birth chart එක බැලුවා astro seek.com එකෙන්. wheel එකක් විදියට එන්නෙ birth chart එක. ඒකෙන් අපේ ක්‍රමයට කියවන විදිය කියල දෙන්න පුලුවනි ද?
astro seek එකේ නම් හොද හොද tools තියෙනව. එබිල බලන්න ඒ පැත්තෙ
ජ්‍යෝතිෂ්‍යයේ සයනික සහ නිරයනික කියලා ප්‍රවර්ග දෙකක් තියෙනවා. බටහිර ප්‍රචලිත සයනික ක්‍රමයයි. අන්තර්ජාලයේ හමුවෙන යෙදුම්වලින් 99% ක්ම වගේ ඒ සම්ප්‍රදාය අනුව සැකසුන ඒවා. හැබැයි ඒ ක්‍රමයේ ලොකු අවුලක් තියෙන බව අද බටහිර විද්වතුන් ම පිළිගන්නවා. බටහිර රටවල ජ්‍යෝතිෂ්‍යට තැනක් නැතිවෙන්න ප්‍රධාන හේතුව ඒකයි. අපි භාවිතා කරන නිරයනික ක්‍රමය නිවැරදි බව දැනගෙනත් තම වර්ගයාට වැරදුන දෙයක් පිළිගන්න ඔවුන් කැමති නෑ. උග්‍ර වාර්ගිකත්වය, කුහක කම.
මුලින් බටහිර ක්‍රමයට කේන්දරේ හදලා ඊට පස්සේ අපේ ක්‍රමයට හරවන එක අමු ගොන් වැඩක්. මුලින් වරද්දාගෙන පස්සේ නිවැරදි කරගන්නවා වගේ වැඩක්. ඒකත් 100% ක් නිවැරදි කරගන්න අමාරුයි.
තේරුම්ගන්න ඕන වැදගත් දේ තමයි මේ එකිනෙකට වෙනස් සම්ප්‍රදායන් දෙකක්. ඇතැම් සංකල්ප සහමුලින් වෙනස්. ඒ නිසා මේ දෙකෙන් එකක් තෝරාගන්න. දෙක එකට පටලා ගත්තොත් කැඳ හැළියක් වෙනවා.