මුලින්ම ප්රධාන චරිතෙට නමක් දාමුකො ලේසියට.. මලින්ද කියමුකො. ඌ ලාවට හැන්ඩි පහේ කොල්ලෙක්.
මලියට කැමැත්තෙන් හිටපු කෙල්ලෙක් හිටියා. කෙල්ලත් පෙරුම් පුරලා පුරලා ඇවිත් මලියගෙන් අහුව (අද කාලෙ කෙල්ලො
හැබැයි මලියටත් ඒවෙන කොට කෙල්ලෙක් හිටියා. ඉතින් මූ ගත් කටටම බැහ් කියුවා.
කාලයක් යද්දි මුගෙ කෙල්ල මූව අතඇරියා.. ඉතින් දැන් දුකෙන් ශෝකෙන්, වේලි වේලි ඉන්න කොල්ලට ආයෙ අර කෙල්ලව මතක් උනා. කොහොමත් ඉතින් තමන්ගෙන් ඇවිත් අහපු කෙල්ලනෙ.. නිකන් අපරාදෙ නේ… මෙන්න මලිය ගිහින් එයාගෙන් අහුවා. කරුමෙට ඒවෙනකොට එයාට කොල්ලෙක් සෙට් වෙලා.. කෙල්ල ඉතින් හරිම කරුණාවෙන් ඒක පැහැදිලි කරල කියුව. සොරි ඩොට් කොම් කියලා.
මදැයි. මලිය කරබාගෙන තමන්ගෙ පාඩුව්වේ හිටියා.
පස්සෙ කොල්ලට නිවුස් එකක් ආවා, ඒ සීන් එක පොඩ්ඩක් කොට උඩ කියල. චාන්ස් එකනෙ කියල, මලිය ආයෙ ඒකගෙන් අහුවා. කරුමෙට ඒ වෙනකොට අර ඩබල ශේප් වෙලා. අයෙත් සොරි ඩොට් කොම් අහන් කොල්ල කර බා ගත්තා.
මෙන්න ටික කලකින් ආයෙ නිවුස් එක එනවා සීන් එක දැන් ෆුලි චැප්ටර් ක්ලෝස්ඩ් කියලා. ඔන්න ඉතින් අලුත ගත්ත ස්මාර්ට් කැසුවල් එකක්කුත් පටලවාගෙන කොල්ල ගිහින් තුන්වෙනි පාරටත් ඇහුවා.
කෙල්ලට මූව මල ඇනයක් වෙලා වෙන්න ඇති තියෙන්න ඇත්තෙ. අහනවා කියල ඔහොම අහනවායෙ පිරිමියෙක්?
කෙල්ල කියපි, “මට දැන් ඔයාට කැමැත්තක් නෑ” කියල.
මලිය ෆුල් ලොස්ට්. කන්නෙ බොන්නෙ නෑ. මුස්පේන්තු මූන දාන් දවස පුරා ඉන්නව යාලුවොන්ට පේන්න.
කරුමෙට උට ඉදල තියෙන්නෙත් මේ උඹල අපි වගේ යාලුවො සෙට් එකක්. උන් කුපාඩි කමට කොල්ලට නොදිය යුතු උපදෙස් ටිකක් මුගෙ කනට වැක්කෙරුවා..
“මචං උඹ අධෞයමත් වෙන්න එපා. මට හිතෙනවා උඹ මොනවා උනත් සිරාවට එකිට ලව් අති කියලා. උඹ ඒකිට කෙලින්ම කියපන්, ‘මම බදින්නෙ ඔයාවමයි.. ඔයාට කවුරු නැති උනත් මම ඉන්නවා..’ කෙල්ලො ඔය වගේ ටොක්ස් වලට අප් වෙනවා…” එකෙක් කියුවා
“ඒත් උඹ කෙල්ලට පොඩි හරි පොර ටොකකුත් දීපන්. උඹට කෙල්ලො හිටපු නැති එකෙක් නෙමේ කියලා.. නැත්නම් උඹට චා..”
” ඔව්, මෙහෙම කියපන්, ‘කොට්ටෝරුව කොට කොට ගියාට ඌ වුනත් නියම ගහ ගාව නවතිනවා. මගෙ කලින් වෙන affair තිබ්බ උනාට මගෙ හිත දැන් තියෙන්නෙ ඔයා ගාවමයි’”.
ඔයවගේ කතා ගොඩයි.
මලියත් ඉතින් ගොනා වගේ ඕව හිතට අරන් කොල්ලො ටිකට කියුවා,
“මචන් මට එයා ගාවදි වචන හිර වෙනවා. කතා කරගන්න ෆිට් එක නෑ”.
“අඩෝ ඕවට තමා අපි ඉන්නෙ. චාටරයක් කන්න එකට නැති යාලුවො කැද හදන්නද? අපි එන්නම් බැකප් එකට. උඹ කතා කරපන්”.
“එල බන්, උඹල රත්තරන් යලුවො” මලිය කියුවෙ අවන්කවමයි.
ඔන්න ඉතින් කොල්ලො ගැන්සියම එක්ක මලියා ගියා ආයෙත් දෙකෙන් එකක් අහගන්න.
මලී: මම ඔයාට තාමත් කැමතියි.
කෙල්ල: ඉතින් මම ඔයාට සැරයක් කියුවානෙ මට ඔයා ගැන දැන් එහෙම ෆීලින් එකක් නෑ. ප්ලීස්, අන්ඩර්ස්ටෑන්ඩ්.
මලියගෙ හිත ආයෙත් කඩා වැටුනා. හිමීට යාලුවො ටික දිහා බැලුවා. උනුත් ඇහෙන දුරින් හිටියෙ. Set එකම අතින් සිග්නල් දුන්න ඉතුරු ටිකත් කියහන් කියලා.
මලිය උගන්නපු ඔක්කොම මතක් කලා. තුරුම්පු ටික ඔක්කොම ලෝඩ් කරගත්ත මෙමරියට. ලොකු ලොකු කොල ටික පිලිවෙලකට සෝර්ට් කලා. බිදුනු හිත දැන් හයියෙන් ගැහෙනවා. උගුරත් වේලිලා, දිවත් පැටලෙනවා.
** සැලකිය යුතුයි **
මේක මට කියපු එකා මට 20,000% ශුවර්. ඌ මට මේක සැබෑ සිද්දියක් සහ මඩක් නොවන බව උගෙ අම්ම, මුත්ත සහ පෞද්ගලික අවයවය මත්තෙ දිවුරල කියුවෙ.. ඒක නිසා මට මේක මට අහස පොලව තරම් ශුවර්.
ඔන්න එහෙනම් සහතිකයි, විශ්වාසනීයයි, අම්ම පල්ල, තාත්ත පල්ල, මලියාගෙ කටින් ඊලගට පිට උනේ…
“මගෙ ආදරේ අවන්කයි. ඔයාට කවුරු කොට කොට ගියත්, ඔයාව බඳින්නෙ මමයි” කියල....

SOURCE

Last edited: