කොග්ගල සිට ඕස්ට්‍රේලියාවට අබිරහස් ගුවන්

araki

Well-known member
  • Jun 8, 2011
    5,795
    2,642
    113
    dxb
    කොග්ගල සිට ඕස්ට්‍රේලියාවට අබිරහස් ගුවන්

    කොග්ගල සිට ඕස්ට්‍රේලියාවට අබිරහස් ගුවන් මෙහෙයුමක්


    ඉතිහාසයේ සැඟවුණු කතාවක්

    8UNlkle.jpg


    ඕල්ටෙයාර් ස්ටාර් කැටලිනා යානය කොග්ගලදී

    EpyusPV.jpg



    කැටලිනා යානය කොකොස් දිවයිනේ


    AYR3MwN.jpg



    දෙවැනි ලෝක යුද සමයේ ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ පාලනය යටතේ තිබූ හෙයින් බ්‍රිතාන්‍යයන්ගේ යුද සැලසුම්වල ප්‍රමුඛ තැනක් ගත්තේය. එවකට සිංගප්පූරුවේ පිහිටුවා තිබූ බ්‍රිතාන්‍යයන්ගේ අග්නිදිග අාසියානු හමුදා මූලස්ථානය 1942 පෙබරවාරියේදී ජපානය යටතට පත්වීමෙන් පසු එම මූලස්ථානය පිහිටවූයේ ලංකාවේය. ඉන්පසු ලංකාවද ජපාන හමුදාවේ ප්‍රහාරක ඉලක්කයක්ව පැවතුණේය.

    බ්‍රිතාන්‍යයන් මහා පරිමාණ යුද්ධයකට මැදිව සිටියද ඔවුන් සාමාන්‍ය ජන ජීවිතයට අදාළ රාජකාරී පැහැර හැරියේ නැත. ලොව පුරා විසිරී තිබූ බ්‍රිතාන්‍ය කොලනිවල ජීවත් වන තම රාජ්‍ය තාන්ත්‍රිකයන්ට යවන ලියුම්, ඔවුන්ගෙන් ඥාතින්ට යැවෙන ලියුම් ආදිය ප්‍රවාහනය සඳහා බ්‍රිතාන්‍ය රාජකීය තැපෑලද ක්‍රියාත්මකව පැවතුනේය. ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍යයන්ගේ කොලනියක් වූ හෙයින් ඕස්ට්‍රේලියාව සමඟ සබඳතා පවත්වාගෙන ගිය තැපැල් මාර්ග සියල්ල ජපනුන්ගේ සිංගප්පූරු වැටලීම නිසා අඩපණව තිබිණි.

    ඕස්ට්‍රේලියාව සමඟ බ්‍රිතාන්‍යයන්ගේ සියලු සබඳතා පවත්වාගෙන ගියේ සිංගප්පූරුවේ සිටය. මුහුදු තැපෑලද ගුවන් තැපෑලද එහිදී ප්‍රධාන සන්නිවේදන මාර්ග බවට පත්ව තිබිණි. සිංගප්පූරුව බිඳවැටීමත් සමඟ ඕස්ට්‍රේලියාව සමඟ සම්බන්ධතා ජාලයක් සකසා ගැනීම බ්‍රිතාන්‍යයන්ට තිබූ අභියෝගයක් විය. එයට පිළියමක් සෙවීම සඳහා විවිධ මං සලකා බැලුණු අතර ලංකාවේ කොග්ගල බ්‍රිතාන්‍ය හමුදා කඳවුරේ සිට ඕස්ට්‍රේලියාව දක්වා ගුවන් තැපැල් මාර්ගයක් විවෘත කිරීම අවසන් විසඳුම ලෙස තීරණය විය.

