මම වෝට් කලේ "වැඩිපුර මහන්සි වෙලා වැඩකරලා රටේ මහජනයාටම තමා" ඔප්ෂන් එකට, එත් එක කවදාවත් වෙන්නේ නැති එකක්. මොකද මම වුනත් කැමති නෑ මහන්සි වෙලා වැඩ කරන්න, ලේසි, ඊසි විදිහක් හොයනවා, පුළුවන් තරම් වැඩේ කල් දානවා, ඉතින් ඕක තමා අතිබහුතරයක් මිනිස්සුන් ගේ ක්රමය, දැන් ධනවත් වුනු අය බලන්න, ඒ අය මගේ ටයිප් එකේ නෙවේ, රිස්ක් එකක් අරගෙන අවුරුදු ගානක් උත්සාහ කරලා තැනක් හදාගත්ත මිනිස්සු, නමුත් වැඩි දෙනෙක්, 99.999...9% කම ඒ විදිහට රිස්ක් එකක් ගන්න, මහන්සි වෙලා වැඩ කරන්න කැමති නෑ. ආණ්ඩු කරන උන් ඕක හොඳටම දන්නවා, ගවමන්ට් ජොබ් එකක්, උළු කෑල්ලක් වගේ පගාවක් දුන්නම ලේසියෙන් මිනිස්සු නම්මා ගන්න පුළුවන් කියල. ඉතින් දවසක හොඳටම හිකවෙලා කෙලවෙලා ගියාට පස්සේ නොමැරී ඉතුරු වෙන එවුන් කල්පනා කරලා තමන් වෙනස් වෙන්න තීන්දු කලොත් එදාට රටත් වෙනස් වෙයි. ඕනේ නම් ආණ්ඩුව කරන එකෙක්ට සුබසාධන කපා දමල, බදු ක්රම සංශෝධනය කරලා, නීති සංශෝධනය කරලා මේ රට යම් ට්රැක් එකකට දාන්න පුළුවන් කියල හිතන්න පුළුවන්, එත් එහෙම මිනිහෙක් රටේ නායකයා වෙන්නේ නෑ, දිනුවත් කොයිතරම් බලයක් ලැබුනත් අන්තිමේ දූෂිත වෙනවා, චන්ද්රිකා දිනුවේ, මරා දිනුවේ, මෛත්රීපාල දිනුවේ කොහොමද? මිනිස්සුන්ට මහා විසාල බලාපොරොත්තු දීල, නීතිය හදනවා රජයේ නාස්තිය නවත්තනවා ඔය වගේ. එත් ඒ එකෙක් අඩුම ගානේ පුංචිම හරි බලාපොරොත්තුවක් ඉතුරු කලාද රට හදන්න පුළුවන් කියල? නෑ ඒ හැමෝම දූෂිත වුනා, මිනිස්සුන්ට අප්පිරිය වුනා. ඉතින් ලංකාව ඔය කියන විදිහට හදන්න බෑ, කවමදාකවත් ධනවත් රටක් වගේ වෙන්නේ නෑ.
චීනයේ බොහොම ඉස්සර රජයේ සේවකයෝ හිටිය නපුන්සක එවුන්,රජාට උපදෙස් දෙන්නේ, රටේ උසස් තනතුරු කරන්නේ උන්. අපෙත් ඔහොම උසස් තනතුරු වලට නට් සෙට් කපාපු උන් දැම්මොත් මොකක් හරි හොඳක් වේවි.
