කොටි මන්ත‍්‍රී ජෙනරාල්ට එක්වේ

Sakibura

Member
Sep 20, 2009
226
10
0
කොටි මන්ත‍්‍රී ජෙනරාල්ට එක්වේ

කොටි මන්ත‍්‍රී ජෙනරාල්ට එක්වේ Written by Raõ Wednesday, 20 January 2010 16:39 Top Lanka News
sata.jpg
ජනවාරි 20
සිරබාරයේ පසුවෙමින් ඉද නිදහස ලැබු සතාසිවම් කනගරත්නම් ජෙනරාල්ට සහයදීමට තීරණය කළ බව වාර්තාවේ. ඇල්ටීටීඊ ත‍්‍රස්තයින් ඊලම් යුද්ධය කාලයේදී ඔවුන්ට උපකාර කරමින් මාස ගණනක් යුද්ධ භුමියේ රැුදි සිටි කනගරත්නම් ට කුමක් වුනේදැ යි යුද්ධ සමයේ විවිධ ආරංචි පැතිරුනි. ඔහු කොටි .ත‍්‍රස්තයන් අතර සිට රජයේ හමුදාවට බාර වුයේ ය. කොටි මන්ත‍්‍රිවරයාගේ පුතා කොටි පෙරමුණේ සටන් කරුවෙකු වු අතර ඔහු සිරබාරයේ පසුවේ.
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    කොටින්ට උදව් කළැයි චෝදනාව මත අත්අඩංගුවේ සිට නිදහස ලැබූ TNA මන්ත්‍රී මහින්දට සහය දක්වයි
    දේශීය
    2010 ජනවාරි 20 වෙනි බදාදා, 12:54

    ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන බව අද වව්නියාවේදී පවසා ඇත. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 8 කට වැඩි කාලයක් රජයේ අත්අඩංගුවේ සිටි කනගරත්නම් නිදහස් කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට සහාය පළ කරන ලෙස ඔහුට බල කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පසුගියදා පවසා තිබිණි.

    යුද්ධය අවසන් වන තෙක් කොටි සංවිධානය හා එක්ව කටයුතු කිරීම හේතුවෙන් කනගරත්නම් රජයේ ආරක්‍ෂක අංශ භාරයේ පසුවූ අතර තමා නිදහස් කිරීම සඳහා කොන්දේසියක් ලෙස ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදී ඔහුට සහාය පළ කළ යුතු බවට තමාගෙන් ඉල්ලා සිටි බව මන්ත‍්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කීපදෙනකු දුරකථනයෙන් අමතා පැවසූ බව TNA හි ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු පසුගියදා මාධ්‍යයක් හමුවේ පවසා තිබිණි.

    රජය විසින් වවුනියා මන්නාරම පාරේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිවාස සංකීර්ණයේ පිහිටි නව නිවාසයක් මන්ත‍්‍රීවරයාට ලබාදී ඇති අතර නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යංශයේ වාහනයක් ද ලබාදී ඇතැයි පැවසේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී කොටි සංවිධානය විසින් සිදුකළ ගුවන් ප‍්‍රහාරය සම්බන්ධව මන්ත‍්‍රීවරයාගේ පුත‍්‍රයා තවමත් ආරක්‍ෂක අංශවල අත්අඩංගුවේ පසුවන බවද ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි. නිදහස ලැබූ මන්ත‍්‍රීවරයා පසුගිය 16 දා මුලතිව් බලා ගොස් රජයෙන් දුන් ට‍්‍රැක්ටර් රථ බෙදා දීමේ උත්සවයකට සහභාගී වූ බවත්, එහිදී අදහස් පළ කර ඇති කනකරත්නම් මන්ත‍්‍රීවරයා තමන් සමග ජනාධිපතිවරයාට සහාය දීමට TNA මන්ත‍්‍රීවරු තිදෙනෙකු සිටින බවද පැවසූ බව lankaenews වෙබ් අඩවිය පසුගියදා දක්වා තිබිණි.

