අගබිසවගේ උපායෙන් බේරුණු මුතුකුඩේ බිසව සහ කුමරු

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    දෙවන රාජසිංහ රජුගෙන් පසු රජකමට පත් වූයේ ඔහුගේ පුත්‍රයා වූ විමලධර්මසූරිය රජු යි. ඔහු දෙවන විමලධර්මසූරිය ලෙස රජකමට පත් වූ අතර, ඔහු ලන්දේසීන් සමග අමනාපකම් පවත්වා ගත්තේ නැහැ. එම නිසා ලන්දේසීන් මොහුගේ රාජ්‍ය පාලන කාලයේ දී ඔවුන්ගේ සිතුමනාපෙට රටේ සම්පත් සූරා කමින් සිටියා. මේ හේතුන් නිසා ඔහු එතරම් දක්ෂ පාලකයෙකු නොවන වගට යි ඉතිහාසයේ සඳහන් වන්නේ.

    මොහුට රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීමක් නැති වීමට එක් හේතුවක් ලෙස රජ වන තෙක් ම මහණ වී සිටීම දැක්විය හැකියි. (දෙවන රාජසිංහ රජු මොහු ව නීලඹේ කැරැල්ලෙන් පසු ආරක්ෂාව උදෙසා ඌවේ බිබිල ප්‍රදේශයේ විහාරස්ථානක අප්‍රසිද්ධියේ මහණ කළ බවට සඳහන් වේ.)

    ඔහු රජ වී විවාහ වූ නමුත් අගබිසවගෙන් දරුවෙක් නොලැබූ නිසා රජ කුලයෙන් බැහැර රදල කාන්තාවක් තම බිසව ලෙස පත් කරගන්නවා. මැය මුතුකුඩේ වලව්වේ කුමාරිහාමියක වූ නිසා මුතුකුඩේ බිසව ලෙස හැඳින්වෙනවා. ඇය ව බිසවක් ලෙස පත් කර ගත්තේ ඇගේ අසමාන රූපශ්‍රීය හා දක්ෂකම නිසාවෙන්. වැඩි කාලයක් යාමට පෙර ඇයට පිරිමි දරුවෙක් ලැබූ නිසා අන් බිසවුන් අතරින් ඇයට රජු වෙතින් හිමි වූයේ විශේෂ සැලකිල්ලක්.

    මෙම විශේෂ සැලකිල්ල නිසා මුතුකුඩේ බිසවට අනෙක් බිසවුන් මෙන්ම අගබිසවත් ඊර්ෂ්‍යයා කළා. කෙතරම් ඊර්ෂ්‍යයා කළේ ද කිවහොත්, මොවුන් එකතු වී මුතුකුඩේ බිසව සහ කුමරා ඝාතනය කරන්නට කුමන්ත්‍රණ පවා සිදුකළා. සාමාන්‍යයෙන් බිසෝවරුන්ට තම මව්පියන් බැහැ දැකීමට නිතර යා නොහැකියි. නමුත් දෙවන විමලධර්මසූරිය රජු විසින් මුතුකුඩේ බිසවට හා පුත් කුමරාට නාරංදණ්ඩ ගමෙහි විසූ මව්පියන් බැහැදැකීමට සිතූ අවස්ථාවක යාමට ඉඩ ලබා දී තිබුණා.

    මව්පියන් බැහැදැකීමට යාමට නම් ඔවුන්ට මහවැලි ගඟ තරණය කළ යුතු වුණා. අගබිසව ඇතුළු අනෙක් බිසෝවරුන්ගේ අභිලාෂය වූයේ මොවුන් ගඟ තරණය කරන විට ඔරුව ගඟේ ගිල්වා මුතුකුඩේ බිසව ව සහ කුමරුව මරා දැමීම යි. කුමරු සහ බිසව සාමාන්‍යයෙන් මහවැලි ගඟ තරණය කරන්නේ ලේවැල්ල තොටුපළෙන්. එම නිසා මෙම කුමන්ත්‍රණයට ලේවැල්ල තොටුපළේ තොටියා ව යොදාගත් අතර, අගබිසව විසින් විශාල වස්තුවක් ඔහුට පිරිනැමූ බැවින් තොටියා ද මෙයට කැමැත්ත පළ කළා.

