....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

malinthalakmal

Active member
  • Dec 26, 2011
    128
    47
    28
    රැකට් විකුණන සීන් එකටනම් මළ පනිනව බං..:frown:
    රටේ නැති බොරු කියල අමාරුවේ දානවා.. දුර පළාත් වලින් එන උන් කරන්න දෙයක් නැති කමට කර ගහනවා..:(
    Anyway +Rep

    මාත් අහු උනා කියහන්කො ඉතින්....
    හෙන ගේමක් දීලා බේරුනේ

     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    උබේ හැකියාවයි, සීනියර් කමයි, ත්‍රෙඩ් එකයි බලද්දී උබේ රෙප් ප්‍රමානේ සෑහෙන්න අඩුයි බං. උබ වගේ එකෙක් මීට වඩා තැනක ඉන්න ඕනේ. උබට සනාතන උත්තමයාගේ සරණයි සිංහලයෝ! එල නූලක් මේක. මට පට්ට සතුටුයි මං වගේ තවත් ලියන්නෙක් ඉන්න එක. දිනුෂ සංකල්ප, නයිට් ෆියුරියා වගේ කීප දෙනෙක් ඉන්නවා. එල එකක් කොල්ලෝ. දිගටම කරගෙන යමු. මේකේ ඉන්න එක එක සොකඩ බුවාලා. උබට කියයි උබ අවුල්, සාටර්, නවත්තාපන්, වැඩක් නෑ, ත්‍රෙඩ් එක ගොන් අරවා මෙව්වා. උන්ට ෆුක් ගහ ගන්න කියල උබ උබේ පාඩුවේ වැඩේ කරපං සුදු. එල එකක්
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    උබේ හැකියාවයි, සීනියර් කමයි, ත්‍රෙඩ් එකයි බලද්දී උබේ රෙප් ප්‍රමානේ සෑහෙන්න අඩුයි බං. උබ වගේ එකෙක් මීට වඩා තැනක ඉන්න ඕනේ. උබට සනාතන උත්තමයාගේ සරණයි සිංහලයෝ! එල නූලක් මේක. මට පට්ට සතුටුයි මං වගේ තවත් ලියන්නෙක් ඉන්න එක. දිනුෂ සංකල්ප, නයිට් ෆියුරියා වගේ කීප දෙනෙක් ඉන්නවා. එල එකක් කොල්ලෝ. දිගටම කරගෙන යමු. මේකේ ඉන්න එක එක සොකඩ බුවාලා. උබට කියයි උබ අවුල්, සාටර්, නවත්තාපන්, වැඩක් නෑ, ත්‍රෙඩ් එක ගොන් අරවා මෙව්වා. උන්ට ෆුක් ගහ ගන්න කියල උබ උබේ පාඩුවේ වැඩේ කරපං සුදු. එල එකක්

    ටැන්කූ කිව්වා ඕන්....
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    දඩු මොනරෙට ටැක්ස්

