කොටි දේශපාලන සංවිධානය ශ්‍රීලනිප සමග එක්ව

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    කොටි දේශපාලන සංවිධානය ශ්‍රීලනිප සමග එක්ව

    කොටි දේශපාලන සංවිධානය ශ්‍රීලනිප සමග එක්වීමට සූදානම්:angry::angry::angry:

    sfsdfsdf.jpg


    හිටපු නැගෙනහිර පළාත් සභා මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා කොටි සංවිධාන පක්ෂය නැවතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග එක්වී කටයුතු කිරීමට නියමිත බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක කේ.යෝගවේල් මහතා පැවසීය.

    එම පක්ෂයේ නායක සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ 41 වන උපන් දිනය නිමිත්තෙන් මඩකලපුව ශික්ෂණ රෝහලේ පැවති ලේ දන්දීමේ පිංකමකදී අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය.

    “අප පක්ෂයේ නායක හා ලේකම් බන්ධනාගාරයේ සිටින අවස්ථාවේද අපි පසු බට වූයේ නැහැ. අපේ පක්ෂය මේ වන විට පෙරට වඩා දියුණු මට්ටමකට පත්වී තිබෙනවා. මේ ආකාරයෙන් අපගේ පක්ෂයේ කටයුතු ඉදිරියටත් ගෙනයාමට නියමිතයි. ඉදිරියේදී අපේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වී කටයුතු කිරීමට නියමිතව තිබෙනවා” යැයිද පවසා සිටියේය.


    source