කොණ්‌ඩයා+එළදෙන

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    කොණ්‌ඩයා+එළදෙන

    කොණ්‌ඩයා සහ එළදෙනගේ කතා වස්‌තුව



    image.jpg


    මවගේ උණුසුමේ නිදා සිටි සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස්‌ කෲර අතවරයන්ට ලක්‌ කර මරා දැමීම තරම් ආන්දොaලනයට ලක්‌වූ සිදුවීමක්‌ පසුගිය කාලයේ වාර්තා නොවූ තරම් ය.

    ශිෂ්ට සම්පන්න සමාජයේ කතා කිරීමටවත් නොහැකි තරම් පහත් අශිෂ්ට සිදුවීම් රැසක්‌ මේ පුංචි සුරංගනාවිය ඝාතනය කිරීමේ සිදුවීම හරහා රටටම හෙළිදරව් විණි.

    පුංචි සේයා ඝාතන සිද්ධියෙන් කම්පනයට පත්වූවේ ඇගේ අසරණ දෙමාපියන් පමණක්‌ නොව මුළු රටම එදා හඬා වැටෙන්නට පටන් ගත්හ. හය හතර නොතේරෙන අහිංසක දැරිය ඉතා තුච්ඡ ආකාරයට ඝාතනය කිරීමට එරෙහිව දකුණේ ජනතාව පමණක්‌ නොව උතුරේ ජනතාව ද වීදි බසින්නට වූහ. මුළු රට එකහඬින් කියා සිටියේ සේයා දැරිය ඝාතනය කළ පාපතරයා අත්අඩංගුවට ගෙන මරණ දඬුවම ලබා දිය යුතු බවයිs.

    මුළු රටේම ජනතාවගේ දැස්‌ විවර වී තිබුණේ සේයා ඝාතනයට සම්බන්ධ අපරාධකාරයා අත්අඩංගුවට ගන්නේ කොයි මොහොතේදැයි දකින්නට ය. රටේ සියලුම මාධ්‍ය දැඩි උනන්දුවකින් බලා සිටියේ මේ මහා අපරාධයට සම්බන්ධ නරුමයා කවුරුන්දැයි රටට හෙළිs කරන දිනය එළැඹෙනතුරුය.

    රටේ ජනතාවගේ උනන්දුව දිනෙන් දිනම ඉහළ යද්දී ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වෙත එල්ලවී තිබූ බලපෑම් ද සියදහස්‌ ගුණයකින් ඉහළ ගොස්‌ තිබිණි.

    සේයා ඝාතනය ගැන මොන තරම් උනන්දුවක්‌ රටේ ජනතාව තුළ ඇතිවී තිබුණේ ද යත් ඊට සම්බන්ධ අපරාධකාරයා කවුරුන්දැයි ඔවුහු පූර්ව නිගමනයන්ට පවා එළැඹීමට ඉදිරිපත් වූහ.

    පුංචි සේයාගේ ඝාතනයට ඇගේ පියා සම්බන්ධ බවට මුලින් පොලිසිය සැක පහල කළේය. ඒ සැකය තහවුරු කර ගැනීම සඳහා විවිධ සාක්‍ෂි ද පොලිසිය සොයන්නට උත්සාහ කළේය. සේයාගේ මව මේ අභිරහස්‌ මිනීමැරුම පිටුපස සිටින බවටද සැකයක්‌ මතුව තිබුණේය. පුංචි දැරියගේ සීයා මේ අපරාධය සිදු කළ බවට ගම්මුන් මෙන්ම පොලිසියද සැක කළෝය.

    අසල්වැසි නිවසක පදිංචිව සිටි පාසල් ශිෂ්‍යයකු ද මේ ඝාතනයට ඈඳුණෝය. මේ ශිෂ්‍යයා සමග සේයාගේ නිවස ආසන්නයේ සිටි එක්‌ දරු පියකු ද පොලිසිය වෙත කුදළාගෙන ආවේ ඔවුන් වෙත එල්ල වී තිබූ විවිධ සැක සංකාවන් නිසාය.