    දඩු මොනරෙට ටැක්ස්
    ====================

    අඩෝ කොකා...
    උදේ පාන්දරම වර්නයාගෙන් කෝල් එකක් ය....
    කියපන් මොකක්ද සීන් කෝන් එක...
    කියන්න බාඅ...බලන්න ඕනේ නම් දැන්ම ගලේ දේවාලේ කන්දට වගෙන් ඉක්මනට වරෙන්...
    මෙතන එලම කිරි සෙන්ටි මෙන්ටැල් සීන් එකක් යන්න හදන්නෙ...
    ඉතින් මොකක්ද කියපන්කො අගේ නොකර...
    මේ මේ...රාවනාගේ සොහොන නෑ මම මේ කිව්වේ රාවනා නිදාගෙන ඉන්න මාස්ටර් බෙඩ් රූම් එක හම්බෙලා යකෝ...
    මේ දැන් තොවිලයක් කොරන්න යන්නේ නැගිට්ටවන්න...
    ඉකමනට වරෙන් ආයේ නෑ මෙදා පාර නම් නැගිට්ටවලාම තමයි පස්ස බලන්නේ...
    නැත්තන් ඉස්සරහම බලන් ඉන්නවලු..ඔව්....
    අම්මට හුඩු...
    රෑ ඇදන් උන්නු ගල් සෝට් පිටින්ම පුටාර් එක හැටට හැටේ පාගන ගමන් කෙලින්ම ගලේ දේවාලෙටම කෙලගෙන ගියෙමි...
    අම්මට හුඩු...
    යනකොට මග දෙපැත්තේ එකම ආතල් ගොඩකි....\
    සුබ උදෑසනක් රාවනා කියලා හැම තැන්ම පෝස්ටර්ය...
    ඒ ඉතරක් නෙමේය...
    රාවනා සමග නැගිටිමු කියාලා කටවුට් හිටන් ගහලාය....
    "පිස්සුමෝල්" ලොරියක් ඇවිල්ලා රාවනා නැගිට්ට ගමන් දෙන්න බලය ජවය සත්තිය සපිරි එල කිරි මෝල්ට් තේ එකක් හදනවාය...
    ඒ අස්සේ කට්ටඩියෝ බෙරකරයෝ සැට් වෙලා ගජරාමෙට නට නට බෙර ගහනවාය...
    ඔක්කොටම වඩා ආතල් සීන් එක ආන්ඩු පක්ශෙයි විපක්ශෙයි අපේ ගමේ මන්ත්රීලා දෙන්නා මල් මාලා දෙකක් අරගෙන දේවාලේ වටේ ස්කොඩ් එකක් එක්ක කැර කෙනවාය...
    වර්නයා නම් කනට කොරලා කිව්වේ රාවනා නැගිට්ට ගමන් ඌට පක්ශ සාමාජිකත්වය දෙන්නලුය....
    මේ අඩෝ...
    කොහොමද දැනගෙන තියෙන්නේ බන් බුවා මෙතන දොයියන් ඉන්නේ කියලා....
    මේ මේ...
    අද උදේ දේවාලේ කපු මහත්තයාට ඇහිලා බන් ඈනුමක් අරින සද්දයක් පාසේ කලුවර අදුනින් බලලා තමයි හොයාගෙන තියෙන්නේ....
    අම්මටසිරි....
    ඉතින් ඉතින්..
    ඉතින් ඊට පස්සේ මේ කට්ටඩියෝ සැට් එක ඇවිල්ලා තියෙන්නේ රාවනා නැගිට්ටවන්න...
    එතකොට කවුද බන් අර සැට් එකක් කඩු කිනිසි තියන් ඉනේ...
    ආ ඒ රාවනාගේ ආර්මි එකේ අය මචන්...
    ආයේ ඉපදිලා ලු නේ...
    එතකොට දැන් අද නැගිටිනවමලු ද...
    ඔව් ඔව්...
    එහෙම තමයි කියන්නේ....
    බෙර පාර්ට් එක්ක නැට්ටුව එකෙන්ම නියම බ්රේක් ඩාන්ස් පාරක් දානවාය...
    වැඩේ නැගලම යන අස්සෙන් තව කපුවෙක් අදුනකින් බල බල විස්තර කියනවා...
    ඔව් ඔන්න නැගිට්ටා...ඔන්න නැගිට්ටා...නැගිට්ටා....
    බුවා එක දිගට කියවනවාය...
    එක පාරම අදුන බල බල හිටිය බුවා කෑ ගහන්න ගත්තේය...
    මෙන්න අපේ රාවනා රජතුමාගෙන් සන්දේශය්ක් ආවා...
    ඈ...
    මොනාද කියලා තියෙන්නේ....
    අද නැගිට්ටන් බෑලු...කපුවා අඩන්න වගේය
    ඈ...
    ඒ ඇයි...
    නැගිටලා එන්න වෙන්නේ දඩු මොනරෙන්ලු...
    එන්ජින් කැපෑසිටිය වැඩී.හයිබ්රිඩ් වලට අහු වෙන නිසා ටැක්ස් වැඩිලු...
    එන්න වාහනයක් නෑ කියලා එන්න බෑලු...
    මේ…….. කෝල් එකක් දෙන්න ට්රයි කොරාලු කලින්ම එන්නෙ නෑ කියන්න...
    දාපු ගමන් රුපියල් පනහා ඉවර වෙලා ටැක්ස් වලට කැපිලා...
    තොපි ඕන කුදයක් ගහ ගනිල්ල මට නම් ආයේ එන්න බෑලු....
    හෑ...
    දඩු මොනරෙට ටැක්ස් හින්දා එන්න බෑ. රාවනත් පව් යකූ...
     
    • Like
    Reactions: blue_in_rio

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    යකෝ සල්ලි ගස් වල හැදෙනවා නම්
    ----------------------------------------------