    දෙමළ සංධාන මන්ත‍්‍රී
    ජනපති පැත්තට
    ( ඕමන්තේ ප‍්‍රියන්ත හේවගේ*
    ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්‍ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිට නිදහස ලැබු දෙමළ සංධාන මන්ත‍්‍රී සතාසිවම් කනගරත්නම් මහතා මහින්ද රාජපක්‍ෂ ජනපතිට සහාය දෙන බව වවුනියාවේදී අද පැවැසීය. දෙමළ ජනතාවට

    Source :- http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5297:-tna-&catid=35:2008-10-13-08-30-14&Itemid=27
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    http://www.lankatruth.com/sin/index...:-tna-&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    කොටින්ට උදව් කළැයි චෝදනාව මත අත්අඩංගුවේ සිට නිදහස ලැබූ TNA මන්ත්‍රී මහින්දට සහය දක්වයි දේශීය 2010 ජනවාරි 20 වෙනි බදාදා, 12:54
    tna_mp.jpg
    ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන බව අද වව්නියාවේදී පවසා ඇත. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 8 කට වැඩි කාලයක් රජයේ අත්අඩංගුවේ සිටි කනගරත්නම් නිදහස් කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට සහාය පළ කරන ලෙස ඔහුට බල කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පසුගියදා පවසා තිබිණි.

    යුද්ධය අවසන් වන තෙක් කොටි සංවිධානය හා එක්ව කටයුතු කිරීම හේතුවෙන් කනගරත්නම් රජයේ ආරක්‍ෂක අංශ භාරයේ පසුවූ අතර තමා නිදහස් කිරීම සඳහා කොන්දේසියක් ලෙස ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදී ඔහුට සහාය පළ කළ යුතු බවට තමාගෙන් ඉල්ලා සිටි බව මන්ත‍්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කීපදෙනකු දුරකථනයෙන් අමතා පැවසූ බව TNA හි ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු පසුගියදා මාධ්‍යයක් හමුවේ පවසා තිබිණි.

    රජය විසින් වවුනියා මන්නාරම පාරේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිවාස සංකීර්ණයේ පිහිටි නව නිවාසයක් මන්ත‍්‍රීවරයාට ලබාදී ඇති අතර නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යංශයේ වාහනයක් ද ලබාදී ඇතැයි පැවසේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී කොටි සංවිධානය විසින් සිදුකළ ගුවන් ප‍්‍රහාරය සම්බන්ධව මන්ත‍්‍රීවරයාගේ පුත‍්‍රයා තවමත් ආරක්‍ෂක අංශවල අත්අඩංගුවේ පසුවන බවද ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි. නිදහස ලැබූ මන්ත‍්‍රීවරයා පසුගිය 16 දා මුලතිව් බලා ගොස් රජයෙන් දුන් ට‍්‍රැක්ටර් රථ බෙදා දීමේ උත්සවයකට සහභාගී වූ බවත්, එහිදී අදහස් පළ කර ඇති කනකරත්නම් මන්ත‍්‍රීවරයා තමන් සමග ජනාධිපතිවරයාට සහාය දීමට TNA මන්ත‍්‍රීවරු තිදෙනෙකු සිටින බවද පැවසූ බව lankaenews වෙබ් අඩවිය පසුගියදා දක්වා තිබිණි.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ජනාධිපතිගේ zසහායටZ එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කරගනී
    (ලංකා ඊ නිව්ස් -2010 ජන.20, ප.ව.8.00)

    ගාල්ල බූස්ස රැඳවුම් කඳවුරේ සිට කොළඹ අලූත් කඩේ උසාවියට අද (20) ඉදිරිපත් කළ එල්ටීටීඊ සැකකරුවන් ලෙස රඳවා සිටි රැඳවියන් 75 දෙනකු නිදහස් කරන්නැයි ත්‍රස්ත විමර්ශණ එAකකය විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත. එA අනුව එම පිරිසෙන් 18 දෙනකු නිදහස් කර යවන ලෙස අධිකරණය නියෝග කළේය.

    නිදහස් කරන ලද තරුණයන් පිරිස භාර ගැනීමට පැමිණ සිටි රාධා කි්‍රෂ්ණන් මහතා ඔවුන් සියලූ දෙනා මාලිගාවත්තට රැගෙන ගොස් ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතුවලට හවුල් විය යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදී තිබේ.

    සෙසු සැකකරුවන් සියල්ල පුනරුත්ථාපනය සඳහා යවන තෙක් වැලිකඩ රඳවා තැබීමට අධිකරණය නියෝග කර ඇත. මෙම සැකකරුවන් නිදහස් කරගෙන ඔවුන්ගෙන් බලාපොරොත්තු වන zමැතිවරණ සහායZ ගැන විපක‍ෂය සැක පහල කරයි.

    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=12076