කොටි නැව් 07 ක් රජයට ගැනීමට යයි
අග්නිදිග ආසියාවේ රටක මෙම නැව් නවතා තිබෙනවාලු
කොටි සංවිධානය සතුව තිබූ නෞකා 07 ක් ඉදිරියේදී රජයට ලබාගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කටයුතු කරමින් සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (09) පාර්ලිමේන්තුවේදී පවසයි.
පාර්ලිමේන්තුවේදී මතුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.
එල්.ටී.ටී.ඊ.ය සතුවූ විශාලතම නෞකාව ආරක්ෂක අමාත්‍යාංශයේ සැලසුම් මත රජය භාරයට ගෙන ඇති බවත් මේ වනවිට එය ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාරයේ පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
කොටි සංවිධානය සතුව පවතින තවත් නැව් කීපයක් මේ වනවිට නීති විරෝධී ජාවාරම් කටයුතු වෙනුවෙන් එම සංවිධානය භාවිත කරමින් සිටින බව අමාත්‍යවරයා කියා තිබෙන අතර වැඩිදුරටත් පවසා තිබෙන්නේ අග්නිදිග ආසියාවේ රටක වරායක එල්.ටී.ටී.ඊ.ය සතු නැව් නතර කර ඇති බවත් එම රට පිළිබඳව තොරතුරු හෙළිකළ නොහැකි නමුත් ඒ පිළිබඳව රජය දැනුවත්ව සිටින බවයි.