කොංගෝවේ භීෂණය

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
මෙම ඡායාරූපයේ සිටින මිනිසාගේ නමකට. ඔහු මේ බලා සිටින්නේ කපා දමන ලද ඔහුගේ සිඟිති දියණියගේ අත්,පා දෙස යි. මේ හද සසල කරවන ඡායාරූපය ගනු ලැබුවේ ඇලිස්‌ සීලි හැරිස්‌ විසිනි. ඇය විසින් ලියනු ලැබූ Dont Call Me Lady නම් ග්‍රන්ථයෙහි

Nsala_of_Wala_in_the_Nsongo_District.jpg

මේ ඡායාරූපයත් සමඟ දිග හැරෙන අමානුෂීය වූ ද, දුක්‌ඛදායී වූ ද කතාන්දරය, අප්‍රිකානු කොංගෝ රාජ්‍ය ඉතිහාසයෙහි සැඟව ගිය අතිශය අඳුරු වූ ද, අතිශය ම්ලේච්ඡ වූ ද පැතිකඩක්‌ නිරාවරණය කරන්නේ ය.
dead.jpg

'කොංගෝව යටත් කර ගත් බෙල්ජියන් ජාතික සුදු පාලකයන් විසින් දිනපතා සැපයිය යුතු රබර් කිරි සලාකයක්‌ ස්‌වදේශිකයන් හට නියම කරන ලද්දේ ය. එක්‌ දිනක න්සාලා නම් මේ ස්‌වදේශිකයාට එකී සලාකය සම්පූර්ණ කරගත නොහැකිවන්නේ ය. සුදු පාලකයන් විසින් ඔහුට නියම කරන දඬුවම වන්නේ ඔහුගේ පස්‌ හැවිරිදි බෝලි නම් දියණියගේ අතක්‌ සහ පාදයක්‌ කපා දැමීමයි. එයින් නොනවතින ඔවුහු ඇය මරා දමා න්සාලාගේ බිරියද මරා දමන්නෝ ය. ඉන් පසුව මේ ම්ලේච්ඡයෝ ඔහුගේ ආදරණීයයන්ගේ මළ සිරුරු ඔහුට තෑග්ගක්‌ ලෙස එවන්නෝ ය. ඔවුන්ගේ කෲරත්වයට එරෙහිව නැඟී සිටින්නට මේ අසරණයන්ට ශක්‌තියක්‌ නොමැත්තේ ය. මේ එක්‌ උදාහරණයක්‌ පමණකි.
Belgian-Free-State-congo-ATROCITIES-notice-the-EUROPEANS-behind-victims.png

තමන්ගේම ඉඩම්වල කුලීකරුවන් ලෙස වැඩ කිරීමට ඔවුනට සිදුව තිබේ. තම යුරෝපීය රාජකීය පරපුර මැවූ දෙවියන් විසින්ම මේ අප්‍රිකානු මිනිසුන්, ගැහැනුන් හා දරුවන් මවා ඇති බව ලියෝපෝල්ඩ් පිළිගන්නේ නැත. කොටින්ම ඔවුන් මනුෂ්‍යයන් බව ඔහු පිළිගන්නේම නැත.' 1885 බර්ලින් සමුළුවේ සම්මත වීමෙන් මධ්‍යම අප්‍රිකාවේ ප්‍රාන්තයක්‌ වූ නිදහස්‌ කොංගෝ රාජ්‍යය, බෙල්ජියමේ දෙවැනි ලියෝපෝල්ඩ් රජු යටතට පවරා දෙනු ලැබීය. ඔහුගේ අවුරුදු 23 ක (1885-1908) පාලන කාලය තුළ දරුවන් ද ගැහැනුන් ද ඇතුළු අප්‍රිකානුවන් මිලියන 10 කට අධික සංඛ්‍යාවකට පහර දීමෙන්, අත්, පා හා ලිංගේන්ද්‍රියන් කපා දැමීමෙන් තිරිසන් සතුන්ටත් අන්ත ලෙස මරා දමන ලද්දේ ය. වැඩ කිරීමට බල කරමින් සිර කොට නිරාහාරව තබන ලද්දේ ය. ගම් පිටින් ගිනි තබා අළු කරන ලද්දේ ය.

