මේ ගොල්ලෝ ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවෝ ත් රවට්ටලා නේ. ලේකම් හාමුදුරුවෝ නිධන් හොරෙක් කියලා ඥානසාර හාමුදුරුවෝ කියනවා. එක දැන් ද දන්නේ. එහෙම දැන් ගේනම මේගොල්ලො සිංහල බෞද්ධ යා රැවැට්ටුවා නේද?

අපේ පක්‍ෂයේ ලේකම් හිමි නිධන් හොරෙක්.. වරෙන්තුකාරයෙක්..- ඥාණසාර හිමි..
අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ වේදිනිගම විමලතිස්ස හිමියන්ට නඩු ගණනාවක් ඇතැයි එම පක්‍ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යාමට මධ්‍යම කාරක සභාව විසින් නම් කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරති.
පුරාවස්තු සංහාරයක් සම්බන්ධයෙන්ද ලේකම් හිමියන්ට චෝදනා එල්ල වී ඇති බවත්, වරෙන්තුවක් ද නිකුත් වී ඇති බවත්, සංඝ සභාවෙන්ද ප්‍රශ්න ඇතැයි ද තමන් සිතන බවත් උන්වහන්සේ පැවසීය.
ඒවායෙන් බේරීම සඳහා ලේකම් හිමියක් මන්ත්‍රීධුරය පාවිච්චි කරන්න උත්සාහයක යෙදෙන බව ද ඥානසාර හිමියෝ සඳහන් කළහ.
මේ අතර අපේ ජනබල පක්ෂය ලේකම් ලෙස කටයුතු කරන වේදිනිගම විමලතිස්ස හිමියන් කෑගල්ල ප්‍රදේශයේ සැඟවී සිටි බව හෙළි වී තිබේ.
උන්වහන්සේ මාධ්‍ය සඳහන් කරන ලද්දේ තමන් මෙම මන්ත්‍රී ධූරය ලබා ගත්තේ පසුව ඥානසාර හිමියන්ට හෝ රතන හිමියන්ට ලබාදීමට බවයි.
ර්‍මේ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් අද ලිඛිතව දැනුම් දී ඇත්තේ ලේකම්වරයා සම්බන්දයෙන් ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය නිරාකරණය කර ගන්නා තුරු අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා කිසිවකු ගැසට් මගින් ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කර ඇති බවයි
########
(මේක මෙහෙම කෙලින්ම දාන්න උණේ raterala කියන පොර මේ නිදන් කේස් සීන් වහලා මේක යොදාගෙන SLPP එකට මඩ ගහන නිසා . එහෙම මුන් සෙට් එකම SLPP එකට මඩ ගහන්නේ මේ මුස්ලිම් එවුන් ගේ සල්ලි නිසා මිසක් ජාතියට ඇති ආදරේ නිසා නම් නෙවෙයි
Last edited: