Questions කෙළවුණ ලංකාව ගොඩගන්න

ලංකාව ගොඩදාන්න පුළුවන් මේ අයගෙන් කාටද ?

  • ගෝඨාභය රාජපක්ෂ මහතා

  • සජිත් ප්‍රේමදාස මහතා

  • අනුර කුමාර දිසානායක මහතා

  • බැසිල් රාජපක්ෂ මහතා

  • පාටලී රණවක මහතා

  • නාගානන්ද කොඩිතුවක්කු මහතා

  • පැතුම් කර්නර් මහතා

  • රොහාන් පල්ලෙවත්ත මහතා

  • වැඩිපුර මහන්සි වෙලා වැඩකරලා රටේ මහජනයාටම තමා

  • කාටවත් මේ රට හදන්න බැහැ (පුලුවන්නම් රටෙන් පනිමු)


Results are only viewable after voting.

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම ඡන්දෙ දෙන්නෙ පැතුම් කර්නර්ට.

    මට දැනට විශ්වාසයක් තියෙනවා මට පිළිගන්න පුළුවන් විදියට එයා ආණ්ඩු කරයි කියල දිනුවොත්. එතකොට දැන් ඔය කියන්න වගේ නැතුව වෙනස් වෙන එකක් නැද්ද? ඒව අපිට කියන්න බෑ හරියටම. මම විශ්වාස කරනව එහෙම වෙන එකක් නෑ කියල.

    එහෙනම් දෙන්නෙ?
    මෙතෙක් කල් ආණ්ඩු කරපු කිසිම පක්ෂයකින්, සංධානයකින් එන කිසිම කෙනෙකුට මේක හරියට කරන්න බෑ. කරන්නෙත් නෑ. ඒක ඉරහඳ පායනවා වගේ විශ්වාසයි. අනිවාර්යයෙන්ම ජනාධිපති මෙච්චර කල් ආණ්ඩු නොකරපු පක්ෂයක කෙනෙක් වෙන්න ඕන.

    හැබැයි නිකන්ම ජනාධිපති වෙලා නං කිසිම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෑ. පාර්ලිමේන්තුවේ බහුතර බලය එයාටම ලැබෙන්න ඕන. මේක එයාට විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට එහෙමයි. ඒකත් ලැබුණට පස්සෙ බලාගන්න පුළුවන් කාටහරි පුලුවන්ද බැරිද කියලා. අවුරුද්දක් යනකොට හිතල නිගමනයකට එන්න පුලුවන් හරි පාරෙ යන්නෙ කියලා.

    කවුරු ආවත් ලංකාව දැන් ලේසියෙන් ගොඩදාන්න පුළුවන් මට්ටමක නෙවෙයි තියෙන්නෙ. බෑ කියල නෙවෙයි ලේසියෙන් සැපට ඉඳල නං බෑ කියල කිව්වෙ. පට්ට දුකක් විඳින්න වෙයි. ජනප්‍රිය නොවන තීරණ ගන්න වෙනවා. දැන් වාහන ආනයනය නවත්තලා තියෙනව වගේ. දැන් කරල තියෙන්නෙ නොකර බැරිකමට මිසක් රට ගැන හිතල නෙවෙයි.

    දැන් ඔය මම හිතන විදිහට පැතුම් වගේ අයට බලය ලැබෙයිද? ඒක තියෙන්නෙ මිනිස්සුන්ගෙ අතේ. ඒගොල්ලන්ට ඕන දෙයක් කරගනී. මට පුලුවන් විදිහට මේව කියනවා. තනියම ආණ්ඩු හදන්න බැරි නිසා, හැමදාම එකම සෙට් එකකට රැවටෙන මරිමෝඩ ලොන්තයොන්ට හොඳ කරන්න මගේ ජීවිතය කැප කරන්න බැරි නිසා මම මිනිස්සු වෙනස් වෙනකම් ලංකාවෙන් පිට ඉන්නවා. මට නං හැමදාම අතින් අරන් @කෙන් තියාගන්න මිනිස්සු ගැන දුකක් නෑ. එහෙම නැති අය ගැන විතරයි දුක.
    I'm also going to vote him
     
    • Like
    Reactions: shenat

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl

    වැඩිපුර මහන්සි වෙලා වැඩකරලා රටේ මහජනයාටම තමා -> මේක කවදාවත් වෙන්නේ නෑ පිස්සෝ ටිකක් පාලනය කරනකන්..​

