කොතැනක හෝ සියළුම දේ වැරදී ඇත

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    කොතැනක හෝ සියළුම දේ වැරදී ඇත

    ඒ 99 වසරේ අන්තිම මාස කිහිපයයි. නිවසේ සැලැස්මට අලුතින් එක් කල කුඩා කොටසකට අනුමැතිය ලබා ගැනීමට මට ඊට අදාළ පළාත් පාලන ආයතනයට යාමට සිදු විය.

    දින දෙකක් මගේ සියළු රාජකාරී කටයුතු කල් දමාගෙන අදාළ කාර්යාලයට ගියත් ඉතා සරළ කටයුත්තක් වූ මගේ අවශ්‍යතාවය සම්පුර්ණ කරගත නොහැකි විය. තෙවන දින මා මෝටර් රථය අසල රථ ගාලක නවත්වා පිටතට පැමිණෙන විට තවත් රථයක් අසළ සිටි, දැක පුරුදු ඇති අයෙක්, සිනහවක් මුව රඳවාගෙන මා අසලට පැමිණියේය.

    "චන්දිම ගෝමස් නේද?"

    කලකට පෙර, එනම් 88-89 කලබල සමයේ, වසර දෙක තුනකට සරසවි වසා දැමුණු බැවින් මම වරළත් ඉංජිනේරු පාඨමාලාව හැදෑරීමට වැල්ලවත්තේ සංගම් ආයතනයට ගියෙමි. මොහොමඩ් නමීස් එම පාඨමාලාවම හැදෑරු මගේ හොඳම මිතුරෙකු විය.

    "මචං නමීස්, දැක්ක කල්, කොහොමද ජීවිතේ". මා කලකින් දුටු මිතුරා සමග ආ ගිය තොරතුරු කතා කරන්න විය. අවසානයේ ඔහු මා පැමිණි කාරණය විමසුවේය.

    "චන්දිම, ඔය වැඩේ හරි සිම්පල්. ඔතන ඉන්නවා ගුණරත්න කියල හාදයෙක්. මිනිහට රුපියල් දෙසීයක් අත මිට මෙලෙව්වම පැයෙන් වැඩේ කරනවා. එහෙම කලේ නැත්නම් ෆයිල් යට ගහනවා, ඩොකියුමන්ට් මිස් ප්ලේස් කරනවා..... එක විකාරයි. මම දැන් තුන් හතර පාරක් මිනිහට කියල වැඩ කරවගත්ත". නමීස් සුපුරුදු විනෝදශීලි වාග් විලාශයෙන් මට ඉතා වටිනා උපදේශයක් දුන්නේය.

    මට ගුණරත්න පසුගිය දෙවරම හමු වූ බව සිහිවිය. කවුන්ටරයේ සිටින නිලධාරිනියගෙන් මගේ අවශ්‍යතාවය පිළිබඳව විමසූ විට "පොඩ්ඩක් අර ගුණරත්නගෙන් අහන්න" කියා ඇය මාව ඔහු වෙතට යොමු කරයි.

    "ඒ වැඩේ තාම කෙරිලා නැහැ". මේ ගුණරත්නගේ සුපුරුදු පිළිතුරයි.

    "මේක හරි පොඩි වැඩක්නේ, ඇයි මෙච්චර පරක්කු වෙන්නේ".

    "ඒක මම දන්නේ නැහැ. ඕවා අනුමත කරන්නේ අපේ සෙක්ෂන් එකෙන් නෙවෙයි. මම කරන්නේ ෆයිල් එක නියමිත තැන් වලට ගෙනියන එක විතරයි". දෙවෙනි දින ගුණරත්න නොසැලකිලිමත් ආකාරයෙන් මට බුරා පැන්නා මතකය.

    කොතරම් කරදරයක් වුවත්, පගාව දීම මා පිළිකුල් කල දෙයක් බැවින් නමීස්ගේ වටිනා උපදේශය මම බැහැර කලෙමි. ඒ වෙනුවෙන් මට මාස ගණනක් එම පළාත් පාලන ආයතනයට යාමට සිදු විය. ඒ පාඩුව රුපියල් දහස් ගණනක් වන්නට ඇත.

    මේ සඳහා මා ගිය එක් දිනක අදාළ කවුන්ටරයේ නිලධාරිණිය නොසිටි බැවින් තේ කෝප්පයක් බීම සඳහා මම අසළ භෝජනාගාරයකට ගියෙමි.

    යාබද මේසයේ තරමක් උස් හඬින් ලොකු සාකච්චාවකි.

    "අපේ රට කන්නේ ඔය හම්බ හැත්ත. ඕකුන්ව ඉක්මනින් නැති කලේ නැත්නම් සිංහල ජාතියත් ඉවරයි, බුද්ධාගමත් ඉවරයි" තුන් හතර දෙනෙක්ව වටකරගෙන සිංහ ගර්ජනාව නගන්නේ ගුණරත්නයන්ය.

