කේන්ද්‍ර ගළපන්නේ විවාහයකදී වූවත්, කේන්ද්
සහෘද එළකිරි සාමාජික සාමාජිකාවන් ගොඩාක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි මේ කේන්දරය. ගොඩාක් සොයුර සොයුරියන් තම ප්‍රේම සබදතාවයේ දෙවන භාගයට පැමිණි විට මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා මා දැක ඇත. ඒ පිලිබදව බොහෝ post, ඉල්ලීම් මෙහි නිරන්තරයෙන් මෙහි දක්නට ඇත. එමෙන්ම කේන්ද්‍රය මත ඇති විශ්වාසනීය භාවය, කේන්ද්‍රය මත විශ්වාසය තැබීම යනාදී කරුණු කෙරෙහි බොහෝ විවෘත මතවාද මෙහි නිරන්තරයෙන් දැකිය හැක. නමුත් මේ පෙන්වා දෙන්නේ විවාහයකදී පමණක් නොව වෙනත් තීරනාත්මක කරුණු කාරනා වලදී සිය ජන්ම කේන්ද්‍රයේ බලපෑම තේරුම් ගැනීමයි.
කේන්දර ගැලපීම යනූවෙන් ජ්‍යොතිෂය තුළ අදහස් කරන්නේ එක් කේන්දරයක් තවත් කේන්දරයක් සමග සසඳා බැලීමයි. අප බොහෝවිට කේන්දර දෙකක් සසඳා බලන්නට යොමූ වන්නේ විවාහ වෙන්නට බලාපොරොත්තු වන තරුණ තරුණියන් අතර ගැලපීමක් තිබේද යන්න දැන ගැනීම සඳහායි. මෙය සබඳතාවයක් ආරම්භයේදී කුතුහලය නිසා හෝ පසූව ඇතිවන ගැටලු නිසා හෝ සිදුවෙන්නටත් ඉඩ තිබේ. කෙසේ වූවත් එකම පවූලේ සාමාජිකයන් අතර අසමගිතා පවතින විටත් කේන්දර ගැලපීම ගැන පරීකෂාවක් කිරීම වඩාත් යෝග්‍යයයි.
අද වර්තමානයේදී බොහෝ තරුණ පිරිස් තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් හිත දරා ගමන් කරයි. මෙහිදී කේන්ද්රපත වැදගත් වන්නේ විශේෂයෙන්ම හවූල් ව්‍යාපාරය වලදීය. හවූල් ව්‍යාපාරයකදී ඊට සම්බන්ධ වන අය පිළිබඳව ද කේන්දර ගැලීපම කළ හැකි නම් වඩාත් සුභ දායක වන බව මගේ හැගීමයි.
කේන්දර දෙකක් ගැලපීම පරීක්ෂා සඳහා ඉදිරිපත් කළ විට ජ්‍යෙතිෂඥයන් මූලින්ම සොයා බලන්නේ එම කේන්දර දෙක මගින් පිළිබිඹූ වන ලෙස දෙදෙනා අතර සබඳතාවකට ඔවූන් දෙදෙනා තුළ ඇති හැකියාව කෙසේද යන්නයි. මෙහිදී දළ කේන්ද්‍රය නොව භාව කේන්ද්‍ර සටහනක් අධාරයෙන් සංකූලතා පරීක්ෂා කිරීම යෝග්‍යබව මගේ හැගීමයි.
උදාහරණයක් විදිහට සංවේදීතාවය පිළිබඳ මූල ධාතුව ලෙස හඳුන්වන අපෝ දුබලවීම හෝ සබඳතාවයට මූලික වන චන්ද්‍රයාට සහ සිකුරුට යූරේනස් වෙතින් දුබල දෘෂ්ටි යෙදී තිබීම හෝ නිසා හැඟීම් ජනිත වීමේ හැකියාව දුර්වල තත්ත්වයක පැවතිය හැකිය. ඉන්පසූව කේන්දරවල මූල ධාතුවල සමතුලිතතාවය තක්සේරු කළ යූතුය. පෙර සඳහන් කර ඇති අන්දමට එකම මූලධාතුවේ රාශි අතර ගැලපීමක් ඇතත් එකම මූල ධාතුව වෙත වැඩි නැඹූරුතාවක් ඇති පූද්ගලයන් දෙදෙනෙකු අතර වූව ද අපහසූතාවයන් ඇති බව උදාහරණ සහිතව පෙන්වා දිය හැකියි.
පඨවි ධාතුවේ දෙදෙනකු ක්‍රියාකාරිත්වයෙන් තොරව සිටිය හැක. එයට හේතු වන්නේ ධාතුවේ ප්රබලව ඇති දෙදෙනෙකු විසින් බූද්ධිමත් සංවාදවලදී අදහස් එකට ගැළපෙන ලෙස පෙනූනත් දෙදෙනා අතර පෞද්ගලික අභ්‍යන්තර හැඟීම් සහ කායික අංශයන්දිහී සාර්ථක නොවන නිසාය.
එක් අයෙකුගේ කේන්දරයේ ඇති ග්‍රහයන් සහ අනෙක් පූද්ගලයන් කේන්දරයේ ඇති ග්‍රහයන් අතර සම්බන්ධය කේන්දර දෙකක් ගැළපීමේදී සැළකිය යූතු වැදගත්ම දෙයක් වේ. කෙනෙකුගේ හදහනේ ව්‍යාප්ත කාරක ග්‍රහයා වන බ්‍රහස්පති චන්ද්‍රයා වෙත සූබ දෘෂ්ඨියකින් යූක්තවීම හෝ චන්ද්‍රයා සමග යෝගවීම පෙන්වා දෙන්නේ සහකරු හෝ සහකාරිය විසින් තමන් සතුවට පත් කරන කාරණයයි. චන්ද්‍රයා අනෙක් කේන්දරයේ බ්‍රහස්පතිට ප්‍රහාරයක් වීමෙන් ඇතිවන හැඟීම් ප්රකාශනය එතරම් ප්‍රශ්නයක් වන්නේ ද නැත.
එක් තරුණියක් සහ තරුණයෙක්ගේ කේන්දර පරීකෂාවකදී පෙනීගිය කාරණය වන්නේ පූරුෂයාගේ සෙනසූරු ස්ත්‍රියගේ රවි මත පතිත වී ඇති අයූරුය. රවි සහ සෙනසූරු සහ චන්ද්‍රයා සම්බන්ධයෙන් දිගුකාලීන සම්බන්ධතාවන්හිදී පැන නගින බවය. බැඳ තබා ගැනීමේ හැකියාව සෙනසූරු සතුවේ. මොවූන්ගේ සබඳතාවයේ මූල් අවූරුද්දක දෙකක කාලය තුළ කාන්තාවට පෙනී ගොස් ඇත්තේ ඇයගේ සහකරු සැලසූම් සහගතව, ස්ථාවර හා ආරක්ෂාව ලබාදෙන ස්වාමි පූරුෂයෙකු ලෙසටය. ඒ සියල්ල සෙනසූරුගේ යහපත් ලකෂණවේ. නමූත් පසූ කාලීනව ඇයට හැඟීගොස් ඔහූ ස්වයං පාලිත වූ, හණමිට අදහස්වලින් යූතු නව සංකල්පනාවන්ට අපොහොසත් අයෙකු ලෙසය. නමූත් ඔවූන් දෙදෙනාට එම සබඳතාව අවසන් කිරීමේ චේතනාවක් පැන නැඟුණත් එය ක්‍රියාත්මක කිරීමට අකමැතිවී යහපත් පවූල් ජීවිතයකට අඩිතාලම සකසා ගැනිණ. මෙය හවුල් ව්‍යාපාර යන කරුනටද පොදු සත්‍යතාවයකි.
කේන්දර දෙක හරහා ග්‍රහයන් එකිනෙකාගේ දෘෂ්ටියට ලක්වන විට ඒ ග්‍රහ ශක්තීන් එකට එකතු වේ. ග්‍රහයන්ගේ බෙදීම ශ්‍රමයේ බෙදීම මෙන් සරල දෙයක් නොවේ. ඔබට මූළුමණින්ම සෙනසූරුත් මට මූළුමණින්ම රවිත් විය හැකිය. එමනිසා කලින් ඉහත සඳහන් කළ සබඳතාවයේදී ශක්තීන් දෙකෙහිම පැවති වගකීම පිළිගත යූතු නොවේද?
