කොංගෝව බංකොලොත් කළ කොංගෝ ජනපති කබීලා

isuru5

Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    අපේ රටෙත් පාලකයන්ගේ දූෂණ වංචා ගැන ඕනැතරම් අහන්නට ලැබෙනවා. දුන් දඬුවමක් නම් නෑ. හැබැයි රට බංකොලොත් වී අවසන්. එවැනි රටක දියුණුවක් වෙනුවට දැකගත හැක්කේ තව තවත් පල්ලම් බැසීම පමණ යි.

    ලෝකයේ කණකොකා හැඬූ තවත් එවැනි අප්‍රිකානු රටක් වන්නේ කොංගෝව යි. කොංගෝව අවුරුදු 18ක් පාලනය කළ ජනාධිපති ජෝසප් කබීලා ජනතා මුදලින් ඥාතී සංග්‍රහය කරමින් රට වළපල්ලට ඇද දැමීමට කටයුතු කළ පාලකයෙක් බව ලෝකයට මෑතක දී හෙළි වුණා. ඒ කොංගෝවේ බැංකු ගිණුම් දත්ත කාන්දුව හරහා යි.

    AgprQxbobJsl4ssu_1.jpeg

    කොංගෝවේ ගෝත්‍රික ජනතාව- medium.com

    කොංගෝ ජනරජය

    කොංගෝව පිහිටා ඇත්තේ මධ්‍යම අප්‍රිකාවේ යි. දකුණු සුඩානය, උගන්ඩාව, රුවන්ඩා, බුරුන්ඩි, ටැන්සානියාව, සැම්බියාව යන රටවල් රාශියකට මැදි ව මේ රට පිහිටා තිබෙනවා. විශාලත්වයෙන් වර්ග කිලෝ මීටර 2,345,409 ක් වන කොංගෝවට ලොව විශාලත ම රටවලින් 11 වැනි ස්ථානය හිමි වී තිබෙනවා. රටේ අද ජනගහනය හත් කෝටි අසූ ලක්ෂයකට අධික යි.

    ඛනිජ සම්පත්වලින් අනූන ව පැවති කොංගෝව දුප්පත්කමේ පතුලට ම වැටී ඇත්තේ ජරාජීර්ණ වූ දේශපාලනය නිසා යි. වර්ෂ 1960 දී බෙල්ජියම් රජයෙන් නිදහස ලැබූ කොංගෝව, අසල්වැසි රුවන්ඩාව සහ උගන්ඩාව සමඟ පැවති යුද්ධ සහ රට අභ්‍යන්තරයේ පවතින සටන්කාමී ව්‍යාපාර හේතුවෙන්ගැටුම්වලට නිතර මැදි වූ රටක් වශයෙන් සැලකෙනවා.

    1970 වසරේ සිට 1991 දක්වා වූ කාලයේ දී 'කොංගෝ මහජන සමුහාන්ඩුව' මාක්ස් ලෙනින්වාදී ඒක පාක්ෂික රාජ්‍යයක් වුණා. 1997 වසරේ පැවතුණු සිවිල් යුද්ධයේ දී ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කර ගත් රජය නෙරපා දමන ලද නමුත් බහු පාක්ෂික මැතිවරණ ක්‍රමය 1992 වසරේ සිට පවත්වාගෙන යනවා.

    9oaRvKG8ldAeNqaX_2.jpg


    ජනපති ජෝසප් කබීලා - dwc.com

    ජනපති ජෝසප් කබීලා

    හමුදා නිලධාරියෙක් වන ජෝසප් කබීලා කොංගෝවේ ජනාධිපති ලෙස බලයට පත්වන්නේ 2001 දි යි. ඒ ඔහුගේ පියා වන ලෝරන්ට් කබීලා ඔහුගේ ආරක්ෂකයෙක් වෙඩි තබා ඝාතනය කළ පසු ව යි. ජෝසප් කබීලාගේ පාලනයෙන් දශක දෙකකට ආසන්න කාලයක් ගතවන විට මේ විශාල රාජ්‍යය දූෂණය, දුප්පත්කම, රටේ සම්පත් දේශපාලනඥයන් කොල්ල කෑම ආදී කරුණුවලින් පිරි රටක් ලෙස ලෝකයේ ප්‍රකට වුණා.

