කොතලාවල පනත අධ්‍යාපන විකිණිමක්ද ? Fact research

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,352
    113
    කොතලාවල පනත අධ්‍යාපන විකිණිමක්ද ?
    කොතලාවල පනත, මේ දිනවල සමාජ මාධ්‍ය මෙන්ම බොහෝ වගකිව යුතු මාධ්‍ය අතර ප්‍රධාන මාතෘකාවක් වී ඇත. රටම කෝවිඩ් වසංගතයෙන් විපතට පත්ව තිබෙන මෙවන් අවස්ථාවක විශ්ව විද්‍යාල සිසුන්, ගුරුවරුන් වැනි උගත් පිරිසක් මහමගට බැසීමට තරම් කොතලාවල පනත බලපාන්නේ කෙසේ දැයි යන්න සොයා බැලීමට Fact Research කණ්ඩායම අවශ්‍ය විය. කොතලාවල පන්ති පිළිබඳව විවිධ මත සමාජගත කිරීමට උත්සාහ දරන පිරිස් බොහෝ ඇත.

    “මේ තමයි කොතලාවල පනත” (විනාඩියක් වෙන් කරලා කියවපල්ලා) යනුවෙන් පසුගිය දා Rohana K Amarakoon ගේ ෆේස්බුක් පිටුවෙහි සඳහන් විය.


    එහි වැඩිදුරටත් සඳහන් වූයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, වෘත්තීය ප්‍රමිති ආයතනය(උදා . SLMC, IESL ), විශ්වවිද්‍යාල සනාතන සභාවන් හා පාලක සභාවන් මේ සියලු ආයතන වල බලතල එකම මණ්ඩලයකට ලබාදීම කොතලාවල පනත මගින් සිදුකරන බවයි.

    ඒ හරහා ඔහු විසින් සමාජගත කිරීමට උත්සහ දරන මත හයක් වේ . එනම්,
    දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙන 1978 විශ්වවිද්‍යාල පනත මේ මණ්ඩලයට බලපාන්නෙ නෑ.
    නෑම පෞද්ගලික විශ්ව විද්‍යාලයකට, මේ මණ්ඩලයේ අනුමැතිය අරගෙන, ොතලාවල විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෙලා උපාධි පිරිනැමීමේ තත්ත්වය( degree awarding status) ලබාගන්න පුළුවන්.
    මේ මණ්ඩලයෙන් අනුමත කරන උපාධි වලට ප්‍රමිති ආයතන වල පිළිගැනීමක් අවශ්‍ය නෑ. තමන්ගේ උපාධි ප්‍රමිතිය හොඳයි කියලා ඒ මණ්ඩලයටම තීරණය කරන්න පුළුවන්.
    මේ මණ්ඩලය වගකියන්නේ ආරක්ෂක ඇමති ට විතරයි. මුදල් නියාමනය විගණනය තමන්ම කර ගන්නවා තමන්ගේ උපාධි වල මිල තීරණය කරන්නේ මේ මණ්ඩලය විසින්මයි.
    විශ්ව විද්‍යාල විතරක් නෙමෙයි පාසල් පිහිටුවන්න ඒ වන විෂය නිර්දේශ තීරණය කරන්න විභාග පවත්වන්න මේ සම්පූර්ණ බලතල මෙම මණ්ඩලයට හිමියි. අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාල නෑ.
    විශ්වවිද්‍යාලය ඇතුලේ සිදුවෙන ඕනෑම විරෝධතාවයක් “තමන්ට සුදුසු යැයි හැඟෙන ඕනෑම පියවරක්” අරගෙන මර්දනය කරන්න ආරක්ෂක ඇමතිට සම්පූර්ණ බලය තියෙනවා. ඒ කියන්නේ ඕනෑම අසාධාරණයකදී ඔලුව නවාගෙන ඉන්න පුළුවන්.

    යනුවෙන් රොහාන් කේ අමරකෝන් විසින් ඉදිරිපත් කරනු ලැබූ මතය වෙනුවෙන් කරුණු දැක්වීම පහත පරිදි වේ.

    “දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙන 1978 විශ්වවිද්‍යාල පනත මේ මණ්ඩලයට බලපාන්නේ නෑ” මේ පිළිබද පැහැදිලි කිරීමක් කරන්නේ නම්, සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ පෞද්ගලික ධනයක් වූ කඳවල වත්ත හමුදා නිලධාරීන්ට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටවීමට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව 1981 වසරේදී කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය KDA යන්නෙන් ආරම්භ විය.