    අඩෝ කොකා..
    මම අනුරයා...
    හෙට උදේම පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉදපන් හරිද...
    ඈ ඒ කොහෙද....
    මෙ මේ පොඩි ගමනක්...
    කෙල්ලෙක් බලන්න...
    මේ තව එකක්...උබේ වෙන්න මස්සිනගේ කාර් එකත් පොඩක් ඉල්ලන් වරෙන්කො...
    හෑ....උබ කෙල්ලෙක් බලන්න ද යන්නේ කෙල්ලෙක් එක්ක පැනලා යන්නද හදන්නේ...
    උබ අරන් වරෙන්කො හොද එකා වගේ..මට ලයිසොන් නෑ..උබට තමා එන්න වෙන්නේ කාර් එක අරන්...ඔව්...
    අහ් හරි හරි මම මොකක් හරි සෙන්ටි මෙන්ටල් පාරක් ලයින් කර ගන්නම්...
    අක්කට ද දොලොස් පාරක් කන්නලව් කොරායින් පස්සේ වෙන්න මස්සිනාගෙන් පුල් ටෑන්ක් පෙට්‍රල් එක්ක කාර් එක මට මෙව්වා උනි...
    වන්ඩියත් අරන් ලගදි හන්දියේ කඩෙන් ගෙවන්න ගත්ත තාම වාරික හතලිහක් විතර ගෙවන්න තියන පෝන් කට්ටත් අරම් කිට මරාගෙ කොල්ලා අනුරයාගේ කෑල්ල බලන්න සෙන්ටි මෙන්ටල් උනෙමි...
    අනුරයත් එලකිරි කිටක් මරාගෙන ඉන්නවාය..
    ඌවත් දාගෙන උගේ කෑල්ල බලන්න මෙව්වා උනෙමි...
    අම්මට සිරි බම්බලපිටියෙන් පට්ට පට් පට ජිගි බිරිස් කෑල්ලක් වන්ඩියට ගොඩ විය....
    මට නම් ඇඩ්‍රස් නැතිය...
    අනුරයාගේ අතේ පිච්චියක් වත් ඉතුරු නැති එක ගැනම මට දැන් තේරෙනවාය...
    මේ අට මගලේ මේන් ටේන් කොරන්න එසේ මෙසේ පුතයෙක්ට බැරිය...
    කොහොමෙන් කොහොම හරි වැල්ල වත්ත බීච් එකට උන් ඩබලත් අරන් කිට්ටු කෙරුවෙමි...
    අහ් බබා...
    මේ වෙහිකල් එක මෙයාගේ...
    අද මගේ එක කැඩිලා නේ...ඒකයි මෙයා එක්ක ආවේ....
    අනුරයා ටෝක් දෙනවාය….
    අම්මට සිරි මම දන්න විදිහට ඌටවත් මටටවත් හරි හමන් පුටාර් එකක් වත් නැතිය....
    අහ්හ් ඇත්තද...
    හරි හරි.....
    මම සේප් එකේ හිනාවක් අප්ඩේට් කෙරුවෙමි...
    වැල්ල වත්තේ නැවැත්තුවා විතරය...
    හන්දියේ රී ලෝඩ් කඩේ එකාගෙන් කෝල් එකක්ය...
    හලෝ කියන්න ප්‍රවීන් අයියේ...
    මල්ලි අක්කාගේ රුපියල් පනහක් ඉතුරු සල්ලි තියනවා රීලෝඩ් එකක් දාලා යන්කොට කඩෙ ඉල්ලන් යන්න...
    අම්මට සිරි රුපියල් පනහක්...පොට්ට චෑන්ස් එකක් වඩින්න යන්නේ...
    අයියේ ඔය පනහා මගේ එකවුන්ට් එකට දාන්න....
    අහ්හ් හරි මල්ලි....
    සති ගනන් සල්ලි නැතුව වේලී වේලී හිටිය මට පොට්ට චෑන්ස් එකක්කින් රුපියල් පන්හක් සැට් වීම ගැන හෙනම ආශික්ය...
    කෝල් එක කට් කොරලා මම හැරෙනකොට අනුරයා වෙන ගුලියක් අබරනවාය...
    මෙයාට හරි බිස්නස් වැඩ අයියො...
    ඔය දැනුත් ලක්ශ පනහක් මෙයගේ එකවුන්ට් එකට වැටුනා..
    මම වගේම තමා හරි බිසී මෙයත්...
    ඈ..ලක්ශ පනහක්...
    මම රුපියල් පනහක් කියන්න හදන් කොටම අනුරයා මට අතින් එකක් ඇන රැව්වේය...
    කොහොමෙන් කොහොම හරි අනුර්යාගේ ප්‍රියම්බිකාව එක්ක ටුවර් එක ඉවර වෙලා ගෙදරය ගොහින් වෙන්න මස්සිනාට කාර් එක බාර් දුන්නා විතරය...
    මට නන්නාදුනන නම්බර් එකකින් කෝල් එකක් ය...
    හලෝ...කවුද...
    මම අනුර ගේ අරයා අයියෝ....
    මම බ්‍රේක් උප් උනා අයියෝ...
    එයා හරි යන්නේ නෑ අයියො...
    ඔයා වගේ නෑ...
    හැමදාම කාර් එක කැඩිලා...
    සමහර් වෙලාවට සල්ලිත් නෑ අයියෝ...
    මේ මේ...ඉතින් ඕක දැන් මට කියන්නේ...
    නෑ අයියෝ...
    මට ඔයා හරියට හිතට ඇල්ලුවා අයියෝ ඒකයි...
    ඔයාට පුලුවන් නම් හෙට කාර් එක අරන් එන්න අපි කොහාට හරි ගිහින් කතා කරමු...
    හෑ...
    යකෝ සල්ලි ගස් වල හැදෙනවා නම් මුන් වදුරන්ටත් ලව් කොරයි නේ යකෝ...
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    අනාත කදවුරේ ප්‍රතමාදාර මෙව්වා එකෙය...
    --------------------