    ඔහු ජනපති වශයෙන් සිටිය දී ජනාධිපතිවරණය කල්දමමින් සිටීම නිසාත් රටේ කැරලි කෝලාහාල ඇතිවුණා. විශාල ජන විරෝධය නිසා ඔහුට 2019 දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවුණා. එම ජනාධිපතිවරණයෙන් ජනපති ජෝසප් කබීලා පරාජයට පත් කර, හිටපු විපක්ෂ නායක 55 හැවිරිදි ෆීලික්ස් ට්සිසේකෙඩි ජයග්‍රහණය කළා.

    zpTaEeMUPHsKr7Zf_3.jpg

    පරාජිත කබීලා නව ජනපතිට ධූරය බාරදෙමින් - bloomberg.com

    කබීලාගේ වැඩ

    ජනාධීපති ධුරයෙන් සමු ගෙන වසර දෙකකින් පසුව ජෝසෆ් කබීලාගේ ඥාතීන් සහ හිතමිතුරන් තමන් සතු සමාගම්වල බැංකු ගිණුම් හරහා එම සමාගම්වලට ඩොලර් මිලියන ගණනක මහජන මුදල් බැර කරගෙන ඇති බව 2021 නොවැම්බරයේ දී හෙළි වුණා. ඒ අප්‍රිකාවේ මෙතෙක් සිදුවූ විශාලත ම දත්ත "කාන්දුවට" පිංසිදු වන්නටයි.

    එසේ මහජන මුදල් තම ගිණුම්වලට මාරුකර ඇත්තේ BGFI බැංකුවේ කොංගෝ ශාඛාව හරහා යි. එම බැංකු ගිණුම්වලට බැර කර ගත් මුදල් ඩොලර් මිලියන ගණනින් පසුව ඔවුන් ආපසු ලබා ගෙන තිබෙනවා. නමුත් අප්‍රිකාව ම කැලැඹූ මෙම හෙළිදරව්ව ගැන හිටපු ජනපති කබීලා සඳහන් කර ඇත්තේ සෑම රටක ම දූෂිත දේශපාලනඥයන් දෙන උත්තරය ම යි. එනම් මේ සම්බන්ධ වාර්තා පදනම් විරහිත චෝදනා බවත්, ඒවා තමන්ට මඩ ගැනීමට ගත් උත්සාහ බවත් කියා යි.

    3odrw1sacDcJe0Fc_4.jpg

    කබීලාගේ ප්‍රචාරණයට යොදා ගත් පුවරු- bbc.com

    අප්‍රිකාවේ විශාලත ම දත්ත කාන්දුව

    අප්‍රිකානු රටවල් කිහිපයක සහ ප්‍රංශයේ ක්‍රියාත්මක BGFI නම් බැංකුව හරහා සිදු කළ ඩොලර් මිලියන ගණනක ගනුදෙනුවලට අදාළ දත්තයි මෙසේ රහසිගතව පිට වී ඇත්තේ. එම දත්ත කාන්දුවට ගනුදෙනු පිළිබඳ තොරතුරු සහ ලේඛන මිලියන 3.5 කට වඩා ඇතුළත් ව තිබුණා.

    මෙම රහසිගත ගනුදෙනු හෙළි කර ගැනීමට මුල්වුණේ ප්‍රංශයේ ගවේශණාත්මක අන්තර්ජාල සඟරාවක් වන 'මීඩියාපාට්', සහ අප්‍රිකාවේ දූෂණ පිළිබඳ රහස් හෙළි කරන්නන් ආරක්ෂා කිරීමේ රාජ්‍ය නොවන වැඩසටහන (PPLAAF) මගින්.