    ලේවැල්ල තොටුපළ

    බිසව, කුමරු ඇතුළු අනෙක් උදවිය ඔරුවට නග්ගවා තරමක් දුර තරණය කළ විට ඔරු කඳ ඇතුළේ පිහිටි සිදුරකින් ඔරුව තුළට ජලය කාන්දු වන්නට වුණා. ඔරුව තුළ සිටිනා අය මෙම ජලය කාන්දු වීම වළක්වන්නට උත්සාහ කළ ද ඔවුන් අපහොසත් වූ නිසා ඔරුව දියේ පෙරළුණා. සියලු දෙනා ම උදව් ඉල්ලා කෑ ගැසූ අතර, මෙය දුටු එගොඩ සිටි තරුණයෙක් ගඟට පැන බිසව, කුමරු ඇතුළු අනෙක් සියලු ම දෙනා ව ගිලීමෙන් බේරා ගත්තා. රජුට මෙම පුවත සැල වූ වහා ම ඔහු රාජපුරුෂයෝ යවා බිසවගේ සහ කුමරුට කිසියම් හානියක් සිදු වී ඇද්දැයි සොයා බැලුවා.

    ඉන්පසු, ඔරුව හරියාකාර ව නඩත්තු කර නොතිබීම හේතුවෙන් තොටියාට දඬුවම් කළ අතර පසු ව රජතුමා සොයා බැලුවේ මොවුන්ව බේරාගත් තරුණයා ගැන යි. එම තරුණයාට රජු බොහෝ ප්‍රශංසා කළ අතර ගම්වරයක් ද ලබා දුන්නා. ඔහු රදල පවුලකින් පැවත එන අයෙක් බව අනාවරණය වූ නිසා රජු විසින් ඔහුට ගබඩා බාර නිලමේ තනතුර ලබා දුන්නා. මොහු මඩුගල්ලේ නිලමේ ලෙසින් හැදින්වෙන අතර, ජනශ්‍රැතිවල සඳහන් වන්නේ මොහු මඩුගල්ලේ පරම්පරාවේ ආරම්භකයා බව යි.

    මඩුගල්ලේ නිලමේ තම රාජකාරිය ඉතා මැනවින් ඉටුකළ අතර, ඔහු මුතුකුඩේ බිසවට හා කුමරුට ඉතා හිතෛෂී ව කටයුතු කළා. මුතුකුඩේ බිසවත් ඔහුට සහෝදරයෙකුට මෙන් සැලකුවේ තමන්ව සහ කුමරුව බේරාගත් නිසාවෙන්. ඝාතන සැලසුමට තොටියා හා අගබිසව අතර අතරමැදියා ලෙස කටයුතු කළ පුද්ගලයා රජ මාළිගයේ සේවය කරන මඩුගල්ලේ නිලමේගේ හිතවතෙක් වූ නිසා අගබිසව නිතර සිටියේ කොයි මොහොතේ හෝ තම කුමන්ත්‍රණය හෙළි වේයැ යි බියෙන්. මඩුගල්ලේ නිලමේට රාජ මාළිගය තුළ ඕනෑම ස්ථානයක සිටීමට හැකියාව තිබුණි.

    මෙය ප්‍රයෝජනයට ගත් අගබිසව රජුට කියා සිටියේ මඩුගල්ලේ නිලමේ විසින් මුතුකුඩේ බිසවගෙන් අයුතු ප්‍රයෝජන ලබාගන්නා බව යි. මුල දී රජු මෙය විශ්වාස නොකළ නමුත් අනෙක් බිසෝවරුන්ගෙන් ද මෙය ආරංචි වූ නිසා රජු මෙම දෙදෙනා ගැන සැක කරන්නට වුණා.

    මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට සිතූ රජු මඩුගල්ලේ නිලමේගේ හිතවතෙක් ව සම්බන්ධ කරගත්තා. විශේෂත්වය වූයේ මොහු පෙර කී අතරමැදියා යි. රජු සිදු වී ඇති දේ ඔහුට විස්තර කලළ අතර ඒ ගැන ඔහු කුමක් හෝ දන්නේදැ යි විමසූවා.