    සේයා ඝාතකයා අත්අඩංගුවට ගැනීම දිනෙන් දින පමාවෙද්දී මුළු රටම කැළඹෙන්නට පටන් ගත්තේය. ඒ වනවිට කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසක්‌ පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලට ලක්‌ව සිටියහ.

    අවසානයේදී පොලිසිය සමන් ජයලත් නමැති පුද්ගලයකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත්තේය. දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ සමන් ජයලත් කියා සිsයේ සේයා ඝාතනය කළේ තම බාල සොහොයුරා වන දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්‌ඩයා විසින් බවය.

    රහස්‌ පොලිසිය සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය කොණ්‌ඩයා අත්අඩංගුවට ගන්නේ බෙම්මුල්ල ප්‍රදේශයේ දැවැන්ත මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුවය. පොලිසිය මුළු රටටම කියා සිටියේ කොණ්‌ඩයා විසින් මේ මහා අපරාධය සිදු කළ බවය.

    එහෙත් ඩී. එන්. ඒ. පරීක්‍ෂණය මේ සියලු සැක සංකා කණපිට පෙරළුවේය. සේයා දැරියගේ ඝාතනය පිටුපස කොණ්‌ඩයා නොමැති බව අනාවරණය වීමත් සමඟ මෙය මුළු රටම නැවත අන්දමන්ද වූහ. මේ සිදුවීම් හමුවේ පොලිසිය තව තවත් අසරණ විණි. නැවතත් සේයාගේ පවුලේ සාමාජිකයන් වෙත ඇඟිල්ල දිගුවන්නට පටන් ගත්තේය.

    අවසානයේදී සේයා ඝාතනයේ නියම අපරාධකාරයා කරළියට ආවේය. සේයා දැරිය ඝාතනය කළේ තමන් විසින් බව කොණ්‌ඩයාගේ වැඩිමහල් සොහොයුරු වන සමන් ජයලත් විසින් අධිකරණය හමුවේ පාපොච්චාරණය කිරීමත් සමඟම මාස කීපයක්‌ තිස්‌සේ මුළු රටම ගිනියම් කළ ඒ මහා ගින්දර නිවී ගියේය.

    සමන් ජයලත් මේ මහා අපරාධය සිදු කළ බව ඩී. එන්. ඒ. පරීක්‍ෂණයෙන් ද තහවුරු වුණේ පොලිසියට මහා අස්‌වැසිල්ලක්‌ ගෙන දෙමින්ය.

    සේයා ඝාතනය සම්බන්ධයෙන් කොණ්‌ඩයා වෙත චෝදනාවක්‌ එල්ල නොවූවද මේ රස්‌තියාදුකාරයාගේ රහස්‍ය ජීවිතය මුළු රටම හමුවේ නිරුවත් වන්නට පටන් ගත්තේය. කොණ්‌ඩයා විසින් සිදු කළ පහත් පෙළේ ක්‍රියාවන් එකින් එක හෙළිවන්නට විය.

    මියගිය තරුණ කාන්තාවකගේ සිරුර සොහොන් වළෙන් ගොඩ ගෙන ඊට අතවර කිරීම, කාන්තාවන්ගේ යට ඇඳුම් හොරා ගැනීම, සුරූපී තරුණ කාන්තාවන් ස්‌නානය කරන ස්‌ථානවල සැඟවී සිට විවිධ අස්‌වාභාවික ක්‍රියාවල නිරතවීම සම්බන්ධයෙන් කොණ්‌ඩයා වෙත චෝදනා එල්ල වී තිබුණේය.

    කොටදෙණියාවේ සිය සොහොයුරියගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියද කොණ්‌ඩයාගේ උපන් ගම වුණේ බෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයයි. කොණ්‌ඩයා තම උපන්ගම වූ බෙම්මුල්ල අතහැර කොටදෙණියාවට පැමිණ සිටියේ ද මහා අපරාධයකට අරඅඳිමින් සිටියදී එය ව්‍යර්ථවීමෙන් පසුවය. මේ සිදුවීම වී තිබුණේ ඊට මාස කිහිපයකට උඩදීය.

    බෙම්මුල්ල ප්‍රදේශයේ නිවසක නිදා සිටි දැරියක්‌ පැහැරගෙන ගොස්‌ ඇයට අතවර කරන්නට සූදානම් වෙද්දී මුළු ගමම අවදි වී ඇය සොයන්නට වූහ. ගම ගිනි ගැනීම නිසා කලබලයට පත්වූ කොණ්‌ඩයා දැරිය වෙල්යායක අතහැර දමා පලා ගියේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේද පසු වූ කොණ්‌ඩයා පසුව ඇප මත මුදාහැරීමෙන් අනතුරුව කොටදෙණියාවට ආවේය.

    එහෙත් සේයා ඝාතනයට කොණ්‌ඩයාගේ සම්බන්ධයක්‌ නැති බව හෙළිවීමත් සමඟම සියල්ල උඩුයටිකුරුවන්නට පටන් ගත්තේය.

    අහිංසක කොණ්‌ඩයාට මහා අසාධාරණයක්‌ සිදුවූ බව කියමින් හදවත් උණු කරගත් එක්‌තරා මිනිසුන් පිරිසක්‌ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ඉදිරිපත් වූහ.

    සාහසික අන්දමින් ඝාතනයට ලක්‌වූ සේයා දැරියට නොදැක්‌වූ අනුකම්පාවක්‌ කොණ්‌ඩයා වෙනුවෙන් දැක්‌වූ මේ හදවත් ඇති මිනිසුන් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වීමටද කටයුතු කළහ.

    ඒ මාධ්‍ය හමුවේ මහා වීරයකු ලෙස පෙනී සිටි කොණ්‌ඩයා තමන් වෙත එල්ලවී තිබූ සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කළේය. ඇතැම් රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති විකාශනවලින් වැඩි කාලවේලාවක්‌ වෙන් කෙරුණේ කොණ්‌ඩයාගේ නිර්දොaෂීභාවය රටට කියාපෑමටය.

    කොණ්‌ඩයා වෙනුවෙන් පෙනී සිටි හදවත් ඇත්තවුන් කියා සිටියේ ඔහු තරම් අහිංසක, අවංක නිර්දොaෂී, හික්‌මුණු ආදර්ශවත් තරුණයකු මුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේම නැති බවය.

    මාධ්‍ය හමුවේ කළ ප්‍රසිද්ධ කිරීම් හරහා කොණ්‌ඩයා වීරයකු වුණේය. මේ තරුණයා මොනතරම් අහිංසකයකු දැයි රටේ ජනතාව සිතන්නට වූහ. අවසානයේදී කොණ්‌ඩයා අත්අඩංගුවට ගත් පොලිස්‌ නිලධාරීන් මහා අපරාධකාරයන්ගේ ගොන්නට වැටෙන තරමටම ඔහු වෙත අනුකම්පාවක්‌ ලැබී තිබුණේය.

    පොලිස්‌ අත්අඩංගුවේ සිටි කොණ්‌ඩයා නමැති රස්‌තියාදුකාරයා ඇප මත මුදාහරිනු ලැබුවේය. ඔහු බෙම්මුල්ල ප්‍රදේශයට නැවත එන්නේ මහා වීරයකු ලෙසය.