    කාටවත් මේ රට හදන්න බැහැ (පුලුවන්නම් රටෙන් පනිමු) -> Safest choice​

    පැතුම් කර්නර් -> Most feasible choice from the list of politicians.​

     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම vote කරේ මහජනතාව කියන එකට. හැබැයි මහන්සි උනාට නං වෙන දෙයක් නෑ. හරි දේ කරන්න ඕන.
    මමත් vote කරේ ඒකට දේශපාලකයෝ හදනකන් බලන් ඉන්න ඕනේ නැහැ වැරදි දේ ප්‍රසිද්දියේ කියන්න ඕනේ කරන හැමදේටම බකට් අදින අරමුණෙන් නෙවේ හරි දේ කරවාගන්න

    ජනතාවගේ පැතිකඩක් තමා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    බහුතරය මොකක් හරි පක්ෂෙක වහල්ලු වෙච්ච රටක වෝට් කරන්න යන එකත් අපරාදයක් කියලා මට නම් දෑන් හිතිලා තියෙන්නේ..
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Xi Jinping මහතා ගොඩ ගත්තොත් තමයි බන්

    1622285534463.png
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බහුතරය මොකක් හරි පක්ෂෙක වහල්ලු වෙච්ච රටක වෝට් කරන්න යන එකත් අපරාදයක් කියලා මට නම් දෑන් හිතිලා තියෙන්නේ..
    මේ දේ දෙදරලා යයි ඉදිරි කාලේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    නාගානන්ද ජනපති වෙලා මිනිස්සුත් මහන්සිවෙලා වැඩ කරොත් ගොඩ ගන්න පුලුවන් වෙයි. අනික් අපතයින්ගෙන් කෙනෙක් ඇවිල්ලා මිනිස්සු කොච්චර මහන්සි වෙලා වැඩ කළත් මේක ගොඩ ගන්න නම් බෑ
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මෙන්න man. අවුරුද්දකට රට කරන්න දුන්නොත් ඇති. දැන් ඉන්න 225 ම ඇතුලට දාලා තමයි නවතින්නේ. :yes:

    kxdufiusd.jpg
     
    • Haha
    Reactions: shenat and Die-hard

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම වෝට් කලේ "වැඩිපුර මහන්සි වෙලා වැඩකරලා රටේ මහජනයාටම තමා" ඔප්ෂන් එකට, එත් එක කවදාවත් වෙන්නේ නැති එකක්. මොකද මම වුනත් කැමති නෑ මහන්සි වෙලා වැඩ කරන්න, ලේසි, ඊසි විදිහක් හොයනවා, පුළුවන් තරම් වැඩේ කල් දානවා, ඉතින් ඕක තමා අතිබහුතරයක් මිනිස්සුන් ගේ ක්‍රමය, දැන් ධනවත් වුනු අය බලන්න, ඒ අය මගේ ටයිප් එකේ නෙවේ, රිස්ක් එකක් අරගෙන අවුරුදු ගානක් උත්සාහ කරලා තැනක් හදාගත්ත මිනිස්සු, නමුත් වැඩි දෙනෙක්, 99.999...9% කම ඒ විදිහට රිස්ක් එකක් ගන්න, මහන්සි වෙලා වැඩ කරන්න කැමති නෑ. ආණ්ඩු කරන උන් ඕක හොඳටම දන්නවා, ගවමන්ට් ජොබ් එකක්, උළු කෑල්ලක් වගේ පගාවක් දුන්නම ලේසියෙන් මිනිස්සු නම්මා ගන්න පුළුවන් කියල. ඉතින් දවසක හොඳටම හිකවෙලා කෙලවෙලා ගියාට පස්සේ නොමැරී ඉතුරු වෙන එවුන් කල්පනා කරලා තමන් වෙනස් වෙන්න තීන්දු කලොත් එදාට රටත් වෙනස් වෙයි. ඕනේ නම් ආණ්ඩුව කරන එකෙක්ට සුබසාධන කපා දමල, බදු ක්‍රම සංශෝධනය කරලා, නීති සංශෝධනය කරලා මේ රට යම් ට්‍රැක් එකකට දාන්න පුළුවන් කියල හිතන්න පුළුවන්, එත් එහෙම මිනිහෙක් රටේ නායකයා වෙන්නේ නෑ, දිනුවත් කොයිතරම් බලයක් ලැබුනත් අන්තිමේ දූෂිත වෙනවා, චන්ද්‍රිකා දිනුවේ, මරා දිනුවේ, මෛත්රීපාල දිනුවේ කොහොමද? මිනිස්සුන්ට මහා විසාල බලාපොරොත්තු දීල, නීතිය හදනවා රජයේ නාස්තිය නවත්තනවා ඔය වගේ. එත් ඒ එකෙක් අඩුම ගානේ පුංචිම හරි බලාපොරොත්තුවක් ඉතුරු කලාද රට හදන්න පුළුවන් කියල? නෑ ඒ හැමෝම දූෂිත වුනා, මිනිස්සුන්ට අප්පිරිය වුනා. ඉතින් ලංකාව ඔය කියන විදිහට හදන්න බෑ, කවමදාකවත් ධනවත් රටක් වගේ වෙන්නේ නෑ.

    චීනයේ බොහොම ඉස්සර රජයේ සේවකයෝ හිටිය නපුන්සක එවුන්,රජාට උපදෙස් දෙන්නේ, රටේ උසස් තනතුරු කරන්නේ උන්. අපෙත් ඔහොම උසස් තනතුරු වලට නට් සෙට් කපාපු උන් දැම්මොත් මොකක් හරි හොඳක් වේවි. :ROFLMAO:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,142
    113
    අනේ මන්ද....ලඟ්දි දියුණු උන රටක් අහලා තියෙනවද?
    මම හිතන්නේ මේ යන සිස්ටම් එකේ හැටියට රටකට ඉන්න ලෙවල් එකෙන් උඩට එන්න හරිම අමාරුයි... ලොකේ හැමදාම කරකවන්නේ රටවල් 4-5. මේක ටහ්ව පරම්පරා 4-5 යනකන්වත් වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි....
    මකලම හදන්න පුලුවන් වෙයි...ඕක වෙනකන් බලන් ඉන්නවට වඩා ලේසී පුලුවන් පලවෙනි චාන්ස් එකෙන් රටකට පැන ගන්න එක....
    ලංකාවේ කොච්චර සල්ලි හම්බ කලත් සැපට හිටියත් අපේ බබ්ල් එකෙන් එලියේ තියෙන්නේ පට්ට ජරා කුණු ගහන සිස්ටම් එකක්....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාර්ලිමේන්තුවට එන උන්ට තියෙන වරප්‍රසාද නැති කරන්න ඕන. පර්මිට් එකක්වත් දෙන්න හොද නෑ. ඒ වෙනුවට මන්ත්‍රීකම කරන කාලෙ මිනිස්සුන්ට සේවය කරන්න යන්න පාර්ලිමේන්තුව යටතේ තියාන කාර් හරි ජීප් හරි දෙන්න ඔන එවත් මයික්‍රෝ එකෙන් ගන්න පැන්ඩා හරි රෙක්ස්ටන් හරි මොකක් හරි වෙන්න ඔන. මන්ත්‍රීකමෙන් යන දවසට වාහන ආයෙත් ගන්න ඔන පත් වෙන අලුත් එකාට එකම දෙන්න ඔන.සැප නිල නිවාස අරව මෙවා බයිලා බෑ මාදිවෙල ඉන්න ඔන මන්ත්‍රී නිවාසේ.

    මුන් සේරම කරන වියදම් විගණනය කරන්න ඕන, එකට කිසිම කෙනෙක්ට ඇගිලි ගහන්න බැ. මාටියා ගැහිලි තිබ්බොත් ප්‍රසිද්දියේ එල්ලන්න ඔන.

    එවගෙම චන්දෙට ඉල්ලන්න අඩුම සුදුසුකම උසස්පෙල වෙන්න ඔන්න. ඔලෙවල් විශයන් 6ට පෙනී ඉදලා ගනන් එක්ක පාස් වෙන්න ඔන.

    ජොබ් වලට ගන්න නීතිම තියෙන්න ඔන.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    රට හදන්ඩ සල්ලි තියෙන්ඩ එපැයි. රටේ සල්ලි ණය වාරිකේ ගෙවන්ඩත් මදිනේ. ණය වාරිකේ ගෙවන්ඩ පුලුවන් තැනකට ආවොත් බලාපොරොත්තුවක් තියා ගන්ඩ පුලුවන්.