කෙහෙළිය ලොක්කගේ මොකක්ද මේ හුටපටේ?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෙහෙළිය ලොක්කගේ මොකක්ද මේ හුටපටේ?

    කෙහෙළිය ලොක්කගේ මොකක්ද මේ හුටපටේ?

    කෙහෙළිය අනතුරට ලක්‌වීම ගැන
    ඔස්‌ටේ්‍රලියානු පොලිසියෙන් පරීක්‍ෂණ

    නෝමන් පළිහවඩන

    ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර පිහිටි හෝටලයක බැල්කනියෙන් වැටීමේ සිද්ධිය පිළිබඳව ඔස්‌ටේ්‍රලියානු පොලිසිය දැන් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

    මේ පිළිබඳව කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමැතිවරයා පෙරේදා (27 දා) සවස "දිවයින"ට කියා සිටියේ තමන්ගේ නීතිඥයන් මේ පිළිබඳව ඔස්‌ටේ්‍රලියානු පොලිසියට කරුණු පැහැදිලි කර ප්‍රකාශයක්‌ දීමට ක්‍රියා කර ඇති බවයි.

    මෙම හෝටලයේ සන්නිවේදන මාර්ග නොමැතිකම නිසා තමාට මෙම අනතුර සිදුවූ බවද කී ඇමැතිවරයා හෝටලයෙන් තමාට සිදුවූ අනතුර පිළිබඳව වන්දි ඉල්ලා සිටියදී ඔවුන් එය සමථයකට පත් කිරීමට උත්සාහ දරන බවද කීවේය.

    මෙම හෝටලයේ වීඩියෝ කැමරාවලින් අනතුර පැහැදිලිව දැන ගැනීමට හැකි බවට රාවයක්‌ පැතිරී ඇති බව "දිවයින" නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා එය තමාට ප්‍රශ්නයක්‌ නොවන බවද කීවේය.

    කාමරයේ සිට තමා බැල්කනියට පැමිණි මොහොතේ කාමරයේ දොර අගුළු වැටීම නිසා බැල්කනියේදී තමා ලිස්‌සා බිමට වැටුණු බවද හෙතෙම කීවේය.

    මේ මොහොතේ තමාගේ ජංගම දුරකථනය පවා කාමරයේ තිබූ බවද හෙතෙම කීවේය.

    :D:D:D