කොත්තුවක් කා තරුණයා මරුට...🛑🚨☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,283
    47,157
    113
    1rRpWK4.jpeg



    කොත්තු ආහාරයට ගැනීමෙන් පසු රෝගී වී රෝහල් ගත කළ 35 හැවිරිදි තරුණයෙකු පෙරේදා (24) රාත්‍රියේ සිට ඊයේ (25) අලුයම දක්වා කාලය තුළ මියගොස් ඇති බව අඟුරුවාතොට පොලීසිය පවසයි.

    මියගිය තැනැත්තා ගල්පාත, බටගොඩ, නදීඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ඩී. මහේෂ් සංජීව නන්දදේව (35) නමැති අවිවාහක තරුණයෙකි.

    පෞද්ගලික ආයතනයක රැකියාවක නිරතව සිටි මියගිය තරුණයා පෙරේදා රාත්‍රී 8.30ට පමණ රැකියාව නිමවා නිවසට පැමිණ තිබේ. ඔහු පැමිණෙන විට කොත්තුවක් රැගෙන විත් ඇති අතර, එය තම වැඩිමහල් සහෝදරයා සමඟ ආහාරයට ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. රාත්‍රී 10.30ට පමණ ඔහුට වමනය හා උදරයේ වේදනාවක් ඇති වී ඇති අතර, වහාම ගල්පාත රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු හොරණ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති අතර, එහිදී ඊයේ අලුයම ඔහු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොත්තුව කාපු දවස් වලට විතරද මිනිස්සු මැරෙන්නේ බත් කාපු දවස් වලට මැරෙන්නේ නැද්ද එතකොට
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,507
    14,521
    113
    35
    Spain
    කොත්තුව නිසා මැරුණා කියලා නෙවෙයි බං මේ කියන්නේ.

    මැරෙන්න කලින් කොත්තුවක් කෑවා කියලා.
    😌
    ඔවු, හාට් ඇටැක් එකක් ඇවිත් වගේ
     
    • Like
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,404
    113
    කෑගල්ල
    අමෝ ඔය මළ ජරාවක් කාල තමා wife ගේ ඇගේ පළු දාන්න ගත්තේ, සති තුනක් විතර බෙහෙත් ගත්තා අඩු වෙන්න. කොත්තුව කන්න ගියේ 2000 යි, බෙහෙත් වලටයි report වලටයි ගිය 20,000 ට වඩා... :lol:

    අර කෙහෙළිය ගේ කාලෙත් ඔය වගේ බඩේ අමාරු කියලා admit කරලා වැක්සින් කරපු උන් මැරුණ නේද? මේකත් එහෙම උනාද දන්නේ නෑ.

    මටත් කිව ආයේ අමාරු උනොත් hospital නවත්තලා වැක්සින් එක ගහන්න ඕනේ කියලා, වෙලාවට අඩු උනා.