    අගබිසව ඔහුට හා තොටියාට මුලින් පොරොන්දු වූ පරිදි සම්පූර්ණ මුදල ලබා නොදුන් නිසා මේ ගැන රජුට පැවසිය යුතුයැ යි ඔහුට සිතුණා. නමුත් තමාත් මෙයට හවුල්කාරයෙක් නිසා ඔහු රජුට පළමුව කියා සිටියේ තමන් දන්නා දේ කියන්නේ රජු ඔහුට සමාව දෙන්නේ නම් පමණක් බව යි. රජු මෙයට කැමැත්ත පළ කළ බැවින් අතරමැදියා අගබිසව ඇතුළු බිසෝවරුන්ගේ කුමන්ත්‍රණය ගැන සියලු විස්තර රජුට හෙළි කළා.

    මෙයින් දුකට හා කේන්තියට පත් රජු අගබිසවට හා බිසෝවරුන්ට දඬුවම් දීමට තීරණය කළා. නමුත් තමන් මෙයට දඬුවම් පැමිණුවහොත් එයට රටවැසියා කලබල වේයැ යි සිතා එයට සභාවක් පත් කළා. මෙහි නායකයා රම්මලක මහ අදිකාරම් වූ අතර මැදිවක මහ දිසාව, දොඩම්වල මහ දිසාව, මාම්පිටිය මහ දිසාව, හා මාදන්වල මහ දිසාව මෙම සභාවේ අනෙක් සාමාජිකයන් වුණා. මෙම සභාවේ තීරණය වූයේ බිසෝවරුන්ව දියේ ගිල්වා මරණයට පත් කර තොටියාව උල හිඳුවීමට යි. අවසානයේ දී දඬුවම එසේ ම ක්‍රියාත්මක වුණා. බිසෝවරුන්ව මෙසේ මරණයට පත් කළ නිසා රටේ තැනින් තැන කැරලි කිහිපයක් ඇති වූ අතර, පසු ව එයින් දුකට පත් රජු ද රෝගාතුර වුණා.

    තමන් වැඩිකල් ජීවත් ව සිටින්නේ නැති බව වටහා ගත් රජු ඊළඟට රජකම හිමිවිය යුතු පුද්ගලයා ගැන සාකච්ඡා කිරීමට අදිකාරම්වරුන් ව රාජ මාළිගයට කැඳෙව්වා. මුතුකුඩේ බිසවගේ කුමරු හැර රජකමට සුදුසු අන් පිරිමි දරුවෙක් නොසිටි බැවින් රජු කුමරුට කියා සිටියේ අදිකාරම්වරුන්ට වැඳ තමන් රජකමට සුදුසු ඇයිදැ යි පහදන ලෙසයි. මේ වන විට කුමරුගේ වයස අවුරුදු දහ අටක් වුණා .

    ඔහු පිය රජුට කියා සිටියේ තම පියා එනම්, රටේ රජතුමා සූර්ය වංශ රජ කුලයට අයත් බැවින් රජ කුලයට අයත් නොවන අදිකාරම්වරුන්ට වැඳීම රජ කුලයට අවමානයක් බව යි. මෙය කිසිවෙක් බලාපොරොත්තු වූ පිළිතුරක් නොවේ. නමුත් කුමරුගේ මෙම ඍජු තීරණවලට බහුතරය කැමති වුණා. එම නිසා රජු මියගිය පසු මුතුකුඩේ බිසවගේ පුත් කුමාරයා රජකමට පත් වුණා. මොහු ලංකාවේ අවසන් සිංහල රජු ලෙසින් හැඳින්වෙන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු යි.

    උපුටාගැනීම (ගැමි දිවියයි පරිසරයයි සැනසීමේ සුවය ලැබෙයි)
     
    Last edited:

    TheShadow

    Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    අලුත් දෙයක් දැනගත්තා තැන්ක්ස්.
    එහෙනම් කුමාරයා පොඩි කාලේ ඉඳන් කුලේ ගැන වද වෙවී ඉඳලා තියෙන්නේ. අම්මගේ කුලේ ප්‍රශ්නේ ලොකුවටම බලපාන්න ඇති. ඊට පස්සේ කුලේ advance කරගන්න කියලා නායක්කර් කුමාරියෝ ගේනවා. ඊටපස්සේ රජකම නායක්කාර් උන්ට යනවා. නායක්කාර් රජවරුයි සිංහල ඇමතිලයි කෙලගන්නවා. ඊටපස්සේ බඩු බනිස් වෙනවා. :-(