන ඉන්න එක. කවුරු හරි ගේම දෙන්ඩ සෙට් උනොත් කණ පුපුරන්ඩ දෙන ටෝන් එකක් තමා මූණෙ ඇඳිල තිබුනෙත්.

    ඔය අල්ල පනල්ලේ, සුන්දරීට හරි පිටි පස්සෙන් හිට ගෙන හිටපු කොල්ලා ඔලිම්පික් ලෙවල් උත්සාහයක් ගන්නවා කෙල්ලගෙන් හිනාවකින් හරි සංග්‍රහයක් ගන්ඩ. මොන? කෙල්ල ඉන්නෙ හරියට ලෝඩ් බයිරන්ගෙ දුව වාගෙ. ඇත්තටම එයාට මළ පැනල ඉන්ඩ ඇත්තේ, මේ වාගෙ නැහැදිච්ච කොල්ලො සෙට් එකක් ඉන්න බස් එකකට නගින්ඩ වීම ගැන.

    කොහොමින් කොහොම හරි අපේ කොල්ලා බහින හෝල්ට් එකත් පහුවෙලා, තව හෝල්ට් තුන හතරකුත් ගිහින්. වැඩේ සක්සස් නෑ කියල හිතලද කොහෙද, කොල්ලා අහපි, “නංගි, ඔයත් මං බහින තැනින්ම බහිනවද?” කියල.

    අම්මට සිරි ගජ! කෙල්ලගෙ මූණ ආලවකගෙ නංගි වගෙ උණා. “මං මොකටද තමුසෙ බහින තැනින් බහින්නෙ?” කියල බස් එකටම ඇහෙන සයිස් උත්තරයක් දුන්නෙ නැතෑ.

    බස් එකම අපේ බුවා පැත්තට ඇස් ටික කැරකෙව්වා. ළඟ හිටපු යාළුවටත් අප්සට්. ‘අයියෝ මූ ඇදගෙන නාගන්නවා. ආයෙ ඉස්කෝලෙ වසලත් හමාරයි’ යාළුවට එහෙම දුක් තෝට් එකකුත් හිතිලා.

    “එහෙනම් තමුසෙ ඔය අල්ලගන ඉන්න එක අත අරිනවා මට බහින්ඩ” අපේ බුවත් සද්දෙට කියපි.

    බුවා බස් එකෙන් බැහැල ගියෙ කොල්ලන්ගෙ ප්‍රීති ඝෝෂා මධ්‍යයේයි.