    1988 කොතලාවල පනත පාර්ලිමේන්තු සභා සම්මත කර ගැනීමෙන් පසු, කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය හරහා ත්‍රිවිධ හමුදාවටම උසස් අධ්‍යාපනය හැදෑරු නිලධාරීන් පිරිසක් එකතු කිරීමට හැකි විය.

    විශ්ව විද්‍යාලයක අවශ්‍යතාවය සපුරාලීම සඳහා 2007 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සමග පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෙය විශ්වවිද්‍යාලයක් බවට පත් කරන ලදී. එහිදී බාහිර සිසුන්ටද, අධ්‍යාපනය ලබා ගැනීමට අවකාශය සලසා දීම ප්‍රධාන අරමුණක් විය. එයට හේතුව වන්නේ විශ්විද්‍යාල සඳහා වරම් නොලබන නමුත් කඩයිම් ලකුණු ආසන්නයේ සිටින සිසුන් සඳහා අවස්ථාවක් ලබාදීම වේ. මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අනුමැතිය ලත් උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස 2007 සිට මේ වන තෙක් වසරකට සිසුන් ගණනාවකට උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් වේ.

    දෙවනුව මෙලෙස සඳහන් විය “ සෑම පෞද්ගලික විශ්ව විද්‍යාලයකට මේ මණ්ඩලයෙන් අනුමැතිය අරගෙන කොතලාවල විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෙලා උපාධි පිරිනැමීමේ තත්ත්වය ( Degree awarding status )ලබා ගත හැකි බව ය” මෙයද පදනම් විරහිත ප්‍රකාශයකි, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඇති අධ්‍යාපන ආයතන හැරුණු විට කිසිදු පෞද්ගලික විශ්ව විද්‍යාලයකට හෝ අධ්‍යාපන ආයතනයකට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සමග කටයුතු කිරීමට අවකාශයක් නොමැති බවය.

    තුන්වනුව ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ “මෙම මණ්ඩලයෙන් අනුමත කරන උපාධිවලට ප්‍රමිති ආයතන වල පිළිගැනීමක් අවශ්‍ය නෑ තමන්ගේ උපාධි ප්‍රමිතිය හොඳයි කියලා ඒ මණ්ඩලයට තීරණය කරන්න පුළුවන්” කොතලාවල විශ්ව විද්‍යාලය අනිත් සෑම විශ්වවිද්‍යාලයක් ලෙසම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ පාඨමාලා පවත්වාගෙන යන ආයතනයක් වේ. ශ්‍රී ලංකා ප්‍රමිති රාමුවට අනුව පාඨමාලා පවත්වාගෙන යන අතර එහි ඇති ගුණාත්මකභාවය පවත්වාගෙන යෑම සඳහා අරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණය නිරන්තරයෙන්ම යොමු වෙයි.

    හතරවන ඔවුන් සඳහන් කරනුයේ “ මේ මණ්ඩලය වගකියන්නේ ආරක්ෂක ඇමතිට විතරයි, මුදල් නියාමනය, විගණනය තමන්ම කරගන්නවා තමන්ගේ උපාධිවල මිල තීරණය කරන්නේ මෙම මණ්ඩලය විසින්මය යනුවෙනි. ශ්‍රී ලංකාවේ සිදු අධ්‍යාපන ආයතනයකට විශ්වවිද්‍යාලයකට තමන්ගේ අභිමතය පරිදි පාඨමාලාවල මිල ගණන් තීරණය කිරීමට හැකියාවක් නොමැත. සෑම විශ්ව විද්‍යාලයක් මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ද, ශ්‍රී ලංකා ප්‍රමිති රාමුවට අනුව Sri Lanka association for quality ආයතනයේ සහයෝගයෙන් නව පාඨමාලා නිර්මාණය කිරීමේදී පවා සෑම විශ්ව විද්‍යාලයකම පාඨමාලාවන් හා සැසඳීමෙන් පාඨමාලාවල් ගාස්තු කිරීම සිදු වේ.

    පස්වනු ඔවුන් සඳහන් කරනු ලබන්නේ “ වීශ්ව විද්‍යාල විතරක් නෙමෙයි පාසල් පිහිටුවන්න ඒ සදහා විෂය නිර්දේශ තීරණය කරන්න විභාග පවත්වන්න සම්පූර්ණ බලතල මේ මණ්ඩලයට හිමියි , අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නෑ” යනුවෙනි. මෙයද පදනම් විරහිත ප්‍රකාශයකි. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවත්වාගෙනයන උසස් පාඨමාලා පවත්වන ආයතන හැරුණු කොට පාසල් ඇති කිරීමට හෝ පාසල් විෂය නිර්දේශ වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට කිසිදු බලපෑමක් කිරීමට මෙම පනතින් හැකියාවක් නොමැත.