    සේයා දැරිය ඝාතනය සම්බන්ධයෙන් සමන් ජයලත්ට එරෙහිව නඩුව ක්‍රියාත්මක වුණේය. පුංචි දැරිය ඝාතනයට ලක්‌වී මාස 06 ක්‌ ගතවන්නට පෙර ඒ මහා අපරාධය කළ තුච්ඡ මිනිහාට නිසි දඬුවම් ලබා දෙන්නට අධිකරණය පියවර ගත්හ.

    සේයා ඝාතනය සම්බන්ධයෙන් සමන් ජයලත් නමැති අපරාධකාරයාට මීගමුව අධිකරණය මගින් මරණ දඬුවම ලබා දෙන්නේ මෙවැනි මහපොළොව නුහුලන අපරාධ සිදු කරන පාපතරයන්ට ද පාඩමක්‌ ඉගැන්වීම සඳහාය.

    සමන් ජයලත්ට මරණ දඬුවම ලබාදී දින තුනක්‌ ගතවන්නට පෙර බෙම්මුල්ල ප්‍රදේශය නැවත උණුසුම් වුණේය.

    ඒ සමන් ජයලත්ගේ බාල සොහොයුරා වන කොණ්‌ඩයා යළිත් කරළියට සපැමිණීමත් සමඟය.

    ප්‍රේමරත්න මහතා විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකි. 64 හැවිරිදි වියේ පසුවන ඔහු සිය දියණියන් දෙදෙනා සහ බිරිඳ සමඟ පදිංචිව සිටින්නේ බෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයේය.

    ප්‍රේමරත්න මහතාගේ පුත්‍රයා ද නාවික හමුදා නිලධාරියකු ව සිටි අතර ඔහු මීට ටික කලකට උඩදී හදිසි අනතුරකින් මිය ගියේ මුළු පවුලම සෝ සයුරේ ගිල්වමින්ය.

    එතැන් සිට සිය දියණියන් දෙදෙනාගේ සහ බිරිඳගේ එකම රැකවලා වූයේ ප්‍රේමරත්නය.

    පසුගිය කාලයේ මුළු රටම හෙල්ලූ කොණ්‌ඩයා පදිංචිව සිටින්නේ ප්‍රේමරත්න මහතාගේ නිවසට මීටර් තුන්සියයක්‌ පමණ දුරින්ය. හරිහමන් රැකියාවක්‌ නොකර නන්නත්තාර ජීවිතයක්‌ ගත කරන කොණ්‌ඩයා උදේ සවස ප්‍රේමරත්න මහතාගේ නෙත ගැටෙයි.

    ඉකුත් 19 වැනිදා දහවල් ද ප්‍රේමරත්න මහතා කොණ්‌ඩයාව දුටුවේය. කොට කලිසමකින් සහ ටීෂර්ට්‌ එකකින් සැරසී නිවස ඉදිරිපිට මාර්ගයේ ඔහු ගමන් කරන ආකාරය ප්‍රේමරත්න මහතා හොඳින් දුටුවේය.

    එදින රාත්‍රී 9.00 යේ හෝරාවට ආසන්න වී තිබිණි. නිවසට පහළින් වත්තේ බැඳ සිටින එළවැස්‌සී නොනවත්වා කෑගසන හඬ ප්‍රේමරත්නට ඇසිණි.

    ඔහු විදුලි පන්දම ද රැගෙන වත්ත පහළට ගියේ එළවැස්‌සීට කිසියම් අනතුරක්‌ සිදුවී දැයි බැලීම සඳහා ය. එළවැස්‌සී කණුවට සිර වන ලෙස බැඳ දමා සිටින අයුරු දුටු ප්‍රේමරත්න ඒ පිළිබඳව විපරම් කරන්නට වුණේය.