    ඉන් පසු ගතවූ වසර 15 දී ගුණරත්නලා දහස් ගණනක් ලංකාවේ බිහිවිය. ඉන්දියාවෙන් ගෙන්වන බජාජ් ත්‍රීවීලරයේ පිටුපස, චීනයේ මුද්‍රිත "සිංහලේ" ස්ටිකරය ගසාගෙන යන කොළු ගැටයාගේ සිට UNO කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාස කරන විමල් වීරවංශ දක්වා වූ මේ සියළු ගුණරත්නලා සිංහල ජාතියත් බුදු දහමත් බේරා ගැනීමට අවි අමෝරාගෙන සිටිති. එහෙත් බේරාගන්න දඟලන කාරණා දෙකම දිනෙන් දින අභාවයටම යයි.

    කොතැනක හෝ සියළුම දේ වැරදී ඇත.



    ඉහත දැක්වෙන්නේ 1965 අගෝස්තු 10 වනදා මැලේසියාවේ පලවන ප්‍රධාන පුවත්පතක මුල් පිටුවයි. සිංගප්පුරුව බලහත්කාරයෙන්ම මැලේසියාවෙන් පිටමං කල දිනට පසුදායි. කිසිඳු ඵලදායි ආදායම් මාර්ගයක් තබා බොන්නට වතුර පොදක් හෝ නොමැති බිම් කඩක මිලියන දෙකකට ආසන්න බඩගිනි හමුදාවකගේ නායකයා ලෙස ඔටුනු පැළඳි ලී ක්වාන් යූ දින හතක් තිස්සේ කුසට නිසි අහරක් නොගෙන තම කුටියට වැදී කල්පනා කරන්න වන්නේය. එවකට මැලේසියාවේ බ්‍රිතාන්‍යය තානාපතිවරයා ලී ගේ කිට්ටු මිත්‍රයකු විය. ඔහුගේ දැඩි ඉල්ලීමට හා බ්‍රිතාන්‍යයේ සහයෝගය ලැබෙන බවට කල සහතිකයකින් පසු ලී තම ජනතාව ඉදිරියට පැමිණියේය. ඔහු තම ජනතාව මත දැඩි කොන්දේසි දෙකක් පැමිණ වුයේ එය පිළිපදින්නේ නම් පමණක් තමා රට ගොඩනගන්න ඉදිරිපත් වන බව කියමිනි.

    ඉන් පළමුවැන්න නම් රටේ කිසිඳු ජාතිවාදයක් නොතිබිය යුතු බවයි.

    දෙවැන්න නම් රටේ දුෂණය ශුන්‍ය විය යුතු බවයි.

    ඔහු තම ගමන ගියේය. ජනතාව ඔහු පසු පසින් ආවේය. ලී බ්‍රිතාන්‍යයෙන් හෝ වෙනත් කිසිඳු රටකින් ආධාර ඉල්ලුවේ නැත. ඔහු ඉල්ලුවේ ආයෝජනයන්ය. ඒ වෙනුවෙන් ඔහු එම රටවලට දුෂණයෙන් සහ වාර්ගික අසමගියෙන් තොර රටක් සහ ජාතියක් ලබා දුනි. අද සිංගප්පුරුව කොතැනදැයි මා අමුතුවෙන් කිවයුතු නැත. ලී මිය යන විට ඔහු ඇතුළු ඔහුගේ මුළු හත්මුතු පරම්පරාවම සිංගප්පුරුවේ සිටින ඉහලම ධනවතුන්ය. එහෙත් කිසිඳු සිංගප්පුරු වැසියෙකු ඔහුට වරදක් නොකියයි. මන්ද ඔහු තම පවුලට කරගත්තේ රටම ගොඩ ගැනීමෙන් පසුව වීමයි. පොලියට ණය ගෙන එම මුදලෙන් පමණක් නොව පොලිය ගෙවීමට පොලියට ගන්නා ණය මුදලෙන්ද වැඩි ප්‍රමාණයක් සාක්කුවේ දා ගන්නා අපේ රටේ දේශපාලකයා සහ ලී ක්වාන් යූ අතර ඇති වෙනස මෙයයි.

    අද සිංගප්පුරුවේ සිටින චීන සම්භවය ඇත්තෝ තම සියලු සංස්කෘතික අංගයන් ඉතා හොඳින් රැකගෙන යති. මුස්ලිම් භක්තික මැලේවරුන්ද, හින්දු භක්තික ද්‍රවිඩයන්ද, සෑම වර්ගයකටම අයත් ක්‍රිස්තියානි භක්තිකයන්ද සිය අනන්‍යතාවයන් ඉතා හොඳින් පවත්වාගෙන යති. එහෙත් තම සිංගප්පුරු ජාතිකත්වය ඒ සැමටම ඉහලින් ඔවුන් ඔසවා තබති.



