කේන්දර ප්‍රශ්නයක් 🤔🤔

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    කේන්දර ප්‍රශ්නයක් 🤔🤔

    මචංලා මං දැනගැනීම පිණිස අහන්නේ....
    හතර කේන්දරේ පාලු කියන්නේ මොකක්ද 🙄
    එහෙම කෙනෙක් බැන්දොත් මොකද වෙන්නේ🤨
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    හතර කේන්දරේ පාළුයි කියන්නෙ මහ බලගතු පිං ඇති කෙනෙක්, එයා එයාගෙ ආත්ම කල්ප ගණනාවක් පුරාවට ලබා ඇති පව් ගෙවාඇති කෙනෙක්, ගොඩක් බුද්ධිමත් තැන්පත් ගති පැවතුම් ඇති පුද්ගලයෙක්, මහන දමට සුදුසුයි කියන්න හේතුව බව සසර කෙටිකර ගන්න මෙවන් අය නිරන්තරයෙන්ම පෙලඹෙන නිසයි, මෙවැනි අයට තමන්ගෙ සසර කළකිරවන සිද්ධි නිරන්තරයෙන්ම අත්විදින්න සිද්ධ වෙනවා, එහෙම නැත්තම් අනෙක් අයගෙ සිදුවීම් නිසා සසර කළකිරෙනවා නමුත් මේ අය ඉන් පැන දුවන්නෙ නැහැ මහනදම් පුරනවා නැත්තම් හරි දේ තේරැම් අරගෙන එක්කො ජීවිතය මැදිවත්ව ගෙවනවා, ආශ්‍රයට ඉතා සුදුසු විස්වාසයක් තියන්න පුළුවන් අය
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,891
    1,312
    113

    Umba mewa gena study karala tiynawada? mageth velawa balawaganda eheuwwe? :D
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මන් දන්න විදියට:

    කේන්දරේ හතර පැත්තෙ කොටු හතර හිස් නම් හතර කෙන්දරේ පාළුයි කියනව. එ් අය මහන කමට සුදුසුයි කියනව.

    image_40b52771c0.jpg
     
    • Like
    Reactions: JohnnySS

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    උපුටා ගැනීමකි
    කේන්ද්‍රයක කොටු 12ක් ඇත. මෙම කොටු දොලහ ග‍්‍රහයන් 7 දෙනෙකුට අයිති වන අතර කිසිදු අයිතිවාසිකමක් නැති ග‍්‍රහයන් දෙදෙනෙකුද සිටී - රාහු සහ කේතු. මේ අනුව ප‍්‍රධාන ග‍්‍රහයන් ගනන 9 ක් වන අතර සියළුම ග‍්‍රහයන් මෙම කොටු 12 ඇතුලේම ලගී. මෙම කොටු වලට රාශි නොහොත් භාව ස්ථාන ලෙස හඳුන්වයි. මෙම එක් එක් රාශි ඇති විමටද ධර්මාණු කූල හේතු ඇත. ‘‘ග‍්‍රහයා’’ යනු අප විසින් පෙර සසරේ ‘‘ග‍්‍රහණය’’ කරගත් දේ අනුව කේන්ද්‍රයේ පිහිටන ධන ඍණ සහ උදාසීන ශක්තීන් වේ. මෙම ග‍්‍රහයන් සිටින රාශියට අනුව අප පෙර සසරේ කුමක් ග‍්‍රහණය කර ගත්තාද යන්න ජ්‍යෝතිර් වේදියාට සිතා ගත හැකිය. ඔබ ග‍්‍රහණය කර ගත්තේ විසකුරු සර්පයෙකු නම් ඔබ ග‍්‍රහණය කරගත් දේ නිසා ඇතිවන ප‍්‍රතිඵලය මරණය හෝ ඊට සමාන දෙයක් බව ඔබට සිතා ගත හැකිය. මේ අනුව එක් එක් ග‍්‍රහයන් ලගින ස්ථානය ඔබ උපදින විටම තීරණය වී හමාරය. එසේම අප සංසාරය පුරාවටම හුරු කරගෙන එන ප‍්‍රධාන ගතියක් ඇත. එම ගතිය නිසා අප උපදින විටම ඊට අදාල ලගින රාශියක් උරුම කරගෙන අප උපදී. මෙම තැනට ජ්‍යෝතිෂයේදී ලග්නය යැයි කියයි. ලගිනවා යන අර්ථයෙන්ම ලග්නය යැකි කියයි. මෙය කේන්ද්‍රයේ පලමු රාශියයි. මේ අනුව එක් එක් ලග්න වල ඉපදෙන අයට පොදු ලක්ෂණ ගනනාවක් ඇත. මේ ගැන වෙනම ලිපියක් බලා පොරොත්තු වන්න.

