කෙසෙල් ලෙලි

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    sds.jpg


    කෙසෙල් යනු විටමින් සහ ඛනිජ ලවන වලින් පොහොසත් ඉතාමත් රසවත් පළතුරක්. කෙසෙල් වලින් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නම් එහි ලෙල්ල විසි කරන්න එපා. මේ පහත දැක්වෙන ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා එම ලෙලි ඔබට භාවිතා කරන්නට පුළුවන්.
    1. මදුරු දෂ්ටනයන් ගෙන් සහනය සලසා ගැනීමට.

    කෙසෙල් ලෙල්ලේ ඇතුලත කොටස මදුරු දෂ්ටනය සිදුකරනු ලැබූ ස්ථානයේ ඇතිල්ලීමෙන් කසන ගතිය සහ ඉදිමුම අවම කරගන්නට හැකි බව වැඩි දෙනෙක් විශ්වාස කරනවා. එය සනාත කිරීමට හැකි විද්‍යාත්මක සාක්ෂි නොමැති වුනත්, මදුරු දෂ්ටනයේ දියරයන් උරාගැනීම නිසා ඉන් සහනය සැලසෙනවා යන්න සිතන්නට පුළුවන්.

    2. සපත්තු ඔපදැමීමට.

    කෙසෙල් ලෙලි යනු සපත්තු පොලිෂ් වෙනුවට භාවිතා කළහැකි හොද විකල්පයක්. කෙසෙල් ලෙල්ලේ ඇතුලත කොටස සපත්තුවේ මතුපිට අතුල්ලා ඉන් පසුව මෘදු රෙදි කඩකින් පිසදාගන්න. ඔබ දන්නවද ? සපත්තු පොලිෂ් වල දැකගත හැකි පොටෑසියම් කෙසෙල් වලද අන්තර්ගතයි. කෙසෙල් වල ඇති ස්වභාවික තෙල් ලෙදර් එක තුලට විනිවිද යාම නිසා ඉන් සපත්තුවේ ආයු කාලයද වැඩි වෙනවා.
    3. දත් වඩාත් සුදුකරගැනීමට.

    කෙසෙල් වල ඇති පොටෑසියම් වල උපකාරයෙන් තමයි දත් සුදුවීම සිදුවෙන්නේ. මේ සඳහා හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක ලෙලි භාවිතා කරන්න. මොකද , හොඳින් ඉදුණු කෙසෙල් වල තමයි පොටෑසියම් බහුලවම පවතින්නේ. කෙසෙල් ගෙඩියේ උඩ කොටසේ සිට පහල දක්වාම ඇති කෙසෙල් ලෙල්ලක් ගෙන කෙසෙල් තලපයන්ගෙන් දත් හොඳින් ආවරණය වනතුරු කෙසෙල් ලෙල්ල දත් මත පිරිමදින්න. මිනිත්තු දෙකක් පමණ යනතුරු මෙලෙස පිරිමැදීමෙන් පසුව මිනිත්තු දහයක් පමණ යනතුරු එය තිඛෙන්නට ඉඩ හරින්න. දැන් දත්මත ඉතුරුවී ඇති අවශේෂ කොටස් සියල්ලම ඉවත් වෙන ලෙස දත්ඛෙහෙත් භාවිතා කරමින් සාමාන්‍ය ලෙස දත් මැදගන්න. චසපචකැ
    4. සම මත ඇනී ඇති කීරි (ලී පතුරු) ඉවත්කරගැනීම.

    සම මත ඇනී ඇති පතුරු ඉවත් කරගැනීම සඳහා කෙසෙල් ලෙලි උදව් වෙන බව ලෝකයම පිළිගත් ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වන (ඕ ඉසෙඩ්) මහතා පවසනවා. පතුර ඇනී තිඛෙන ස්ථානය මත කෙසෙල් ලෙල්ලක් තබා කෙසෙල් ලෙල්ල ස්ථාවරව එම ස්ථානය මත පවතින ලෙස වෙළුම් පටියක් යොදන්න. රාත්‍රියක් පහන්වන තුරු හෝ පැය කිහිපයක් පමණ එය තිඛෙන්නට ඉඩ හරින්න. කෙසෙල් ලෙලි වල ඇති එන්සයිමයන් සම මෘදු කරන නිසා සම මත ඇනී තිඛෙන එම පතුර එලියට පැමිණෙනවා.

    5. තැලුම් සුවපත් කරගැනීම.

    සම මත ඇතිවී තිඛෙන තැල්මක් සුවපත් කරගැනීම සඳහා කෙසෙල් ලෙලි භාවිතා කරන්නට පුළුවන්. අදාළ ස්ථානය මත කෙසෙල් ලෙල්ලක් ඇතිල්ලීම හෝ එම ස්ථානය මත කෙසෙල් ලෙල්ලක් තබා වෙළුමක් යෙදීම සිදු කරන්න. ිනසබ ජ්රු

    6. රිදී බඩු ඔපදැමීම.

    දුර්වර්ණ වී ඇති රිදී බඩු ඔපවත් කරගැනීම සඳහාද කෙසෙල් ලෙලි භාවිතා කරන්නට පුළුවන්. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ වතුර සහ කෙසෙල් ලෙලි බ්ලෙන්ඩර් කරගෙන රිදී බඩු ඔප දමාගැනීමයි. පසුව වතුරෙන් සෝදා රෙදි කඩක් භාවිතා කොට ජලය පිසදාගන්න.

    කෙසෙල් ගෙඩියෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට අවශ්‍ය නම් කෙසෙල් ලෙලි විසිකරන්න එපා. මේ ඉහත සඳහන් කාර්යයන් සඳහා ඒවා භාවිතා කරන්න.
    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:P:rolleyes::P
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිනක පලතුරු සඳහා වන වියදම රුපියල් ලක්ෂ 5ක් වී තිබිණි.
     
    • Like
    Reactions: charith077

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com


    පොඩි කික් එකක්

    චසපචකැ ිනසබ ජ්රු
    Bump..
    +++

    You must spread some Reputation around before giving it to charith077 again.

    චසපචකැ ිනසබ ජ්රු
    +ep

    ගොඩක් වැදගත් මචන්

    ela ela
    REpak denna belu


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිනක පලතුරු සඳහා වන වියදම රුපියල් ලක්ෂ 5ක් වී තිබිණි.

    elakiri machan... TFS :yes::yes::yes: +1



    රේප් කොමෙන්ට් දාපු හැමෝටම තැන්කු මගෙනුත් රේප්