කෙහෙළියට ඊයේ ඇප ලැබුනේ 'සියදිවි නසාගන්න හදනවා' යයි අධිකරණයට කීවාට පසුයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ප්‍ර‍මිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මාස හතකට පසු ඊයේ (11) ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍ර‍ම වීරසිංහ මහත්මිය නියෝග කළාය.
    සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නඩුවේ අටවැනි සැකකරු වන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ


    කරුණු ඉදිරිපත් කරමින් සදහන් කර සිටියේ,තම සේවාදායකයා සියදිවි නසා ගැනීමේ පසුකම්පන තත්වයකට පත්ව ඇති බවත් එවැනි තත්වයක රෝගියකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලට පහසුකම් නොමැති බවත්ය. ඒ හේතුවෙන් ඔහු පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ පසු ඔහුට ඇප ලබාදීමෙන් පලක් නොමැති බවය. ඒ හේතුවෙන් තම සේවාදායකයාට ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසට ද මෙහිදී ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලීය.

    පැමිණීල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් ඊට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නියේජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සදහන් කළේ අටවැනි සැකකාර හිටපු අමාත්‍යවරයාට ඇප ලබා දීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවය. කෙසේ වෙතත් සැකකරුවන්ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩල වාර්තාව සැලකිල්ලට ගැනීමේදී සැකකරුවන්ට ඇප ලබාදීමට එය සුවිශේෂී කරුණක් ලෙසට ඉදිරිපත් වී ඇති බව මෙහිදී මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය.
    වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් අධිකරණය ඇප ලබාදෙන බව ඒ අනුව පසුව ප්‍රකාශ කළාය. රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට

    අධිකරණයෙන් නියෝග නිකුත් විණී.විදෙස් ගමන්ද තහනම් කළ අධිකරණය, විදෙස් ගත වන්නේ නම් අධිකරණයෙන් අවසර ලබා ගත යුතුව ඇති බවට ද ඇප කොන්දේසියක් පැනවීය.


    මෙහිදී අටවැනි සැකකාර හිටපු අමාත්‍යවරයාට ඇප ප්‍ර‍දානය කිරීමට පෙර අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරිය මෙසේ ප්‍ර‍කාශ කළාය. ‘‘වයස අවුරුදු 71ක් වන ජ්‍යෙෂ්ඨ පුරවැසියකු වන මෙම සැකකරු සැලකිය යුතු රෝගවලින් පීඩා විදින බව අධිකරණයේ නිරික්ෂණයට ලක්වුණා. විවිධ රෝගී තත්වයන් ක්‍ර‍මයෙන් උත්සන්න වන බවටද පෙනී යනවා. මොහු මාස අටකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා. එය බැහැර කළ නොහැකියි. මෙම සැකකරු දැඩි මානසික ආතතියකින් මෙන්ම ඉතාමත් දරුණු මානසික රෝගී තත්වයකට මුහුණ දී ඇති බවට වන කරුණු සුවිශේෂී කරුණු ලෙසට සැලකිල්ලට ගනිමින් ඔහුට ඇප ලබා දීමට තීරණය කරමි.“

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මස 03 වැනිදාය. මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් අධිකරණය මගින් දිගින් දිගටම ප්‍ර‍තික්ෂේප කළ අතර නඩුව අවසන් වන තෙක් රක්ෂිත භාරයේ තැබීමට නියෝග නිකුත් වී තිබණී. ඒ අනුව මාස අටකට අධික කාලයක් රක්ෂිත බණ්ධනාගාර ගත කර සිටි අමාත්‍යවරයා සිය දිවිනසාගැනීමට පෙර ඇප ලබාදීම සිදුව තිබේ.
    මෙහි වැඩිදුර විභාගය ලබන 25 වැනිදා යළි කැදැවීමට නියමිතව ඇත.

    මේ අතර මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාරය මගින් ඊයේ (11) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමට රැගෙන විත් තිබුණේ බන්ධනාගාර වෑන් රියකිනි.

    හිටපු අමාත්‍යවරයාට ඇප තැබීමෙන් පසු ද ඒ මහතාව නැවත එම වෑන් රථයටම නංවාගෙන බන්ධනාගාරයට රැගෙන යනු දක්නට ලැබිණී. ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිළධාරියකුගෙන් කළ විමසීමදී ඔහු සදහන් කළේ වෙනත් නඩු කටයුත්තකට අදාළව මෙම සැකකාර අමාත්‍යවරයා රක්ෂිත භාරයේ තවදුරටත් සිටින බැවින් ඇප තැන්පත් කළ ද ඔහු මුදා හැරිය නොහැකි බවය.
     
    • Like
    Reactions: wawula

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    සුසයිඩ් කරගන්න ගියාද නම් දන්නේ නැහැ මිනිහට මානසික ලෙඩක් කියල තමා ඇප හම්බෙල තියෙන්නේ. ඕකට හයිකොට් යන්න තියෙන්නේ. ඇප අවලංගු කරන්න කියල. වෙන කරන්න දෙයක් නැහැ,
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අනිත් හිර කාරයොත් ඔහොම කිව්ව නම් ලේසීනෙ බන්,
    හිර ගෙවල් වහල දාන්න තිබ්බ, ඕකුන්ව කන්න බොන්න දිදී තියාගෙන ඉන්නෙ 😁🤣

    math okamai kiyanna hitiye