කොටි ගුවනින් හා ගොඩින් ප්‍රහාර
කොටි මුල්වරට ගුවනින් හා ගොඩින් ප්‍රහාර එල්ල කළ හැටි
සිව් වැනි ඊළාම් යුද්ධයේදී ආරක්ෂක හමුදාව මුහුණදුන් බලවත්ම තර්ජනය වූයේ කොටි ගුවන් හමුදාවේ ප්‍රහාරය යි. "කුරුම්බා ඇට්ටි යානා" ලෙසින් හැඳින් වුවද එම යානාවලින් හමුදාවට එල්ල කළ පීඩනය සුළුපටු නොවීය. ඒ පීඩනය හොඳින්ම හමුදාවට දැනුණේ මීට සය වසරකට පෙර ය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය යුද ඉතිහාසයේදී මුල් වරට හමුදා කඳවුරකට ගුවනින් හා ගොඩබිමෙන් පහර දුන්නේ හරියටම මීට සය වසරකට ඉහතදීය. ඒ දිනය දෙදහස් හතේ ඔක්තෝබර් විසි දෙවැනිදාය. ඉපැරණි සිංහල බෞද්ධ සංස්කෘතිකයේ කැඩපත බඳු අනුරාධපුර නගරයේ එදින රජ කළේ ත්‍රාසය, භීතිය හා මරණ බිය පමණි. පෞඪ ඉතිහාසයක් මත ගොඩනැගුණු එම නගරයේ පමණක් නොව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානයට එදින ඇති කැළල බොහෝ කාලයක් යනතුරා මැකී නොගියේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ස්වයං ඝාතක බෝම්බකරුවෝ අනුරාධපුර ගුවන් කඳවුරට එල්ල කළ ප්‍රහාරය යුද ඉතිහාසයට එකතු වූයේ ගුවන් හමුදාව මුහුණ දුන් අහිමිරි මතක සටහනක් ලෙස ය.
එල්.ටී.ටී.ඊ.ය බොහෝ සැලසුම් සහගතව මේ කඳවුර ඉලක්ක කළේ එහි තිබෙන මූලෝපායික වටිනාකම නිසාය. කළු කොටි විසිඑක් දෙනකුගේ කණ්ඩායමක් ගොඩබිමෙන් පැමිණ ප්‍රහාර එල්ල කරන අතරතුරේ කොටි ගුවන් හමුදාවේ යානා ද ගුවනින් කඳවුරට පහරදීම හේතුවෙන් හමුදාව උභතෝකෝටික ගැටලුවකට මැදිවිය. අවසානයේ දී එල්.ටී.ටී.ඊ.යේ ග්‍රහණයට නතු වූ කඳවුර යළි ගලවාගත්තේ ගරිල්ලන් මර්දනය කිරීමෙලා විශේෂ පුහුණුවක් ලැබූ විශේෂ බළකා සෙබළුන් එල්ල කළ ප්රහාරයකිනි. ඒ අතරේ යුද ටැංකි වලින්ද කළු කොටි රැඳී හුන් බංකර්වලට ප්‍රහාර එල්ල කෙරුණි.
එල්.ටී.ටී.ඊයේ මේ ප්‍රහාර හේතුවෙන් ගුවන් හමුදාවේ යානා දහයක් විනාශ විය. අර්ධ වශයෙන් විනාශ වූ යානා ගණන හයකි. විනාශ වූ යානා අතරේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා කේ.8 ජෙට් යානා පියාඹන යුද ටැංකි ලෙස හැඳින්වෙන එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර්, සෙබළුන් හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා එම්.අයි. 17 හෙලිකොප්ටර්, නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා ටී. 56 යානා මෙන්ම සෙබළුන් හා භාණ්ඩ ප්‍රවාහනයට හා ප්‍රහාර එල්ල කිරීමට ගන්නා බෙල් 212 හෙලිකොප්ටර් යානාවක්ද විය.