    මෑතකදී මා යූ ටියුබ් හරහා ලංකාවේ පැවතී රසවත් රුපවාහිනී සාකච්චාවක් නැරඹීය. එම සාකච්චාවේ මාතෘකාව වුයේ පෙරහරට අලි යොදා ගැනීම පිළිබඳවයි. මෙහිදී සහභාගී වූ දියවඩන නිලමේ වරයෙක් සහ ඇත් හිමියෙක් පුන පුනා කියා සිටියේ පෙරහැර පැවැත්වීමට අලි මදි බැවින් බැවින් කැලයෙන් අලි අල්ලා ගැනීමට රජය අවසර දිය යුතු බවයි.

    මෙයට සහභාගී වූ තරුණ පරිසරවේදීන් දෙදෙනෙක් ඉතා හොඳ තර්කයක් ගොඩ නගමින් කියා සිටියේ පින්නවල ඇත් අභිජනන මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය කල හැකි බවත් ඉහල කුලවල ඇතුන් අවශ්‍ය නම් ඇත් හිමියන් තමා සතුව ඇති එම වර්ග වල ඇතුන් අභිජනනය සඳහා ලබා දිය යුතු බවත්ය. තව දුරටත් කරුණු දැක් වූ ඔවුන් කියා සිටියේ මද කිපෙන කාලයට කලයුත්තේ ඇතා බැඳ දැමීම නොව සුදුසු ඇතින්නක් ලබා දීම බවයි. පසුගිය දශක ගණනාව තුල මෙය ඉටු කරා නම් මේ වන විට රටේ කිසිම ඇත් හිඟයක් ඇති නොවන බවද ඔවුන් පැවසුවේය. මෑතකදී කොරියාවේ සත්ව උද්‍යානයකට ලංකාවෙන් ලබා දුන් ඇත් යුවලකගෙන් මේ වන විටත් පැටවෙක් ලබාගෙන ඇති බව ඔවුන් පැහැදිලි කළේය.

    ලංකාවේ බොහෝ ඇත් හිමියන් අධිමානයෙන් හිස් උදුම්මා ගත් වලව්කාරයන් පිරිසක් බව කවුරුත් දන්නා කරුණකි. එසේම ඔවුන් තමා සතුව ඇති කිසිම ඉහල කුලයක ඇතෙක් අභිජනනය සඳහා ලබා දීමට අකමැති බවද නොරහසකි. ඒ තමාගේ අභිමානය නැතිවේ යැයි යන බයට විය හැක. ඔවුන්ට අවශ්‍යය "ඒ කුලයේ ඇතෙකු සිටින්නේ අපේ වලව්වේ පමණයි" කියා කීමට පමණි.

    ඉහත කාරණා රටම ඉදිරියේ ඔප්පු කරමින් ඇත් හිමියන් දෙදෙනා, විශේෂයෙන්ම අහංකාර පරවශව කතා කල නිලමේ වරයා, තාර්කිකත්වය පසෙක තබමින් කිසිඳු තේරුමක් නැති ප්‍රලාප කියමින් පරිසරවේදීන් දෙදෙනාට පහර දෙන්න විය. අවසානයේදී කීමට කිසිවක් නොමැති වූ විට නිලමේ වරයා අද රටේ සුපුරුදු කුණු කාණුවට වැටුනේය. "සිංහල ජාතිය, බුද්ධාගම විනාශ කරන්න ආපු ඩොලර් කාක්කෝ, කුමන්ත්‍රණ කාරයෝ, විදේශ බළල් අත්" ආදී වදන් වලින් පරිසර වේදීන් දෙදෙනාට ඔහු ඉතා පහත් අන්දමින් බැන වැදුනේය. මා මේ අවස්ථාවේදී එම වැඩසටහන වසා දැමුවේ තවත් ඒ සඳහා කාලය මිඩංගු කිරීම අපරාදයක් යැයි සිතුන බැවිනි.

    සිංහල ජාතිය සහ බුද්ධාගම අද බැරිකම වසා ගැනීමේ රෙද්ද බවට පත්වී ඇත.



    අපට වරදින්න පටන් ගත්තේ සුද්දා යාමටත් දශක කිහිපයකට පෙර සිටමය. සිංහල-දෙමළ කියා වෙනසක් නොමැතිව අප යායුතු මග අනාගත්තේය. බෙදා පාලනය කිරීමේදී පාලකයාට වන පහසුව යුරෝපියයා දැන සිටියේ සැහෙන කලක සිටය. නමුත් අපට වරදින්න වුයේ මේ බෙදා පාලනය කිරීම අපේ දේසපාලුවා බදා ගත් දා සිටය. තමා ගන්නා සෑම වැරදි දේශපාලන තීන්දුවකටම, තමා සිදු කරන සෑම දූෂණයකටම, භීෂනයකටම, වංචාවකටම, රට-ජාතිය-ආගම (ත්‍රිත්වය) පෙන්නා මහජනතාවගෙන් ෂේප් වීමට දේශපාලකයා පුරුදු වුනේ පසුගිය සියවසේ මුල් භාගයේ සිටමය. අවාසනාව වුයේ ජනතාවද ගොනාට ඇඳ ස්ව-කැමැත්තෙන්ම කරත්තයේ බැඳ ගැනීමයි.