කොංගෝ රාජ්‍යයේ ස්‌වභාවික රබර් සම්පත සූරා ගැනීම සඳහා ABIR කොංගෝ සමාගම (Anglo Belgian India Rubber Company) නම් සමාගමක්‌ එකී යටත් විජිත පාලනය විසින් පිහිටුවන ලදී. ඉන් පසුව ස්‌වදේශිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගත් සමාගම ඔවුන්, ඔවුන්ගේම ඉඩම්වල කුලියට වැඩ කිරීමට යොදවන ලද්දේය. කළු සම නිසාම මනුෂ්‍යයන් සේ සලකනු නොලැබූ ඔවුන්ගේ ලෙයින්, කඳුළෙන් හා දහඩියෙන් නිපදවෙන එක්‌ රබර් කිලෝග්‍රෑමයකින් සමාගම දස ගුණයක්‌ ලාභ ලැබීය. නියමිත දෛනික රබර් කෝටාව සැපයිය නොහැකි වූවිට දඬුවම මරණයයි. සමාගම එකී කාරිය ඉටු කිරීම පවරන ලද්දේ කුලී පදනම මත ලබා ගත් ප්‍රංශ භටයන් හට ය. ඔවුනට අණ ලැබෙන්නේ රබර් කෝටාව සම්පූර්ණ නොකළවුන් වෙඩි තබා ඝාතනය කොට අත් කපා ගෙන වුත් ඉදිරිපත් කරන ලෙසට ය. මේ නීතිය පනවන ලද්දේ සමාගම විසින් ඔවුනට සපයා තිබෙන පතරොම්, වන සතුන් දඩයම් පිණිස පාවිච්චි කිරීම වැළැක්‌වීමටය. මේ නිසාවෙන් දඩයම් පිණිස වැය වූ පතරොම් හිලව් කිරීමට නිර්දෝෂී අහිංසකයන්ගේ අත් දන් දීමට සිදු වීම සුලබ දෙයක්‌ විය. අත් කපා ගැනීම පිණිස අහිංසකයන් මරා දැමීම ඊටත් වඩා සුලබ දෙයක්‌ විය. ලියොන් ෆිවෙස්‌ නම් රාජ්‍ය නිලධාරියකු පිළිබඳව ත්ස්‌වම්බේ නම් ස්‌වදේශිකයකු පැවසූවක්‌ කතෝලික පූජකවරයකු විසින් සඳහන් කර ඇත්තේ මෙසේය. 'සෑම කළු ජාතික ස්‌වදේශිකයකුම මේ මිනිසා හැඳින් වූයේ සමකයේ යක්‌ෂයා ලෙසයි.... කුඹුරේ මරා දමා තිබූ සියලුම මළ සිරුරුවල අත් ඉවත් කර තිබුණි. එක්‌ එක්‌ සොල්දාදුවන් කොපමණ සංඛ්‍යාවක්‌ ඔවුන්ගේ කූඩවලට අත් එකතු කර ගෙන තිබුණා දැයි දැන ගැනීමට ඔහුට අවශ්‍යව තිබුණා. කෝටාව සැපයීමට අපොහොසත්වීම නිසා ගම්මානයක්‌ සහමුලින්ම අතු ගා දමනු ලැබුවා. බොයෙකා ගම්මානයේදී, එක්‌ සොල්දාදුවකු විශාල දැලකට ඇතුළු කරගත් ස්‌වදේශිකයන් 10 දෙනකු එම දැල තුළට විශාල ගල් පටවා ගඟට තල්ලු කර දැමුවා. ඔවුන් එකකුවත් ගොඩ ආවේ නැහැ. තමන්ගේ මව්වරුන්, සහෝදරියන් දූෂණය කරන ලෙස ස්‌වදේශික තරුණයන්ට අණ කරන ලද්දේ ය. ඊට කැමති වන්නන් මරා දමන ලදී. එක්‌ කනිෂ්ඨ යුරෝපීය නිලධාරියකු මෙසේ පැවසී ය. එකී අණට විරෝධය පෑ ගම්මානයක්‌ම වනසා දමන්නට නියෝග කරන ලදී. ගැමියන්ගේ බෙලි කපා උන්ගේ හිස්‌ ගම වටා වූ දඬු වැටෙහි එල්ලන ලද්දේය. ගැහැනුන් හා දරුවන් කුරුස ආකාරයට එල්ලනු ලැබීය.