    අම්බානක වැස්ස නිසා මුලු දවසම හෝත පාලු වී හේදී ගොහින්ය ...කොකාගෙත් බඩු මුට්ටු ඔක්කොම ඇදන් අල්මාරී උඩය...කොට්ට මෙට්ට පා වෙනවාය…
    පාරී බස් යන එක නවත්තලා බෝට්ටු යන්නට පටන් ගෙනය.
    කොහොමත් ආසියාවේ අර මොකක්ද එක වෙන්න ඉන්න රටී මෙහෙම පොඩි ආතල් එකක් වත් නැතුව වඩක් නැතිය...
    වැඩ කරන ජනතාව නම් කොහොම කොහොම හරි ඔපීසි වලට වාර්තා කොරනවාය.මමයි වර්නයයි ලැන්ටියයි නම් කෙහෙල් කොටන් පාරුවක් හදන් ඒ ජනතාව ප්‍රවාහනයට උර දෙනවාය...
    ඒක්න් පොඩි ගතමන්ට එකක් ද හොයා ගන්නවාය...
    කොහොමෙන් කොහොම උනත් මේ සද බර සීන් කෝන් මැද අපේ ගමේ මැම්බරයාත් ගංවතුර ආදාර නම් උස්සන් එන්න පටන් ගත්තේය...
    බුවා කියන හැටියට මේ ඔක්කොම අධාර ලෝක බැංකුවෙන්ය...
    හැමෝටම ටකරම ගානේ බෙදලා දුන්න මැම්බරයා කිව්වේ මේවායෙන් කැඩිච්ච වහල රෙලෙයාර් කොර ගන්න කියලාය...
    ඉතුරු ටකරන් බුවා අරන් ගියෙ උගේ අලුතෙන් හදන ගේ දිහාට කියලා තමයි වර්නයා කිව්වේ...
    ඒ උනත් ඕවා ගැන උනත් වැඩිය හිතන්න හොද නැතිය...මොකද අපිවත් උස්සලා ටයර් එකක බාබකිව් කොරන්නට බැරි නැතිය...
    ඒ ඔක්කොමත් හරිය....
    අශ උදේ පාන්දරම මැම්බරයා එක්ක ගමේ මන්ත්‍රි තුමාගේ පුතන්ඩියාගේ බැටෑලියන් එකයි ඇමති තුමගේ
    පුතාගේ සැට් එකයි බැස්සේය....
    උන්ගේ පස්සෙන් හෙන සැට් එකකුත් ආවෝය...
    අම්මට සිරි...
    ගං වතුර අදාර ගෙනල්ලායා...
    කන්න බොන්නවත් නැතුව අනාත් වෙච්ච අපිට හෙනම ලල් ය...
    කට්ටියම් හුරේ දානවාය...

    ජය වේවා කියනවාය....
    එකම කෙලියක්ය...
    මමත් අස්සෙන් රින්ගන් කෑ ගහනවාය....
    ලොකු පෙට්ටි සැට් එකක් උස්සන් ආව සැට් එක ඒ ඔක්කොම තියලා කතාවක් කොරන්න පටන් ගත්තේය....
    මේ ගම ඉස්සර මෙහෙම නෙමෙයි යට උනේ....
    ඔව්...
    ඒ දවස් වල වතුර පොල් ගහක් උසට ආවා...
    මේ අපේ ආන්ඩුව ආවට පස්සේ තමයි මේ මෙච්චර අඩුවෙන් වතුර එන්නෙ....
    ඔබ තුමන්ලට කියන්න...ඉස්සර මේ ගමේ ගන්වතුර කාලේට මේ ඇලේ මෝරුත් යනවා....
    අපේ ආන්ඩුව තමයි ඒ ඔක්කොමව ලක්වන්න
    පියවර ගත්තේ....
    මේ ගං වතුරත් විදේශ බලවේගයක මෙව්වා එකක්...
    ඔව්....
    බුවා හෙන දිගට කියලා ඉවර කොරීය...අපි විසිල් එකක් ගහලා අප්පුඩියක් දීලා ආතල් එකක් ගත්තෙමු..
    දැන් හොදම හරියය....
    අදාර බෙදන පාට් එකය...
    හැමෝටම පෝලිමකට එන්න කියා බුවා පෙට්ටියෙන් බත් පැකට් එක ගානේ බෙදනවාය...
    අදාර දීලා සැල්පි පාරකුත් ගහනවාය...හෙන ජොලිය...
    බත් පැකට දෙක තුනක් දුන් බුවා...එක පාර යන්නට ගියේය...
    පෝලිම් කොහෙද නැතිය.. එක පිට එකා පෙරලි අපි කෑම බෙදා ගන්න පොර කෑවෙමු...
    කොහොම හරි බත් එකක් අල්ල ගත්තා මතකය...
    මගේ ඔලුව පාගල එකෙක් ඒ බත් එක අරන් දුවනවා කියලා යන්තන් මතකය...
    මම තාම අනාත කදවුරේ ප්‍රතමාදාර මෙව්වා එකෙය

