කොතන හෝ මට වැරදිලා..........

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කොතන හෝ මට වැරදිලා..........

    ........................................
    --------------------------------
    --------------------------------
    --------------------------------


    ගැල අදින ගොනු සේ, සසර බැඳි බැමි
    ගැල පුරාවට පුරවලා..................
    එය දරා ගත්තේ එ හැම තැන් වල
    තමන්ගේ කම වැඩි නිසා..............
    ගැලට බර නැත ඒත් වරපට
    තද වැඩියිදෝ මිරිකිලා................
    කර තබා රැකි වස්තුවම ඒ
    ගැල පුරාවට විසිරිලා..................

    මිටින් තද කර සුරැකි සෙනෙහස
    ඇඟිලි තුඩගින් ගිලිහිලා..............
    තැනින් තැන රැඳි ඉකි ගසන හඩ
    පැලේ මුලුවල හිර කලා.............
    මරා හැඟුමන් හලා හල විස
    අනිසි ගමනක පිය තබා.............
    පුරා පෙරුමන් තනන දෙවොලේ
    පාදමම අද දෙදරලා.................

    අතින් අල්ලා නගින පිය ගැට
    පටන් ගද්දිම පැටලිලා..............
    සෙමින් දලුලා වැඩෙන වල් පැල
    එකින් එක හෝ උගුලලා...........
    පෙරුම් පුරලා කිරි වැදී එන
    සමය අතරට රිංගලා...............
    තදින් වෙලිලා රැකගන්න ගිය
    ගමන කොහෙ හෝ වැරදිලා......
    :(

    සුමුදු සම්පත්....
    02/12/2017

     
    Last edited:
    • Like
    Reactions: ArunaTelshan

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බැඳුන බැමි ලෙස
    සිතනු කෙලෙසද
    තමන්ගේකම යැයි සිතේනම්
    මිරිකි වරපට ලිහිල් වේනම්
    පමණි විසිරෙනු ගැල පුරා......................


    මිටින් තදකල සිතින් ලිස්සන
    සෙනෙහසට ඇයි ලොබවෙලා
    මොර දිදී නැහැවුනත් මහ වැසි
    තැනූ පැල මත හිරවෙලා
    අනිසි ගමනක්නම් කිමද අද
    පාදමක් ගැන සොවහෙලා....................


    සොඳුරු සිතුමන් සිතේ පොදි බැඳි
    සසර මංපෙත් විසිරිලා
    කිරි වැදුනු ඒ පෙරූ පිරුමන්
    වල්මත්ව යයිනම් නොබා
    යදම් තිබුනද කෙසේනම් අද
    රැකගමුද ජීවන සොබා.......................


    [මචන් ජීවිතේ හැමදේම සීරියස් ගන්න ඕන . නැත්නම් වැඩක් නෑ. අත්දැකීම් කියන්නෙ හොඳම පාඩමක් නිසා. කාලයට ඉඩක් දීපන්. කවද හරි මැරෙන අපි, අපි ගැන නොහිතනම අය ගැන හිතල හිතලම තමයි මැරෙන්නෙත්.]
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    බැඳුන බැමි ලෙස
    සිතනු කෙලෙසද


    මචන් ඔක්කොටම ඉස්සර ලියවුනු විදිහ කියන්නම්.

    ගැල අදින ගොනු සේ, සසර බැඳි බැමි
    ගැල පුරාවට පුරවලා..................
    එය දරා ගත්තේ එ හැම තැන් වල
    තමන්ගේ කම වැඩි නිසා..............

    මචන් මෙතන මම සසර බැඳි බැමි කියල අදහස් කලේ දරුවන් ඉන්න විවාහ ජීවිතය. (කෙලින්ම නොකියා කවියට ගැලපෙන්න.) මගෙ පවුල නේද කියල හිතල හැම බරක්ම දරාගත්තා

    ගැලට බර නැත ඒත් වරපට
    තද වැඩියිදෝ මිරිකිලා................
    කර තබා රැකි වස්තුවම ඒ
    ගැල පුරාවට විසිරිලා..................

    දරුවන්ට බිරිඳට තියන ආදරය වැඩිකමට ආරක්ශාවට දාල තියන නීති තද නිසා එයාලගෙ ආදරය අඩුවෙලා නිසයි ආරක්ශාවට දාපු වරපට තද කමට කැඩිල විසිරිලා කියන්නෙ.

    මිටින් තද කර සුරැකි සෙනෙහස
    ඇඟිලි තුඩගින් ගිලිහිලා..............

    මිටින් තද කල සෙනෙහස ගිලිහිලා කියන්නෙ ආදරේ වැඩි කමට වැරදි නොකරන්න සැර කරන නිසා ආදරය කරන අය ඈත් වෙලා කියලා.

    තැනින් තැන රැඳි ඉකි ගසන හඩ
    පැලේ මුලුවල හිර කලා.............

    දරුවො, බිරිඳ ගෙයි තැන් තැන් වල තනියම සුසුම් හෙලන විදිහ දකිද්දි තමයි තැන තැන ඉකිගසන හඬ කියල අදහස් කලේ.

    මරා හැඟුමන් හලා හල විස
    අනිසි ගමනක පිය තබා.............
    තමන් අතින් සිදුවෙච්ච වැරදි හදාගෙන

    පුරා පෙරුමන් තනන දෙවොලේ
    පාදමම අද දෙදරලා.................

    අනාගතේ ලස්සන ජීවිතයක් ගත කරන්න පටන් ගනිද්දිම මේ වගේ දෙයක් සිද්ද වෙන එක තමයි අදහස් කලේ...

    අතින් අල්ලා නගින පිය ගැට
    පටන් ගද්දිම පැටලිලා..............

    අලුත් ගෙයක් හදාගෙන අලුතින් පදිංචි වෙලා පටන් ගනිද්දිම හිතපු නැති ප්‍රශ්න ඇවිත් මොකද කරන්නෙ කියල හිතාගන්න බැරි එකයි පියගැට පෙල පැටලිලා කියල අදහස් කලේ.

    සෙමින් දලුලා වැඩෙන වල් පැල
    එකින් එක හෝ උගුලලා...........
    පෙරුම් පුරලා කිරි වැදී එන
    සමය අතරට රිංගලා...............

    ගේ දොර, යාන වාහන කාලයක් උත්සාහ කරල ලබාගෙන අමාරු කොටස පහු කරල නිසා තමයි කිරිවැදී එන ගොයම කිව්වේ ඒකට එන පොඩි පොඩි ප්‍රශ්න තමයි වල් පැල විදිහට දැක්කේ ..........

    තදින් වෙලිලා රැකගන්න ගිය
    ගමන කොහෙ හෝ වැරදිලා......
    වැඩිපුර ආදරය කරන්න ගිය එකද හැමදෙයම වැරදින්න හේතුව කියල හිතනවා...............:rolleyes:




    [මචන් ජීවිතේ හැමදේම සීරියස් ගන්න ඕන . නැත්නම් වැඩක් නෑ. අත්දැකීම් කියන්නෙ හොඳම පාඩමක් නිසා. කාලයට ඉඩක් දීපන්. කවද හරි මැරෙන අපි, අපි ගැන නොහිතනම අය ගැන හිතල හිතලම තමයි මැරෙන්නෙත්.]


    අපි ගැන නොහිතනම අය xxxx (අපෙන් ආදරය වැඩිපුර බලාපොරොත්තුවෙන අපේම අය)



    Thanks මචන් comments වලටයි දිරි ගැන්වීමටයි..:yes:
     
    Last edited:

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    ........................................
    --------------------------------
    --------------------------------
    --------------------------------


    ගැල අදින ගොනු සේ, සසර බැඳි බැමි
    ගැල පුරාවට පුරවලා..................
    එය දරා ගත්තේ එ හැම තැන් වල
    තමන්ගේ කම වැඩි නිසා..............
    ගැලට බර නැත ඒත් වරපට
    තද වැඩියිදෝ මිරිකිලා................
    කර තබා රැකි වස්තුවම ඒ
    ගැල පුරාවට විසිරිලා..................

    මිටින් තද කර සුරැකි සෙනෙහස
    ඇඟිලි තුඩගින් ගිලිහිලා..............
    තැනින් තැන රැඳි ඉකි ගසන හඩ
    පැලේ මුලුවල හිර කලා.............
    මරා හැඟුමන් හලා හල විස
    අනිසි ගමනක පිය තබා.............
    පුරා පෙරුමන් තනන දෙවොලේ
    පාදමම අද දෙදරලා.................

    අතින් අල්ලා නගින පිය ගැට
    පටන් ගද්දිම පැටලිලා..............
    සෙමින් දලුලා වැඩෙන වල් පැල
    එකින් එක හෝ උගුලලා...........
    පෙරුම් පුරලා කිරි වැදී එන
    සමය අතරට රිංගලා...............
    තදින් වෙලිලා රැකගන්න ගිය
    ගමන කොහෙ හෝ වැරදිලා......
    :(

    සුමුදු සම්පත්....
    02/12/2017



    තදින් වෙලිලා රැකගන්න ගිය
    ගමන කොහෙ හෝ වැරදිලා :love::love: