කොටු පැනලා හමාරයි!!

9.57

Well-known member
  • කොටු පැනලා හමාරයි!!

    අන්තර් ජාලය ඔස්‌සේ
    අනියම් සබඳතා පවත්වන පුද්ගලයන් ගැන පරීක්‍ෂණ
    ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දන්වයි

    සමන්ත ඉලේපෙරුම

    අන්තර්ජාලය උපයෝගී කොට ගනිමින් අනියම් සබඳතා පවත්වන පුද්ගලයන් පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව
    ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක්‌ ගොනු කරමින් දැනුම් දුන්නේය.

    අන්තර් ජාලය හරහා සම්බන්ධ වෙමින් විවිධ දර්ශනයන් පෙන්වමින් ඇතැම් පුද්ගලයින් අනියම් සබඳතාවන් පැවැත්වීමට පෙළඹී ඇති බවත්
    මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිය මගින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් කාර්යාංශය වැඩිදුරටත්
    අධිකරණයට කියා සිටියේය.

    තම බිරිඳ සමග අන්තර් ජාලය හරහා කිසියම් පුද්ගලයකු අනියම් සබඳතාවක්‌ පවත්වන බවට හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු කරනු ලැබූ පැමිණිල්ලක්‌ අනුව
    මෙහි පරීක්‍ෂණ පවත්වන බව කියා සිටි ළමා හා කාන්තා කාර්යාංශය ඒ පිළිබඳව ගනු ලබන පියවර ඉදිරියේදී දැනුම් දෙන බව පැවැසුවේය.

    සිද්ධියට අදාළ පැමිණිලිකරු ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචිව සේවයේ නියුතු අයෙක්‌ වන අතර යම් පුද්ගලයකු අන්තර් ජාලය හරහා
    සිය බිරිඳ සමග අනියම් සබඳතාවක්‌ ගොඩනඟා ගෙන ඇති බවට ඔහු විසින් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලිකර තිබිණි.

    source
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔය වැඩේ අපේ අය වෙන වෙන දේවල් වලටත් යොදා ගනීවි.
    මම නම් හිතන්නේ සාර්ථක උපක්‍රමයක් නෙවෙයි.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අන්තිමට මෙහෙ police කාරයොත් අර ගැනිට line එක දාල තමා ඕක නවතින්නේ :P :D

    ඔය වැඩේ අපේ අය වෙන වෙන දේවල් වලටත් යොදා ගනීවි.
    මම නම් හිතන්නේ සාර්ථක උපක්‍රමයක් නෙවෙයි.

    ඒක තමයි අන්තිමට ‍වෙන්නේ. අන්තිමේදි පොලිස් කාරයෝ වැල සීඩී ගහල විකුණන්න පටන්ගනියි. ආදරේ කරන දෙන්නෙක් වීඩියෝ චැට් වලින් මොනව කලත් කමක නැහැ නේ.