    පළාත් පාලන ආයතනයේ ගුණරත්න මේ සමාජයේ අහම්බයක් නොවේ. එය දශක ගණනාවක් පුරා ජනතාව තුල ඇතිවූ සංකල්පමය වර්ධනයක ප්‍රතිඵලයකි.

    දේශපාලුවාගේ දුෂණ වැඩිවීමට සමගාමිව ඔහුගේ ත්‍රිත්වයට ඇති ආලයද වැඩි විය. අද එය කුටප්‍රාප්තියට පැමිණ ඇත. පොඩ්ඩක් විපරම් කළහොත් අද ත්‍රිත්වය බේරා ගැනීම වෙනුවෙන් වැඩියෙන්ම කෑගසන්නේ වැඩියෙන්ම දුෂණයේ යෙදුනු එකා බව ඔබට පැහැදිලි වනු ඇත (ඔබත් කරත්තයේ බැඳ නැත්නම්).

    ගුණරත්නට සිතන්න පුරුදු කර ඇත්තේ ඔහු අගයන දේශපාලුවා වීමට ඇති ඉඩකඩ බොහෝය. ඔහු ජාතිය හෝ ආගම ගැන සැබෑවටම සිතනවා නම් ඔහුගේ සමාජීය / අධ්‍යාපනික මට්ටමින් අපට බලාපොරොත්තු විය හැක්කේ රාජකාරියේදී ඔහු අන්‍ය-ආගමිකයන්ට නොසලකා සිංහල-බෞද්ධයාට ඉහල සේවයක් ලබා දීමයි. මෙය කිසිසේත් අනුමත කල නොහැකි තත්වයක් වුවත් ඔහු එබඳු මානසික ව්‍යුහයක සිටිනවා නම් මනා දැනුවත් කිරීමක් මගින් ඔහුව පහසුවෙන් යහ මගට ගත හැක.

    එහෙත් "පගාව" නම් මඩ ගොහොරුවේදී ගුණරත්නට තමා ඉදිරියේ සිටින්නේ විමලසිරිද, ගනේෂන්ද, මොහොමඩ්ද, බෙන්ජමින්ද කියා වෙනසක් නැත. මෙය ඔහුගේ ප්‍රියතම දේශපාලුවා ඔහුට ලබා දෙන ආදර්ශයයි. අද ත්‍රිත්වය ගැන වේදිකාවේ, රූපවාහිණියේ බෙරිහන් දෙන වැඩි දෙනාගේ පාතාලය සහ නීති විරෝධී කටයුතු මෙහෙයවන්නන් බොහෝ විට අන්‍ය-ආගමිකයන් සහ අන්‍ය-ජාතිකයන් බව ඉඳ හිට කරලියට පැමිණෙන සිද්ධි මාලාවන්ගෙන් පෙනී යයි.

    තම වර්ගයා සමග ජිවත් වීමට ඇති කැමැත්ත, මෙන්ම තම වර්ගයාගේ සෞභාග්‍යය වර්ධනය වීම දැකීමට ඇති කැමැත්තද බොහෝ මිනිසුන්ට පොදු කරුණකි. ඔවුන් කල්ලි ගැසෙමින් අනෙක් වර්ගයාට එරෙහිව කටයුතු කරන්නේද එබැවිනි.

    එහෙත් මා "සිංහල" වර්ගයා තුල මේ හැසිරීමද දැක නැත. වෙනත් රටවලට සංක්‍රමණය වූ ඉන්දියානුවෝ සහ පකිස්ථානුවෝ බොහෝ විට එක් ප්‍රදේශයකට ගාල් වෙමින් තම ආධිපත්‍ය වර්ධනය කරගන්නා අතර මට හමුවූ බොහෝ සිංහලයෝ තවත් සිංහලයෙක් කිට්ටුව පාතකට එනවාටවත් කැමති නැත. තව සිංහලයෙක් තබා තම සහෝදරයා එකම නගරයේ පදිංචියට පැමිණෙන බැවින් වෙනත් ප්‍රාන්තයක පදිංචියට ගිය සිංහලයන් පිළිබඳවද මම පෞද්ගලිකව දනිමි.

    මේ ලිපිය කියවන ඔබ අනිවාර්යයෙන්ම සිංහලයෙකු වනු ඇති බැවින් "තම වර්ගයාගේ සෞභාග්‍යය වර්ධනය වීම දැකීමට සිංහලයාගේ ඇති කැමැත්ත" පිළිබඳව මා අමුතුවෙන් ඔබට කිව යුතු නැත.



    බෞද්ධ දෙමාපියනට දාව උපන් මා කුඩා කල සිටම බෞද්ධයෙකු ලෙස ලෝකයා හැඳින්වීය. එහෙත් මගේ දෙමාපියෝ නිදහස් මනස්ධාරින් වීමට තරම් මා භාග්‍යවන්ත විය. ඔවුන් මගේ දර්ශණය මටම තෝරාගැනීමට අවස්ථාව ලබාදුන්නේය. එහි ප්‍රතිඵලය වුයේ මා ලංකාවේ පවතින ප්‍රධාන ආගම් සතරම යම් තාක් ගැඹුරකට හැදෑරීමයි. හැදෑරුවා පමණක් නොව මම යම් යම් කාල වකවානුවල එම ආගම් තුල ජීවත් වුනෙමි. අවසානයේදී මගේ නිගමනය වුයේ බෞද්ධ දෙමාපියනට දාව මා ඉපදීම අති-වාසනාවක් බවයි.

    සමුද්දේශ රාමුවකින් පිටතට විත් ලෝකය දෙස බැලීමට තරම් මනරම් අවස්ථාවක් වෙන කිසිම ආගමකට අයත් දෙමාපියනට දාව ඉපදෙන දරුවෙකුට ලැබෙන්නේ නැති බව මගේ නිගමනයයි. මා මේ ගැන මිතුරු චීන ජාතිකයෙකුට පැවසු කල ඔහු කියා සිටියේ මා වැරදි බවත් නිදහස් චින්තකයන්ට (free thinkers) දාව උපදින දරුවන්ට ඊට වඩා නිදහසේ සිතන්න අවස්ථාව ලැබෙන බවත්ය. සෑහෙන නිදහස් චින්තකයන් පිරිසක් ඇසුරු කර ඇති මට ඔහුගේ ප්‍රකාශය නිවැරදි නොවන බව පෙනෙයි. මේ නිදහස් චින්තකයන් යයි කියා ගන්නා සෑම දෙනාම පාහේ තවත් ස්වයං රාමුවක හිරවෙයි. ඔවුන් සියලු ආගම් දෙස බලන්නේ සැකයෙන් සහ අවඥාවෙනි. මෙය නිදහස් චින්තනයෙන් බොහෝ සේ ඈත වුවකි.


    මා ඉහත සඳහන කලේ බෞද්ධ සමාජයකට මා දක්වන ඇල්ම පිළිබඳව පෞද්ගලික මතය පැවසීමටයි. ලංකාවේ බෞද්ධ සමාජයක් පැවතීම මම අගය කරමි. සැබෑ බෞද්ධ සමාජයක සියළු සත්වයෝ නිදුක් වෙති, සියලු දෙන අනෙකාගේ අභිවෘද්ධිය පතති, ජනතාව අසීමිත ආශාවන් පිටුපස ලුහු නොබඳිති...... මන්ද ඒ සියලු කාරණාවන්ගේ ප්‍රතිඵලය සමස්ත සමාජයේම සෞභාග්‍යයට හේතු වන බැවිනි.

    එබඳු සමාජයක් නැතිවී යාම සංවේගයට කරුණකි. මේ වෙනුවෙන් බුද්ධාගම රැක ගැනීමට ඔබ ඉදිරිපත් වෙනවා නම් එය මහත් පුණ්‍යකර්මයකි. ඒ සඳහා කලයුත්තේ කුමක්දැයි මේ ලිපිය සිහි බුද්ධියෙන් කියවූ ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි වනු ඇත. ඒ නිසා මම "යා යුතු මග" කුමක් දැයි පුන පුනා නොකියමි.

    අවාසනාවකට අද බොහෝ දෙනෙක් රට-ජාතිය-ආගම බේරාගන්න යැයි කියමින් සිදු කරන්නේ දුෂිත දේශපාලුවාගේ අනාරක්ෂිත අනාගතය සුරක්ෂිත කර දීමයි.

    .................................................................................................

    නියමිත ගාස්තුව අය කර මාර්ග නීති පිළිපදිමින් මගියෙකුට සේවය ලබාදීමට වඩා වාහනයේ පිටුපස "සිංහලේ" ස්ටිකරයක් අලවාගෙන සිටීම ත්‍රිරෝද රථ රියදුරාට පහසුය.

    නිසි ලෙස රාජකාරිය ඉටු කරමින් ජනතාවට සතුටුදායක සේවයක් ලබා දීමට වඩා කැන්ටිමේදී, බස් රියේදී රට ජාතිය බේරාගැනීමට සිංහ ගර්ජනා නැගීම රජයේ සේවකයාට පහසුය.

