කොටකෙතන ඝාතකයා රිමාන්ඩ්
කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ 2008 වර්ෂයේ සිට සිදුවූ අබිරහස් කාන්තා ඝාතන රැසක තොරතුරු හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.
වීඩියෝව මෙම සබැඳියෙන් නරඹන්න
ඊට අදාළ විද්‍යාත්මක හා පර්යේෂණාත්මක සාක්ෂි රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (15) දින පැල්මඬුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් චන්දිමාල් පෙරේරා මහතා වෙත ඉදිරිපත් කරන ලදී.
කොටකෙතන හා තදාසන්න ප්‍රදේශවල සිදුවූ කාන්තා ඝාතන සිද්ධි හතකට අදාළ වැදගත් සාක්ෂි ලැබී ඇති බවත් ඉන් පහක ඩී.එන්.ඒ. වාර්තා ගැළපීම් සාක්ෂි පහක් ලැබී ඇති බවත් අධිකරණයට දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීන් ඊට අදාළ ලිඛිත හා භෞතික සාක්ෂි මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේය.
කහවත්ත ඕපාතවත්තේ පදිංචිව සිටි නාදන් පාපු නමැත්තියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොටකෙතන පදිංචි අතුරුගොඩ ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නමැති 35 හැවිරිදි සැකකාර තිදරු පියා සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනවලින් 2008 වර්ෂයේ සිට කොටකෙතන සිදුවූ අබිරහස් ඝාතන හතක හා ඝාතන තැතක තොරතුරු හෙළි කර ගැනීමට හැකිවූ බව රහස් පොලිසිය අධිකරණයේදී පැවසුවේ ය.
මෙසේ අබිරහස් ලෙස ඝාතනය වූ කාන්තාවන්ගේ යෝනි ප්‍රදේශයේ තිබූ ආගන්තුක ශ්‍රාවයන් සැකකරුගේ ශරීර කොටස් හා සැසඳෙන බවට බොරැල්ල ජින්ටෙක් ආයතනයෙන් ලබාගත් ඩී.එන්.ඒ. සැසඳුම් වාර්තා ද, මෙම ඝාතන සඳහා යොදාගන්නා ලදැයි සැකකෙරෙන තියුණු පිහි දෙකක් සහ උල් පිහියක් ද අධිකරණයට රහස් පොලිසිය විසින් ඉදිරිපත් කරන ලදී.
සැකකරුගේ කමිස හා කලිසම් 18ක් ද සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සැප්තැම්බර් 28දා සිදු වූ නාදන් පාපු නමැති හතළිස් අටහැවිරිදි වතු කම්කරු කාන්තාවගේ ඝාතනය සිදුවූ ස්ථානය අසල තිබූ බුලත් කෙළ සාම්පලය සැකකරුගේ බවට හඳුනාගෙන තිබිණි.
මීට පෙර සිදුවූ කාන්තා ඝාතනවලට මෙම සැකකරුගේ සම්බන්ධතාවක් ඇත් දැයි තවදුරටත් විමර්ශන සිදුකරන බවද රහස් පොලිසිය පැවැසීය.
තවද සැකකරුවන් හඳුනාගෙන නොමැති දැනට අක්‍රියව තිබෙන කාන්තා ඝාතන දෙක සම්බන්ධව වැදගත් තොරතුරු රැසක් සොයාගෙන ඇති බැවින් එම පැමිණිලි පැල්මඩුල්ල අධිකරණයේදී නැවත කැඳවීමට කටයුතු කරන ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා උකස් ආයතනවලින් තොරතුරු ලබාගැනීමට අධිකරණයේ නියෝගයන් ලබා දෙන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට ද අවසරය ලැබිණි.
දැනට කහවත්ත පොලිසිය මඟින් විමර්ශන සිදුකරන කාන්තා ඝාතන සම්බන්ධ පැමිණිලි පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කිරීමට රහස් පොලිසියට අවස්ථාව ලබාදෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලීමක් කෙළේය.
සැකකරු දෙසැම්බර් 29 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් සැකකරු පිළිබඳ මානසික හා කායික වෛද්‍ය වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.