කොටියාගේ උපදේශක නව මහබැංකු අධිපතිව
ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපති ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත්කිරීමට තීරණය කර ඇත. ජනාධිපති මාධ්‍ය අශය පවසන්නේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව ලබන සඳුදා(07) සිට නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගැලියොන් සමුහ ව්‍යාපාරය නම් මුල්‍ය ආයතනයේ විශේෂ උපදේශකයා බවත් එම ව්‍යාපාරය පිහිටවනු ලැබුවේ රාජ් රාජරත්නම් නම් ලෝ ප්‍රකට මුල්‍ය වංචනිකයා බවත් LTTE සංවිධානයේ සහ ජාතිවාදී දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන මුල්‍ය අනුග්‍රාහකයා වුයේ ද රාජ් රාජරත්නම් බවත් පවසන ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය එම පත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකී.
මෙය රටේත් ජාතියේත් ස්වෛරීභාවය පාවා දීමක් බවත් එවැන්නකු මෙවැනි තනතුරක් දැරීමට කිසිදු සුදුසු කමක් නැති බවත් එම සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි