උබලගෙ පැත්තෙ රයිස් කොත්තු ගණන් කොහොමද?


අද හදිස්සියකට තෙල් හොයන්න කිරුලපන ඉදන් බොරලැස්සගමුව පැත්තෙ යාළුවෙක්ගෙ ගෙදර ගියා. එන ගමන් කන්න ගියා. යන යන තැන් වල පට්ට ගණන්. ඉතිං අපිට පොඩි කඩයක් සෙට් උනා වෙන තැන් වගේ නෙවෙයි නිකන් ගෙදරක් වගේ. මිලත් අඩුයි
චිකන් රයිස් නෝමල් එක 450
ලාජ් එක 650
චීස් කොත්තුව 650
ඔයාලගෙ පැති වල කොහොමද දන්නෑ. මට හම්බ උන තැන්වලින් හොද තැනක්.
බජට් පැක් එක 200 යි. පොඩි චිකන් කෑල්ලක් එක්ක රයිස්. අවුලක් නෑ ඒකත් පොඩි බඩගින්නකට ඇති. අනික එතන ඉන්න මනුස්සයාගෙ කස්ටමර් කෙයා සුපිරි. හරි හොද සැලකිල්ල. සිංහල කඩේකින් මට ලැබුණ හොද ම සැලකිල්ල කිව්වොත් හරි.
තැන නම් සුනේත්රා දේවි පිරිවෙන් විහාරය පහු කරගෙන නුගේගොඩට එන පාරෙ විහාරය පහු වෙලා මීටර් 150 ක වගෙ දුර. කඩේ නම නම් මතක නෑ බන්. ඔය පාරෙන් යනවා නම් ගිහින් කාපල්ලා. ඒකෙ ටේස්ට් එක උබලට ඇල්ලුවෙ නැත්නම් කොරන්න දෙයක් නැතේයා. මට නම් හොදයි.
පලි:-
සුනේත්රා දේවි පිරිවෙන් විහාරය ළග ඉදන් ගම්සභා හංදියට එන පාරෙ තියෙන්නෙ.