    එයට පෙර එංගලන්තය කරච්චි සහ ඕස්ට්‍රේලියාව දක්වා සිදුවූ ගුවන් ගමන ජපාන ආක්‍රමණය නිසා කරච්චි අතහැර ගාල්ලේ කොග්ගල සිට පර්ත් නුවර දක්වා සෘජු ගුවන් ගමනක් ලෙස වෙනස් කිරීමට සිදුවිය. එංගලන්ත ආණ්ඩුවට යටත් ඕස්ට්‍රේලියා මධ්‍යම ආණ්ඩුව තම රාජ්‍යයේ ගුවන් සේවය වූ ක්වන්ටාස් අධිරාජ්‍ය ගුවන් සේවය (Qantas Empire Airways) මෙම මෙහෙයුම සඳහා යොදා ගන්නේ ගුවන් තැපෑල සිවිල් ගුවන් සේවයක් මගින් කළ යුතු නිසාය.

    යුද්ධය කළ යුතු අවස්ථාවක හමුදා ගුවන් යානාවලට පහර දිය හැකි අතර සිවිල් ගුවන් යානාවලට පහරදීම යුද නීති කැඩීමකි.

    බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය හා රාජකීය ගුවන් හමුද‌ාව නියෝග ලැබුවේ පෙර කී මාර්ගය ඔස්සේ සබඳතා පටන් ගන්නා ලෙසය. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ පර්ත්හි ස්වාන් ගංගාවේ (Swan River) සිට ලංකාවේ කොග්ගල වැව කරාත්, කොග්ගල සිට ස්වාන් ගංගාව කරාත් ගුවන් ගමන් වාර පැවැත්වීමට අවසන් තීන්දුව ගනු ලැබිණි.

    ගුවන් යානා ලෙස තෝරා ගන්නා ලද්දේ දියගොඩ දෙකෙහිම ගොඩබෑ හැකි එවකට ජනප්‍රිය යානයක් වූ කැටලිනා යානයයි. පියාඹන බෝට්ටුව ලෙසද එකල එය හඳුන්වා ඇත. මෙය ඕනෑම රළු ගමනකට සුදුසු යැයි ගුවන් විශේෂඥයන් අතර ප්‍රශංසා ලැබී තිබූ යානයකි. ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවේ සැන්දියාගෝ යාත්‍රාංගණයක තිබූ කැටලිනා යානා 19කින් පහක් අභිනව කොග්ගල- ඕස්ට්‍රේලියා ගමන සඳහා ගෙන්වා ගන්නා ලදී. මෙම ගමන පැය 28ක කාලයක් අතර මග නොනවත්වා කෙරෙන ගුවන් ගමනකි. එවකට මෙය විස්මයක් සේ සැලකුණ අතර එකම ධාවන පථයක් හෝ සොබාව ධර්මයා විසින් එලා ඇති ඉන්දියානු සාගර ජල කඳට උඩින් පැය 28ක ගුවන් ගමනක් යනු සිතීමටත් අපහසු දුෂ්කර ගමනකි. සිංගප්පූරුව, චීනය මලයාව ඇතුළු ප්‍රදේශද යටත් කරගෙන එම මුහුදු ප්‍රදේශයේත්, පැසිපික් සාගරයේත් බලය තහවුරු කරගෙන සිටි ජපාන නාවික හා ගුවන් හමුදාවට හොරෙන් පර්ත් කරා යන මෙම දුෂ්කර ගමන ගුවන් නැවියන්ට බිහිසුණු මෙන්ම අභියෝගාත්මක වූවාට සැක නැත. එහෙත් බ්‍රිතාන්‍යයෝ දුෂ්කර වෑයමට අත ගැසූහ. ගමනාන්ත දෙක අතර දුර මුහුදු සැතපුම් 3500කි. (කිලෝමීටර් 5652 කි) නොනවත්වා පැය 28ක් එක දිගට සිදු කළ මෙම පියාසැරිය එවකට වාර්තාවක් වූ අතර අද දක්වාම එය නොබිඳී පවතී. එහි තේරුම ගමනාන්ත දෙකක් අතර එතරම් දුරක් මේ දක්වා කිසිවකුත් එවැනි යානාවලින් අතරමග නොනවත්වා පියාසර කර නැති බවය.

    o73eJdM.jpg


    පළමු ගුවන් ගමනේ කාර්ය මණ්ඩලය


    පරක් තෙරක් නොපෙනෙන අඳුරු මුහුදේ සමහර තැනක බලය රැඳී ඇත්තේ ජපාන නාවික හමුදාවට නිසා මෙම යානවලට එම ප්‍රදේශවලින් පියාසර කිරීමට සිදුවුණේ රාත්‍රියේය.