    JBnKWy8HMceTfo4D_5.png

    කොංගෝ මැතිවරණ කොමිසම මගින් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා සුඩ් ඔයිල් වෙත ඩොලර් මිලියනයක් ගෙවීමට අදාළ ලේඛන - bbc.com

    කාන්දු වූ දත්ත විශ්ලේෂණය සඳහා ලොව පුරා රටවල් 18ක 100කට අධික මාධ්‍යවේදින් සහ රාජ්‍ය නොවන සංවිධන නියෝජිතයන් එක් වී තිබෙනවා. එම හෙළිදරව් කිරීම ගැන බීබීසී පුවත් සේවය වාර්තා වැඩසටහන් ද නිෂ්පාදනය කළ අතර එය ලොව පුරා අවධානයට ලක් වුණා.

    මෙම දූෂිත ගනුදෙනු නිසා දුප්පත්කමේ ගැලී සිටින කොංගෝව තව තවත් දුප්පත්කමට පත්වූ බව පේනවා. ජනතාවට පහසුකම් ලබාදෙනු වෙනුවට රටේ ධනය තමන්ගේ පෞද්ගලික සමාගම්වල බැංකු ගිණූම්වලට විවිධ කරුණු සඳහන් කරමින් මාරු කර ඇති බව පැහැදිලි වී තිබෙනවා.

    0H2LgVfZT8tW2E3W_6.jpg

    කොංගෝවේ BGFI බැංකුව - bloomberg.com

    බැංකුවත් අයිති කබීලාගේ ඥාතීන්ට

    BGFI කියන්නේ ජාත්‍යන්තර බැංකුවක්. අප්‍රිකානු රටවල් රාශියක පැතිර තිබෙන එහී මූලස්ථානය පිහිටා ඇත්තේ ගැබොන් රටෙ යි. එහි කොංගෝ ශාඛාව වන්නේ BGFI Banque RDC නම් ආයතනය යි. එය ආරම්භ කර ඇත්තේ 2010 දි යි. එහි 2012 සිට 2018 දක්වා කළමනාකාර අධ්‍යක්ෂ තනතුර දරා ඇත්තේ ජෝසෆ් කබීලාගේ කැපකරු සොහොයුරා වන ෆ්‍රැන්සිස් සෙලෙමානි යි. එම ආයතනයේ හිමිකාරිත්වයෙන් 40%ක් අයිති වුණේ කබීලාගේ සොයුරිය වන ග්ලෝරියා ම්ටේයුටයි.

    LfnmZ9nxUTpJL3dK_7.jpg

    බැංකුවෙන් ඩොලර් මිලියන 2.5ක් ගත් බවට වූ ලදුපතක්- bloomberg.com

    තෙල් නැති තෙල් සමාගම

    'සුඩ් ඔයිල්' නම් පුද්ගලික සමාගමකට, 2013 නොවැම්බරයේ සිට 2017 අගෝස්තු මාසය දක්වා රාජ්‍ය අරමුදල්වලින් ඩොලර් මිලියන 86කට ආසන්න මුදලක් ලබා දී තිබෙන බව බැංකු ලේඛනවල සඳහන්.

    එම ගනුදෙනුවට කොංගෝවේ රජයේ බැංකු නියාමකයා වන BCC වෙතින් අවම වශයෙන් ඩොලර් මිලියන 46ක් ද, රාජ්‍ය පතල් සමාගමක් වන 'ජිකැමින්ස්' වෙතින් ඩොලර් මිලියන 15ක් ද, එරට මැතිවරණ ආයතනය වන CENI වෙතින් ඩොලර් මිලියන 1.3ක් ද බැර කළ බව හෙළි වී තිබෙනවා. පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා කොංගෝ මැතිවරණ ආයතනය, සුඩ් ඔයිල් සමාගමට ඩොලර් මිලියනයකට වැඩි ගෙවීමක් කළ බවට වන ගෙවීම් ලදුපතක් ද හමු වී තිබෙනවා. නමුත් පුදුමය නම් අදාළ කාලය වන විට සුඩ් ඔයිල් සමාගම ඛනිජ තෙල් නිෂ්පාදන කටයුතු අලෙවි කළ බවට කිසිදු සාක්ෂ්‍යයක් හමු නොවීම යි.