    මේ පාරෙන් ෆේස් බුකියේ පේජ් එකට සැට් වෙන්න....:yes:
    https://www.facebook.com/Kokage-kolan-1480819362219481/?fref=nf

    මේ පාරෙන් බ්ලොග් එකට සැට් වෙන්න....:yes::yes:
    http://wasanawanthaya.blogspot.co.uk/

     
    Last edited:

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    වෙසක් ටුවර්
    ------------------

    වෙසක් මාසේ යනු බන්ඩිය පුල් වෙන්න ගිලින්න පුලුවන් මාසයක්ය...
    මොකද අඩියෙන් අඩිය බත් දන්සැල්ය...
    එතනින් ගියාම අඩියෙන් අඩිය බීම දන්සැල්ය...
    මදි පාඩුවට වගේ ඉතින් තම්බපු කොස්, කඩල , කව්පි වගේ අනන් මනන් ජාතිත් තියනවාය...
    මමත් වර්නයාත් අනුරයාත් තුන් කට්ටුවත් මදි පාඩුවට ලැන්ටියත් සැන්ටිමෙන්ටල් කොරාන මෙදා පොටෙත් වෙසක් දන් සැල් අසිරිය නරබන්නට යන්නට සැට් උනෙමු....
    ඉදලා හිටලා කූඩුවක් දෙකක් බලන්නට නතර උනාට මේන් ඇම්බිසොන් එක බඩේ හතර කොන් දිගෑරිලා බුරිය උල් වෙන්න කන එකය...
    පූර්ණ පරිසර හිතකාමි ප්‍රවාහන මෙව්වා එකක් විදිහට අපි පුටාර් වලින් වෙසක් බලන්නට යන්න තීරනය කොරේ අපිට පැට්ටෝල් ගහන්න සල්ලි නැති කමටවත් අපි එකෙක්ටවත් ලයිසොන් නැති කමටවත් නෙවෙයිය...බොක්කෙන්ම පුල්ම පරිසර හිතකාමි වෙසක් ටුවර් එකක් යන්න හිතාගෙනමය...
    ගෙදරින් එලියට බැහැලා අඩි දෙකක් යන්න හම්බුනේ නැතිය...
    බටු ඇට දෙකක් උස නැති පොඩි එකෙක් කොඩියක් එක්ක පාර මැදට පැන්නේය...
    තව පොඩ්ඩෙන් ඒකාව පුටාර් එකට යට වෙනවාය...
    කොහෙද ඕයි පනින්නේ...වර්නයාට මල ජම්පින්ය....
    මේ අයියේ සුප් සුප්....ඌ අපිට සුප් කෝප්පයක් දික් කොරනවාය...
    ඉතින් යකෝ පාරේ අයිනේ ඉදලා කිව්වා නම් නවත්තනවා නේ යකෝ සුප් බොන්න....
    ඒ උනාට එහෙම බෑ නේ අයියා..
    අපිත් ෆුල්ම බුද්දාලම්බන මෙව්වා එකෙන් නේ මේ වැඩේ කොරන්නේ...
    පොඩ්ඩක් පාරට පැනලා කොඩියක් වනලා ගත්තේ නැත්තන් කිසි ගෝ එකක් නෑ අයියා...
    අම්මට හුඩු...බුවා දීපු ටෝක් එකට සුප් එකත් ඉස්බොල්ලේ ගිහින් අක්මාව පෙනහැල්ල හරහා ගොහින් කුඩා බඩ වැල ගාව නතර විය....
    උගේ සුප් එක උගුරට දෙකට හලාගෙන පිලිවලට බෙලිමල් , කෝපී , තේ ,කොත්තමල්ලි , රනවරා , ඉරමුසු ,පොල්පලා , සරුවත් , බාර්ලි , සන්කුවික් , දොඩම් පැශන් ෆෘට් ආදී එකි මෙකී නොකී...
    තව අම්බානක් ජති බිව්වෙමු...
    හත් අට පොලකින්ම පරිසරයට විනාඩිය බැගින් මුදා හැර එක දන්සැලක් අත නෑර වන්දනා කටයුති හෙනම සිරාවට කරගෙන ගියෙමු...