    ඕස්ට්‍රේලියාවේ නැඩ්ලන්ඩියන් සිට පැමිණි පළමු යානය වූ “ඕල්ටෙයාර් ස්ටාර්” කොග්ගලට ගොඩබෑවේ 1943 ජූලි 25 වැනිදාය. යානය පැදවූ නියමුවා ලෙස වාර්තාගතව ඇත්තේ ස්කෝඩ්රන් ලීඩර් රම්බෝල්ඩ්ය. එතැන් සිට වසරකට වැඩි කාලයක් කැටලිනා යානා පහක් ජපන් හමුදා අභියෝගය මැඩගෙන ඕස්ට්‍රේලියාවටත් එහි සිට පෙරළා කොග්ගලටත් තම දීර්ඝ පියාසැරිය සිදු කළහ.

    කාර්ය මණ්ඩලයේ පස්දෙනා හැර යානාවක ගමන් කළ මුළු මගීන් ගණන තුනකි. ගුවන් භාණ්ඩවල බර කිලෝ ග්‍රෑම් 65ක් විය.

    පළමු ගමන පටන් ගන්නේ 1943 ජුනි 29 වැනිදාය. යානා සියල්ල මෙහෙයවූ අණ දෙන නිලධාරියා වූයේ කපිතාන් රසල් ටැප්ය. පැයට කිලෝමීටර් 200ක වේගයක් යටතේ අවම පැය 28ක් ද සුළඟේ වේගය වැඩිවීම අනුව පැය 32ක් දක්වාද දිග වූ ගුවන් ගමනක නිරත වූ කොග්ගල - පර්ත් විශේෂ තැපැල් සේවය තම මෙහෙවර නිමකළේ දෙවැනි ලෝක යුද්ධය නිමා වූ පසු 1945 වසරේ ජූලි 18 වැනිදාය. ඒ කාලය තුළ කැටලිනා යානා ගමන් වාර 271ක් දෙරට අතර පියාසර කර තිබූ අතර මගීන් 648 දෙනෙකු රැගෙන ගුවන් කිලෝමීටර් පහළොස් ලක්‍ෂයක් ගමන් කර තිබුණි. පසුකාලීනව මෙම ගමනට කැටලිනා යානාවලට අමතරව ඇව්රෝ, ලැන්කැස්ටර් යානාද යොදවා ගන්නා ලදී. රීගල් ස්ටාර්, ස්​පිකාස් ස්ටාර් (Spica Star) ඕල්ටෙයාර් ස්ටාර් (Altair star) වේගා ස්ටාර් (Vega Star) සහ ඇන්ටාවර්ස් ස්ටාර් (Antares Star) යන නම්වලින් මෙම ක්වාන්ටාස් යානා පහ හැඳින්විණි.
    මෙම ගමනේ දී ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ ආහාරය. පැය 28ක් වැනි දීර්ඝ ගමනකට සුදුසු ආහාර තෝරාගත යුතු විය. පලතුරු සහ කලින් පිස සිසිල් කළ ආහාරවලින් යුතු විය. කුකුල් මස්, සැන්ඩ්විච් සහ කුඩා කේක් වර්ගද කුඩා බෝතල්වල අසුරා සිසිල් කළ තේ සහ කෝපිද කාර්ය මණ්ඩලයේ ආහාර විය. ගුවන් ගමනේදී ‘‘පියාඹන බෝට්ටුව’’ හෙවත් කැටලිනා යානා අඩි දහසේ සිට දොළොස් දහස දක්වා වරින් වර ඉහළ පහළ යමින් තම ගමන් කාලය නිම කළේය. පැය 28ක් එකතැන වාඩි වී එකදිගටම ගමන් කිරිම යනු මගීන්ට විශාල දඬුවමක් වූවාට සැක නැත. මේ නිසා සමහර මගීහු යානා කවුලුවෙන් පෙනෙන පරිසරය චිත්‍රයට නැගූහ.


