කොටි ඉලක්ක වෙත ගුවන් ප්*රහාර 4ක්
ශ්*රී ලංකා ගුවන් හමුදාව ප්*රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් අද (ජන 15) උදෑසන සහ දහවල් කාලයේ දී මුලතිව් දකුණු ප්*රදේශයේ සහ චුන්ඩිකුලම් දකුණු ප්*රදේශයේ වූ එල්.ටී.ටී.ඊ. ඉලක්කයන් වෙත අවස්ථා 4 කදී ගුවන් ප්*රහාර එල්ල කර තිබේ.
මුලතිව් දකුණු ප්*රදේශයේ කොටි ත්*රස්තවාදීන්ගේ ආරක්ෂක වළල්ලට උදෑසන 9.30 ට, 11 ට සහ දහවල් 1.30 ට ප්*රහාරයන් තුනක් දියත් කළ බව ගුවන් හමුදා මාධ්*ය ප්*රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පැවසීය. මුලතිව් දකුණු ප්*රදේශයේ ගොඩබිම් මෙහෙයුම් වල නිරත වී සිටින යුද හමුදාවේ 59 වන සේනාංකයේ භට පිරිස් වෙත සහාය ලබා දීමේ අරමුණින් ප්*රහාර දියත් කළ බව නානායක්කාර මහතා වැඩි දුරටත් පැවසීය.
දහවල් 11.45 ට පමණ චුන්ඩිකුලම් දකුණු ප්*රදේශයේ වෙරල ආසන්නයේ තිබූ එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන්ගේ පාරුවක් (Barge) සහ එම ප්*රදේශයේ ආරක්ෂක පස් බැම්මක් ඉදි කරමින් සිටි ත්*රස්තවාදීන් පිරිසක් ඉලක්ක කර ගුවන් ප්*රහාරයක් දියත් කර තිබේ. මෙම ප්*රහාරයෙන් පාරුව (Barge) සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇති අතර ආරක්ෂක පස් බැම්ම ඉදි කරමින් සිටි ත්*රස්තවාදීන්ට සහ ඒ සඳහා භාවිතා කළ උපකරණ වලට ද දැඩි හානි සිදු වූ බව නානායක්කාර මහතා තව දුරටත් පැවසීය.
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්*රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2006 රාජ්*ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්*යාංශය සියලු හිමිකම් ඇවරිණි

Last edited: