කොණ්ඩ කට්ටෙන් කැටපත් පවුරේ කුරුටු ගී ලි
කොණ්ඩ කට්ටෙන් කැටපත් පවුරේ කුරුටු ගී ලියන්නට ගොස්
හිරේ විලංගුවේ වැටුණු ලලනාව
සීගිරිය බලන්නට පැමිණි ලලනාවක් පසුගියදා තමන්ගේ කොණ්ඩයට ගසා තිබූ කොණ්ඩා කට්ටෙන් කැටපත් පවුර කුරුටු ගෑවාය. ලලනාව මේ ගමන පැමිණ තිබුණේ ආදරවන්තයන්ගේ දිනයේදීය. ඕ තොමෝ සිය නමේ කොටසක් සමග ස්තුතියි යන වචන ඉංග්‍රීසියෙන් කැටපත් පවුරේ කුරුටුගා තිබුණාය. ඒ කුරුටු ගෑම නිසා කැටපත් පවුරේ ඓතිහාසික ලේඛනයක අක්ෂර දහයක් පමණ විනාශ වී තිබිණි. කුරුටුගෑම අවසන් වනතුරු මේ වග පුරාවිද්‍යා ආරක්ෂකයන් දැක නැත. කෙසේ වෙතත් අවසානයේදී ඔවුහු ඇයව අත්අඩංගුවට ගත්තෝය. අනතුරුව සීගිරිය පොලිසිය මගින් දඹුල්ල වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය වන නිලූකා විඡේතිලක වෙත ඉදිරිපත් කළෝය. මහෙස්ත්‍රාත්වරිය විසින් මේ තැනැත්තිය රක්ෂිත බන්ධනාගාර ගත කළාය. කැටපත් පවුර කොණ්ඩකට්ටෙන් කුරුටු ගෑ ඒ ලලනාව මේ වෙනකොටත් ඉන්නේ බන්ධනාගාරයේය.
ඒ ඇත්තීගේ නම සින්නතම්බි උයද ශ්‍රී ය. වයස අවුරුදු විසි හතක්ය. පැමිණ සිටියේ මඩකලපුවේ සිටය. ඈ සමග පනහක පමණ නඩයක් සීගිරිය බලන්නට පැමිණ සිටියෝය. විමසා බලන විට කැටපත්පවුර කුරුටු ගෑ ලලනාව ඇතුළු මේ නඩය සීගිරි කැටපත් පවුර ගැන දැන සිට නැති බව අසන්නට ලැබිණි. කැටපත් පවුර කුරුටු ගෑවේ තමන් සීගිරියේ කැටපත් පවුර ගැන නොදන්නා නිසා බව මේ ඇත්තීත් පොලිසියට කීවාය. ඒ වග අපේ සංස්කෘතික හා කලා කටයුතු පිළිබ`ද ඇමති නන්දිමිත්ර ඒකනායකත් තහවුරු කළේය. එතුමා මේ බව පැහැදිලි කරමින් කීවේ අපිත් තරුණ කාලේ ගස් ගල් මත විවිධ දේ ලියා තැබූ අයුරු මතක බවත්, එසේ කළේ ඒ ස්ථානවලට හානි කිරීමට නොවන බවත්, කියාය.
නන්දිමිත්ර ඒකනායක තමන්ගේ තරුණ කාලේ ගස් ගල් මත අහවල් දෙයක් ලීවාදැයි අපට තේරුමක් නැත. අපට අසන්නට ඇති මුල්ම කාරණාව සීගිරියේ කැටපත් පවුර නොදන්නවා නම් මේ වහන්තරාව සීගිරිය බලන්නට ඇවිත් තියෙන්නේ අහවල් දේකටද කියාය.
මඩකලපුව ගිනි ගහන්නට පායන්නේය. සීගිරියත් එසේය. සීගිරි ලලනාවන් ගැනත්, සීගිරි කැටපත් පවුර ගැනත් නොදන්නා කෙනෙකුට සීගිරිය මෙලෝ රහක් නැති ගල් පවුවකි. එසේ තිබෙද්දී පෙට්‍රල් පුච්චාගෙන මඩකලපුවේ සිට සීගිරි එනවාට වඩා සුදුසු විකල්ප ගණනාවක් මේ පිරිසට තිබිණි. මුල්ම විකල්පය සීගිරියට වඩා උස ගල් ඕනෑතරම් මඩකලපුව පැත්තේත් ඇති බැවින් ඒ ගලකට නැගීමය. එසේත් නැත්නම් වෙනසකටත් එක්ක නුවරඑළියට ගොස් කිකිළියාමාන වැනි කන්දක් නැගීමය. එසේ නොවීමේ විපාක ලෙස අසරණ සින්නතම්බ් උයද ශ්‍රී හිරේය. සීගිරි කැටපත් පවුරේ පුරාණ ලේඛනයක් විනාශය. මේ විනාශය නොදන්නාකම නිසා සිදුවූ බව රටට පිළිගන්නට සිදුවීම
ඊළඟ කාලකණ්ණිකමය. කරුමය අප අප ගැන නොදන්නා බව ලෝකයට කියන්නට වීමය.
මේ රටට එන විදේශිකයන්ගෙන් ලංකාවට පැමිණියේ කුමක් නිසාදැයි විමසුවහොත් ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් කියන්නේ කාරණා තුනකි. එකක් මනරම් මුහුදු වෙරළ දැකීමය. අනෙක් කාරණාව අලි ඇතුන් නැරඹීමය. තුන්වන කාරණාව සීගිරියේ අසිරිය දැකීමය. සීගිරිය අපව ලෝකයට විවෘත කරනා ප්‍රවේශයක් වූයේය. එහෙත් මේ විශ්වීය අරුමය අරුමයක් සේ දකින්නට නොහැකි තරම් අප දුගීය. මෑතක දී සීගිරිය පිළිබ`ද සිරිමත් කතා අපට අසන්නට ලැබුණේ නැත. එහෙත් සීගිරියේදී සංචාරකයන්ට එල්ලවෙන බඹර ප්‍රහාර ගැන ඇසෙන්නේය. තවත් වරෙක කෘමි උවදුරට ලක්වන බිතු සිතුවම් ගැනත් ඒවා රක්ෂා කරන්නට ගොස් ලෝකයටම අන්නවන පුරාවිද්‍යා නිලධාරීන් ගැනත් ඇසෙන්නේය. තවත වරෙක පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලදමුත් පුරාවිද්‍යා නිර්මිතයන්ට පටහැනිව ඉදිවන වැසිකිලි පද්ධති ගැන අසන්නට ලැබෙන්නේය. කැටපත් පවුර වසා විසිරෙන කුරුළු වසුරු ගැන ඇසෙන්නේය. මේ අතර සීගිරිය බලන්නට එන උන්ම තමුන්ගේ කොණ්ඩා කටු හෝ හැට්ටා කටු ගලවා කැටපත් පවුර කුරුටු ගානු වාර්තා වන්නේය.
මෑතකදී මේ ව්‍යසනය කළේ සින්නතම්බි නමැත්තිය පමණක් නොවේ. පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ පාසල් සිසුවියක් මේ ආකාරයටම කැටපත් පවුර පැහැරුවාය. ඇය ඒ විනාශය කළේ මාකර් පෑනක් යොදා ගනිමිනි.
මේ දැරිය සීගිරිය නැරඹීමට පැමිණ තිබුණේ පාසලින් සංවිධානය කළ අධ්‍යාපන චාරිකාවක් ලෙසය. කැටපත් පවුර ගැනත් සීගිරියේ විශ්වීය වටිනාකම ගැනත් අවබෝධයක් නොදී අධ්‍යාපන චාරිකාවක් වශයෙන් මේ දරුපැටවු සීගිරියට රැගෙනවිත් තිබුණේ අල කන්නටදැයි එදා මේ රටේ මිනිසුන් ඒ දරුවන්ගේ ගුරුවරුන්ගෙන් ඇසුවේ නැත. මේ දැරියත් පැමිණ සිටියේත් නැගෙනහිර පළාතේ පාසලකිනි. දැරිය අත්අඩංගුවට පත් වූවාය. බාල වයස්කාර දැරියක් නිසා ඇයට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවිනි. ඇත්තවශයෙන්ම අත්අඩංගුවට ගතයුතුව තිබුණේ මේ අධ්‍යාපන චාරිකව සංවිධානය කළ ගුරුවරුය. අනතුරුව ගැටලුව දේශපාලන ප්‍රශ්නයක් තෙක් දුර ගියේය. දැරිය පොලිස් ඇප මත නිදහස් වුවාය. ඒ අතීත කාලකණ්ණිකම යළිත් සිදුවී තිබෙන්නේය.
මේ වනවිට සින්නතම්බි නමැත්තිය කැටපත් පවුරට කළ විනාශය පිළිබ`ද වාර්තාවක් සැකසීමට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් දී ඇති බව සැලය. ඉදිරියේදීත් මෙවැනි වාර්තා බර ගණනක් ලියන්නට මේ ඇත්තන්ට සිදුවනු ඇත්තේය. ඊට හේතුවක් ඇත්තේය. අප දන්නා උන් බොහෝ දෙනෙක් නොදන්නා මිනිසුන්ය. නොදන්නා මිනිසුන් අතර ජාතියක වටිනාකම් ආරක්ෂා වන්නේ නැත. මේ වනවිට ඒ නොදන්නාකම මේ රටේ පුරවැසි ස්වරූපයේ ලක්ෂණයක් වී තිබෙන්නේය. මේ මිනිසුන් යන්නේ කොතැනකටදැයි දන්නේ නැත. දකින්නේ මොනවාදැයි දන්නේ නැත. කරන්නේ කුමක්දැයි වැටහීමක් නැත.
කැටපත් පවුර කුරුටු ගෑ සින්නතම්බි උයද ශ්‍රී නමැත්තියට දොස් තබා පලක් නැත. ඇය ලාංකීය පුරවැසි අනන්‍යතාවය යළිත් රටට පෙන්වා තිබෙන්නීය.
ජානක ලියනආරච්චි සීගිරිය සරත් එරමිණිගම්මන