කොටි සිරසට කෙලවල නේද

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    රජයට සම්බන්ධ කිසිම අැඩ් ඵකක් මීට පස්සෙ සිරසට දෙන්නෙ නැහැලු..මොබිටෙලුත් ඊයේ the voice ඵකෙන් අයින් වෙලා..කොටි සිරස හිඟන්නොන්ට ළගදිම අකුලගන්න වෙලා යන්න වෙන සීන් ඵකක් තියෙන්නෙ..😍
    Media freedom ko bn rate, LOL
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    සිරස කොහොමත් වැටිලා ඉවරයි බන්. උන් දුවන්නේ මහරාජාගේ බිස්නස්වල බදු බැලන්ස් කරන්න. නිවුස් නම් ඉතින් බලන්නේ අමුම යූඇන්පී විතරයි. මහරාජා හිතන් හිටියේ උබ ඕනේ විදිහට රට පාලනය කරන්න. ප්‍රේමදාස තමා ඕකාව ගෙනාවේ උඩට. අංක එකේ හෙන්චයියෙක්ද කොහෙද ලයින් එහෙම ලස්සනට දීලා තිබ්බා. මහින්දලා කොහොමත් මහරාජාට ඕනේ විදිහට නටන්නේ නැහැ. රනිල් මොන ගොනා අනාත්ම මහරාජාව ගනන් ගන්නේ නැහැ. ඒකයි ඕක පුදුම විදිහට සජිත්ට යි හිටන් ටයි කඩේ යන්නේ. ගියපාර හිටං ජනාධිපති උනාම සිරසේ උන් තමා ජනාධිපති මීඩියා යුනිට් එක බදු අරන් හිටියේ. අනික ආපු ගමන් හිටන් සිරස්ව හොඳට සැළකුවා. කියන් හිටපු TV frequency ටිකක් නිකන් වගේ දුන්නා ආපු ගමන්. වෙන රික්වෙස්ට් තිබිලා සහ සමහර digital tv frequency විදිහට වෙන් කරලා තිබිච්චා.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    2015 චන්දෙට කලින් සටන තහනම් කළා.
    වැඩක්‌ උනාද?
    තාම පාඩමක් ඉගෙනගෙන නෑ.
    ගිය ආණ්ඩුවේ පොන්නකම හින්ද හොරු ටික දිනුවේ.
    නැත්තන් මේ පාරත් පැරැදී. :giggle:
     
    • Like
    Reactions: CustomerSupport

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කන් මිඩියා මොනාද බන් හොද? ඩයලොග් සැට් වලට පින් සිද්ද වෙන්න ලොකේ වෙන දේවල් ටිකක බලනව දැන්
     
    • Like
    Reactions: sakuntha1996

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ගෝඨාභය 'සිරසේ' ගෙල සිඳීමට කඩුව ගනී...!



    අපට වාර්තාවන පරිදි ආණ්ඩුවේ මෙම දැන්වීම් කප්පාදුව නිසා 'සිරස' මාධ්‍ය ජාලයට මාසිකව අහිමිවන මුදල රුපියල් මිලියන ගණනකට ආසන්න බවට ගණන් බලා තිබේ.

    සිරසට මෙය අලුත් අත්දැකීමක් නොවන අතර වරින්වර පවතින ආණ්ඩුවලින් සිරස ආයතනයට මෙවැනි තර්ජන එල්ලවූ අවස්ථා බොහෝය.

    ඇතැම් අවස්ථාවලදී මර්වින් සිල්වා වැනි දේශපාලකයින් ලවා සිදුකෙරෙන තර්ජන පමණක් නොව ආයතනයට ගිනිතැබීම දක්වා වූ අත්දැකීම් සමුහයකට 'සිරස' මිට ඉහතදී මුහුණ දී ඇත.

    මොබිටෙල් ගැලවෙයි- ඩයලොග් පැමිණෙයි!

    මෙවර දැන්වීම් අත්හිටුවිමේදී 'සිරස' නාලිකාවේ ජනප්‍රියතම වැඩසටහනක් වූ 'ද වොයිස්' වැඩසටහනට අනුග්‍රහය දැක්වූ 'මොබිටෙල්' ආයතනයද ඊයේ වනවිට සිය අනුග්‍රාහක දායකත්වය ඉවත්කරගෙන ඇත.

    එහෙත් විශේෂම කාරණය වන්නේ 'ද වොයිස්' හා 'ලක්ෂපති' වැනි සිරස වැඩසටහන් වල අනුග්‍රාහකත්වය ලබාගැනීමට පෞද්ගලික ආයතන කිහිපයක්ම මේවනවිටත් කැමැත්ත පළකර තිබීමයි.

    ✍🏻 IDEAL TALKS -




    රාජපක්ෂලා සිරසට පුදුම බයක් තියෙන්නෙ...ක්ලේමෝත් ගැහුවනේ ඒ කාලේ..:lol:



    ඩයලොග් එකෙත් ලයිසන් කැන්සල් කරන්න ඕනි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,599
    113
    ඇත්තටම බං TV බලන හැත්තක් තාම ඉන්නවා නේද? අපි නම් ටෙලි නාට්‍ය පඩංගුවක් බැලුවත් යූටියුබ් එකෙන්ම තමයි බලන්නේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඇත්තටම බං TV බලන හැත්තක් තාම ඉන්නවා නේද? අපි නම් ටෙලි නාට්‍ය පඩංගුවක් බැලුවත් යූටියුබ් එකෙන්ම තමයි බලන්නේ
    By the way ,
    Tawa tika kalekin owa nati welama yanawa(okkoma tv channel)😆😆
     
    • Love
    Reactions: nalin0001

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,029
    113
    Colombo
    ලන්කාවෙ චැනල් ඔක්කොම වගේ කරන්නෙ එක එකාට කඩේ යන එක..එකක්වත් ස්වාදීන නෑ..
    මොනා උනත් සිරසෙ හරි කැලෑ කපන සීන් පෙන්නුවෙ නැතිනම් අපි දන්නෙත් නෑ මොනා කපනවද කියලා,,
    හැබැයි ඉතින් ආණ්ඩුව එක්ක හැප්පෙන්න නම් බෑ
     
    • Like
    Reactions: hodakolla