මෙසේ විනාශ වූ යානා අතරින් මිල අධිකම හා වටිනාම යානාව වූයේ බිච් ක්‍රාෆ්ට් යානාවය. ගුවන් හමුදාවේ ඇස ලෙස හැඳින් වූ එම යානාවේ සතුරන්ගේ ඔත්තු බැලීමට අවශ්‍ය අධි තාක්ෂණ උපකරණ රැසක් තිබේ. ගුවනේ සිට ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, පණිවුඩ හුවමාරුවලට සවන්දීම, ඉලක්ක පිළිබඳ තොරතුරු දීම සඳහා විශේෂ උපකරණ මේ යානාවේ තිබේ.
එල්.ටී.ටී.ඊ.යේ මේ ප්‍රහාරයෙන් ගුවන් හමුදාවේ දාහතර දෙනෙක් මරුමුවට පත්වූහ. මේසා මහා විනාශයක් කළ අනුරපුර ගුවන් ප්‍රහාරයේ සුල මුල දැන් හෙළිවී තිබේ. ඒ එම ප්‍රහාරයට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ත්‍රස්ත විමර්ශන අංශයට කළ පාපොච්චාරණයකි.
ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු වූ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන රාසවල්ලන් තබෝරූබන්ය.
මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන විමර්ශන කණ්ඩායම විසින් මයිලඩි උතුර කන්කසන්තුරේ පදිංචි 'රාසවල්ලන් තබෝරූබන්' නොහොත් 'කඩ්රල්වෙල්ගෙයි කුහන්' නමැත්තා ලබා දුන් පාපොච්චාරණය අනුරාධපුර විශේෂ මහාධිකරණය වෙත යොමු කර තිබූ අතර හිටපු එල්ටීටීඊ සාමාජිකයා ලබා දුන් පාපොච්චාරණයේ තවදුරටත් මෙසේ සඳහන් වේ.
"ප්‍රහාරයට පෙර රත්නම් මාස්ටර් සහ තමලින්බන් මාස්ටර්ගේ ඉල්ලීම පරිදි ප්‍රහාරයට සම්බන්ධ විසිඑක් දෙනා එක්ව පූකලරාසන්ද ප්රභාකරන් හමුවීමට ගියා. එදාම රාත්‍රියේ ඔවුන් නැවත ආවා. ඉන් පස්සේ නැවත ඇල්ෆා 04 එකට ඇවිල්ලා විසිඑක්දෙනාම ගෲප් ෆොටෝ එකක් ගත්තා. ඊට පස්සේ මම දැන ගත්තා ප්රභාකරන් විසිඑක්දෙනා හමු වූ දිනයේ ඔවුන්ට පාටියක් දුන් බව.
ඔක්තෝබර් 10 වෙනිදා විසිඑක්දෙනා සමග මමයි පුට්ටයි පූකලරාසන් තමලිබන් මාස්ටර් රත්නම් මාස්ටර් වීඩියෝ කරන එක්කෙනයි බෆල් එකෙන් මන්නාරම පැල්ලමඩුවලට ගියා. ප්‍රහාර එල්ල කරන හැටි නැවත කියලා දුන්නා. ඊට පස්සේ අපි තුන්දෙනාට කතා කරලා කිව්වා මේ විසිඑක්දෙනා කිසිම කරදරයක් නැතුව අනුරාධපුරයට අරන් යන්න කියලා.
අනුරාධපුරය නුවර වැව් ළඟට ගියොත් දිනුම් කියලත් කිව්වා. අපි මල්අතු ඔය ළඟට ආවා. අපි ඇඳගෙන හිටපු ඇඳුම් ඔක්කොම ගලවලා ගල්වල ඔතලා මල්අතු ඔයට දැම්මා. ඊට පස්සේ එයාෆෝස් එකට සමාන කැමා යුනිෆෝම් ඇඳගෙන මිහින්තලය තේක්ක කැලයට ආවා. අපි එතනට වෙලා ඉන්නකොට වයසක තට්ටය තිබෙන පුද්ගලයෙකු ආවා. මම එයා එක්ක කතා කර කර ඉන්නකොට ජුට්ටාත් ඇවිල්ලා කතා කළා. ජුට්ටට හොඳට සිංහල පුළුවන්. අපිත් එක්ක ආපු ගෑනු කෙනෙකුගේ සයිනයිඩ් කරලක් එළියේ තියනවා දැකලා මිනිහා අප්සෙට් වුණා.