    සයවන ඔහු ප්‍රකාශ කරනු ලබන්නේ “ විශ්වවිද්‍යාලය ඇතුලෙ සිදු වෙන ඕනෑම විරෝධතාවයක් තමන්ට සුදුසු යැයි හැඟෙන පියවරක් අරගෙන මර්දනය කරන්න ආරක්ෂක ඇමතිට සම්පූර්ණ බලය තියෙනවා ඒ කියන්නේ ඕනෑම අසාධාරණයකදී ඔලුව නමාගෙන ඉන්න පුළුවන්” යනුවෙනි.

    මෙය තරමක් විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩව හැසිරෙන පුද්ගලයෙකුගේ ප්‍රකාශ ස්වරූපයක් ගනියි. වසර 12 ක පාසල් අධ්‍යාපනය අවසන් කරන සිසුවෙකු විශ්වවිද්‍යාලය සඳහා වරම් ලබනුයේ ඔවුන්ගේ කඩයිම් ලකුණු වල විශිෂ්ට සාමාර්ථය පාදක කරගනිමිනි. එලෙස විශ්වවිද්‍යාලයට යන සිසුවෙකුට තමන්ගේ අධ්‍යාපන කටයුතු නිදහසේ කර ගැනීමට අවකාශයක් විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩකාරී හැසිරෙන කණ්ඩායම් ඉතිරි කර නොමැත.

    2007 වසරේ සිට හමුදා නිලධාරීන් මෙන්ම සිවිල් විද්‍යාර්ථයින් එකම පන්ති කාමරයක් තුළ අධ්‍යාපනය ලබන ආයතනයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ කිසිදු අර්බුදයක් මේ වන තෙක් ම බිහි වී නොමැත. එකම අධ්‍යාපන රටාවක සැවොම එක ක්‍රියාකාරකම්වල යෙදෙමින් ඉතා සහයෝගයෙන් තමන්ගේ උසස් අධ්‍යාපනය නිම කරනු ලබන අතර කිසිම දිනෙක ඔවුන් අතර ගැටුමක් ඇති කිරීමට කණ්ඩායම් එකතු නොවනු ඇත. එලෙස වීමට බලපාන එකම සාධකය වී ඇත්තේ කොතලාවල විශ්ව විද්‍යාලය තුළ පවත්වාගෙන යනු ලබන විනය පද්ධතිය වේ.පාසලක විශ්වවිද්‍යාලයක විනයක් පවත්වාගෙන යෑම යනු ප්‍රකාශන අයිතිය,මත ඉදිරිපත් කිරීමට ඇති අයිතිය නැති කිරීමක් නොවේ.

    මොහු විසින් ඉදිරිපත් කරන ප්‍රබල තර්කය වනුයේ ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට නොහැකි වුණු අංශ දෙකක් ඇති බවයි, ඉන් එකක් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව වේ. මෙම පනත සම්මත කිරීම තුළින් නිදහස් අධ්‍යාපනය විකිණීමටත් වඩා පාසල් මට්ටමේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමක් වන බව සමාජගත කිරීමට මොහු උත්සාහ දරා ඇත.

    ජනතාව තුළ අනියත බියක් ඇති කරමින් නිදහස් අධ්‍යාපනයේ අවකාශය කොතලාවල පනත මගින් සම්පූර්ණයෙන්ම අවහිර කෙරෙන බව සමාජගත කිරීමට උත්සාහ දරන පිරිසක් මෙවන් ප්‍රකාශ සමාජගත කිරීමට උත්සහ දරන නමුත් කොතලාවල පනත යනු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් අධ්‍යාපන ආයතන වලට පමණක් අදාලවන පනතක් වේ. ඒ තුළින් නිදහස් අධ්‍යාපනයට බාධාවක් කිරීමට නොහැකිය. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා ද මේ සදහා කරුණු දක්වන ලදී.

    මුලාශ :
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    Rocket Rohitha තවත් PhD එකකට ලෙකාලා පස්සේ යනවා (Dolawatta)
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    "Adyapanaya wikunanawa" kiyannema moda tharkayak.

    Api igena gattet itin kawru hari adhyapanaya wikunapu nisa tamai .
    1 - 13 wenakan school eke, eeta passe campus eke sir la kawruwat pinata igannuwe nane.
     
    • Like
    Reactions: navinnuwan