    දැන් බිව්වා ඇති බන්...ඒ යෝජනාව වර්නයාගෙනි...
    ඔව් දැන් කන්න ඕනේ බන්...ඉස්තීර කිරීම ලැන්ටියාගෙනි....
    අපි සැට් එකම පුටාර් වලින් බත් දන්සැල්ක් ෆෝකස් වෙනකම් රබර් ඇහැ දාගෙන වටේම ගියෙමු...
    ...මහා දන් සැල....
    අම්මට හුඩු...
    අර බලපන්කෝ බන් කොත්තු ෆයිඩ් රයිස් තියෙන දන්සැලක්...
    අම්මද බොල...
    අදමනේ යකෝ දැක්කේ...
    යමන් යමන් අස්සට....
    මම කලින් දැක්කේ නෑ නේ බම් මේක...ඒ වර්නයාය...
    කමක් නෑ දැන් දැක්කානේ වරෙන් යන්න කන්න...
    අපි සේප් එකේ ඇතුලට ගියෙමු...
    ඇගිල්ලක් ගහන්න ඉඩ නැති තරමට සෙනගය...
    අපිත් අයිනකට සැට් උනෙමු..
    මල්ලි මොනාද ඕනේ....
    ඈ...යකූ මේකේ ඕන ඒවා අහලද හදාලා දෙන්නේ
    අපි සැට් එකේම ඒක මතික තීරනය ඉදිආප්ප් කොත්තුවක්ය...
    සෙට් එකම කොත්තුව පට් පට් ගාලා ඉවර කොරපු ගමන් කොහෙන්දෝ හොද කූල් වතුර බෝතලයකුත් ආවේය...
    අම්මට හුඩු...
    මේක නම් සුපිරි දන්සැලක් නෙව...
    මම හෙම ආතල් එකේ පුල් වෙච්ච් බඩට තට්ටු කොර්මින් කීවේමි...
    අනිත් උන්ටත් නාග සලං වෙන්න බන්ඩි පුල්ය...
    අපි නැගිටින්න හදනකොටම තවත් චූටිම චූටි තසිමකුත් ආවේය...
    මේ මොකක්ද මේ...
    අපි සේප් එකේ ඒක් බැලුවෙමු..
    රුපිඅය්ක් 700.00 ක බිලක්ය...ඈ...දන්සැල් වල කොහෙන්ද යකෝ බිල්...
    අපිට කෑම ගෙනාපු බුවාට විසිල් එකක් ගහලා ලග කතා කරපු අපි බුවාට අමතන්න පටන් ගත්තෙමු...
    මොනාද අයියේ මේ ජරා වැඩ...දන්සැල කියලා ගහලා කන්න දීලා සල්ලි ගන්නේ...
    හරි කැතයි ඈ...
    කවුද ඕයි කිව්වේ මේ දන් සැලක් කියලා...
    ඇයි අර එලියේ ගහලා තියෙන්නේ...
    කෝ කොහෙද...
    මෙහෙ එනවා පෙන්නන්න...අපි බුවාව එලියට ඇදන් ගොහින් කටවුට් එක පෙන්නන්න යනකොට කටවුට් එක නැතිය...
    අඩෝ වර්නයා...කෝ බන් කටවුට් එක...
    කවුද බන් දන්නේ...සිරාවටම අයියේ කියන්නේ මෙතන තමා ගහලා තිබ්බේ...
    අපි ගොත ගහන්න පටන්න ගත්තෙමු...
    ඕයි බලනවා අර එහා පැත්තේ බෝඩ් එක...
    ඈ...ඒ මොකක්ද...
    හදිසි කටවුට් පැයෙන් පින්තාරු කරනු ලැබේ...
    අම්මට හුඩු...මේ එහා පැත්තේ කටවුට් අඩින එකෙක් ද ඉදලා තියෙන්නේ...
    එතකොට අපි සැට් එකම මේ නයිට් කඩේට රින්ගලා තියෙන්නේ උගේ අදින්න ආව කටවුට් එකක් බලලද...
    මම සේප් එකේ සාක්කුවට අත දමා බැලුවෙමි...
    සක්කුවේ සතයක්වත් නැතිය...අඩියෙ හිලක් පමනක් ඇත....
    අයියේ කුස්සිය කොයි පැත්තෙද...
    මම හෙමින් වේටර් අයියගෙන් ඇහුවෙමි.....