එයා අප්සට් වුණ ගමන්ම පිහිය අතට ගත්තා. ගොවිතැන් කරන තැන පෙන්නන්න කියලා ජුට්ටා ඒ පුද්ගලයව එක්කගෙන ගියා. ඊට පස්සේ ඔහුට වෙඩි තියලා මරලා එයාගේ බෙල්ල කපලා ගස් බෙනයක දාලා අපිට පෙන්නුවා.
මම එම සිද්ධිය වූ ස්ථානයට ගියේ නැහැ. එිලිලින්බන් අපිට කිව්වා ආපහු යනකොට මේ පැත්තෙන් යන්න එපා කියලා. ඒ වෙලාවේ අපි දැනගත්තා අප්පුහාමිව මරලා දාපු බව. ඊට පස්සේ එතන ඉඳලා 10.30 වෙනකොට කැලෑවේ සිට පාරට ඇවිල්ලා නුවර වැවට 21 වෙනිදා ආවා.
මෙදින දහවල් රාත්‍රියේ කැලෑවේ ගත කළා. රෑ 21 දෙනාටම ප්‍රහාර එල්ල කරන හැටි ඉලන්ගෝ විසින් කියා දුන්නා. ඊට පසුව වම් පැත්තෙන් දකුණු පැත්තෙන් ඇතුළු වෙන්නේ කවුද කියලත් කියලා දුන්නා. ඊට පස්සේ 2007 ඔක්තෝබර් 22 වෙනිදා උදේ 01.00 වෙනකොට අපි වැව් පිට්ටනිය කේරාස් කරා. එයාර් ෆෝස් කෑම්ප් එක දිහා බලනකොට තිබෙන බොරලු පාරෙන් ඇවිල්ලා පාර කේරාස් කරා.
පස්සේ ආපසු බොරලු පාරේ මීටර් 100 ක් විතර ඇවිල්ලා වම් පැත්තේ තිබෙන ගෙවල් 03ක කම්බි වැටවල් කපා ගෙවල් පිටුපස්සෙන් එයාර් ෆෝස් වැට මායිමට ආවා.
එතනට එනකොට පාන්දර 03.00ට විනාඩි 10ක් විතර තිබුණා. එතනට ඇවිල්ලා මා එලිලින්බන්ට එයාර් ෆෝස් එකේ පොයින්ට් පෙන්නුවා. ඊට පස්සේ කම්බි කපා ඇතුළු වෙන්න සුදුසු තැනක් මම පෙන්නුවා.
එලිලින්බන් දැල කැපුවා. ටෝෆිඩෝර් දැල යටින් දැම්මා. ඒවා ඇතුළට දැම්මෙත් එලිලින්බන්මයි. දැල කපාපු තැනින් 18ක් කඳවුරට ඇතුළු වුණා. අපි ළඟ ආර්.පී.ජී. 03ක්, එම්.පී.එම්.ජී. 03ක්, ටෝම්බා 03ක්, 97 අවි 04ක්, 85 සයිලන්සර් 04ක්, ටී.56 03ක්, පිස්ටර් 01ක්, ලෝ 06ක්, ටෝපිඩෝ සෙට් 03ක්, නයිට් විෂන් කැමරා 10ක්, ජී.පී.එස්. 06ක්, වෝකිටෝකි 21ක්, කොම්පාස්, හෑන්ඩ් ගේරනේඩ්, ඩෙටනේටර්, ටෝච් 10ක් තිබුණා. ඒ සියලු දෙනා බොඩි ආමර් දාගෙන හිටියේ.
කනිකිරන් මට ඇවිල්ලා කිව්වා ජුට්ටා සහ පූකලරාසන් සමග ආපහු යන්න කියලා. මේ කියලා අපි ආපහු යන්න හදනවාත් සමගම බංකර් එක පැත්තෙන් කවුද කවුද කියලා කෑගැසුවා. ඒ එක්කම වගේ ෆයර් එකක් ආවා.