    කේන්ද්‍රයක ප‍්‍රධාන රාශි 4 ක් ඇති අතර ප‍්‍රධාන නොවන රාශි 8 ක් ඇත. ප‍්‍රධාන රාශි හතර වන 1,4,7,10 වන රාශීන් වල ග‍්‍රහයන් නොපිහිටියේ නම් ඔවුගේ හතර කේන්ද්‍රය පාළු යැයි කියයි. මෙසේ හතර කේන්දරේ පාළු වන පුද්ගලයන් අවාසනාවන්ත කොටසක් යැයි මතයක් මිනිසුන් අතර පවතී. ඇත්තටම එහි සත්‍යයක් තිබේද? හතර කේන්දරය පාළු අයගෙන් කොටසක් ඉතාමත් වාසනාවන්ත අතර තව කොටසක් ඉතාමත් අවාසනාවන්ත ජීවිත ගත කරයි. මෙය අපි තෝරා බේරා ගනිමු.

    මෙම හතර කේන්ද්‍රයට අදාල වන ගුණාංග සහ ඊට අදාල වන දේ පහත අයුරින් වේ.

    1. ලග්නය. ලෙස හඳුන්වන මෙම රාශීය ශරීරය ගැනද ශරීර ලක්ෂණ ගැනද, ශරීර පෙනුම ගැන ප‍්‍රධාන වේ.

    4. දේපල, ඉඩකඩම්, ගේදොර. සුරැකි වස්තු, ආදිය සහ මව ගැන මෙම රාශිය ප‍්‍රධාන වේ.

    7. තම කාලත‍්‍රයා නැතිනම් සහයකයා වන භාර්‍යාව සහ ස්වාමිපුරුෂයා ගැන මෙම රාශීය ප‍්‍රධාන වේ.

    10. රැකියාව, සහ තම අභිමාණය ගැන මෙම රාශිය ප‍්‍රධාන වේ.

    ඉහත සඳහන් රාශිවල ඇති ගුණාංග කෙනෙක් ග‍්‍රහණය කර නොගත්තේ නම් එම රාශි වල ග‍්‍රහයන් නො පිහිටයි. මෙසේ ග‍්‍රහණය නො කරන ආකාරය පහත අයුරින වේ.

    තම ශරීරය, පෞරුෂය යන මේ දේවල් ගැන කෙනෙකු නොසිතා වෙනත් දේවල් ගැන සිත යොමු කල හැකිය. කෙනෙක් තම ශරීරය ගැන නොසිතා නැතහොත් ශරීරය ග‍්‍රහණය නොකර තම දරුවන් ගැන සිතිය හැකිය, තම ආදායම ගැන සිතිිය හැකිය. අනුන්ගේ රූපයට ඊර්ශ්‍යා කරමින් සිටිය හැකිය.තමන් කැමති වෙනත් දෙයකට සිත යොමු කල හැකිය. මේ හේතු නිසා මොහු උපන් වේලාවේ ලග්නයේ කිසිම ග‍්‍රහයෙකු නො පිහිටන්නට පුළුවන. ඒ ඔහු ලග්නයෙන් පිලිබිඹු වන ගුණයන් ග‍්‍රහණය නොකල නිසාය.

    තවත් කෙනෙක් තම දේපල ඉඩකඩම් ගැන කිසිදු තැකීමක් නොකර තම ජීවිතය බේබද්දෙකු සල්ලාලයෙකු ලෙස ගත කල හැකිය. මොහුද තම දේපල ඉඩකඩම් ග‍්‍රහණය කර නොගත් අයෙකි. මේ හේතුවෙන් ඔහුගේ 4 වන රාශියේ කිසිදු ග‍්‍රහයෙකු නොපිහිටයි.