    මේ පාරෙන් ෆේස් බුකියේ පේජ් එකට සැට් වෙන්න....:rofl::rofl::rofl::yes::yes:
    https://www.facebook.com/Kokage-kolan-1480819362219481/?fref=nf

    මේ පාරෙන් බ්ලොග් එකට සැට් වෙන්න....:rofl::rofl::yes:;)
    http://wasanawanthaya.blogspot.co.uk/
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    ඉතින් කොහෙද බන් දුව ලස්සන වෙන්නේ...
    ------------------------------------

    අම්බනකට වැඩ වලින් මෙව්වා උන සතියකි...
    ඒ ඔක්කොමටත් වඩා ජිගි බිරිස් සී එක නම් තව පොඩ්ඩෙන් බොලාලාට කොකාගේ කෝලමත් මෙව්වා ලියන්න අමතක වෙනවා.කොහොමෙන් කොහොම හරි මේ සතියේ නැගලාම යන ඉන්සිඩන්ට් එක උනෙ කොකාටය.කොකාට වෙඩිමක් මෙව්ව්වා වෙලාය..
    ඒ කිව්වේ කසාදයක් කොරලා දෙන්න ගෙදර උන් සෙන්ටි මෙන්ටල් වෙලාය...
    බෝක්කුව උඩ ගැන්සිය හදිසි හමුවක් කැදවා මේ රොම්බ ප්‍රශ්නය උන්ට ඉදිරිපත් කිරීමට කොකා වන මා ඒකමතිකව තිරනය කලෙමි.අනුරයා ලැන්ටියා වර්නයා එක්කාසු කොරන එක හෙනම අමාරු සෙනාරියෝ එකක්ය...
    කොහොමෙන් කොහොම හරි ගැන්සිය බෝක්කුව උඩට දක්කලා මගේ ජීවිතයේ මේ වෙනකොට ඉදිරිපත් වී ඇති පෙරිය පොබ්බම් එක සභාගත කෙරුවෙමි...
    අපේ සැට් එකම ඇස් කටේ දාගෙන ඉන්නවාය...
    අම්මට සිරි උබ බදින්නද යකෝ යන්නේ...
    මරු නෙ....
    අඩෝ මම දෙවෙනි මනමාලයා ඈ....ඒ වර්නයාය...
    අඩෝ මම මම ෆ්ලවර් ගර්ල් ඈ....අනුරයා අස්සෙන් කෑ ගහනවාය..
    යකෝ මට බදින්න ඕනේ නම් තොපිට කතා කොරනවාද යකෝ...
    මම මේ බේරෙන්න විදිහක් ඇහුවේ...
    නොදෝකින් අපාය සහයකයෝ ටික....
    හප්පට සිරි...ඉතින් පෙන්නපන්කො කෙල්ලගෙ පුටෝ එකක්..
    කෙල්ලගේ පුටෝ එකක් නෑ...අපේ අම්ම කියන විදිහට නම් කෙල්ල හෙන සස්සනයිලු..ඒ උනාට කෙල්ලගේ අප්පොච්චා නිකන් කලු කම්බේරිය කැලේක අතරමන් උන පොල් කුරුමිනියෙක් වගේ කලු එකෙක්..
    ඉතින් කොහෙද බන් දුව ලස්සන වෙන්නේ...හා නැද්ද හා...කියපල්ලා...
    මම අඩන මූඩ් එකෙන්ම කිව්ව්වෙමි...
    හරි හරි උබ නාඩා ඉදින්...
    මේ ඒක නෙමෙයි දෑවැද්ද එහෙම කොහොමද...
    සල්ලි ගොඩක් තියෙනවලු...ඉඩකඩම් එහෙමත් තියනවලු...
    මම අඩන ගමන් කිව්වෙමි...
    මේ මචන්...
    උබේ ජොබ් එකෙන් උබට හම්බෙන පඩිය කීයද...
    දහදායි...ඇයි මොකෝ....
    නෑ නිකමට මේ කෙල්ලගේ දෑවැද්ද එහෙම කොහොමද....
    ලස්ස ගානක් දෙනෝලු...ඇයි මොකෝ...
    මේ මචන්...
    මෙහෙම කරපන්...
    උබ ඕක කර ගනින්..ගෙදරට වෙලා බතක මාලුවක් උයාගෙන හිටහන්...ඒක උබට ජොබ් එකට යනවට වඩා ලාබයිත් එක්ක...
    අනුරයාට කියන්න හම්බුනේ එච්චරය...
    මට අන්තිමට මතක ඌට පෙරලගෙන නෙලන හැටිය...
    සල්ලි හම්බෙනවා නම් මුන්ට පොල් කුරුමිනියෙක් හරි කමක් නෑ බැද ගන්න.....

    මේ පාරෙන් ෆේස් බුකියේ පේජ් එකට සැට් වෙන්න....:rofl::rofl::rofl:
    https://www.facebook.com/Kokage-kolan-1480819362219481/

    මේ පාරෙන් බ්ලොග් එකට සැට් වෙන්න....;);););)
    http://wasanawanthaya.blogspot.co.uk/
     
    • Like
    Reactions: Kudnadun and KDH

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    යකෝ සල්ලි ගස් වල හැදෙනවා නම්
    ----------------------------------------------