    ගන අන්ධකාරය මැදින් එකවරම මතුවූ මිනිස්‌ ඡායාවක්‌ දත් විලිස්‌ස ගෙන ප්‍රේමරත්න වෙත කඩා පැන්නේය. ඒ හඬින් ප්‍රේමරත්නගේ හදවත එක්‌වරම ගැස්‌සී ගියද ඔහු බියට පත් වුණේ නැත. අත තිබූ විදුලි පන්දම ඔහු එකවරම මිනිස්‌ ඡායාව දෙසට එල්ල කළේය. ප්‍රේමරත්නට දෙලොව රත් වුණේ දත් විලිස්‌සාගෙන සිටින මිනිස්‌ රූපය හඳුනා ගැනීමත් සමඟය.

    උදේ සවස නිතර දකින කොණ්‌ඩයාගේ මුහුණ ප්‍රේමරත්නට හඳුනාගන්නට ඒ තරම් අපහසු වුණේ නැත. කොණ්‌ඩයාගේ සිරුරේ එක නූල්පොටක්‌වත් තිබුණේ නැත. ප්‍රේමරත්න වෙත නිරුවතින්ම කඩා පනිනු ලැබූ කොණ්‌ඩය පසුව කටු පඳුරු බිඳගෙන දුවන්නට පටන් ගත්තේය.

    ප්‍රේමරත්න මහතාට කිසිවක්‌a සිතා ගැනීමට නොහැක. කොණ්‌ඩයා තම ගෙවත්තේ නිරුවතින් කුමක්‌ කළේ දැයි ප්‍රේමරත්න සොයන්නට පටන් ගත්තේය. වැස්‌සිය බැඳ දමා තිබූ ස්‌ථානයට නුදුරින් ඇඳුම් කීපයක්‌ වැටී තිබෙනු ඔහු දුටුවේය.

    එහි වැටී තිබූ කොට කලිසම සවස්‌ කාලයේ කොණ්‌ඩයා ඇඳ සිටි කලිසම බව ප්‍රේමරත්න හඳුනා ගත්තේය. ඊට අමතරව කාන්තා යට ඇඳුම් කීපයක්‌ ද එහි වැටී තිබෙනු ප්‍රේමරත්න දුටුවේය.

    කණුවේ ගැට ගසා සිටි වැස්‌සිය දැඩි ලෙස කලබලයට පත්ව සිටින ආකාරය ප්‍රේමරත්න දුටුවේය. බිම වැටී තිබූ ඇඳුම් කීපය ද රැගෙන ප්‍රේමරත්න සිය නිවසට ආවේ දෙගිඩියාවෙන්ය.

    පසුදා පහන්වනතුරුම ප්‍රේමරත්නට නින්දක්‌ නැත. කොණ්‌ඩයා තම ගෙවත්තට නිරුවතින් ඇතුළු වුණේ කිසියම් අපරාධයක්‌ කිරීමට බව නිසැකය.

    මීට ටික කලකට උඩදී තම නිවසේ වහලයේ කාමර දෙකක උළු ගලවා තිබූ ආකාරය ප්‍රේමරත්නගේ සිsහියට නැඟුණේය. ඉන් එක්‌ කාමරයක තම දියණිය නිදාගන්න බවද ඔහුට සිහිපත් විණි. වහලයේ උළු ඉවත් කිරීමට කොණ්‌ඩයාගේ සම්බන්ධයක්‌ තිබේ දැයි ප්‍රේමරත්නට සිතුණු වාර අනන්තය.

    පසුදා උදෑසනම ප්‍රේමරත්න ගම්පහ සහකාර පොලිස්‌ අධිකාරී ශ්‍රීලාල් පෙරේරා මහතා මුණගැසුණේය. පෙර දින රාත්‍රියේ තමන් මුහුණ දුන් භයානක සිදුවීම පිළිබඳව ප්‍රේමරත්න සහකාර පොලිස්‌ අධිකාරිවරයා දැනුවත් කළේය.

    තම ගෙවත්තට ඇතුළු වී නිරුවතින් අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් ප්‍රේමරත්න කොණ්‌ඩයාට එරෙහිව ගම්පහ පොලිසියේ පැමිණිල්ලක්‌ කළේ මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක්‌ බලාපොරොත්තුවෙන්ය.

    ගම්පහ පොලිසිය කොණ්‌ඩයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්‌ ආරම්භ කළේ මෙම පැමිණිල්ල ලැබීමෙන් පසුවය. පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ බෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශය පීරමින් කොණ්‌ඩයා සොයන්නට වූහ. එහෙත් ඔහු ඒ වනවිටත් බදුවතුගොඩ හැර ගොස්‌ සිටියේය.

    කොණ්‌ඩයාගේ උපන් ගම බෙම්මුල්ල බදුවතුගොඩය. ගමේ වැඩි පිරිසක්‌ කොණ්‌ඩයාගේ ඥතීන්ය. බදුවතුගොඩ ජනතාව කොණ්‌ඩයාට එරෙහිව වචනයක්‌ හෝ පැවසීමට ඉදිරිපත් නොවන්නේ ඒ අමනුෂ්‍යයා පිළිබඳව හොඳින් දන්නා නිසාය.

    අරක්‌කු ටික්‌ක බී ගත්තහම ඌ තිරිසනෙක්‌ .ඒ වෙලාවට ඌම දන්නේ නැහැ ඌ මොනවද කරන්නේ කියලා. දරු පැටව් එක්‌ක අපිත් මේ ගම්වල ජීවත් වෙන්න ඕනේ.

    ගම්මුන්ගෙන් වැඩිදෙනකු කියන්නේ එවැනි කථාවන්ය. කොණ්‌ඩයා යනු බෙම්මුල්ල බදුවතුගොඩට චණ්‌ඩියකු නොවන බව සැබෑය. නමුත් ඔහු තුළ ඇති තිරිසන් ගති පැවතුම්වලට ගම්මුහු මහා බියක්‌ දක්‌වති. කොණ්‌ඩයාට එරෙහි වීමට කිසිවකුත් ඉදිරිපත් නොවන්නේ ඒ නිසාය.

    මත්පැන් හෝ ගංජා පානය කර සිහිවිකල් කර ගන්නා කොණ්‌ඩයා රාත්‍රි කාලයේ ගමපුරා සැරි සරන්නේ තම පහත් පෙළේ ආශාවන් සන්තර්පනය කර ගැනීම සඳහාය. ඒ අවස්‌ථාවේදී ඔහුට තිරිසන් සතෙක්‌ වුවද කම් නැත. එම තිරිසනා යොදාගෙන ඔහුගේ ආශාවන් ඉටු කර ගැනීමට ඔහු පසුබට නොවෙයි. තම තිරිසන් ආශාවන් සන්තර්පනය සඳහා තිරිසන් සතකු හෝ යොදා ගන්නට මෙවැනි මානසිකත්වයක්‌ ඇති වූන් කටයුතු කරති. ඉකුත් 19 වැනිදා කොණ්‌ඩයා ප්‍රේමරත්නගේ ගෙවත්තට කඩා පැන්නේ පහත් ආශාවන්a කෙසේ හෝ ඉටු කර ගැනීමට බව පැහැදිලිය.

    කොණ්‌ඩයාගේ මේ ක්‍රියා කලාපයට එරෙහිව කතා කිරීමට අද කිසිවකුත් නැත. කොණ්‌ඩයා වීරයකු කළ ඇතැම් මාධ්‍ය පවා අද මුනිවත රකින්නේ ඒ නිසාය. ප්‍රේමරත්න මහතාගේ ගෙවත්තට ඇතුළු වී නිරුවතින් හැසිරී මේ වනවිට සතියකට ආසන්න කාලයක්‌ ගත වී ඇතත් කොණ්‌ඩයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී නැත. තමන් නිර්දොaaaෂිත නම් සැඟවී සිටීමේ අවශ්‍යතාවක්‌ කොණ්‌ඩයාට නොතිබිය යුතුය.

