"කොට්ටරයක්" ගිය උඩ

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    ලොකුම මැණික රට ගෙනියන්න ගුවන් යානයකුත් සූදානම්​

    (සුජිත් හේවාජුලිගේ)

    රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් මෑතකදී හමුවූ විශාලතම ප්‍රමාණයේ මැණික ඇතුළු මැණික් ගල් රැසක් චීනයේ ෂැන්හයි නගරයේ ළඟදී පැවැත්වීමට නියමිත ලෝ ප්‍රකට මැණික් වෙන්දේසියේ අලෙවි කිරීම සඳහා රැගෙන යෑමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.

    මේ සඳහා වෙනම ගුවන් යානයක්ද සූදානම් කරන බවත් මෙරට මැණික් ව්‍යාපාරිකයන් විසිපස් දෙනෙකුද එම ගමනට සම්බන්ධ කර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

    තමාද අදාළ රාජ්‍ය ඇමැතිවරයා විදිහට එම ගමනට සූදානමින් සිටින බවද රත්වත්තේ මහතා පැවසුවේය.

    මෙරටින් මෑතකදී හමුවූ විශාලතම මැණික ඇතුළු මැණික් ගල් එම මැණික් ගල් හිමිකරුවන්ගේද එකගත්වය ඇතිව කඩිනමින් විකිණීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතාට පසුගියදා උපදෙස් දුන්නේය.

    රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ එම මැණික ලෝකයෙන් මෙතෙක් හමුවූ විශාලතම ආරුනූල් සමූහය ලෙස සැලකේ.

    එම මැණිකේ වටිනාකම තක්සේරු කිරීමටද මේ දිනවල කටයුතු කරගෙන යන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් කීවේය.

    එම විශාලතම මැණික සම්බන්ධයෙන් ලෝකයේ රටවල් ගණනාවකින් දැනටමත් විමසීම් කර ඇතැයි මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය පවසයි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බලමුකෝ ඕක විකුණලා කීයක් ගෙනෙයි ද කියල

    මේ පාරනම් කට්ටියට රෙදි කන්දක් හෝදන්න වෙයි :lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    විකුනල සල්ලි ගෙනේම කෙසේ වෙතත් උන් ටික හොඳ රට සවාරියක් ගිහින් එයි ජනතා මුදලින් :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    අදාළ ඇමතිය විදියට උටත් රට යන්න ඕනලු.... මුන් ඕක කර තියාගෙන අරන් යනවද කොහෙද
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    බලමුකෝ ඕක විකුණලා කීයක් ගෙනෙයි ද කියල

    මේ පාරනම් කට්ටියට රෙදි කන්දක් හෝදන්න වෙයි :lol:
    As I said before it's "Gemstone" Brand -Laundering machine. Custom made for money laundering. A stone is exchanged for commissions due. Mr Sino is paying back. :P
     
    • Haha
    Reactions: Ozone4 and ElaBaba

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක බර ගානකට විකුනලා කියලා කළු සල්ලි සුදු කරගන්න නං කාටහරි චෑන්ස් එකක් වදියි කියලා නං හිතෙනවා.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    පිටරට උන්ට මොලේ අමාරුවක් තියේනම් ඔය ගල ගනියි.
     
    • Like
    Reactions: Ozone4

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama

    ලොකුම මැණික රට ගෙනියන්න ගුවන් යානයකුත් සූදානම්​

    (සුජිත් හේවාජුලිගේ)

    රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් මෑතකදී හමුවූ විශාලතම ප්‍රමාණයේ මැණික ඇතුළු මැණික් ගල් රැසක් චීනයේ ෂැන්හයි නගරයේ ළඟදී පැවැත්වීමට නියමිත ලෝ ප්‍රකට මැණික් වෙන්දේසියේ අලෙවි කිරීම සඳහා රැගෙන යෑමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.

    මේ සඳහා වෙනම ගුවන් යානයක්ද සූදානම් කරන බවත් මෙරට මැණික් ව්‍යාපාරිකයන් විසිපස් දෙනෙකුද එම ගමනට සම්බන්ධ කර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

    තමාද අදාළ රාජ්‍ය ඇමැතිවරයා විදිහට එම ගමනට සූදානමින් සිටින බවද රත්වත්තේ මහතා පැවසුවේය.

    මෙරටින් මෑතකදී හමුවූ විශාලතම මැණික ඇතුළු මැණික් ගල් එම මැණික් ගල් හිමිකරුවන්ගේද එකගත්වය ඇතිව කඩිනමින් විකිණීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතාට පසුගියදා උපදෙස් දුන්නේය.

    රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ එම මැණික ලෝකයෙන් මෙතෙක් හමුවූ විශාලතම ආරුනූල් සමූහය ලෙස සැලකේ.

    එම මැණිකේ වටිනාකම තක්සේරු කිරීමටද මේ දිනවල කටයුතු කරගෙන යන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් කීවේය.

    එම විශාලතම මැණික සම්බන්ධයෙන් ලෝකයේ රටවල් ගණනාවකින් දැනටමත් විමසීම් කර ඇතැයි මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය පවසයි
    කලුශල්ලි සුදු වෙන්නයි යන්නේ...

    පිටරට උන්ට මොලේ අමාරුවක් තියේනම් ඔය ගල ගනියි.
    මුන්මනේ ගන්නේ.
    ------ Post added on Aug 8, 2021 at 2:44 PM