    අඩෝ කොකා..
    මම අනුරයා...
    හෙට උදේම පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉදපන් හරිද...
    ඈ ඒ කොහෙද....
    මෙ මේ පොඩි ගමනක්...
    කෙල්ලෙක් බලන්න...
    මේ තව එකක්...උබේ වෙන්න මස්සිනගේ කාර් එකත් පොඩක් ඉල්ලන් වරෙන්කො...
    හෑ....උබ කෙල්ලෙක් බලන්න ද යන්නේ කෙල්ලෙක් එක්ක පැනලා යන්නද හදන්නේ...
    උබ අරන් වරෙන්කො හොද එකා වගේ..මට ලයිසොන් නෑ..උබට තමා එන්න වෙන්නේ කාර් එක අරන්...ඔව්...
    අහ් හරි හරි මම මොකක් හරි සෙන්ටි මෙන්ටල් පාරක් ලයින් කර ගන්නම්...
    අක්කට ද දොලොස් පාරක් කන්නලව් කොරායින් පස්සේ වෙන්න මස්සිනාගෙන් පුල් ටෑන්ක් පෙට්‍රල් එක්ක කාර් එක මට මෙව්වා උනි...
    වන්ඩියත් අරන් ලගදි හන්දියේ කඩෙන් ගෙවන්න ගත්ත තාම වාරික හතලිහක් විතර ගෙවන්න තියන පෝන් කට්ටත් අරම් කිට මරාගෙ කොල්ලා අනුරයාගේ කෑල්ල බලන්න සෙන්ටි මෙන්ටල් උනෙමි...
    අනුරයත් එලකිරි කිටක් මරාගෙන ඉන්නවාය..
    ඌවත් දාගෙන උගේ කෑල්ල බලන්න මෙව්වා උනෙමි...
    අම්මට සිරි බම්බලපිටියෙන් පට්ට පට් පට ජිගි බිරිස් කෑල්ලක් වන්ඩියට ගොඩ විය....
    මට නම් ඇඩ්‍රස් නැතිය...
    අනුරයාගේ අතේ පිච්චියක් වත් ඉතුරු නැති එක ගැනම මට දැන් තේරෙනවාය...
    මේ අට මගලේ මේන් ටේන් කොරන්න එසේ මෙසේ පුතයෙක්ට බැරිය...
    කොහොමෙන් කොහොම හරි වැල්ල වත්ත බීච් එකට උන් ඩබලත් අරන් කිට්ටු කෙරුවෙමි...
    අහ් බබා...
    මේ වෙහිකල් එක මෙයාගේ...
    අද මගේ එක කැඩිලා නේ...ඒකයි මෙයා එක්ක ආවේ....
    අනුරයා ටෝක් දෙනවාය….
    අම්මට සිරි මම දන්න විදිහට ඌටවත් මටටවත් හරි හමන් පුටාර් එකක් වත් නැතිය....
    අහ්හ් ඇත්තද...
    හරි හරි.....
    මම සේප් එකේ හිනාවක් අප්ඩේට් කෙරුවෙමි...
    වැල්ල වත්තේ නැවැත්තුවා විතරය...
    හන්දියේ රී ලෝඩ් කඩේ එකාගෙන් කෝල් එකක්ය...
    හලෝ කියන්න ප්‍රවීන් අයියේ...
    මල්ලි අක්කාගේ රුපියල් පනහක් ඉතුරු සල්ලි තියනවා රීලෝඩ් එකක් දාලා යන්කොට කඩෙ ඉල්ලන් යන්න...
    අම්මට සිරි රුපියල් පනහක්...පොට්ට චෑන්ස් එකක් වඩින්න යන්නේ...
    අයියේ ඔය පනහා මගේ එකවුන්ට් එකට දාන්න....
    අහ්හ් හරි මල්ලි....
    සති ගනන් සල්ලි නැතුව වේලී වේලී හිටිය මට පොට්ට චෑන්ස් එකක්කින් රුපියල් පන්හක් සැට් වීම ගැන හෙනම ආශික්ය...
    කෝල් එක කට් කොරලා මම හැරෙනකොට අනුරයා වෙන ගුලියක් අබරනවාය...
    මෙයාට හරි බිස්නස් වැඩ අයියො...
    ඔය දැනුත් ලක්ශ පනහක් මෙයගේ එකවුන්ට් එකට වැටුනා..
    මම වගේම තමා හරි බිසී මෙයත්...
    ඈ..ලක්ශ පනහක්...
    මම රුපියල් පනහක් කියන්න හදන් කොටම අනුරයා මට අතින් එකක් ඇන රැව්වේය...
    කොහොමෙන් කොහොම හරි අනුර්යාගේ ප්‍රියම්බිකාව එක්ක ටුවර් එක ඉවර වෙලා ගෙදරය ගොහින් වෙන්න මස්සිනාට කාර් එක බාර් දුන්නා විතරය...
    මට නන්නාදුනන නම්බර් එකකින් කෝල් එකක් ය...
    හලෝ...කවුද...
    මම අනුර ගේ අරයා අයියෝ....
    මම බ්‍රේක් උප් උනා අයියෝ...
    එයා හරි යන්නේ නෑ අයියො...
    ඔයා වගේ නෑ...
    හැමදාම කාර් එක කැඩිලා...
    සමහර් වෙලාවට සල්ලිත් නෑ අයියෝ...
    මේ මේ...ඉතින් ඕක දැන් මට කියන්නේ...
    නෑ අයියෝ...
    මට ඔයා හරියට හිතට ඇල්ලුවා අයියෝ ඒකයි...
    ඔයාට පුලුවන් නම් හෙට කාර් එක අරන් එන්න අපි කොහාට හරි ගිහින් කතා කරමු...
    හෑ...
    යකෝ සල්ලි ගස් වල හැදෙනවා නම් මුන් වදුරන්ටත් ලව් කොරයි නේ යකෝ...


    බ්ලොග් එකට පාර
    http://wasanawanthaya.blogspot.co.uk/

    පේජ් එකට පාර
    https://www.facebook.com/Kokage-kolan-1480819362219481/?fref=nf