කෙහෙළියගේ පුතාගේ රියැදුරු බලපත්‍රය අත්හ&

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    කෙහෙළියගේ පුතාගේ රියැදුරු බලපත්‍රය අත්හ&

    කොළඹ නෙළුම් පොකුණ රඟහල ආසන්නයේදී නොසැලකිලිමත් ලෙස බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර සිටි හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා ඊයේ (27දා) නියෝග කළේය.
    ඉකුත් 22 වැනි දින පෙරවරු 6.30ට පමණ සිදුවූ අදාළ අනතුර සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය චෝදනා 05ක් යටතේ විත්තිකාර රමිත් රඹුක්වැල්ල මහතාට එරෙහිව රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරනු ලැබිණි. එම චෝදනා නම්,

    1. නොසැලකිලිමත් ලෙස රිය ධාවනය.
    2. අනතුරක් වළක්වා නොගැනීම.
    3. බීමත්ව රිය පැදවීම.
    4. ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම.
    5. ලියාපදිංචිය වෙනත් අයකුට පැවැරී ඇති වාහනයක් පැදවීම වේ.
    අදාළ චෝදනාවලින් පළමු සහ දෙවැනි චෝදනාවලට විත්තිකාර රමිත් රඹුක්වැල්ල මහතා විත්ති කූඩුවේ සිට වරද පිළිගත්තේය. අනෙකුත් චෝදනාවලට තමන් නිවැරැදිකරු බව විත්තිකරු ප්‍රකාශ කළේය.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් අදාළ අනතුර සිදුවූ අවස්ථාවේදී සිදු කළ බැලුම් පරීක්ෂාවේදී විත්තිකරු බීමත්ව සිටි බව අනාවරණය වූ බව අධිකරණය වෙත දන්වා සිටියේය.
    අනතුරින් පැය 2කට පමණ පසු විත්තිකරුට තුවාල සිදුව ඇත්දැයි පරීක්ෂා කිරීමට විත්තිකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කළ බව දන්වා සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් විත්තිකරු ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී ඔහුගෙන් මත්පැන් ගඳ වහනය වූ බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බව දන්වා සිටියේය.
    මේ නඩුව ලබන ඔක්තෝබර් 18 වැනිදා යළි කැඳවීමට නියමිතය. නඩුව විභාග වන අයුරු දැක බලා ගැනීමට විත්තිකරුගේ පියා වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණය වෙත පැමිණ සිටියේය.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,370
    113
    Colombo
    ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම
    Hire danna ona bun
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    503
    113
    ලියාපදිංචිය වෙනත් අයකුට පැවැරී ඇති වාහනයක් පැදවීම වේ mokadda bn me siddiya vena ekek car apita elavanna barida?