    2013 සිට 2018 දක්වා සූඩ් තෙල් සමාගමේ කොටස්වලින් සියයට 80ක් හිමිවූයේ ෆ්‍රැන්සිස් සෙලෙමානිගේ බිරිය ඇනෙත් ලුටාලේට යි. ඉතිරි 20% කබිලාගේ සොයුරිය වන ම්ටේයුට හිමි ව තිබුණා. BGFI බැංකුවේ තිබූ සුඩ් ඔයිල් ගිණුම්වලින් ඩොලර් මිලියන ගණනක් වෙනත් පුද්ගලික සමාගම්වල BGFI ගිණුම් වෙත මාරුකර යවා තිබෙනවා. මේ ගිණුම් සමහරක් අයිති ව තිබුණේ ජනාධිපති කබීලාගේ ඥාතීන් හෝ ව්‍යාපාරික හිතවතුන්ට යි.

    M7RxMPJECer9y1ZJ_8.jpg

    කබීලාට එරෙහි ජනතා විරෝධතා- dwc.com

    තෙල් ගිණුම්වලින් මුදල් වංචා

    බැංකුව සුඩ් ඔයිල් ගිණුම්වලින් බොහෝ ඉහළ වටිනාකම්වලින් යුත් මුදල් (ඩොලර් මිලියන හයක් තරම් ඉහළ වටිනාකම් ද ඇතුළුව) ආපසු ගැනීමට ඉඩ දී ඇති බව තහවුරු වී තිබෙනවා. බැංකුවලට අදාළ නීතියට අනුව දිනකට උපරිම වශයෙන් ආපසු ලබාගත හැක්කේ ඩොලර් 10,000ක මුදලක් පමණ යි. මෙම සීමාව ඉක්මවා යාමට හැක්කේ ජාතික හදිසි අවස්ථා හෝ ආරක්ෂක හේතූන් වැනි කරුණක් සඳහා පමණ යි.

    සුඩ් ඔයිල් සමාගමේ හිමිකාරිත්වය 2018 දී වෙනස් වුණා. ඒ අතර ම කබීලාගේ සොයුරියට තමාට හිමි ව තිබූ කොංගෝ BGFI බැංකුවේ 40%ක කොටස්වල හිමිකාරීත්වය අත්හැර දමන්නට සිදු ව තිබෙනවා. නමුත් බොහෝ රටවල්වල වගේම මේ අතිවිශාල මුදල් වංචාව ගැන හිටපු ජනපතිට දඬුවම් කිරීමක් ගැන නම් තවමත් අහන්නට ලැබෙන්නේ නැහැ.

