කොන්ඩම්... කොන්ඩම්...

fahadhnazir

Member
Jan 11, 2009
1,362
131
0
39
කොන්ඩම්... කොන්ඩම්...

ඔන්න ඉතින් මටත් හිතුනා ගොඩක් දවසකින් නූලක් දැම්මේ නැති නිසා ඉස්කෝලෙ යන කාලේ වෙච්ච සිද්ධියක් බෙදා හදාගන්න.. මේක වුනේ මම 11 වසරේ ඉන්න කාලේ.. කරපු අයට මතක ඇති විද්‍යාව පාඩමේ රබර් කියලා මාත්ර්‍කාවක් තිබ්බ.. මේක ඒක වටා සිදුවුනු සත්‍ය සිදුවීමක්...

පන්තියේ ඉස්සරහ පේලියෙම තමයි මම ඉන්නේ.. මාත් එක්ක තව කොල්ලො දෙන්නෙකුත් ඉන්නව.. එකෙන් එකෙක්ට පොඩ්ඩක් කේස්.. ඌට පාඩම් කරලා වැඩි වෙල :nerd::nerd::nerd: ටිකක් විතර පිස්සු කෙලිනව ඉන්දල හිටල..:nerd::nerd::nerd: ඒ නිසා ඌව කවුරුත් ගනන් ගන්නේ නැහැ.. ඌ පව් නිස මමයි ගොඩක් වෙලාවට ඌට කෙලවෙන වෙලාවල් වලට ශේප්මන්ට් දාලා අනිත් එවුන්ව විසුරුවන්නෙ.. :love:

සුපුරුදු පරිදි ඔන්න ආවා අපේ සයන්ස් ගුරුතුමා.. පාඩම පටන්ගත්තා.. මාත්ර්‍කාව - රබර්... ඔක්කොම විස්තර කරල ඉවර වුනාට පස්සේ ගුරුතුමා හැමොගෙන්ම ප්‍රශ්න අහන්න පටන් ගත්තා.. මුලු පන්තියෙන්ම අහන්න යනව රබර් නිෂ්පාදන වලට උදාහරණ.. මම ඉතින් අවුලක් නැහැ වගේ හිටියා.. රබර් නිෂ්පාදන ඕන තරම් තියෙනවා නේ කියන්න... ටිකක් වෙල යනකොට එහ පැත්තෙ අර මන්යන්ග් ඩයල් එකට මම කිව්වා, මචන් කොන්ඩම් හදන්නෙත් රබර් වලින් නේද කියල.. යකො කියල කට වහන්නත් කලින් මෙන්න මූ අත උස්සගෙන "සර්..... සර්..... මගෙන් අහන්න... මගෙන් අහන්න.. මමයි මුලින්ම කියන්න ඕන" කියල අත උස්සගෙනම හිටිය..:eek::eek::eek::eek: මුගේ කරදරේ බැරිම තැන සර් කිව්ව "අහ්.. කියනවා බලන්න මොකක්ද කියල..." :confused::confused::confused:

ඌ දෙපාරක්වත් හිතුවෙ නෑ.. ගත්ත කටටම කිව්වා "කොන්ඩම්.. කොන්ඩම්...".. කෑ කෝ ගහගෙන හිටිය පන්තියට හරියට න්‍ය්ෂ්ඨික බෝම්බයක් වැදුනා වගේ සයිලන්ට් වුනා.. :shocked::shocked::shocked::shocked:

සර් වත් නිකන් කරකවල අත ඇරිය වගේ ඇස් ගෙඩි දෙක ලොකු කරන් කන්න වගේ මූව බලන් ඉන්නවා.:eek::eek::eek::eek:. සර් ආයිමත් ඇහුව.. "මොකක්ද තමුසේ කිව්වේ????" කියල.. ඌත් කිසිම ගානක්වත් ගන්නෙ නැතුව ඒකට රිප්ලයි දෙනව.. "ඇයි සර් දන්නේ නැද්ද?? කොන්ඩම්... කොන්ඩම්...අරව කරනකොට පාවිච්චි කරන්නේ.." :lol::lol::lol::lol: මට නම් හීන් දාඩියක් දාගෙන එනව මූ කියන විදිහට :rolleyes::rolleyes::rolleyes:... තව පැත්තකින් හිනා යනවත් එක්ක..

"බැහැපන් පන්තියෙන් දොට්ට.... දනගහගෙන හිටපිය අද මුලු දවසම..." කියල :growl::growl::growl::growl: සර් ඌව පන්තියෙන් එලවල පාඩම කරගෙන ගියා..

තව චුට්ටක් වෙල ගියත් එක්කම කොරිඩෝර් එකේ පිනා ඇවිදගෙන ආවෙ නැතැයි..:shocked::shocked::shocked:. මල රෙද්දක් මූට අද වෙන්න යන්නේ කියල අපිට හිතු
නා..:(:(. පිනා දැක්ක මූව පන්තියෙන් එලියේ දන ගස්සල තියල තියෙන එක..:rolleyes::rolleyes::rolleyes: අපේ පන්තියට ඇවිල්ල සර් ගෙන් ඇහුවා ඇයි අරූව පන්තියෙන් එලියට දැම්මේ කියල...
අපි දැක්ක සර් පිනාගේ කනට ලං වෙලා මොකක්දෝ මුමුනන එක..:confused::confused:. එක පාරටම පි
නා හයියෙන් හින වෙන්න පටන් ගත්ත... ඊට පස්සේ පිනා කියනව.. "සර් ඒ ලමයා වැරැදි දෙයක් කිව්වේ නෑ නේ.. ඔහේ පන්තියට ගන්න.. මේ ලමය ගැන මම ආරන්චි වෙලා තියෙනව... ඔය හිතනව වගේ මෙය ඕක ඔන කමින් කියල නැතුව ඇති...".. කියලා සර්ව ශේප් කරල පිනා ගිය යන්න :lol::lol::lol::lol:.. බැලින්නම් පිනාට මුගේ දෙමවුපියො ගිහින් කියල තියෙනව මූට ටිකක් විතර මීටරේ අවුල් කියල..:yes::yes: හැබැයි අපි නම් හීනෙන් වත් හිතුවෙ නෑ මූට පිනාගෙන් ගැලැවීමක් ඇති කියල... ඌගේ හොන්ද වෙලාව...

ඔන්න ඔකයි සිද්දිය.. එක දිගට ටයිප් කරල අතත් රිදෙනවා.. කියවල අඩුම තරමෙ පොඩ්ඩක්වත් රසවින්දල හිටියා නම් රෙප් හා බම්ප් එකක් දාල යන්න යාලුවනෙ.. :cool::cool::cool: රෙප් දෙනකොට නම දාන්න අමතක කරන්න එපා.. එතකොට තමයි මටත් ඔගොල්ලන්ට සලකන්න පුලුවන්..
 
Last edited: