කේස් කාරයා

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    දොලහ වසරට අළුතින් සෙට් වෙච්චි කේස් කාරයා ටිකක් පණ්ඩිතයා උණාට එළ පොරක්.. වලියක් එහෙම ගහගන්නවනං හරි කැමතියි පොර වෙන්න.. ඉස්කොලෙන් හොරෙන් පනින්න කාරිය… එහෙම කියාපු…
    කොල්ලෙක්ගෙ ඔන හොර වැඩකට සපෝට්.. එහෙව් එකාට කරදරයක් උණාම අපි අහක බලන්නෙ කොහොමද…. ස්පොර්ට්මීට් දවස්වලට අපි පිට්ටනියට බහින්නෙ ඉතිං හොරපොල් කඩන්න වැවට පැනලා නාන්න ආදී හොරකං වලට මිසක් අපි ස්පෝට්මීට් කොල්ලො නෙවෙයි ඇත්තටම… ස්විමිං විතරක් කරලා තිබ්බා.. මාළු අල්ලන්න ගියාමයි නාන්න ගියාමයි…
    කේස් කාරයාට දඩ බොකක් සෙට් වෙලා මුක පූට්ටු කරගෙන දුවගෙන ඇවිත් දුක කිව්වෙ ලෝකයාටයි මටයි… ඔකෙ ආතල් එක විඳලා තියෙන නිසා අපි ඉස්සෙල්ලාම විනාඩි පහක් විතර හිනා උණා… අරුගෙ ඇස් වලින් කඳුලු පැනලා දාඩිය වැක්කෙරෙනවා..
    “අනේ මචං… !!!”
    මූට ඇඩෙන්න වගෙ…
    “ඉතිං පලකො.. තො රෙන්නේ අපේ පුකෙන්ද… ”
    “මට බෑ බන් ඉස්කොලෙ ඒවට යන්න.. මට ගෙදර යන්න ඔනේ… ”
    “එහෙනං හොස්ටල් එකට යමු… ”
    “අනේ මචං මාව ගෙදර එක්කන් පළයල්ලා කොහොම හරි… ”
    අන්න එතකොට තමයි අපේ මුක පූට්ටු උනේ… මොකෝ මුගෙ ගෙවල් තියෙන්නෙ හැතැම්ම 6ක විතර දුර…. තව ඉස්කොලයක් ළග... අපේ කෙරුවාව කියන්නෙ ඒ ඉස්කොලෙ උන් අපිත් එක්ක පොඩ්ඩක විතර මල… දැක්කොත් කෑමේ සම්බවිතාවක් සහිතයි….
    තෙරුම් කරලා දෙන්න බැරිම තැන බයිසිකල් පාර්ක් එකට ගිහින් ලොක් කරලා නැති බසිසිකලයක් හෙව්වා මේ ගොතයාව දාගෙන යන්න….. බස් වල යන්නත් බෑලුනේ අමාරුවේ හැටියට… හොයල හොයලා ලොක් එක නැති එකකුයි, අනිකෙ ලොක් එක කඩලා අපි ඉස්කොලෙන් පැන්නා… දැං මූව තියාන වැව් බන්ට් එක දිගේ පාගනවා හුළගට විරුද්ද පැත්තට.. මොකෝ ප‍්‍රධාන පාර දිගේ ගියොත් අපි ගෙදර යන්න කලින් ඉස්කොලෙට නිවුස්එක කියන්නම කට්ටියක් ඉන්නවානෙ..
    මුගෙ ගෙදරට යන්න බෑ… උගෙ අම්මත් ටීච කෙනෙක්… අහල පහල සැරි සරන්න බෑ.. ඉස්කෝලෙ ඇඳුම පිටින්… අපි දෙන්නා මූව ගේ ගාවින් බස්සලා… බැජ් එක ගලවලා සාක්කුවේ දාගෙන කලින් කියපු ඉස්කොලෙට රිංගුවා… උන්ගෙන් ගුටිකන එක සැපයි සමාජ අපවාද වලට වඩා… උන්ගෙ පිට්ටනියට වෙලා අපිදෙන්නා බට්ටො පනින නංගිලා ටිකකට මුවා වෙලා හිටියා…
    අරුන් දැක්කොත් අපි විනාසයි.. ඉස්කෝලෙට ආරංචි උනොත් ඊට හපං.. බයිසිකලේ කාගෙද දන්නෙත් නෑ… කන්න වෙනවා අම්බානක… බට්ටො පනින නංගිලත් වැඩේ නවත්තලා අපිට රවාගෙන යන්න ගියා මොන වැරද්දක් කලාටද මන්දා.. දැං බඩේ බඩඉරිගු තම්බන ගානට බයවෙලා.. පිට්ටනියෙ අදුනන්නෙ නැති උං ඉන්නවා කියලා මුං අපිට නෙළයිද….??
    ඔන්න ගියපු ඉක්මණටම මේකා එනවා….
    “වැඩේ හරිද…??”
    “වැඩක් නෑ බන් පඩයක් විතරයි ගියෙ…”
    “තොට පඩයක් ඇරවන්නද අපි මෙච්චර කුණක් කෑවෙ…!!!” අපි මූට බිම දාගෙන හොඳට නෙලලා ආපහු ඉස්කොලෙට ආවා…



    ඉස්සුවෙ මෙතනින් http://arunadeepa.blogspot.com/2011/12/blog-post_19.html

    අපේ ඉස්කෝලේ අපේ පන්තිවලම එකෙක්ට වෙච්ච වැඩක් නිසාත් පන්තියේම එකෙක් ලියන නිසාත් කැත නැතුව ඉස්සුවා........... :P:P:P:P
     
    • Like
    Reactions: Pink panther

    xxxbot5034934

    Member
    Feb 18, 2012
    4
    0
    0
    alisha-laine-15.jpg