    kusumsiri Wijewardane @ ROAR
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රටක් බන්කොලොත් කරා කියලා ඇහුනොත් උන් එක්කො ආසියාවෙ යට කැල්ලෙ. එක්කො අප්‍රිකාවෙ, එක්කො දකුනු ඇමර්කාවෙ.. ලොකෙටම සාපෙයක් මෙ 3න
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එලකිරියේ ඉන්න සමහරක් කියන විදිහට ඔය අරගලේ එවුන්ට සල්ලි ඈවිත් තියෙන්නේ පිටරට ගිණුම් වලට.. ඉතින් ඒවා ලොවෙත් ඔප්පු කරන්න බෑලු.. හෑබෑයි මහින්ද හොරා කිව්වාම පුලුවන්නම් ඔප්පු කරපන් ලු.. මහින්දටත් එච්චර තමා හොරා කාපුවා ලන්කාවට වඩා ඈත්තේ පිටරට.. හොයන්න ඉතින් ලීක් එකක් වෙන්නම ඕනේ.. නිරුපමාට වුනා වගේ.. සුනාමි එන්න කලින් යන්තම් ඈමති පඩියෙන් ජීවිතේ ගෙව්ව අය අද ඉන්නේ කොහොමද? සුනාමි සල්ලිත් ගහපු එකා ගෑන කවර කතාද එක අතකට
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    එලකිරියේ ඉන්න සමහරක් කියන විදිහට ඔය අරගලේ එවුන්ට සල්ලි ඈවිත් තියෙන්නේ පිටරට ගිණුම් වලට.. ඉතින් ඒවා ලොවෙත් ඔප්පු කරන්න බෑලු.. හෑබෑයි මහින්ද හොරා කිව්වාම පුලුවන්නම් ඔප්පු කරපන් ලු.. මහින්දටත් එච්චර තමා හොරා කාපුවා ලන්කාවට වඩා ඈත්තේ පිටරට.. හොයන්න ඉතින් ලීක් එකක් වෙන්නම ඕනේ.. නිරුපමාට වුනා වගේ.. සුනාමි එන්න කලින් යන්තම් ඈමති පඩියෙන් ජීවිතේ ගෙව්ව අය අද ඉන්නේ කොහොමද? සුනාමි සල්ලිත් ගහපු එකා ගෑන කවර කතාද එක අතකට

    හොයන්න බැරි නෑනෙ. කවුරුහරි ඔත්තුවක් දෙනවා නිර්නාමිකව. එතකොට අදාළ පුද්ගලයගෙ වත්කම් ආපු හැටි පෙන්නන්න වෙන විදියට නීති තිබුණ නං හරි. (මං කිව්වෙ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන නීති පද්ධතියක්) රජයට සහයෝගය දුන්නම චාජස් අඩු වෙන නීතිත් තියෙන්න ඕන වෙන රටවල් වල වගේ.

    ඔය විදියට රාජපක්ෂ පවුලෙ සමීපතමයො කීප දෙනෙක්ගෙ බැලුව නං හරි. එකෙක් හිරේ නොයා බේරෙන්න වමාරන්න ගත්තම කොනක ඉඳන් අල්ලන්න පුලුවන්.

    හරි ආණ්ඩුවකුයි, හොරු අල්ලනවට විරුද්ධ නැති ජනතාවක් ඉන්නයි විතරයි ඕන.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හොයන්න බැරි නෑනෙ. කවුරුහරි ඔත්තුවක් දෙනවා නිර්නාමිකව. එතකොට අදාළ පුද්ගලයගෙ වත්කම් ආපු හැටි පෙන්නන්න වෙන විදියට නීති තිබුණ නං හරි. (මං කිව්වෙ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන නීති පද්ධතියක්) රජයට සහයෝගය දුන්නම චාජස් අඩු වෙන නීතිත් තියෙන්න ඕන වෙන රටවල් වල වගේ.

    ඔය විදියට රාජපක්ෂ පවුලෙ සමීපතමයො කීප දෙනෙක්ගෙ බැලුව නං හරි. එකෙක් හිරේ නොයා බේරෙන්න වමාරන්න ගත්තම කොනක ඉඳන් අල්ලන්න පුලුවන්.

