කොන්ක්‍රීට් බලකාය

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    කොන්ක්‍රීට් බලකාය

    balala rep1kuth dala yanna

    ඒ වැඩබිම පිහිටා තිබුනේ නගරයට සෑහෙන තරම් ඈතින්. බොහොම සුන්දර ගම්පලාතක. යන්තම් වටින් ගොඩින් කලුවර වැටීගෙන එද්දි පාරට අලි එන තරමට පිටිසරින්. ගොවිතැන් බතක් කරගෙන ජීවත්වුන මිනිස්සු තමයි අවට ගමේ සේරම හිටියේ.වැඩිදෙනෙක් අලින්ගෙන්,අවුවෙන්,වැස්සෙන් පීඩා විඳගනිමින් පොලොවත් එක්ක මුලු ජීවිත කාලයම ගැටෙමින් ඉන්න ඇත්තම අහිංසක මිනිස්සු.

    පිටිසර නියම්ගමක් වෙච්චි හින්දම වැඩබිමට සමහර බඩු භාණ්ඩ සපයාගැනීමට තිබුනේ ලොකු අපහසුතාවයක්.ඒ වෙනකොට විදුලිබලයවත් නොතිබුනු ගම්පලාතක වෙච්චි වැඩබිමේ විදුලිය පවා සපයා ගත්තේ ජෙනරේටර් යොදාගෙන.වැඩබිමට කොන්ක්‍රීට් පිටතින් අරගෙන එන්න (ඔය රෙඩි මික්ස් කියන්නෙ) ලඟපාත තැනක්නම් තිබුනෙම නෑ.ඉතින් ලොකු ප්‍රමාණයක කොන්ක්‍රීට් දැමීමකදි වැඩබිමේ තිබුනෙ ලොකු දුෂ්කරතාවයක්.ඔය අතරෙදි සිමෙන්ති කොට්ට 950 ක් විතර යන කොන්ක්‍රීට් දැමීමක් එකවරම කරන්න තිබුනා. එකට පිලියමක් හොයනකොට මේවගේ වැඩවලට කියාපු කණ්ඩායමක් හොයාගන්න ඔත්තුවක් ලැබුනා. එතනදි තමයි මේ කොන්ක්‍රීට් දැමීමේ සේනාංකය අල්ලගන්න ලැබුනේ.

    මේ වැඩේට යොදවන මේ ඈයො “කුඩ්ඩො” කියලා කොහොමත් ප්‍රසිද්ධ කාරණාවක්. නමුත් වැඩේ කරන එකට මේ කුඩු ගැහිල්ල බාධාවක් වෙන්නේ නෑ කියන ආරංචිය හින්දා අන්තිමේදී “කොන්ක්‍රීට් බලකාය” මේ වැඩේට කැඳවන්න තීරණය උනා.ඉතින් අදාල දවසෙදි කණ්ඩායම,කණ්ඩායම් නායකයා වෙච්චි මුදලාලිවත් පෙරටුකරගෙන වැඩබිමට ආවා.දැක්ක ගමන්ම ඇස් යටට ගිලුන ,ඇටකටු පෑදුන තරම් කෘශ වෙච්චි මේ “කුඩ්ඩො” කියලා අඳුනාගන්නනම් කිසි අමාරුවක් තිබුනේ නෑ. මේ මිනිස්සුන්ගේ සාරයත් උරාගෙනදෝ මන්දා මුදලාලිනම් කඳ,බඩ මහතට සාරෙට වැවිලා හිටියා.වැඩේ පටන් ගන්න කලින් කට්ටියම වාඩියකට වැදිලා මුදලාලිම සපයලාදෙන හෙරොයින් වලින් සප්පායම් වෙලයි ආවේ.ආවා කිව්වට,පාවෙලා ආවා කිව්වත් වරදක් නෑ.ආපු විදිය දැකපු ගමන්නම් කාගෙත් හිතට එන ගැටලුව මේ ඈයොන්ට හිටගෙන ඉන්නත් පණ නැති කොට බර වැඩක් කරන්න පුලුවන් වෙයිද කියලා.