    මුළු සමාජයටම පිළිලයක්‌ වන මෙවැනි නරුමයන් සමාජයෙන් ඉවත් කළ යුතුය. එසේ නොකළහොත් ඉදිරියේදී සේයා වැනි තවත් අහිසංකාවියන් විනාශ වනු ඇත්තේය. මෙවැනි නරුමයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම පොලිසියේ ද වගකීමකි.


    හේමන්ත රන්දුණු(DIVAINA)
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    ඔය වගේ එව්න්ව සුද්ද කරපු මාද්ය කාරයොන්ට මඩු වල්ගෙන් තලන්න ඕනේ..අනික ඔච්චර වැරදි තියෙන එකෙක්ට ඇප දිපු එව්න්ට..
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කොන්ඩයා ඔය කියන ජාතියේ වන මුර්ගයකු නොවන බව රටම දනී. පොලිසියේ පළිගැනීමේ තවත් උපක්‍රමයකි. මේ වගේ වැඩ වලින් පොලිසිය දිනෙන් දිනම රටේ ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් වේ.

    පොසිලියට වෙච්ච නින්දාව මග හරවාගැනීමට මහත් ආන්දෝලනයකට තුඩු දුන් පාසල් ශිෂ්‍යා මත්ද්‍රවය චෝදනාවක් දැමීමට පොලිසිය පියවර ගත්තේ පලිගැනීමට නොවෙයි ද. ?

    සමහර පිරිස් උදුල් ප්‍රේමරත්නලාට බනින්නේ කිසිදු විචාර බුද්ධියකින් තොරවය. උදුල් කියන්නේ ඉතිහාසය පුරාවටම මේ රටේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමට දායක උන උතුම් පුද්ගලයකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලැබූ පුද්ගලයින් උදුල් ව විවේචනය කරනු ඇත.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    කොන්ඩයා ඔය කියන ජාතියේ වන මුර්ගයකු නොවන බව රටම දනී. පොලිසියේ පළිගැනීමේ තවත් උපක්‍රමයකි. මේ වගේ වැඩ වලින් පොලිසිය දිනෙන් දිනම රටේ ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් වේ.

    පොසිලියට වෙච්ච නින්දාව මග හරවාගැනීමට මහත් ආන්දෝලනයකට තුඩු දුන් පාසල් ශිෂ්‍යා මත්ද්‍රවය චෝදනාවක් දැමීමට පොලිසිය පියවර ගත්තේ පලිගැනීමට නොවෙයි ද. ?

    සමහර පිරිස් උදුල් ප්‍රේමරත්නලාට බනින්නේ කිසිදු විචාර බුද්ධියකින් තොරවය. උදුල් කියන්නේ ඉතිහාසය පුරාවටම මේ රටේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමට දායක උන උතුම් පුද්ගලයකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලැබූ පුද්ගලයින් උදුල් ව විවේචනය කරනු ඇත.

    එහෙනම් මචන් උබ කොණ්ඩයව උබලගේ ගෙදර ගෙනල්ලා තියාගනින්.මාසයකින් උබලගේ ගෙදර ඉන්න ගෑණුන්ට කිසිම අතවරයක් උනේ නැත්නම් මම උබ කියන දේ පිළිගන්නම්.:rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    ඔය වගේ එව්න්ව සුද්ද කරපු මාද්ය කාරයොන්ට මඩු වල්ගෙන් තලන්න ඕනේ..අනික ඔච්චර වැරදි තියෙන එකෙක්ට ඇප දිපු එව්න්ට..

    ඕවා බන් ජාන වලින් එන දේවල්.ඕකුන්ව සුද්ද කරන උන්ට ඔය වගේ දෙයක් උනොත් තමා තේරෙන්නේ.හැම රෙද්දටම පොලිසිය බණිනවා.සේයාව දූෂණය කරෙත් පොලිසිය කියලා කියයි ඔය වගේ උන්.