    හරි ආණ්ඩුවකුයි, හොරු අල්ලනවට විරුද්ධ නැති ජනතාවක් ඉන්නයි විතරයි ඕන.
    ලන්කාවේ නෙමේ නම් සල්ලි තියෙන්නේ හොයන එක ඈත්තටම ලේසි වෙන්නේ නෑ... එහෙමයි කියලා මහින්දට පුක දෙන කාලකන්නින් ඌ හොරකම් කරපුවා ඔප්පු කරන්න කිව්වා ම නම් ඉතින් මල පනිනවා.. උන් ගසා කෑවේ නෑත්නම් කෝ යකුනේ ණයට ගත්ත සල්ලි.. ඒවායින් හදලා තියෙන දේවල් ඒ ණයෙන් 1/10 වත් වටිනවා ද? කාලකන්නි තවත් හොරුන්ට කඩේ යනවා කියන්නේ ඉතින් තනිකර ජාතකේ අවුලක්
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හොයන්න බැරි නෑනෙ. කවුරුහරි ඔත්තුවක් දෙනවා නිර්නාමිකව. එතකොට අදාළ පුද්ගලයගෙ වත්කම් ආපු හැටි පෙන්නන්න වෙන විදියට නීති තිබුණ නං හරි. (මං කිව්වෙ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන නීති පද්ධතියක්) රජයට සහයෝගය දුන්නම චාජස් අඩු වෙන නීතිත් තියෙන්න ඕන වෙන රටවල් වල වගේ.

    ඔය විදියට රාජපක්ෂ පවුලෙ සමීපතමයො කීප දෙනෙක්ගෙ බැලුව නං හරි. එකෙක් හිරේ නොයා බේරෙන්න වමාරන්න ගත්තම කොනක ඉඳන් අල්ලන්න පුලුවන්.

    හරි ආණ්ඩුවකුයි, හොරු අල්ලනවට විරුද්ධ නැති ජනතාවක් ඉන්නයි විතරයි ඕන.

    ලන්කාවේ නෙමේ නම් සල්ලි තියෙන්නේ හොයන එක ඈත්තටම ලේසි වෙන්නේ නෑ... එහෙමයි කියලා මහින්දට පුක දෙන කාලකන්නින් ඌ හොරකම් කරපුවා ඔප්පු කරන්න කිව්වා ම නම් ඉතින් මල පනිනවා.. උන් ගසා කෑවේ නෑත්නම් කෝ යකුනේ ණයට ගත්ත සල්ලි.. ඒවායින් හදලා තියෙන දේවල් ඒ ණයෙන් 1/10 වත් වටිනවා ද? කාලකන්නි තවත් හොරුන්ට කඩේ යනවා කියන්නේ ඉතින් තනිකර ජාතකේ අවුලක්
    ඕවා හොයන එක ලොකු ප්‍රශ්න නෙවෙයි බන් , කරන්න තියෙන්නේ "දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය" කියලා එකක් තියෙනවා , ඒකට අනුගත වෙලා ක්‍රියාත්මක කරන එක විතරයි


    දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය යනු නීත්‍යානුකූලව බැඳී ඇති එකම විශ්වීය දූෂණ විරෝධී මෙවලමයි. සම්මුතියේ දුරදිග යන ප්‍රවේශය සහ එහි බොහෝ විධිවිධානවල අනිවාර්ය ස්වභාවය එය ගෝලීය ගැටලුවකට විස්තීර්ණ ප්‍රතිචාරයක් වර්ධනය කිරීම සඳහා අද්විතීය මෙවලමක් බවට පත් කරයි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල අති බහුතරයක් සම්මුතියේ පාර්ශවකරුවන් වේ.

    සම්මුතිය ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ආවරණය කරයි: වැළැක්වීමේ පියවර, අපරාධකරණය සහ නීතිය ක්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර සහයෝගීතාව, වත්කම් ප්‍රතිසාධනය සහ තාක්ෂණික සහාය සහ තොරතුරු හුවමාරු කිරීම. මෙම සම්මුතිය මගින් අල්ලස් ගැනීම, බලපෑම් වෙළඳාම් කිරීම, කාර්යයන් අනිසි ලෙස භාවිතා කිරීම සහ පුද්ගලික අංශයේ විවිධ දූෂණ ක්‍රියා වැනි විවිධ දූෂණ ක්‍රියා ආවරණය කරයි.

    https://www.unodc.org/unodc/en/corruption/uncac.html