    තම වර්ගයාගේම සුබ සිද්ධිය තකා නැති බැරි එකාට අත හිත දෙනවාට වඩා වතපොතේ "සිංහල ජාතිය, බුද්ධාගම, පර හම්බයන්ගෙන් බේරා ගනිව්" කියා පෝස්ට් පල කිරීම සිංහල බෞද්ධයාට පහසුය.

    පහසු දේවල් තිබියදී අපහසු දේවල් කරන්න යයි කියන එකා විදේශ බළල් අත් වලින් නැටවෙන, ඩොලර් වලට වහල් වූ, කුමන්ත්‍රණ කාරයෙක් වීමට ඇති ඉඩකඩ බොහෝය.


    උපුටා ගැනීමකි
    http://chandimagomes.blogspot.com/2016/09/blog-post_16.html
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මුල් කතෘට සහ අප වෙනුවෙන් උපුටා නැවත පලකල සොහෝදරයාට මගේ ප්‍රණාමය.

    මොනදේ කිව්වත් මේක තමයි 99% ඇත්ත.

    හැබැයි සිංහල වගේම අනිත් ආගම් වලත් ජාතිවාදියො ඉන්නවා. ඒත් ඒ ගැන කතා කරනවා අඩුයි.

    සිංහල අපි සහජීවනේ ගැන කතා කරනකොට මේක අපේ නිජබිම තොපි පලයව් කියන දෙමල මුස්ලිම් අය ඉන්නවා. මගෙ අත් දැකිමෙන් කියන්නේ. මන්නාරම, අම්පාර ඔය වගේ පැති ගැන අත්දැකිම් තියනවා.
    අනිත් පැති වලත් සුලු හා මහා පරිමාන ලෙස ඔවුන් නැතුවා නොවෙයි.

    රට හැදිමට නම් සිංහල ජාතිවාදින් මෙන්ම දෙමල හා මුස්ලිම් අන්තවාදින් ගැනද සමානව කටයුතු කල යුතුමය, නැතුව සිංහල පිරිස පමනක් මර්දනය කිරීම ගැටලුවට විසදුම නොවේ. නො එසේනම් ජාතිවාදී කෝලාහල ඇතිවීම වැලැක්විය නොහැක.
    හැමදෙයම සිද්දවීමට ඉඩදී සහජීවනය යයි කියා ඉවසා සිටීම අනුමත නොකරමි.
    අවසන් වරටත් කියනුයේ සියලුම ආගම් සදහා මර්දනය කිරීමක් කරන්නේ නම් සමානව සිදුවිය යුතුය,

    නො එසේනම් මාද ජාතිවාදියෙක් වෙමි.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මුල් කතෘට සහ අප වෙනුවෙන් උපුටා නැවත පලකල සොහෝදරයාට මගේ ප්‍රණාමය.

    මොනදේ කිව්වත් මේක තමයි 99% ඇත්ත.

    හැබැයි සිංහල වගේම අනිත් ආගම් වලත් ජාතිවාදියො ඉන්නවා. ඒත් ඒ ගැන කතා කරනවා අඩුයි.

    සිංහල අපි සහජීවනේ ගැන කතා කරනකොට මේක අපේ නිජබිම තොපි පලයව් කියන දෙමල මුස්ලිම් අය ඉන්නවා. මගෙ අත් දැකිමෙන් කියන්නේ. මන්නාරම, අම්පාර ඔය වගේ පැති ගැන අත්දැකිම් තියනවා.
    අනිත් පැති වලත් සුලු හා මහා පරිමාන ලෙස ඔවුන් නැතුවා නොවෙයි.

    රට හැදිමට නම් සිංහල ජාතිවාදින් මෙන්ම දෙමල හා මුස්ලිම් අන්තවාදින් ගැනද සමානව කටයුතු කල යුතුමය, නැතුව සිංහල පිරිස පමනක් මර්දනය කිරීම ගැටලුවට විසදුම නොවේ. නො එසේනම් ජාතිවාදී කෝලාහල ඇතිවීම වැලැක්විය නොහැක.
    හැමදෙයම සිද්දවීමට ඉඩදී සහජීවනය යයි කියා ඉවසා සිටීම අනුමත නොකරමි.
    අවසන් වරටත් කියනුයේ සියලුම ආගම් සදහා මර්දනය කිරීමක් කරන්නේ නම් සමානව සිදුවිය යුතුය,

    නො එසේනම් මාද ජාතිවාදියෙක් වෙමි.

    නො එසේනම් මාද ජාතිවාදියෙක් වෙමි.

