ඊළමට යුරෝපයේ පාර කැපුවේ ආණ්ඩුවද?
LTTE සංවිධානයේ තහනම ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහායද ඊළාම්වාදීන්ට ලැබී ඇති බව දේශාපලන ආරංචිමාර්ග පවසයි. LTTE සංවිධානය තහනම් කරමින් යුරෝපා සංගමය විසින් 2006 වසරේ සිට පනවා තිබූ තහනම ඉවත් කරන ලෙසට LTTE හිතවාදීන් නඩුවක් ගොනු කරන ලදී. එම නඩුව විභාගයට ගැණුන දිනයේ පැමිණිලි පාර්ශවය විසින් තහනම ඉවත්කරවා ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කළද ශ්‍රී ලංකා ආණ්ඩුව එහිදී කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කර නොතිබිණි. ඒ හේතුකොටගෙන යුරෝපා සංගමය විසින් කරුණු සලකා බලා තහනම ඉවත් කර තිබේ.
LTTE හිතවාදීන්ගේ මෙම උත්සාහය පරාජය කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තම තානාපති සේවාවන් දක්ෂ අයුරින් යොදා නොගත් අතර මේ වනවිට ශ්‍රී ලංකාවේ තානාපති සේවය විහිළුකාරයන්ගේ ග්‍රහණයට ලක්වී ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.
මේ අතර ඇතැම් දේශපාන විචාරකයින් පෙන්වා දෙන්නේ ආණ්ඩුව හිතා මතා මෙවැනි තීරණයක් බලාපොරොත්තුවෙන් නඩුවට පෙනී නොසිටි බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයන් හිදී ඊළාම් භීතිය මවා පාමින් ජනතාව මුලා කරමින් දේශපාලන වාසි ලබාගැනීමට ආණ්ඩුවේ උත්සාහයක් තිබුණු බව ඇතැම් ඇමතිවරුන් කරන ප්‍රකාශවලින් පැහැදිළි වෙමින් තිබෙන බවද ඔවුන් පෙන්වා දෙයි.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙණුකා සෙනෙවිරත්න මහත්මියට LTTE හිතවත්කම් ඇති බවට ජවිපෙ මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය මගින් හෙළිදරව් කළ පසු ඒ සම්බන්ධ මාධ්‍ය වාර්තා රැසක් පළවිය.