    තවත් සමහරු ලිපි ලියූහ.

    කොග්ගල- පර්ත් අතර මෙම මෙහෙයුම හඳුන්වන ලද්දේ ‘‘ඔපරේෂන් ඩබල් සන්රයිස්’’ ලෙසය. පැය 28ක ගමන් කාලය තුළ හිරු නැගීම දෙවරක්ම දැකිය හැකි වූ නිසා එහි අරුත ගෙන එන “ඔපරේෂන් ඩබල් සන්රයිස්” නම මෙහෙයුමට තැබිණි.

    ගමනේ විශේෂත්වය නිසා එහි ගමන් ගත් මගීන්ට පැය 28ක් නොකඩවා ගුවන් ගතව සහ දෙවරක් හිරු නැගීමේ දර්ශනය දුටු යන අරුත සඳහන් දර්ශනීය සහතිකයක්ද ගුවන් සේවයෙන් පිරිනැමිණි. අද ද සමකය හරහා ගමන් කරන නෞකා එම විශේෂිත මොහොත සිහිපත් කරමින් තම නෞකාවේ සිටින මගීන්ට විශේෂිත සහතිකයක් පිරිනමයි. නැවකින් සමකය තරණය කිරීම සහ අහසේදී එකම ගමනාන්තය තුළ දෙවරක් හිරු නැගීම නැරඹීම මිනිස් ජීවිතයේ ලැබෙන දුර්ලභ අවස්ථා වේ.

    1936 සිට 1945 දක්වා කාලයේ කැටලිනා යානා 3305ක් නිෂ්පාදනය වී ඇත. එයින් යානා 2661ක්ම නිපදවා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේය. යානා 24ක් සෝවියට් දේශයේ නිපදවා ඇති අතර ඇමෙරිකානු නිෂ්පාදනයක් සෝවියට් දේශයේදී නිපැදවීම සිදු නොවන දෙයක් වන අතර යුද සමයේ තිබූ මිත්‍රත්වය නිසා එසේ වන්නට ඇත.

    මැරිටයිම් පැට්‍රෝල් බෝම්බර් හෙවත් මුදාගැනීමේ හා සෙවීමේ යානයක් ලෙස මෙය යුද සමයේදී හැඳින්විණි. කැනේඩියානුවන් මෙම යානයට යොදා තිබුණේ ඇමරිකන් ෆ්ලයින් බෝට් හෙවත් ඇමරිකානුවන්ගේ පියාඹන බෝට්ටුව යන නමය. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව එකල ඉන්දියානු සාගරයේ බහුලව යොදා ගත්තේ මෙම යානයයි. ක්වන්ටාස් ගුවන් සේවය අද ද එහි ලාංඡනය ලෙස ඇති කැන්ගරුවාගේ ලාංඡනය පළමුව යොදා ගත්තේ 1945 වසරේදී කැටලිනා යානයකටය.

    කැටලිනා යානය සම්බන්ධයෙන් ලංකාව යුද ඉතිහාසයේ අමතක නොවන සටහන් කිහිපයක් තබා ඇත. ලංකාවේ එවකට පිහිටුවා තිබූ බ්‍රිතාන්‍යයන්ගේ පෙරදිග යුද මෙහෙයුම් මූලස්ථානය විනාශ කිරීම සඳහා හොර රහසේ යාත්‍රා කරමින් තිබූ ජපාන ප්‍රහාරක නෞකා සමූහය පළමුවෙන්ම දුටුවේ මුර සංචාරයක යෙදී සිටි කැනඩා ජාතික නියමුවකු වූ ලෙනාඩ් බර්චල් විසිනි. ඒ 1942 අප්‍රේල් 2 වැනිදා විය.

    image_9d4290020c.jpg

    කැටලිනා යානයක් කොග්ගලදී


    image_715e3a1d55.jpg


    දෙවරක් හිරු නැගීම දුටු ගුවන් මගීන්ට දුන් සිහිවටන සහතිකය


    පාස්කු ඉරිදා ප්‍රහාරය නමින් හඳුන්වන මෙය ජපාන නාවික හමුදාවේ ගුවන් යානා සහිත නෞකාවල ප්‍රහාරයක් විය. කැනේඩියානු ගුවන් නැවි ලෙනාඩ් බර්චල් තම කැටලිනා යානයේ සිට සුපුරුදු මුර සංචාරයේ යෙදී සිටියදී හුදකලාව ඉක්මනින් යාත්‍රා කරන ජපාන නෞකා කණ්ඩායමක් දැකගත හැකි විය. අද්මිරාල් නගුමෝ නමැති ජපාන හමුදාවේ මහසෙනෙවියකු යටතේ ගුවන් යානා ප්‍රවාහන නෞකා වලින් යුතු වූ මෙම කණ්ඩායම ලංකාව බලා යාත්‍රාකරන බව සිතූ කපිතාන් ලෙනාඩ් බර්චල් මේ බව කොග්ගල පිහිටි තම අණදෙන මූලස්ථානයට දන්වා සිටියේය. රේඩියෝ සංඥා මගින් ඔහු ඒ බව දන්වා සිටින වාත් සමගම යාත්‍රා පංතියේ වූ හිරුයු නෞකාවෙන් එල්ලකළ ප්‍රහාරයකින් බර්චල්ගේ කැටලිනාව මුහුදට පතිත විය. සිරකරුවකු ලෙස ඔහු අල්ලාගත්තද ඒ වන විට ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා එම පණිවිඩය ග්‍රහණය කරගෙන තිබූ අතර ගුවන් යානා රැසක් සඟවා යුද සූදානමකින් පසුවීමට ඔවුන්ට හැකි විය.

    පසුදා ජපනුන්ගේ කොළඹ ප්‍රහාරය එල්ලවූවද ලංකාව අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි වූයේ බ්‍රිතාන්‍ය හමුදාව යුද සූදානමක සිට ජපනුන්ට පහර දුන් හෙයිනි. සිරකරුවකුට සිටි බර්චල් යුද සමාදානයෙන් පසු නිදහස් කෙරිණි.

    බ්‍රිතාන්‍යයන්ගේ කොලනියක් ලෙස තිබියදී වුවද ලංකාවේ අභිමානය එසේ සටහන් වන්නේ එවකට අභියෝගාත්මක ගුවන් මෙහෙයුමක් ලංකාවේ සිට සිදු කළ නිසාය. ලංකාවේ කොග්ගල අදත් දෙවැනි ලෝක යුද සැමරුම් සටහන්වලත් ජාත්‍යන්තර ගුවන් සැමරුම් සටහන්වලත් ඉහළින්ම සටහන් වෙයි.

    image_542b8f26ab.jpg

    කැටලිනා යානයක් - ඕස්ට්‍රේලියාවේ පර්ත්හි දී,
    image_cd06eb294f.jpg

    කැටලිනා කොග්ගල ඔයේ
    image_579d8552fd.jpg

    ගුවන් නියමු බර්චල් තම කැටලිනා යානයේ
    image_01eaec5caa.jpg

    ඡායාරූප ක්වන්ටාස් ගුවන් සේවය,
    සෙරන්ඩිබ් සඟරාව





    ප්‍රේමකීර්ති රණතුංග
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,361
    2,701
    113
    වැලිවේරිය...
    හෙන ආසාවෙන් කියෝගෙන ගියා..
    ෆොටෝස් ටිකත් තිබුණනම් මරු..:love:


    You must spread some Reputation around before giving it to araki again.​