අපේ පැත්තෙ කෙහෙල් හොරෙක් ඉන්නවා. මූ මහ පාන්දරට ඇවිත් හොරෙන් කැන් කපනවා. පුදුම වැඩේ කියන්නෙ බල්ලෙක්වත් බුරන්නෙ නැහැ. ඒ හොරා බල්ලන්ට කන්න දීලා මොකක් හරි ජිල්මාට් එකක් දානවා. ගොඩක් අය මේ හොරාට පිටසක්වලයා කියලා කියන්නෙ. ඒත් තාමකවුරුත් හොරාව දන්නෙ නෑ. එක්කො මූ ඇත්තටම පිටසක්වලයෙක්, නැත්නම් එර්දිවෙන්න බලයක් තියන කෙනෙක්.
ගිය අවුරුද්දේ මම "සුදු කොච්චි" කෙහෙල් ගහක් ගෙනත් පැළ කරා. මේ කෙසෙල් වර්ගේ පට්ටම රහයි. හැබැයි පට්ට ගණන්. ගිය අවුරුද්දේ කෙසෙල් කැන හැදීගෙන එද්දි මුලින්ම හොරා කෙහෙල් මුවට වැඩෙ දුන්නා. කෙහෙල්මුව අතුරුදහන් වෙලා සතියයි ගියේ ගහ බිම දාන්නෙවත් නැතුව මූ කැන උස්සලා. දැන් ආයේ පාරක් කැනක් හැදිලා තියනවා. ඊයේ රෑ කෙහෙල් මුව අතුරුදහන් වෙලා. කෙහෙල් කැනක් වෙනුවෙන් පාන්දර ජාමේ ඇහරගෙන ඉන්නත් ආමාරුයි. මේ හොරාට වැඩක් දෙන්න ක්රමයක් යෝජන කරන්න.
.
.
.
rep දෙන්නම්

. බලපන් පහළ පොටො එකේ තියන කෙහෙල් කැන උබේද කියලා.

නැත්නම් ඔය හොරා නයිට්විශන් වදුරෙක් වෙන්නැති...