    කොයි හැටි වෙතත් වැඩ පටන් ගත්තහමනම් මේ මිනිස්සුන්ගේ ඈලි,මෑලි දුබලගතිය පේන්න තිබුනෙ නෑ.කර්මාන්තශාලාවක ශ්‍රම විභජනය වගේම මෙ ඈයොන්ටත් තමන්ට වෙන්වෙච්චි කාර්යයක් තියනවා මේ වැඩේදි.සිමෙන්ති කොට්ටෙ කඩල සිමෙන්ති හැලීම,එතනින් සිමෙන්ති,ගල් ,වැලි කොන්ක්‍රීට් අනන තැනට විල්බැරෝවේ දාගෙන යාම,අනන මැෂිම ක්‍රියා කරවීම,අනපු කොන්ක්‍රීට් අරගෙන යෑම වගේ මෙකී නොකී හැම දේටම ඉන්නෙ ඒ වැඩේටම පුරුදුවෙච්චි පුද්ගලයෝ.

    පියවි සිහියෙන් තොරව වැඩකරන මේ මිනිස්සු හිත යොමුකරන එකම කාරණාව තමන් කරන වැඩේ විතරයි.අනපු කොන්ක්‍රීට් විල්බැරෝවෙන් අරගෙන යන මිනිස්සු අනන යන්ත්‍රයෙන් (ඒ කිව්වේ කොන්ක්‍රීට් මික්සර් එකෙන්) ඒවා විල්බැරෝවට පටවනකම් එතන තමන්ගේ වාහනය නවත්තගෙන ඉන්නවා.හැබැයි ඔය නවත්තගෙන ඉන්න වෙලාවෙදි යන්ත්‍රයේ වැඩ කණ්ඩායමේ මොකක් හරි ප්‍රමාදයකින් බඩු පටවන්න පමා වුනත්,හිස් විල්බැරෝව තල්ලු කරගෙන ගිහින් ආපහු එන්න තරම් මේ මිනිස්සු වෙනත් දේ ගැන අන්ධවෙලා ඉන්නෙ.

    වාහනයක පෙට්‍රල් ඉවරවෙද්දි එන්ජිම නවතිනවා වගේ හෙරොයින් මත අඩුවේගන යද්දි කණ්ඩායමේ වැඩකරන වේගය ටික ටික අඩුවේගන යනවා.ඕක ගැන ඇහැ ගහගෙන ඉන්න මුදලාලිගේ ගෝලබාලයෝ ආයෙත් සැරයක් වාඩියට එක්කගෙන යන කට්ටියට හෙරොයින් සංග්‍රහයක් පවත්වනවා.ඔන්න ඉතින් ආයෙත් සේනාංකය සුපුරුදු වේගෙන් නැවතත් වැඩට.

    කන බොන වෙලාවට පොඩි විවේකයක් අරගත්තත්,කෑමට කලින් කිසිම කෙනෙකුගේ අතපය හේදීමක්නම් නෑ.සිමෙන්ති,වැලි පිටින්ම ඔහේ කාලා දානවා. කන්න හම්බවෙන දේ මොකක් උනත් රහක් ,ගුණක් බලන්නේ නැතිව ඔහේ ගිලලා දානවා. සමහරවිට පේන්නෙනම් දෙන නිසා කනවා මිසක කෑමක උවමනාවක් නැති විදියක් තමයි.