ස්‌වදේශිකයකු මරා දමනු පළමු වරට දුටු ඩෙන්මාර්ක මිෂනාරිවරයකු පැවසුවේ, 'එය එතරම් හිතට ගන්නට එපා, යයි සොල්දාදුවකු පැවසුවා. ඔවුන් රබර් ගෙන ආවේ නැතිනම් අප ඔවුන්ව මරා දමනවා. අප ගෙනෙන අත් ප්‍රමාණය අනුව අපව අගය කරන බවට කොමසාරිස්‌ අපට පොරොන්දු වී තිබෙනවා.'

නිමල් ෆ්‍රන්සිස්‌
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මුස්ලිම් එවුන් යුරෝපෙට ඇතුල් වෙන එකට ඇතටම අපි වද වෙන්න ඕනේ නැ,
උන් ඇතුල් වෙලා අතීතයේදී මේ වගේ අහිංසකයන්ට දුන්නු දඩුවම් උන්ටත් දෙන්න ඕනේ,
දැන් සිල් ගත්තට සුද්දෝ කියන්නේ ලෝකේ ඉන්න ජරාම ජාතියක්,
ලංකාවටත් ඔය දේම තම කරේ,
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    records නැති උනාට ලංකාවෙත් ඔයිට දෙවැනි නැතුව ඇති අබ්න් ඒ කාලේ.
    ලංකාවේ පවත්වාගෙන ආපු සම්ප්‍රදායික ශිල්ප අතු ගවිලාම යන්න ත්හේ ඔය කාලේ.
    නැත්තටම නැති වෙච්ච දෙයක් තමා අංගම් කලාව.
    එකෙන් ඉතුරු වෙච්ච කැඩුම් බිදුම්, රස වෙදකම, වගේම සටන් කලාවේත් බොහොමයක් වලලිලාම ගිහින්. යන්ත්‍ර මන්ත්‍ර සාත්රයත් ඔය කලාවට අයිතියි කියලා තමා කියන්නේ.
    සුද්දෝ යනකොට ගියේ ලෝකෙන් දුරස් වෙලා ස්වාධීනව නැගිලා හිටපු අපිව බෙලහීන නිවට ජාතියක් කරලා.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මුස්ලිම් එවුන් යුරෝපෙට ඇතුල් වෙන එකට ඇතටම අපි වද වෙන්න ඕනේ නැ,
    උන් ඇතුල් වෙලා අතීතයේදී මේ වගේ අහිංසකයන්ට දුන්නු දඩුවම් උන්ටත් දෙන්න ඕනේ,
    දැන් සිල් ගත්තට සුද්දෝ කියන්නේ ලෝකේ ඉන්න ජරාම ජාතියක්,
    ලංකාවටත් ඔය දේම තම කරේ,
    සිරාවට බන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    records නැති උනාට ලංකාවෙත් ඔයිට දෙවැනි නැතුව ඇති අබ්න් ඒ කාලේ.
    ලංකාවේ පවත්වාගෙන ආපු සම්ප්‍රදායික ශිල්ප අතු ගවිලාම යන්න ත්හේ ඔය කාලේ.
    නැත්තටම නැති වෙච්ච දෙයක් තමා අංගම් කලාව.
    එකෙන් ඉතුරු වෙච්ච කැඩුම් බිදුම්, රස වෙදකම, වගේම සටන් කලාවේත් බොහොමයක් වලලිලාම ගිහින්. යන්ත්‍ර මන්ත්‍ර සාත්රයත් ඔය කලාවට අයිතියි කියලා තමා කියන්නේ.
    සුද්දෝ යනකොට ගියේ ලෝකෙන් දුරස් වෙලා ස්වාධීනව නැගිලා හිටපු අපිව බෙලහීන නිවට ජාතියක් කරලා.

    සිරාවට බන්
    :yes::yes::sorry::sorry:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    records නැති උනාට ලංකාවෙත් ඔයිට දෙවැනි නැතුව ඇති අබ්න් ඒ කාලේ.
    ලංකාවේ පවත්වාගෙන ආපු සම්ප්‍රදායික ශිල්ප අතු ගවිලාම යන්න ත්හේ ඔය කාලේ.
    නැත්තටම නැති වෙච්ච දෙයක් තමා අංගම් කලාව.
    එකෙන් ඉතුරු වෙච්ච කැඩුම් බිදුම්, රස වෙදකම, වගේම සටන් කලාවේත් බොහොමයක් වලලිලාම ගිහින්. යන්ත්‍ර මන්ත්‍ර සාත්රයත් ඔය කලාවට අයිතියි කියලා තමා කියන්නේ.
    සුද්දෝ යනකොට ගියේ ලෝකෙන් දුරස් වෙලා ස්වාධීනව නැගිලා හිටපු අපිව බෙලහීන නිවට ජාතියක් කරලා.

    Read sinhale book - "Allah huakbar" by Kolet Senanayaka and Narada Karunathilake. It says how it was forced Sinhalese youngers to rape their mothers / sisters as punishments upon raise against the brutal British governance.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    රැජින මේස් ගලෝල අතට අත දුන්නනේ බං දැන් අපිත් සුද්දෝ වගෙ තමයි :cool:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය රට වල දැන් ඉන්න උනුත් කිසිම වෙනසක් නැහැ ,

    734652148.jpg

    මේ බැල්ලිගෙ ඔටුන්නේ තින දියමන්තිය මෝඩි අගමැති වෙලා ENGLAND ගිපු වෙලාවේ ඉල්ලුව ,UK උන් කිව්වා ඒවා return කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ නැහැ කියල.

    අපේ ලංකාවේ පොන්නයෝ සෙට් එකක් ඉන්නවා තම කොලනි මානසික මට්ටමේ ඉන්න. ඒ පොන්න පරම්පරා වල උන් හිතන් ඉන්නේ උන් rail road ,පාරවල් හැදුවේ අපේ හොඳට කියල, උන් දළදා පෙරහැර කරන්න ඉඩ දුන්නේ උන්ගේ business ටික පාඩුවේ කර ගන්න.

    5f68b386ac298ff27583ceaf56fcd898.jpg

    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    records නැති උනාට ලංකාවෙත් ඔයිට දෙවැනි නැතුව ඇති අබ්න් ඒ කාලේ.
    ලංකාවේ පවත්වාගෙන ආපු සම්ප්‍රදායික ශිල්ප අතු ගවිලාම යන්න ත්හේ ඔය කාලේ.
    නැත්තටම නැති වෙච්ච දෙයක් තමා අංගම් කලාව.
    එකෙන් ඉතුරු වෙච්ච කැඩුම් බිදුම්, රස වෙදකම, වගේම සටන් කලාවේත් බොහොමයක් වලලිලාම ගිහින්. යන්ත්‍ර මන්ත්‍ර සාත්රයත් ඔය කලාවට අයිතියි කියලා තමා කියන්නේ.
    සුද්දෝ යනකොට ගියේ ලෝකෙන් දුරස් වෙලා ස්වාධීනව නැගිලා හිටපු අපිව බෙලහීන නිවට ජාතියක් කරලා.