බොහෝ පුත්ගලයන් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී බොහෝ සුහදව, අන්‍යොන්‍ය අවබෝධයෙන් කටයුතු කරන පුත්ගලයන් ලෙස මතුපිටින් පෙනුනද එම පුගලයන්ගේ මනා ස්වරූපය ජන්ම කේන්ද්‍ර පරීක්ෂාවකින් දැනගත හැකිය. යම් පුත්ගලයෙක් තම මතය තුලම දැඩිව එල්බ සිටියි. තවත් කෙනෙක් තව අයෙකුට දෙවැනි වීමෙට අකමැතිය. සමහරුන්ට තමාට ඉහලින් ප්‍රධානියෙක් නැත. මෙවන්වූ විවිධාකාර මිනිසුන් අප අතර ඇත. එය ඔහුගේ දුර්වලත්වයක් ලෙස මා නොදකිමි. ඒ ඔහුගේ ඉරණමයි. එය ඔබට නොගැලපීමක් වුවද ඔහුට ඔහුගේ කියා මාර්ගයක් තිබීමට පුළුවන. උදාහරණයක් ලෙස ගතහොත් ලග්නාධිපති කුජ වන පුත්ගලයන් සමග සහයෝගයෙන් කටියුතු කිරීම අපහසුය. නමුත් ඔවුන් සත්‍යවාදීය. එමනිසා මෙවන් කරුණු නිසි ජන්මපත්ර පරීක්ෂාවකින් හදුනාගත හැක. හවුල් ව්‍යාපාර වැනි තීරණාත්මක කරුණකදී මෙවන් දෑ ඉවත දැමීම සුදුසු නොවන බව මගේ හැගීමයි.
තවත් කරුණක් නම් නිවසක් තැනීම වැනි කරුණකදී විශේෂයෙන් ජන්මපත්ර පරීක්ෂාවක් ඉතාමත් වැදගත්ය. ඔබ විවාහකයෙක් නම් දරු මල්ලන් සිටී නම් ඒ සියල්ලන්ගේ ජන්මපත්ර එකවර පරීක්ෂාවක් නිවාස තැනීම ආරම්භයේ මෙන්ම ගෙවිදීමේදී ද සිදු කිරීම වැදගත්ය. දීර්ඝ ලෙස විස්තර කිරීම අපහසු වුවත්, සාරාංශ ලෙස කියන්නේ නම්, බොහෝ නැකත් සාදන්නේ දෙන්නා දෙමහල්ලන්ගේ ජන්මපත්ර පරීක්ශාවකිනි. දෙන්නා දෙමහල්ලන් හට සුභදායි වුවද දරුවන්ට අශුභ විය හැක. එනම් දරුවන් නිවසේ නොරදීම... අඩ-දබර, සිත් රිදවීම් වැනි අයහපත් ප්‍රතිපල අත් වීමට ඉඩ තිබේ.
අවසාන වශයෙන් කිව යුත්තේ, විවාහයට අමතරව තමන් යම් අයුරකින් හවුල් ව්‍යාපාරයක්, නිවසක් තැනීම වැනි ඉරණම් කරුණකට මුලපුරන්නේ නම් නිසි ජන්මපත්ර පරීක්ෂාවක් කර ගැනීම සුභදායි වන බවය.
ජන්මපත්ර නොහොත් කේන්ද්‍රය සම්බන්දයෙන් ජීවිත වලට බලපෑමක් ඇතිද නැතිද යන්න විශ්වාස කිරීම හෝ අවිශ්වාස කිරීම ඔබ සතුය. එය ඔබේ පරම අයිතියකි. මේ ලිපිය තුල අඩංගු කරුණු සම්බන්දයෙන් යම් සොයුරෙක්/සොයුරියක් තුල පරස්පර විරෝධී අදහස් මතුවීමට පුළුවන. නමුත් මේ සම්බන්දයෙන් කිසිම අයුරකින් මා තර්ක කිරීමට සුදානම් නොමැති වග කරුණාවෙන් සලකන්න. මක් නිසාද ජෝතිෂ්යවැනි ගැබුරු ශාස්ත්‍රයක් ගැන තර්ක කිරීම සදහා මාගේ අල්ප ජෝතිෂ්‍ය දැනුම ප්‍රමාණවත් නොවන හෙයිනි.

෴ තරිදු කුජ දිවයුරු - පති බඹ ශනි අසුර ගුරු
බුද සමග සුරගුරු - රකිත්වා දී ආයු නිරතුරු ෴

කථාව ඇත්ත සහෝ... මම මේක ගොඩාක් අඩු කරලා, අඩු කරලා තමයි ඔය දැම්මේ. මීට වඩා අඩු කරන්න අමාරුයි... එහෙම උනොත් වැරදි අර්ථකතනයක් එන්න පුළුවන්. උදාහරණයක් කිවුවොත් අන්තිමට තියන නිවසක ආරම්භය හා ගෙවැදීම ගැන ලියන්න පුළුවන් A4 කොළ 10ක් උනත්. ගොඩාක් ස්තුතියි කොමෙන්ටුවට