කොට්ටා පොරය...

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    ඉතින් ගිය අවුරුද්දෙත් දිනුවේ ඔයානේ... මේ අවුරුද්දේ කොහොමටවත් බැරිවෙන එකක් නෑ. "
    "අනේ පුංචි.. ඒත් මේ අවුරුද්දේ නම් මං කොට්ට පොරයට යන්නේ නෑ..."
    "ඒ මොකද ඒ ?? යාලුවෝ කියයි ඔයාට පණ නෑ කියලා කොල්ලෙක් උනහම පොඩ්ඩක් fight කරලා ඉන්න එපාය, චිහ් මට නම් ලැජ්ජයි"
    කොල්ලා බෑම කියනවා.. "කමක් නෑ අද අනිත් අය ගහගන්නවා බලමුකෝ අපි..."
    ඔය ඉතින් අවුරුදු උත්සවයක් මැද්දේ මට ඇහුන සංවාදයක්. මම හිතන්නේ පුංචි අම්මට වැඩිය දරුවා බුද්ධිමත් කියලා.. දැන් කාලේ සමහර අම්මල තාත්තලාට ඕනේ තමන්ගෙ දුවව, පුතාව ගහගෙන හරි පළවෙනියා කරන්න.

    අවුරුදු උත්සවයක තියන ක්‍රීඩා අතරින් මම නම් අකමැතිම ක්‍රීඩාව කොට්ටා පොරය... පොඩි කාලේ ඉඳලම එක්කෙනෙකුට ගහනවා දකින්න අමාරු වීමේ මානුෂීය භාවයන් මෙම ක්‍රීඩාව ප්‍රතික්ෂේප කරවන්නට මා පොළඹවන්නට ඇතැයි සිතනවා. නමුත් පසුකාලීනව වෛද්‍ය ශිෂ්‍යාවක ලෙස, හිස හා බෙල්ල පිළිබඳව අධ්‍යයනය කරන කාලයේ සිටම මෙහි ඇති සෞඛ්‍ය තර්ජන පිළිබඳව නිසි අවබෝධයෙන් යුක්තව මෙම ක්‍රීඩාවෙන් අන් අයද ඉවත් කර ගැනීමට මම බොහෝ උත්සාහ ගතිමි.

    ශරීරයේ ඉතා වැදගත් ම අවයවය වන මොළය ලොව නිපදවා ඇති ඉතා සූක්ෂම පරිගණකයටත් වඩා අවස්ථානුකුල ගුණාත්මක ක්‍රියාන්විතයක නිරතවෙයි. ඉතා ආරක්ෂිතව හිස් කබල තුල තැන්පත් වී ඇති මෙතරම් වටිනා අවයවය, තමා වටේ රැස් වී අත්පොලසන් නගන ප්‍රේක්ෂක පිරිසක් පිනවීමේ පොරයක් නිසා අවදානමකට ලක් කර ගන්නේ ඇයි??

    මොළය වටා ආරක්ෂා කරන මෙනින්ජි පටල තිබේ. මොළයට රුධිරය සැපයීම පිණිස මොළය තුලින් හා මොළය වටයට විහිදෙන රුධිර කේශ නාලිකා මෙන්ම ධමනි පද්ධතියක් ද තිබේ. මේවා ඉතා සියුම් ලෙස සකස් වී තිබෙන අතර කුඩා දරුවන්ගේ නම් තවමත් වර්ධනය වෙමින් පවතින වාහිනී ඉතා ඉක්මණින් බිඳී යා හැක.

    හිස තදින් ආපස්සට හා ඉදිරියට ගැස්සීම නිසා කශේරුකාවට, සුෂුම්නාවට හා මොළයට විවිධ හානි සිදු විය හැක.

    රුධිර වාහිනී කැඩී බිදී යාම නිසා භයානක තත්ත්වයන් ඇතිවිය හැක. මෙහිදී කැඩී බිඳී යන රුධිර නාල වල රුධිරය පිටතට වෑහී මොළය තුළ ලේ ගැලීමක් සිදුවේ. මේ නිසා මොළයේ ඒ අදාල කොටස තෙරපීමකට ලක් වෙයි. එමෙන්ම මෙලෙස පිටතට පැමිණි රුධිරය කැටි ගැසීමක් ද සිදුවිය හැක. පසුව එම කොටසේ සෛල ටිකෙන් ටික මියයෑම සිදුවේ.