    සිංහල ජාතිය පාගා දමන සංහිදියාවෙන් සහජීවනයෙන් මට වැඩක් නෑ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    නැගෙනහිර සිදුවන ඉස්ලාමීයකරණය ගැන ලංකාවේ අනිත් පැතිවල සිටිනා නොදැනුවත්, අලස ශ්‍රී ලාංකිකයා දැනුවත් කිරීමකි.

    1043734877h2.jpg


    නැගෙනහිර ලඟදිම වෙනම රටක් ඉල්ලලා හම්පයෝ කෑගහන්න ගන්නවා. උඹලා දන්නේ නැත්තම් මේ ගැන ගිහින් ඇස් දෙකෙන්ම බලාගනින්. ඔය පැත්තක දෙමල මනුස්සයෙක්ටවත් පාඩුවේ ඉන්න නෑ දැන්. අනික මේ කාලකන්නි හෙල්මට් එකක්වත් දාන්නේ නෑ.
    ඒකනම් කමක් නෑ කියමු, එකෙක් හරි අඩුවෙනවනේ හැප්පිලා මැරිලා ගියාම, ඒත් මුන් නීතිය ගණන් ගන්නේ නෑනේ.
    කාලෙකට කලින් ඔය පැත්තෙ ඉන්ටනෙට් ගියා කියලා කෙල්ලෝ දෙන්නෙක්ගෙ කොන්ඩේ බලෙන් කපලා කස පාරත් දීල තිබ්බ පල්ලියෙන්.
    මුන් පොලීසියකට යන්නේ නෑ, නඩු අහන්නේ පල්ලියේ, ටව්න් එකක දවල්ටවත් ගෑනු පුලුටක් නෑ, හදිස්සියෙන් හිටියත් ගෝනි කිට් අන්දලා මොකෙක් හරි පිරිමි එකෙක් දක්කන් යන ගමන්.
    මම කියන එක වචනයක් හරි බොරුනම් මේ දැන් මඩකලපුවට ගිහින්, එතනින් පටන් අරන් කාත්තන්කුඩි, කලුවන්චිකුඩි, මරුදමුනේ, කල්මුනේ ඔහොම පල්ලෙහාට වරෙන්. ඊටපස්සෙ ඕන්නම් කාර්තිව් හන්දියෙන් හරිල සමන්තුරේටත් ගිහින් එහේ තත්වේ බලන් වරෙන්.
    ලංකාව ගැන දුක හිතෙයි උඹලට.
    ආපහු පල්ලෙහාට පලයන් ඔලුවිල් කැම්පස් එක හම්බෙනවා. එකේ සිංහල කොල්ලෝ චාටර් වෙන හැටි බලපන් හම්බ පරිපාලනයේ නොන්ඩසාල වැඩ හින්දා.
    ඔතනින් පල්ලෙහා නින්දවුර් තියනවා. නින්දවූර් වලින් පල්ලෙහා 80 ගණන් වලට කලින් තිබ්බේ ඔක්කොම සිංහල ගම්. දෙමළ මිනිස්සුත් හිටියා. කිසි ප්‍රශ්නයක් තිබ්බේ නෑ. දැන් බලපන් අක්කරපත්තුවේ නම වෙනස් කරගෙන අක්කරේපත්තු කියලා, බස් ස්ටෑන්ඩ් එකක් ගහලා හම්බ පල්ලියක් වගේ! දෙමල කඩ වලින් උන් එලවලා හම්පයෝ දැන් ඔක්කොම කඩ කරන්නේ අක්කරපත්තුව ටවුන් එකේ.
    ඔතනින් පල්ලෙහා තියනවා පොතුවිල. හම්පයෝ දැන් ඒකත් අල්ලලා. පොතුවිල් ලු. පොතුවිල තියනවා මුහුදු මහා විහාරය. ගිහින් හාමුදුරුවෝ එක්ක කතා කරපන්. හොඳට කියයි මට්ටයෝ ගැන. පන්සලේ ඉඩම අක්කර 250යි. දැන් තියෙන්නේ අක්කර 7යි. ඉතුරු ටිකේ හම්පයෝ ගෙවල් හදලා. ගිහින් බලපන් අවු 2000 පරණ ගල්කනු උඩ හම්බ ගෙවල් වලට ෆවුන්ඩේශන් දාලා තියෙන්නේ. පුරාවිද්‍යා එකේ බල්ලෙක් ඇහැක් ඇරලා බලලා නෑ තාම.
    100%ක් සිංහල ගමේ දැන් ඉන්නේ සිංහල පවුල් 7යි.
    ඕකයි තත්වේ.
    පොතුවිලට පහලින් තියෙන්නේ ආරුගම්බේ. එහෙත් දැන් හම්බයෝ අල්ලලා තියෙන්නේ.
    දෙයියන්ගේ පිහිටෙන් ඊට පල්ලෙහායින් තියෙන්නේ නැගෙනහිර අන්තිම ගම පානම්. ඒකනම් තනිකර සිංහල. ඒත් අද ඒ මිනිස්සුන්ගේ ඉඩම් කොල්ලකාලා, ඒ ගැන කතාකරන්න එකෙක් නෑ. මහින්දගේ කාලේ බැසිල් බිස්නස් කාරයොන්ට විකුන්නා එහේ ඉඩම්, තාම නැවතිලා නෑ. අලුතින් ඉඩම් ගත්තෙ ගොඩක් හම්බයෝ.
    එක මාධ්‍යක ගියාද මේ ගැන?
    එතනින් එහා යාලයි කුමනයි තියෙන්නේ. ජනාවාස නෑ. ඔන්න බලපන් හම්බයො නගෙනහිර යටටම අල්ලලා තියෙන්නේ. සමන්තුරේ ඉඳන් අම්පාර ටවුන් එකට යනකම් බලපන් පල්ලි කීයක් පාර දෙපැත්තේ හැදෙනවද කියලා?
    මඩකලපුවෙන් උඩට යද්දිත් ඔහොම තමයි. වාලච්චේනේ තම්බි පුරවලා. පාසිකුඩා ගිහින් නාන්න බෑ හම්බ ගෑනු ගෝනි කිට් පිටින් බැහැලා ඉන්නවා ගඳේ බෑ. සිංහල කෙල්ලෙක් ගියොත් හම්බයෝ වචනයක් කියනවාම තමයි.
    මම මේ කිව්වේ මඩකලපු දිස්ත්‍රික්කේ ගැන විතරයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කෙත් ඔය වගේ තත්වයක් තියෙන්නේ. තිරියායට එහෙම ගිහින් බලපන් වටේ ඉන්න උන් එහේ පන්සලට කරන හදිය. උඩටම ගියාම පුල්මුඩේත් තම්බි ටවුන් එකක්.
    මම කියන්නේ දෙමල මිනිස්සුන්ගෙන් මේ රටට ඔහොම කරදරයක් නෑ. උන් මොනව නැතත් මිනිස්සු වගේ ජීව්ත් වෙන්න දන්නවා. හැබැයි හම්පයෝ ආවොත්නම් ලේසි වෙන්නේ නෑ.

