කොටි ඩයස්පෝරාව සහ දෙමළ සන්ධානය

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
කොටි ඩයස්පෝරාව සහ දෙමළ සන්ධානය

අද වන විට කුල්ල කුජිත වී, තල්ල බිම ඇනි සිටින ආණ්ඩුවට ඇති එකම සටන් පාඨය තමන්ගේ හැකියාවක් ගැන නොවේ, විපක්ෂය කොටි සමග එක්ව නැවත රට බෙදීමට යන බවයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ව්‍යවස්ථාවේ සදහන් අයුරින්ම ඒකීය රටකි. කොටි සමග යුද්ධය පැවති කාලයෙත්, ඔවුන් සමහර පළාත් තම ග්‍රහණයේ තබා ගෙන සිටින සමයේත් එම භුමිය නිත්‍යානුකුලව හිමි වුයේ ශ්‍රී ලංකා රජයටයි. යුද්ධය කර එම භුමි අත්පත්කොට ගැනීම ප්‍රශ්නයක් නොවුනේ ඒ හේතුව නිසාය. නැතිනම් එය බරපතල වැරද්දක් වන ආක්‍රමණයක් වන්නට තිබුණි. දැන් කොටි සහ ඩයස්පෝරාව දෙසට හැරෙමු. ඩයස්පෝරාව යනු ලෝකයේ තියෙන දේශද්‍රෝහිම වචනය නොවේ. එය යෙදෙන්නේ තමාගේ උපන් රටෙන් පිට රටක එකට වසන පිරිසක් හැදින්විමටය. උදාහරණයක් ලෙස කොරියාවේ සිංහල ඩයස්පෝරාවක් සිටී. කටාර් වලද එසේමය. බහරේනයේද එසේමය. ඇමරිකාවේ ද එසේමය. එහි කිසිදු අමුත්තක් නැත. කාලකන්නි දෙතුන් දෙනෙක් වචනයට භීතිය, දේශද්‍රෝහිත්වය යන ඇදුම් අන්දවා ජනයා මුලා කිරීම හද්දා විහිළුවක් යයි පවසන්නේ එබැවිනි. කොටි ඩයස්පෝරාව ලෙස හංවඩු ගහන්නේ විදෙස් රටවල සිටින දෙමළ ජනතා කොටසකි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට 83 සිදුවූ සිද්ධිය පදනම් කරගෙන සහ ඉන් පසුව සිදු වනවා කියන නොසැලකීම්, කුඩම්මාගේ සැලකීම් ගැන උරන වූ ඔවුන් කොටි සංවිධානය ට සහය දැක්වීමට පටන් ගත්තෝය. යාපනේ විසූ කොල්ලෝ කුරුට්ටන් තුන් හතර දෙනෙකුගෙන් ආරම්භ කොටි සංවිධානය ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීමට උපකාරී වුයේ මෙම ඩයස්පෝරාවයි. කොටි සංවිධානය ආරම්භයේ සිටම සාමාජිකයෙක් වූ කුමාරන් පද්මනාදන් රට පැන්න අතර පසුව ඩයස්පෝරාව ශක්තිමත් කර ජාත්‍යන්තරයේ අවදානම දිනාගෙන ලංකාව තුල වෙනවා යැයි පැවසු නොසැලකීම් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තබා ඔවුන්ගේ සහය ද කොටි සංවිධානය වෙන නතු කරගැනීමට උපකාරී වුයේ ඩයස්පෝරාව සමග කුමාරන් පද්මනාදන්ය. ඒ ඩයස්පෝරාවය. දෙමළ ජාතික සන්ධානය යනු වෙනම එකකි. එය දේශපාලනික පක්ෂයකි. අතීතයේදී මෙම දෙකම එකට එක්වී කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටියෝය. ඒ දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කරගැනීම වෙනුවෙනි. ප්‍රභාකරන්ගෙන් පසු කොටි නායකයා ලෙස පත් වන්නේ කුමාරන් පද්මනාදන්ය. ඒ ඩයස්පෝරාව හරහාය. කොටි සංවිධානය තවමත් දේශපාලනික ලෙස තිබේ නම් ඒ තිබෙන්නේ ඩයස්පෝරාව තුල පමණි. දෙමළ ජාතික සන්ධානය හා කොටි සංවිධානය යනු පැහැදිලිවම දෙකකි. කුමාරන් පද්මනාදන් කොටි නායකයා වන්නේ නිකම් කහනවාට නොවේ. ඒ කොටි බලය ඉතුරුව තිබේ නම් ඉතුරුව ඇත්තේ ඔවුන් සහ ඩයස්පෝරාව තුල බැවිනි. අදටත් කොටි නායකයා කුමාරන් පද්මනාදන්ය. ඔහු සාම මාවතට පැමිණ ඇතැයි රජය පවසයි. අසන්නට ඇත්තේ මෙපමණකි. කුමාරන් පද්මනාදන් කොටි සංවිධානයෙන් හැර ගියා නම් නායක පට්ටම තවම රදවාගෙන සිටින්නේ ඇයිද යන්නයි. කොටි සංවිධානයේ එකල අරමුණ වුයේ දෙමළ ජනතාවට නිජබිමේ උරුමය ලබා දීමකි. කුමාරන් පද්මනාදන් ප්‍රමුඛ ඩයස්පෝරාව ඒ මගේ ගොස් දෙමළ ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ කලේ නැත. ඒ වෙනුවට කලේ රජයට හේත්තු විමක්ය. එබැවින් දෙමළ ජාතික සන්ධානයේ සහ ඩයස්පෝරාවේ අරමුණු මං දෙකක යාමට පටන් ගත්තේය. අද වන විට පැහැදිලිවම දෙමළ ජාතික සන්ධානය සහ ඩයස්පෝරාව වෙන් වී තිබේ. පැහැදිලි උදාහරණයක් දීමට කැමතිය. දෙමළ සන්ධානය ඉන්දීය රජය සමග දෙමළ ජනතාවගේ ගැටළු සාකච්ච්ජා කලෝය. එහෙත් කොටි හිතවාදී වයිකෝ, ජයලලිතා වැන්නවුන් ට එම මතවාද පවත්වාගෙන යාමට ඉඩ නොදුන්නේය. එමෙන්ම කොටි සංවිධානය තහනම් එකක් ලෙස පිලිගත්තෝය. කුමාරන් පද්මනාදන් අත්‍යාවශ්‍ය ප්‍රධාන අපරාධකාරයෙකු ලෙස වරෙන්තු නිකුත් කලෝය. එනම් ඉන්දිය රජය කොටින්ට විරුද්ධය, එහෙත් දෙමළ ජනතාව ගැන සොයා බලයි, එයට රජය සමග සාකච්ජා කරයි. වෙනස යනු එයයි. එනම් කොටි සංවිධානය සහ දෙමළ හිතවාදීන් යනු පැහැදිලි කොටස් දෙකක් බව නොවේද? 1987 දී ඉන්දියාව කොටින්ට සහ ඩයස්පෝරාව යන දෙකටම උදව් කලමුත් රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු එය වෙනස් විය. ප්‍රභාකරන් වරක් එය ඔහු විසින් කල ලොකුම වැරදීම් වලින් එකක් බව ප්‍රකාශ කල බවක් අසා ඇත.

අපි කුහක ලෙස නොදකින යම් දෙයක් ඇත. එනම් උතුරේද සිටින්නේ අපේම රටේ අපේම මිනිස්සු බවයි. අපි යුද්ධ කලේ වෙනත් රටක් සමග නොව අපේම රටේ අපි වැනිම තරුණ තරුණියන් සමගමය. ඔවුන්ද අපේක්ෂා කරන්නට ඇත්තේ ඔවුන්ට නිදහසකි. තෝරාගැනීම වැරදි වුනත් ඔවුන් වැරදි මාර්ගයේ ගියත් යුද්ධ කලේ යම් ප්‍රශ්නයක් තිබු නිසා නිසාය. ඒ ප්‍රශ්න වලට යුද්ධයෙන් පසු ලැබුන විසදුමක් නැත. ඔවුන්ට ඔවුන්ගේ වගාබිම්, නිවාස යලි හරිහැටි ලැබුනේ නැත. දැරියක් වැඩිවියට පත් වූ විට දැරිය වතුර කලයකින් නෑවීම අපේ මෙන්ම ඔවුන්ගේද සිරිතකි. ඔබේ ගෙදරට හමුදාවෙන් පැමිණ ඔබේ දුව,සොහොයුරිය නාවන ගැහැනියගේ වතගොත, ලිපිනය විමසා සිටී නම් ඔබට කුමක් හැගේවිද? ඔවුන්ටද එයම දැනෙනවා ඇත. නිදහස යනු එය නොවේ. දෙමළ ජනයා ඉල්ලුවේ සැබෑ නිදහසකි.