ඒත් එක්කම වගේ කඳවුරේ තිබූ බංකරයට ආර්.පී.ජී. ප්‍රහාරයක් එල්ල කළා. එතකොට වෙලාව හරියටම පාන්දර 03.22යි. එහෙම ඇතුළු වෙලා ෆයර් එක පටන්ගෙන විනාඩි 07කට පස්සේ එම්.අයි. 24 එකකට ගැහුවා කියලා සෙට් එකෙන් මට පණිවුඩය ලැබුණා.
විමන්ගේ කණ්ඩායමෙන් ගැහුවා කියලා තමයි මට පණිවුඩය ලැබුණේ. මේ පණිවුඩය ලැබෙනකොට මමයි ජුට්ටයි පූකලරාසනුයි හිටියේ 200-250 දුරින්. මගේ අතේ තිබුණු සැටලයිට් ෆෝන් එකෙන් තමිල්මාරන් මාස්ටර්ට කිව්වා ඇටෑක් එක පටන් ගත්තා ෆ්ලයිට් 02ක් එවන්න කියලා. එතන ඉඳලා උදේ 05.30 වෙනකම් වීඩියෝ කරා.
පුකලරාසන් ෆෝන් එකෙන් තමිල්මාරන් මාස්ටර් එක්ක කතා කරා. අනික් කෙනා වටේ බල බලා හිටියා. ඊට පස්සේ 05.30 වෙනකම් කඳවුර ඇතුළේ හිටියා. වීඩියෝ කරනකොට මා දුටුවා ගුවන් හමුදා කඳවුර ඇතුළේ ලොකු පිපිරීම් සිදුවෙනවා. ඒ පිපුරුම් සිදුවුණේ බිච් ක්‍රාෆ්ට් නවත්තලා තිබුණු ස්ථානවලයි එම්.අයි. 24 හෙලිකොප්ටර් නවත්තලා තිබුණු ස්ථානවලයි.
උදේ 05.30ට පණිවුඩයක් ආවා මෙහේ ආයෙ ඉන්න එපා. ආපහු එන්න කියලා. ඒ අනුව මමයි ජුට්ටා පූකලරාසන් ආපු පාරෙන්ම මිහින්තලය තේක්ක කැලයට ආවා. එහෙම යනකොට පාර දෙපැත්තේ මිනිස්සු හිටියා. ඒ එක්කෙනෙක් මොකක්ද ප්‍රශ්නේ ඇහුවා.
ඒක තමයි බලන්න යන්නේ කියලා කිව්වා. ආපහු බෙල්ල කපපු තැනට එනකොට තවත් පුද්ගලයකු එතනට ආවා. එයාගෙන් ජුට්ටා ඇහුවා කොහේද යන්නේ කියලා. ඔහු කීවා ගොවිතැන් වැඩට යන්නේ කියලා. අපි ඇහුවා කවුරු හරි මේ පැත්තේ ආවාද කියලා. ඔහු කිව්වා නෑ කියලා. ජුට්ටා කිව්වා කවුරු හරි ආවොත් අපිට කියන්න කියලා. ඔහු අපෙන් ෆෝන් නම්බර් එක ඉල්ලුවා. අපි කිව්වා ඒක දීලා තියෙන්නේ කියලා.
එහෙම කියලා අපි ඉස්සරට යනකොට ඔහු නැවත කතා කරලා අපිට කිව්වා ඊයේ මේ හරියෙදී මිනිහකුගේ බෙල්ල කපලා තිබ්බා කියලා. පොලීසියෙන් බල්ලා එක්ක ඇවිල්ලා බලලා ගියා මොකුත් හමුවුණේ නෑ කියලා කිව්වා. මෙතැනදී අපි සාලියපුර කෑම්ප් එක අසල කැලෑවේ එදා රෑ වෙනකම් නතර වෙලා හිටියා. වරින් වර බෝම්බ පුපුරවන බෝම්බ සද්ද ඇහුණා. මෙදින දහවල් 12.00ට 12.30ට විතර ලොකු ෆයර් එකක් ගිහිල්ලා විශාල පිපිරුමක් ඇසුනා. ඊට පස්සේ වෙඩි ශබ්ද ඇසුණේ නෑ.
හිටපු තැනින් රාත්‍රී 8.00ට විතර ආපු පාරේම කුන්ජිකුලම් වලට ගියා. අපිට කුන්ජිකුලම්වලට යන්න දවස් 06ක් ගත වුණා. කුන්ජිකුලම් වල අපි එක දවසක් නැවතුණා. එහිදී පූකලරාසන් ගිහිල්ලා සිංගම් අයියා හමුවෙලා කෑම අරගත්තා.
පහුවදා දවල් 02-03 විතර වෙනකොට පිටත්වෙලා කට්ටඅඩන්බන්වලට ආවා. රාත්‍රී 07.30 වෙනකොට වවුනියා මන්නාරම් පාර පහුකර කට්ටුකැෙරෙවලට ආවා. එතන සෙන්පරදි හිටියා. එතන ඉඳලා සෙන්පරිදි ස්කූල් එකට එක්කගෙන ගියා. එතන කාලා බිලා නිදාගත්තා. පහුවදා උදේ එහේ ඉඳලා බෆල් වගේ වාහනයකින් විශ්වමඩු කඳවුරට ආවා.
එහේ ඇවිල්ල මේ විස්තරය පිළිබඳව ලියලා තමලින්බන් මාස්ටර්ට වීඩියෝ පීස් එක සමගම භාර දුන්නා. ඊට පස්සේ දවස් 10ක් විතර කඳවුරේ ඉන්නකොට ප්රභාකරන් හමුවෙන්න කියලා තමලින්බන් මාස්ටර් ඇවිල්ලා කිව්වා. ඊට පස්සේ ධර්මපුරම් ප්‍රදේශයේ ශාලාවක ලොකු උත්සවයක් ලෑස්ති කරා.
අනුරාධපුර එයාෆෝස් සිද්ධියට සම්බන්ධ සියලු දෙනා එතනට එක්කගෙන ගියා. එහේ යනකොට තවත් නායකයන් සහ ගොඩක් කට්ටිය එතනට ඇවිල්ලා හිටියා. තමිල්චෙල්වම්, නඩේසන්, පොට්ටු අම්මාන්, චාල්ස් ඇන්තනී, මනිවන්නන්, මනිඅරසන් සහ ගුවන් කොටි කට්ටියත් ඇවිල්ලා හිටියා. රාත්‍රී 8.00 වෙනකොට උත්සවය පටන් ගත්තා. ප්රභාකරන් ඇවිල්ලා ඔක්කොටම තෑගි දුන්නා.
මට මයික්‍රෝ වර්ගයේ පිස්ටල් එකයි. ස්විස් මිල්ටරි ඔරලෝසුවයි, ස්විස් නයිෆ් එකක් සහ පදක්කම් ලැබුණා. ඊට පස්සේ ප්රභාකරන් කතා කරලා ඔක්කොටම කෑම දීලා උත්සවය අවසන් කරා. සෙන්පරදිට පදක්කම් එකක් සහ ඩබල් ටූ පිස්ටල් එකක් දුන්නා. තමිල්මාරන් මාස්ටර්ට රත්තරන් පදක්කමක් සමග ඩබල් ටූ පිස්ටල් එකක් දුන්නා."
Lanka e gossip News
මුන් ඒ attack එක ෆිල්ම් එකකුත් හදලා...
මේ තියන්නෙ මුන් video කරපු එක
රිලව් සෙට් එකට උන දේ ( අවා මෙතන අපේ කොල්ලෝ එක්ක ජෝගි දාන්න)
දැන් උනත් ඔය දගලන අය්යලා දැනගන්න ඔන් අපේ කොල්ලෝ එක්ක හැප්පුනොත් අන්තිමට වෙන දේ මේ වගේ ඔලු කට්ට නැති වෙන එක බව
මගේ රටට බුදු සරණය්

umba mama weerayak ban