    එමෙන්ම හිස්කබල තුළ ලිහිල් අවකාශයක මොළය පිහිටා ඇති හෙයින් එක පැත්තකින් ගැස්සුණහොත් අනිත් පැත්තට මොළය තල්ලු වීම නිසා මොළයේ ප්‍රතිවිරුද්ධ පැත්තේ තැලුමක් (Concussion) ඇතිවිය හැක. මෙය නම් බොහෝ විට තාවකාලික වේ.

    නමුත් ඕනෑම අයකුගේ හිස පැද්දීමකට හෝ ගැස්සීමකට ලක් වුවහොත් යම් යම් රෝග ලක්ෂණ පිළිබඳව ඉදිරි පැය 24 හා දින කිහිපය තුළ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

    කලන්තය, කැරකිල්ල මෙන්ම වමනයද මේ නිසා ඇතිවිය හැක. හිසරදය විටින් විට මතු විය හැක. නාසයෙන් ලේ ගැලීමද සිදු විය හැක. සමහරුන්ට සිහිමද ගතිය මෙන්ම ඇස් නිලංකාර වීම ද සිදු වෙයි. මෙම තත්ත්වයන් නොසලකා හැරියහොත් සිහි නැතිවී වැටීමට හෝ කෝමා තත්වයට පත් විය හැක.

    එමෙන්ම මෙම රුධිර ගලනය නොනැවතී සිදු වී මොළය එක පැත්තකට තෙරපී යාම නිසා අත පය පණ නැතිව කට පැත්තකට ඇඳීම කටහඬ වෙනස් වීම් ඇතුළු මොළයේ ඒ ඒ කොටස් විසින් පාලනය කරන, ශරීරයේ විවිධ ස්ථානවල සංවේදන කටයුතු හා ක්‍රියාන්විත අඩපණ විය හැක. දීර්ගකාලීනව මතකය අහිමිවීම පවා ඇතිවිය හැක.

    හිස්කබල අපගේ කොඳු ඇට පේළිය තුළ සෘජුව සිටිමින් කැරකෙමින් චලනය වනුයේ ඇට්ලස් (Atlas) නම්වූ බෙල්ලේ පළමු කොඳු ඇටය මතය. මෙම ඇටය පැතලි වලල්ලක් සේ වන අතර මෙහි මැදින් ශුෂුම්නාව ගමන් කොට මොළය හා සම්බන්ධ වේ. බෙල්ලේ පවතින දෙවන කොඳු ඇටයේ (Axis) ඇඟිල්ලක් වන්වූ ප්‍රසරයක් (Odontoid) මගින් ඇක්සල් එකක් මෙන් ඉතිරි කොඳුඇට හිස්කබළ හා යාකරයි. (ඔබට රූපය බැලිය හැක ) එම නෙරා ආ ප්‍රසරය ශුෂුම්නාවට ස්පර්ශ වෙමින් පවතින අතර ලිගමෙන්ටුවක් ( Transverse ligament ) මගින් පමණක් වෙන්වී ඇත. මෙවන් හිසට සිදුවන හදිසි ගැස්සීමකදී මෙම ප්‍රසරය ශුෂුම්නාව තෙරපමින් ඉදිරියට තල්ලුවී ස්නා‍යු රජ්ජුව තැලී හෝ කැඩී යා හැක. එවිට ශරීරයේ පහළ කොටස අඩපණ වන අතර ක්ෂණික මරණය පවා සිදුවිය හැක. හදිසි අනතුරකදී වාහන පටි(සීට් බෙල්ට්) පැළැඳ නොසිටියානම් බෙල්ලේ ගැස්සීමෙන් මරණය ලඟා විය හැක්කේද මේ අයුරින්මය. මෙය කසයක් ගහන්නා සේ හිස කොඳුනාරටිය මත ක්ෂණික ගැස්සීමකට ලක් වීමකට උපමා කරයි ( Whiplash injury) කොට්ටා පොරය ඉතා දරුණු අවස්ථාවක දී මෙවන් ප්‍රතිඵළ වුවද ගෙන ආ හැක.

    මීට අමතරව තවත් අවදානම් බොහොමයක් කොට්ටා පොර ක්‍රීඩාව හා බැඳී පවතී. මුහුණේ අස්ථීන් බිඳී ගිය අවස්ථාද එමටය. ඉදිරිපස දත් ගැලවී යාමද සිදුවිය හැක. මුහුණේ ස්නායු ( Facial ,TRG )තැලීම හා තෙරපීම නිසා සංවේදන අඩූවීම, හිරිවැටීම හා පේශීන් පණ නැති වීම් සිදුවේ. කනට නොයෙකුත් අනතුරු මෙන්ම ඇස් වලටද අනතුරු සිදුවී පසු කාලීනව අන්ධ භාවය පවා ඇතිවිය හැක. කනේ පිහිටා ඇති ශරීරයේ සමබරතාවය පාලනය කරනා අවයවයට (Balancing Organ) හානි සිදුවී හරි හැටි ඇවිදීම පවා සිදු කර ගත නොහැකි වීමටද හැක.කෙසේ වුවත් නීතිමය වශයෙන් සිතුවද මුහුණට සිදුවන පහරදීමකදී අබාධිත වීම මගේ දැණුම පරිදි අපරාධ දණ්ඩන ( Criminal offense) යටතට වැටෙනු ඇත.

    ඉතා ඉක්මණින් රෝහල් ගත කිරීම නොකළ හොත් මරණය පවා කැඳවන මෙම භයානක තත්වයන් පිළිබඳව තවමත් ජනතාවගේ අවධානය යොමු වී නැති හැඩකි.

    ප.ලි සමහරුන්ගේ උපතින්ම ඇතිවන මොළයේ රුධිර නාලවල බිත්ති වල ඇති අක්‍රමිකතා නිසා විශාල වී ඇති දුර්වල ස්ථාන පවතී. මෙවන් බැලූනයක් මෙන් නෙරාගිය ස්ථානයක් (Aneurysm) මොළයේ රුධිර නාළයක පිහිටා තිබිණි නම් ඉතා සුළු හිස ගැස්සීමකදී පවා එය බිඳී යා හැක. ක්ෂණික මරණයක් පත්වීම සිදුවිය හැක. බොහෝවිට අවුරුදු 16 -21 අතර තරුණයන් මෙවන් තත්ත්වයන්ට මුහුණ දෙනු අපි දැක ඇත්තෙමු. මෙය දුර්ලභ භයානක තත්ත්වයකි. කොට්ටපොර වැනි අවස්ථාවකට පසුව වුවද උපතේ සිට තිබූ මෙවන් අසාමාන්‍යතාවයක් නිසා හදිසියේ මිය යාම සිදු විය හැක.

    ඉතින් අපි හරිම සතුටින් කොට්ටා පොර ක්‍රීඩාවට එන අවුරුදු උත්සවේදී විතරක් නෙවෙයි ගෙදරදීත් සමු දෙමු නේද?

    විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ



    පාරෙ යන කොට අපි බොහොම දැකලා තියෙනවා මාර්ගය ලිස්සන සුළු ප්‍රවේශමින් .එහෙම තිබුනටයන හැම වාහනේම ලිස්සන්නේ නෑ .ලිස්සලා ගියොත් ............මේ ඒ වගේ අනතුරු ඇඟවීමක්.ප්‍රවේශමින් !
     
    • Like
    Reactions: rx_storm_aight

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    බොක්සිං වගේ ක්‍රීඩා ගැන මොකද හිතන්නේ?

    parkinson syndrome :sorry:


    Parkinson’s disease is a degenerative brain condition that is directly linked to head injury and acute head trauma. The nature of boxing, where a fighter takes repeated, powerful punches to the head, leaves fighters at increased risk of Parkinson’s disease and other health risks. The Mayo Clinic says individuals who have suffered head injury are four times more likely to develop Parkinson’s disease than those who have never suffered head trauma.

    https://www.livestrong.com/article/90461-boxing-parkinsons/
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    බොක්සිං වගේ ක්‍රීඩා ගැන මොකද හිතන්නේ?

    බොක්සිං වල ආරක්ෂක කියා මාර්ග අනුවනේ සෙල්ලම් කරන්නේ. අනික කිඩකයට කැමති විදියට සෙල්ලම් කරන්න බැහැ. ඒවගෙත් නීති තියෙනවා. දැන් බලපන් කොට්ට පොරේ සෙල්ලම් කරද්දී හරියමන් නීතියක් නැහැ. දැන් වතුරේ ඉදන් සෙල්ලම් කරනවා මම දැකලා තියෙනවා. කෝට්ටේ වතුරේ තේමුනම බර වැඩියි. ඔය හරියට වැදුනොත් බඩුම තමා.
    මම කියන්නේ මේකයි කොයි සෙල්ලමේ වුනත් අවදානමක් තියෙනවා ( Cricket වල වුන දේ මතක ඇති අපේ අයට) මේවගේ දෙවල් කරද්දී ටිකක් ආරක්ෂක කියා ටිකක් අනුගමණය කරගෙන කරොත් නේද හොද?
    දැන් ලංකාවේ මිනිස්සුයි, තියෙන නීතියයි ටිකක් අමුතුයි කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, ඔය පොඩි දෙයත් ඇති වෙයි අයේ කාලයක් යනකම් අවුරුදු උත්සව තහනම් කරන්න
    .