    මේ කණ්ඩායම ඇත්තටම රොබෝලා වැඩකට දැම්මා වගේ.මේ පටන් ගත්තු වැඩේ ඉවර කරන්න එදා ගිය කාලය පැය 44 ක්.එක දිගට මනුස්සයෙකුට එච්චර මහන්සියක් දෙන කර්තවයක් කරන්න පුලුවන්ද කියන එක පුදුමයක්.ඒත් මේ මිනිස්සුන්ගේ දවසින් දවස දිරාගෙන යන ශරීර කූඩුව ඔය කලින් කියපු මුදලාලි තමන්ගෙ දියුණුවට බොහොම කපටි විදියට පාවිච්චි කරමින් හිටියේ. දවසකට රුපියල් දාහ ගනනේ ඒ දවස්වල මේ කණ්ඩායමේ සමහරුන්ට හම්බවුනා කියලයි ආරංචි උනේ.හැබැයි කෑම බීම,සිගරට්,කුඩු හැම දේටම අඩු කරගත්තු පඩියක් මේ මිනිස්සුන්ට දවස අන්තිමට ලැබෙන්නේ.කොන්ක්‍රීට් කොන්තරාත්තුව ගත්තු මුදලාලි,ඒ වැඩේට ලබන ලාබෙට අමතරව මේ මිනිස්සුන්ට හෙරොයින් විකුනලත් තව මල්ල පුරවා ගන්නවා. වැඩ නැතිවුනොත් ණයටත් කුඩු ගනුදෙනුව සිද්ද වෙන හින්දා මේ මිනිස්සුන්ට මේ චක්කරෙන් ගැලවීමක්නම් නෑ.හැමදාමත් මේ මිනිස්සු මුදලාලිට ණයයි.

    අතපය වලංගුනොවුණු දවස එද්දි මේ මිනිස්සුන්ට ඉතිරිවෙන්නේ ජීවිතේ නැතිකරගන්න එක විතරයි.ඒ දවස එනකොට මුදලාලිනම් සමහරවිට සමාජසේවයේ යෙදෙන ,සමාදාන විනිශ්චයකාරතුමෙක්වෙලත් ඉන්න ඉඩ තියනවා. ඒ විතරක් නෙවෙයි මතට තිත වෙනුවෙන් තිතටම පෙනීඉන්න සමාජ ශෝධකයෙක් වෙන්නත් බැරි නෑ. එත් අදටත් සවලක් ,උදැල්ලක් උස්සන්න අතපය වාරු තියන මේවගේ බලකායන් කුඩු ගහමින් වැඩ කරනවා ඇති කොහෙ කොහෙ හරි
    .
    source

    balala rep1kuth dala yanna
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    ube kathawa sahathika aththa mamath anantha dakala thiyenawa kudu gahala concrete daana hati ... kudu gahuwaama paththakata wela innawa wenuwata mun nikan machine wage wada bun .... eth hama concrete daana mudalalima kuddo wadata ganne na .... :) ... godak than wala poddak beela hitiyath penalty gahanawa beepu ekagen .... :)
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    balala rep1kuth dala yanna

    ඒ වැඩබිම පිහිටා තිබුනේ නගරයට සෑහෙන තරම් ඈතින්. බොහොම සුන්දර ගම්පලාතක. යන්තම් වටින් ගොඩින් කලුවර වැටීගෙන එද්දි පාරට අලි එන තරමට පිටිසරින්. ගොවිතැන් බතක් කරගෙන ජීවත්වුන මිනිස්සු තමයි අවට ගමේ සේරම හිටියේ.වැඩිදෙනෙක් අලින්ගෙන්,අවුවෙන්,වැස්සෙන් පීඩා විඳගනිමින් පොලොවත් එක්ක මුලු ජීවිත කාලයම ගැටෙමින් ඉන්න ඇත්තම අහිංසක මිනිස්සු .................
    .
    source

    balala rep1kuth dala yanna

    Me katawa nam sirama atta ban.... ape site eket ehema tamai... kuddo machan minissu 5kage wada karanawa...
    un kudugahanawada nadda eka apita awulak nemei.. ape bada mudalalila nane ban :p....

    apita ona wade ikmanata wennai.... ;)
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmm

    ube kathawa sahathika aththa mamath anantha dakala thiyenawa kudu gahala concrete daana hati ... kudu gahuwaama paththakata wela innawa wenuwata mun nikan machine wage wada bun .... eth hama concrete daana mudalalima kuddo wadata ganne na .... :) ... godak than wala poddak beela hitiyath penalty gahanawa beepu ekagen .... :)

    Me katawa nam sirama atta ban.... ape site eket ehema tamai... kuddo machan minissu 5kage wada karanawa...
    un kudugahanawada nadda eka apita awulak nemei.. ape bada mudalalila nane ban :p....

    apita ona wade ikmanata wennai.... ;)

    :yes::yes::yes::yes::yes: