කොත්මලේ-ගණිතයා

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    කොත්මලේ-ගණිතයා


    කොත්මලේ විසූ පොන්න නැකැත්තා හෙවත් කොත්මලේ ගණිතයා කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) රජුගේ කාලය අවට ජීවත් වූ නක්‌ෂත්‍රයේ පරතෙරට ගිය උඩරට රාජසභාවේ සේවය කළ නමක්‌ ගත් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම්කරුවෙකි. දුටුගැමුණු කුමරු පියා හා අමනාපව කොත්මලේට පලා ආ ගැමුණු කුමරු කොත්මලේ කොටගේපිටියේ වීසුරුගෙදර ගමරාළ ළඟ අතවැසියෙකු ලෙස වෙල්වලාගෙන අවුරුදු දොළහක්‌ ජීවත් වී ඇත. එකල කුමරු හඳුන්වන ලද්දේ "ගුත්තා" නමිනි. ගැමුණු කුමරු කොටගේපිටියේ ගුත්තා නමින් ජීත්වන කල කුමරුගේ දේහ ලක්‌ෂණ, පින් මහිමය, දැක කුමරු මතු රජවන බව පොන්ත නැකැත්තා ප්‍රකාශ කළ බව කියවෙයි. එහෙත් පොන්න නැකැත්තා යනු කොත්මලේ ගණිතයාගේම නක්‌ෂත්‍ර පරපුරට යෙදුණු පොදු නාමයක්‌ බව පෙනී යයි. ගම්පල යුගයේ තරම වෙහෙර විහාර නිර්මාණය කන්ෂත්‍ර පරපුරට යෙදුණු පොදු නාමයක්‌ බව පෙනී යයි. ගම්පළ යුගයේ තරම වෙහෙරවිහාර නිර්මාණය නක්‍ෂත්‍ර හා ශිල්ප කටයුතු සඳහා දකුණු ඉන්දියාවෙන් ආ ශිල්පී පරම්පරාවකින් ඔහු පැවත එයි. "පොන්න" යනු දකුණු ඉන්දියාවේ භාවිත වූ නාමයකි. ගම්පළකල පමණ ලංකාවට ආ පොන්න පරපුර තම කීර්තිය වැඩීගිය පසු දකුණු ඉන්දියාවෙන් පැමිණීම හා කුල තොරතුරු වසා දැමීම සඳහා මේ පරපුරේ ආරම්භය ගැමුණු කුමරු කාලයට පසුකල සම්බන්ධ කර ඇත.

    කොත්මලේ මාවෙලගමේ පදිංචිව සිටි කොත්මලේ ගණිතයා විවාහ වූයේ උඩුනුවරිනි. ඔහුට සිටියේ දූවරුන්ම හත් දෙනෙකි. හත්දෙනාම අවිවාහක වූහ. ගෙදර වැඩට ගණිතයා විසින් හිසේ කටුවක්‌ ගසා මෙල්ල කොට රැගෙනවිත් සිටි යක්‌ෂයෙක්‌ ඔහු නැති දිනෙක ගැබ්බරව සිටි ගණිතයාගේ බිරිඳ හා දූවරුන් හත්දෙනා මරා ලේ විලක්‌ වඟුරුවා ශ්‍රීපාද අඩවියට පලාගොස්‌ සැඟවුණේය. කෝපය ඉහවහාගිය ගණිතයා කරුංකා ගෙඩියක්‌ මතුරා පිල්ලියක්‌ ලෙස යවා යක්‌ෂයා මත්ත්‍ර බලෙන් ගෙන්වා තිස්‌පනේ පිහිටා තිබූ බුදුන්හිටිලෙන අසල ඉපැරැණි ඇටඹ ගහට තබා ගෙල කපා මරා දමා ඇත. ඉන්පසු මේ ඇටඹ ගහ "යකඹ" ගහ නමින් ප්‍රසිද්ධ විය. කොත්මලේ ගණිතයා මාවෙල ගමේ සිට තල අත්ත කිහිලි ගන්නා ගෙන සෙන්කඩගල රාජසභාවේ රාජ සේවයට යැම සිරිත විය. සුබ නැකතින් මන්ත්‍ර පුරවා කොත්මලේ ඔය හරහා දැමූ උස්‌ ගල්තලා හෙවත් පාදියවලට අඩි තබමින් ඔයෙන් එතෙරවීම ගණිතයාගේ පුරුද්ද විය. ඔහු විසින් ලිවූ "මහා ගණිතය" නම් නක්‌ෂත්‍ර ග්‍රන්ථයක්‌ ඔහුගේ පරපුරෙන් පැවත එන ඩී. පී. සාමෙල් මහතා ළඟ තිබී 1984 අප විසින් පරීක්‌ෂා කරන ලදී. "මහා ගණිතය" තෙළිඟු බසින් ලියා ඇති බව පෙනී යයි. මෙම පුස්‌කොළ අත්පිටපත 1984 කොත්මලේ හරංගල මහා විද්‍යාලයේ පැවති සංස්‌කෘතික ප්‍රදර්ශනයට තබන ලදී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යව සිටි අපවත්වූ වරකාවේ ධම්මාලෝක අනුනාහිමි හා මහාචාර්ය පී. බී. මීගස්‌කුඹුර මහතා විසින් එම අත්පිටපත මෙහිදී පරීක්‌ෂා කරන ලදී. පිටුවල දෙපැත්තේම ලියා ඇති අතර ලිත් ඉලක්‌කම්වලින් පිටු අංක යොදා ඇත. එහි පුස්‌කොළ පිටු 150 පමණ ඇත. බු.ව. 2301 හෙවත් ක්‍රි.ව. 1757 මහා ගණිතය ලියවී ඇත. කොත්මලේ මාවෙල සාරංග වැල්ලේ දේව උපහාරයක්‌ ලෙස නැටු නැටුම් අළලා "සාරංග මාලය" නමැති සිංහල කවිපොත ද කොත්මලේ ගණිතයා ලිවූ බව සැලකෙයි.

    කොත්මලේ ගණිතයාගේ පරපුරෙන් පැවතෙන සාමෙල් මහතාගේ නිවස අසල ගල්තලාවක ගණිතයා ග්‍රහ ගමන් පරීක්‌ෂාවට ගණනයට යොදා ගත් සිදුර සහිත ගල් පුවරුවක්‌ ඇත. ගණිතයා භාවිත කළ පන්හිඳ දෙකක්‌ හා තවත් වස්‌තු කීපයක්‌ සාමෙල් මහතා සතුව ඇත. මෙම පන්හිඳවල් ඉහත සඳහන් කළ හරංගල මහා විද්‍යාලයේ සංස්‌කෘතික ප්‍රදර්ශනයට තැබීමට අපට හැකි විය.

    කොත්මලේ ගණිතයා පිළිබඳ ඇති එක්‌ රසවත් ජනප්‍රවාදයක්‌ මෙහි ඉදිරිපත් කරමු. දිනක්‌ උදැසන මැතිරූ තල අත්ත කිහිලි ගන්නා ගෙන කොත්මලේ ඔය හරහා දමා ඇති පාදියවලට ගණිතයා විඩාව සංසිඳුවා ගෙන ගිමන් හැරීමට අඩිපාර අද්දර තිබූ අම්බලමකට ගොඩවී අසුන් ගෙන බුලත් මඩිස්‌සලය ඇද විටක්‌ සපන්නට විය. ටික වේලාවකින් මහලුවියේ පසුවන තවත් මගියෙක්‌ පැමිණ අම්බලමේ අසුන් ගත්තේය. පාළුව යැමට දෙදෙනා කතාබහට එකතු විය. තමා නක්‌ෂත්‍රකරුවකු බවත් රාජ සේවය සඳහා සෙන්කඩගල රාජසභාවට යන් බවත් බුලත්විට සපමින්ම ගණිතයා මහල්ලාට කීවේය. මහල්ලා නළල රැළි ගන්වා ගණිතයා දෙස බැලුවේය. හොඳයි මේ වෙලාවේ සිකුරු ග්‍රහයා ඉන්න ස්‌ථානය කියන්න පුළුවන්ද?

    මහල්ලා ගණිතයාගෙන් විමසුවේය. ගණිතයා කොටු අඳිමින් බෙල්ලන් දමමින් පන්හිඳ රැගෙන හිස කසමින් කීපවරක්‌ ග්‍රහචාරය ගෙන බැලුවේය. එහෙත් සිකුරු සිටින ස්‌ථානය අපැහැදිලිය.

    තවම හොයාගන්න බැරිවුණාද? අමුත්තා අසයි. ගණිතයා නැවතත් ග්‍රහචාරය පරීක්‌ෂා කොට හිසකෙස්‌ අතින් පීරමින් පරීක්‌ෂා කළත් පිළිතුරක්‌ නොලැබෙයි. ඔහු අමුත්තා දෙස බලා මොහොතක්‌ කල්පනා කරන්නට විය.

    සිකුරු ග්‍රහයා ඔබතුමාවත්ද? ගණිතයා අමුත්තාගේ දැත අල්ලා ගනිමින් මුහුණ දෙස බැලුවේය.

    ඉගෙන ගත්තේ එච්චරයි. අමුත්තා ගණිතයාගේ දෙනෙත්වලට ඇඟිල්ල තැබුවා පමණෙකි. ඔහුගේ පෙනුම අතුරුදන් වී දැස්‌ අන්ධ විය. කොත්මලේ ගණිතයා මහල්ලාගේ දැත් තදින්ම බදාගෙන වැළපීමට විය. ඔබ වහන්සේ මට නැවත පෙනුම ලබාදෙන්න. මොහොතකින් ගණිතයාට යළිත් තිබූ පෙනුම හිමිවිය.

    උතුරා ගිය ප්‍රීතියෙන් සිකුරුගේ පාමුල වැටුණු ගණිතයා සිකුරු දෙවියාගේ වරම් හා ආශීර්වාදය ඉල්ලා සිටියේය. ඔහුගේ හිස මත අත තබා සිකුරු ග්‍රහයා ඔහුට ආශීර්වාද කළේය. ඒ සමඟ ඉන්පසු සිකුරු ග්‍රහයාගේ අසීමිත බලවේගය ඔහුගේ නක්‌ෂත්‍ර කටයුතුවලට හා ජීවිතයට එකතු විය. සිකුරුගේ ආශීර්වාදය හා වරම් ලැබූ කොත්මලේ ගණිතයාට ඉන්පසු "සිකුරාධිපති" යන ගෞරවනාමය හිමි විය. ඔහුගේ පරපුරේ අයද සිකුරාධිපති නම ආඩම්බරයෙන් අදත් භාවිත කරති.



    එස්‌.කේ. ජයවර්ධන
    Divaina 24-04-2011
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඇයි බං පොන්න නැකැත්තා කියලා නම තිබ්බේ.. අද ටීවී වල ඉන්න උන්ට කොහොමද කටක් ඇරලා බනින්නේ..