    තවත් කෙනෙකු තම භාර්‍යාව ගැන නොසිතා වෙනත් කාන්තාවන් පසුපස ගොස් තම පවුල් ජීවිතය විනාශ කරගන්නට හැකිය. ඔහුද තම කාලාත‍්‍රයා ග‍්‍රහණය කර නොගත් කෙනෙකි. මේ නිසා ඔහුගේ 7 වැන්නේ ග‍්‍රහයන් නොපිහිටයි. කාන්තාවන්ටද මෙම ආකාරයටම වේ.

    තවත් කෙනෙකු තමාගේ රැකියාව හරිහැටි නොකර අයතා ලෙස මුදල් උපයා ගැනීමට තම රැකියාව උපයෝගී කරගත හැකිය. තමා නිසි ලෙස රැකියාව නොකර වෙනත් ක‍්‍රියාවන්හි යෙදෙන්නට හැකිය. මොහුද තම රැකියාව ග‍්‍රහණය කර නොගත් කෙනෙකි. ඔහු ගේ 10 වැන්නේ ග‍්‍රහයන් නොපිහිටයි.

    පෙර ආත්ම භාව වලදී ඉහත සඳහන් 4 ආකරයෙන්ම අදාල ගති ග‍්‍රහණය නොකල අය සිටිය හැකි වන අතර ඔවුන් ගේ ජන්ම පත‍්‍රයේ ප‍්‍රධාන භාව 4ම ග‍්‍රහයන් ගෙන් තොර විය හැකිය. ඔවුන් හතර කේන්ද්‍රය පාළු ජන්මීන් ලෙස හැඳින්වේ. අදාල ක‍්‍රියා කාරකම් සඳහා පෙරලා ලැබෙන කර්මය කුමක් විය හැකිදැයි ඔබම සිතා බලන්න. ඔහු පෙනුමෙන් අප‍්‍රසන්න විය හැකිය, දේපල නැති, හරි විවාහයක් නො කෙරෙන. හරි හමං රැකියාවක් නැති කෙනෙක් නො වන්නේද? ඔබ කර්මය විශ්වාස කරනවානම් මෙයද පිලි ගත යුතුය. ඇත්තටම ඔහු අවාසනාවන්තයෙකි. එසේම ඔහු ගෙනා කර්මය ට බුදු දහම තුල ප‍්‍රතිකර්ම තිබීමද වාසනාවකි. තමා ඉහත ආත්මභාව වලදී සිදු කල අකුසල කර්ම ගැන පසු තැවීම පලක් නොවන අතර ප‍්‍රබල කුසල කර්ම සිදු කිරීම මගින් අකුසල ශක්තිය හීන කල හැකිය. ඒ එවැනි කුසල කර්ම සිදු කරන ආකාරය ගැන මා හට වෙලාව ඇති විට ටිකෙන් ටික ගෙන එන්නම්...

    එසේම තවත් කොටසකගේ හතර කේන්දරය පාළු වේ. ඔවුන් පහත අයුරින් දැක්විය හැකිය.

    තමාගේ ශරීරයේ ඇති අනිච්ච තාවය දැක එය බොරු ආටෝපය සඳහා සැරසීමට වෙහෙස මහන්සි නොවී තම දිවිය ධර්මාණු කූලව ගෙවන කෙනාද ලග්නයෙන් පිළිඹිබු වන ගුණයන් ග‍්‍රහණය නොකල අයෙකි. මේ හේතුව නිසාද ජන්ම පත‍්‍රයේ 1 වැන්නේ ග‍්‍රහයන් නො පිහිටයි.

    තමාට උරුම කම් ඇති ගේ දොර ඉඩ කඩම් ගැන තන්හාවක් නැතිව අන් අයට බෙදා දී ඔවුන් ගේ සතුට දැක සැනසෙන්නට හැකි සිතක් ඇතිව දිවි ගෙවන කෙනාද 4 වැන්නෙන් පිළිඹිබු වන ගුණයන් ග‍්‍රහණය නොකල අයෙකි. ඔහුගේද 4 වැන්නේ ග‍්‍රහයන් නොපිහිටයි.

    තමාගේ භාර්‍යාව කෙරේ දයානු කම්පාව ඇතිව ඇයට තම මවට සේ කරුණාව දක්වන ඇයට ඇයගේ සිතැ`ගි පරිදි ජිවත් වන්නට ඉඩ හරින කෙනාද භාර්‍යාව ග‍්‍රහණය කර නො ගෙන ජීවත් වන කෙනෙකි. එසේම තම ස්වාමියා තම සිතෙන් ග‍්‍රහණය කර නො ගෙන ජීවත් වන භාර්‍යාව ගේද 7 වැන්නෙන් පිළිබිඹු වන ගුණයන් ග‍්‍රහණය නො කල නිසා 7 වැන්න වූ තම සහයකයා ගැනකතා කරන ස්ථානයේ ග‍්‍රහයන් නොපිහිටයි.

    තමගේ රැකියාව පවා අතහැර කෙනෙකු අන් අයගේ යහපත පිනිස සේවයට කැපවන අවස්ථා ඇත. සමහර විට ඔවුන් ධර්මාවබෝධය ලබා ගැනීම පිනිස තම රැකියාව පවා අත්හරින අවස්ථා ඇත. මොවුන්ද 10 වැන්නෙන් පිළිබිඹු වන රැකියාව ග‍්‍රහණය කර නොගත් අය වෙයි.

    මෙම රාශි වලට අයත් ලෞකික දේ ගැන මෙසේමදැන ගත යුතුය.

    ඉහත් සඳහන් හතර ආකාරයේ ගුණාංග සහිත අයගේද හතර කේන්ද්‍රය පාළු වේ. නැතිනම් 1,4,7,10 යන රාශි වල ග‍්‍රහයන් නොපිහිටයි. මෙසේ විම නිසා ඔහුගේ ජීවිතය කෙසේ විය හැකිද?

    ඔහු මනා ශරීර ලක්ෂණ වලින් හෙබි, ගේ දොර වතු පිටි වලට උරුමකම් කියන, ඉතාම සුවච කීකරු භාර්‍යාවක් හෝ ආදරණීය ස්වාමිපුරුෂයෙකු හිමි. ඉතා සාධාරණ ලෙස ජීවත් වීම සඳහා වන ආදායමක් ලබාගත හැකි රැකියාවක් හිමි මහා පුණ්‍ය වන්තයෙක් වනු ඇත. ඒ කෙනාද හතර කේන්ද්‍රය පාළු වූ අයෙක් වේ. නැතිනම් අදාල භාව ස්ථාන වලින් කියවෙන ගුණයන් ග‍්‍රහණය නොකල කෙනෙක් වේ.

    මේ අනුව හතර කේන්ද්‍රය පාළු දෙකොට්ඨාෂයක් ඇති බව පෙනේ. නමුත් මෙම දෙකොට්ඨාෂය වෙන් වෙන්ව හඳුනා ගත හැකිය. ඉහත කී ගුණයහපත් පින්වන්ත පුද්ගලයා ගේ හතර කේන්ද්‍රය පාළු වුවද සුබ ග‍්‍රහයන් 5,9 වැනි ස්ථාන වල සිටීම නිසාත් පාප ග‍්‍රහයන් 3,6,11 වැනි ස්ථාන වල සිටීම නිසාත් ජන්මියාට ඇති පෙර පින් ගැන ජ්‍යොතිර් වේදියාට හොඳින් වටහා ගත හැකිය. එසේම ඉහතින් සඳහන් කල හතර කේන්ද්‍රය පාළු පාප කාරී පුද්ගලයාගේ සුභ ග‍්‍රහයන් අසුභ ස්ථාන වලද පාප ග‍්‍රහයන් සුභ ස්ථාන වලද පිහිටීම නිසා ඔහුගේ තත්වය තවත් බැරෑරුම් වේ.
     
    i.lk

    Junior member
  • Dec 3, 2018
    31
    0
    6

    :yes::yes::yes: Thank you :love::love::love: