අප සමාජයෙහි බොහෝ දෙනකු දැඩි සේ පීඩා විඳින රෝගී තත්ත්වයක් වශයෙන් ''පිට කොන්දෙහි ආබාධය'' හැඳින්විය හැකිය. මෙම ආබාධය සුවපත් කිරීම සඳහා දේශීය වෙදකමෙහි පවතින නිවසේදීම සකස් කර ගත හැකි අත් බෙහෙත් කිහිපයක් පහත දැක්වේ.
* ලෙමන් ගෙඩියක යුෂ මිරිකාගෙන එයට ලුණු ස්වල්පයක් එක් කර ගන්න. මෙම ලෙමන් යුෂ දිනකට දෙවරක් පානය කරන්න.
* පිට කොන්දෙහි ආබාධය පවතින ප්‍රදේශය තුළ අමු අල ගෙඩියකින් (පොතු ඉවත් කළ) අතුල්ලන්න.
* සුදු ලූනු තෙල් (ගාලික් ඔයිල්) ආලේප කිරීමද කොන්දේ ආබාධ තත්ත්වය මඟහැරවීමට උපකාරි වේ. සුදු ලූනු තෙල් සාදා ගැනීම සඳහා කුඩා සුදු ලූනු බික් 10 ක් ගෙන මඳ ගින්නෙහි තල තෙල්/පොල් තෙල් හෝ අබතෙල් ස්වල්පයකට දමා බැදගන්න. සුදු ලුනු බික් ලා දුඹුරු පැහැ ගැන්වෙන තෙක් එය බැදගන්න. අනතුරුව මිශ්‍රණය ළිපෙන් බා නිවෙන්නට හැර එය ආබාධය ඇති ස්ථානයෙහි ආලේප කරන්න. පැය තුනක කාලයක් එම ආලේපය ගල්වා සිටින්න. දින කිහිපයක් ගත වූ පසු සුවය ලැබෙනු ඇත.
- ඉන්දීය ජාතික දේශීය වෛද්‍ය ශෂිකාන්ත් එස් සෙත්