    ආවොත්?
    ඇවිත් ඉන්නේ.
    නැගෙනහිරනම් දැන් පරක්කුත් වැඩියි


    තව කියන්න ගොඩාක් දේවල් තියනවා මේ පැත්තේ වෙන දේවල් ගැන, අදට මහන්සියි, ඉඩ තියන විදියට දාන්නම්.
    දැන් ඉතින් අල්ලා කාරයෝ රිදිලා මගෙ රෙප් කපයි. මට පුකද?

    bump
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    නො එසේනම් මාද ජාතිවාදියෙක් වෙමි.

    සිංහල ජාතිය පාගා දමන සංහිදියාවෙන් සහජීවනයෙන් මට වැඩක් නෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මුල් කතෘට සහ අප වෙනුවෙන් උපුටා නැවත පලකල සොහෝදරයාට මගේ ප්‍රණාමය.

    මොනදේ කිව්වත් මේක තමයි 99% ඇත්ත.

    හැබැයි සිංහල වගේම අනිත් ආගම් වලත් ජාතිවාදියො ඉන්නවා. ඒත් ඒ ගැන කතා කරනවා අඩුයි.

    සිංහල අපි සහජීවනේ ගැන කතා කරනකොට මේක අපේ නිජබිම තොපි පලයව් කියන දෙමල මුස්ලිම් අය ඉන්නවා. මගෙ අත් දැකිමෙන් කියන්නේ. මන්නාරම, අම්පාර ඔය වගේ පැති ගැන අත්දැකිම් තියනවා.
    අනිත් පැති වලත් සුලු හා මහා පරිමාන ලෙස ඔවුන් නැතුවා නොවෙයි.

    රට හැදිමට නම් සිංහල ජාතිවාදින් මෙන්ම දෙමල හා මුස්ලිම් අන්තවාදින් ගැනද සමානව කටයුතු කල යුතුමය, නැතුව සිංහල පිරිස පමනක් මර්දනය කිරීම ගැටලුවට විසදුම නොවේ. නො එසේනම් ජාතිවාදී කෝලාහල ඇතිවීම වැලැක්විය නොහැක.
    හැමදෙයම සිද්දවීමට ඉඩදී සහජීවනය යයි කියා ඉවසා සිටීම අනුමත නොකරමි.
    අවසන් වරටත් කියනුයේ සියලුම ආගම් සදහා මර්දනය කිරීමක් කරන්නේ නම් සමානව සිදුවිය යුතුය,

    නො එසේනම් මාද ජාතිවාදියෙක් වෙමි.

    නො එසේනම් මාද ජාතිවාදියෙක් වෙමි.