කොටි හැදුනුම්පත ලග තබා ගැනීමට වසර ගණනක් හිරබත් කන තරුණයා, එම හැදුනුම්පත නිර්මාණය කර ලබා දුන් දයා මාස්ටර් කිසිදු දඩුවමක් නොලබා සැප විදිනු දකිද්දී කුමක් සිතෙනවාද යන්න ඔබත් සිතනවා නම් අගනේය. කොටි සංවිධානයේ පීඩන වලට ලක්ව සිටී ඔවුන් පැතුවේ නිදහසකි. එය නොලැබුන විට ඒ ගැන හඩ නැගීමට දේශපාලන පක්ෂයක් ඉදිරිපත් වීම රටේ තිබෙන ලොකුම ගස් බලු වැඩක් ලෙස කෙනෙකු සිතනවා නම් ඔහු ගැන කනගාටු වීම හැර වෙන කල හැකි දෙයක් නැත්තේය. මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ අපේක්ෂකයාට සහය දීමට තීරණය කිරීමට කලක් ගත්තෝය. එම කාලය තුල පවතින පාලනය දෙමළ ජාතික සන්ධානය විවේචනය කළා නම් එය පෙන්වන ලෙස ඉල්ලමි. එසේ කලේ නැත. විහිලුව වන්නේ සියලු කුණු ලේබල ඔවුන්ට සහය නොලැබුන තැන පැවසීමය. කුමාරන් පද්මනාදන් දැන් සිටින්නේ කා ලගද යන්න ඕනෑම කෙනෙක් දන්නා කාරණයකි. එනම් කොටි නායකයා සිටින්නේ ඒ පුද්ගලයා ලගය. ඩයස්පෝරාවක් නිර්මාණය කල, ඩයස්පෝරාව හරහා එකතුකරගත් මුදලින් අවි ආයුධ ගෙනත් දුන්, රට රටවල කොටි වෙනුවෙන් ස්ථිර පදනමක් දැමු කුමාරන් පද්මනාදන් සිටින්නේ වත්මන් මහින්ද සමගය. දමල සන්ධානය පොදු අපේක්ෂකයාට සහය දීමට තීරණය කල විට හිටපු කොටි නායකයෙකු වන එලිලන්ගේ බිරිද වන ශෂිධරන් මන්ත්‍රීවරිය සහ තවත් පස් දෙනෙකු දෙමළ ජාතික සන්ධානයෙක් වෙන් වන්නේ ඇයි දැයි දැන් වැටහෙනු ඇත.රජය දෙමළ ඩයස්පෝරාවෙන් උතුරේ චන්දය වර්ජනය කරවන්නයි ඉල්ලීමක් කර ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙන පසුබිමක එලිලන්ගේ බිරිද චන්දය වර්ජනය කරන්නයි ඉල්ලීම ගැන සිතන්නට යමක් ඉතුරු කරන්නකි. උතුරේ ජනයා ඩයස්පෝරාව සහ දෙමළ සන්ධානය යන දෙක හදුනාගෙන අවසන්ය. ඩග්ලස් දේවානන්දලා කුජිත කලෙත්, දෙමළ සන්ධානය උඩින්ම දිනෙව්වෙත් ඒ නිසා විය හැක. රටේ පුරවැසියෙකු ලෙස බුද්ධිමත්ව සිතා බැලීම ඔබගේ වගකීමක් සහ යුතුකමක් වන්නේ එය රටට ම බලපාන කාරනාවක් වන බැවිනි. කොටි සංවිධානය ට වෙන වෙස් මුනකින් දිගටම රැදෙන්නට ඉඩ දෙනවාද, එසේත් නැතිනම් කොටි සංවිධානය අඩපණ කර මේ රටේම කොටසක් වූ දෙමළ ජනතාව අපේම ජනතාවක් ලෙස සිතීමට සමාජය සකස්කොට ජාතින් අතර සමගිය දියුණු කිරීමට උදව් වෙනවාද යන්න ඔබ චන්දෙය්දී කොටස්කරුවකු වී තීරණය කරනු ඇත.