    ඌව කැරැල්ල වෙලාවේදී පොඩි ළමයි වත්,අත දරුවෝ ගෑනු අයත් මැරුව. ඊට පස්සේ බොරුවට රටේ හරක් ගේ හිත අයෙත් දින ගන්න ඒ ආණ්ඩු කාරයව අයින් කරල show දැම්ම. ඉතිරි උන ළමයි ,ගෑනු ය බලෙන් උන්ගේ ආගමට හරවල මොරටුවේ පදිංචි කර
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    records නැති උනාට ලංකාවෙත් ඔයිට දෙවැනි නැතුව ඇති අබ්න් ඒ කාලේ.
    ලංකාවේ පවත්වාගෙන ආපු සම්ප්‍රදායික ශිල්ප අතු ගවිලාම යන්න ත්හේ ඔය කාලේ.
    නැත්තටම නැති වෙච්ච දෙයක් තමා අංගම් කලාව.
    එකෙන් ඉතුරු වෙච්ච කැඩුම් බිදුම්, රස වෙදකම, වගේම සටන් කලාවේත් බොහොමයක් වලලිලාම ගිහින්. යන්ත්‍ර මන්ත්‍ර සාත්රයත් ඔය කලාවට අයිතියි කියලා තමා කියන්නේ.
    සුද්දෝ යනකොට ගියේ ලෝකෙන් දුරස් වෙලා ස්වාධීනව නැගිලා හිටපු අපිව බෙලහීන නිවට ජාතියක් කරලා.

    එංගලන්තයේ සුද්දෝ ගැන එහෙමම හිතන්නත් බෑ නේද මචං .මොනවා උනත් එංගලන්තකාරයෝ හින්ද අපිට පාරවල් ,කෝච්චි ,පාර්ලිමේන්තු ක්‍රමය ,නීති ,පාසැල් වගේ ගොඩක් දේවල් ලැබුනා.උන් අපේ කැලෑ එළි කරලා කෝපි වවපු එක ඇත්ත තමා.ඒත් සුද්දා ගිහින් අවුරුදු 68ක් වෙනකොට ඔය හෝ ගාල පිරිසිඳු සිංහල බෞද්ධ ජනාධ්පතිවරු දෙන්නෙක් යටතේම යසට එළි කරන්නේ.

    ජපන්නු සින්ගපුරුවට,ඉන්දුනීසියාවට වගේ ඇවිත් ගෑණු පොදි ගණන් දුෂණය කලාලු.කොල්ලෝ අමු අමුවේ මරලා දැම්මලු.ඇමරිකාව ඉරාකෙදි කලෙත් ඔය වගේ දෙයක්.ඔය දේවල් උන් කලේ කැරළි ආපු වේලාවකදී නෙමේ ..යටත් වෙලා ඉන්නකොට.ඒත් ලී ක්වාන් යූ මැරෙන මොහොතේත් කියලා තියෙන්නේ එයා ලෝකේ දැකපු ශ්‍රේෂ්ඨම යටත් විජිත ජාතිය ඉංග්‍රිසීන් කියලයි.

    යන්ත්‍ර මන්ත්‍ර,වෛද්‍ය ක්‍රම වගේ දේවල් නම් කාලයත් එක්කම නැති වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.සුද්දන්ගේ බලපෑමක් තියෙන්නත් ඇති ඒත් අඩුවෙන් .

    මම කියන්නේ අපේම එවුන් විසින්ම අපේ දේවල් නැති කරගෙන බොරුවට සුද්දගේ පිටින් දාලා ඇඟ බේරාගන්නවා කියලයි.
    අපේ මුදල් ඇමතිතුමාම මාස කීපයකට කලින් කිව්වා වී ගොවිතැන පාඩු නම් නොකර ඉන්න අපි හාල් පිටරටින් ගෙනත් දෙන්නම් කියලා.අපේ ජනාධිපතිතුමා හොඳ වැදගත් ගොවි මහත්තයෙක් .කෝ එහෙනම් අපේ වී වගාව මේ කාලේ උපරිම තත්වෙක තියෙන්න ඕනිනේ ?
     
    :lol: