කොන්-දොස්තර ගේ අලුත් ලෙඩේ

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
කොන්-දොස්තර ගේ අලුත් ලෙඩේ

කොන්-දොස්තර ගේ අලුත් ලෙඩේ


කොළඹ සහ තදාසන්න පෙදෙස් වල දුවන පුද්ගලික බස් කොන්දොස්තරලා ට ළඟදී සිට බරපතල රෝගයක් වැලදී ඇත. මෙය කෙමෙන් ලංගම කොන්දොස්තරලා ට ද බෝ වෙමින් පවතී. මෙම දරුණු රෝගී තත්වය රට තුලට පැතිර ගොස් ගම් දනව් වල සිටින කොන්දොස්තරලා ට ද වැළදීමේ මහා අවධානමක් ඇත. මෙම රෝගී තත්වය මීට පෙරද කිහිප දෙනෙකුගෙන් දිස්වුණද මෙතරම් ආක්‍රමණශීලී වර්ධණයක් නොතිබිණ.


මෙය කොන්දොස්තරයන් ට කලක් තිස්සේ වැළදී තිබෙන "අකරුණාව", "පොල් පැටවීම", "ටිකට් නොදීම", (තව ඇත) රෝගයන් ට අමතරව හට ගත් තත්වයකි. මෙය "මාරු නැතෝ" ඉංගිරිසියෙන් කියතොත් "No Change" syndrome නැමති භයානක රෝගී තත්වයයි. මා ඇතුලු බොහෝ දෙනෙකුගේ සමීක්ෂණ වලින් හෙලි වූ කරුණ නම් මෙම රෝගී තත්වයෙන් පීඩා විදින්නේ කොන්දොස්තරයන් නොව අසරණ මගියන් බවය. කොන්දොස්තරයන් මෙම රෝගී තත්වය නිසා අසාමාන්‍ය ලෙස අයුතු මුදල් ලාභ ලබන බව වැඩිදුර පිරික්සුම් වලින් සනාථ වී ඇත.

මෙම රෝගීන් හදුනා ගැනීම ඉතා පහසුය. අපි උදහරණයක් ගනිමු. ඔබේ ගමන් ගාස්තුව රු 6.00 කි. ඔබ පහේ කාසියක් සහ දෙකේ කාසියක් කොන්දොස්තර අත තබයි (රු 7.00). ඔහු ඔබ ට ප්‍රවේශ පතක් දී හෝ නොදී "මාරු නෑ" වැනි වදනක් සමඟ ඔබෙන් ඉවත් ව යයි. ඔබ ට රුපියල ක පාඩුවක් හිමි වේ. ඔහු ට රුපියලක් ලාභ වේ. තවත් විටෙක ඔබේ ගාස්තුව රු 25.00ක් යැයි සිතමු. ඔබ රු 50.00ක් ඔහු අත තබයි. "පහක් දෙන්න, මාරු නෑ" යනුවෙන් කොන්දොස්තර පවසයි. ඔබ ළඟ රු පහක් තිබුණහොත් ඔහුගේ රෝගී තත්ත්වය සමනය වේ, නැතිනම් ඔහු රු 20.00ක් ඔබ අත තබා (ප්‍රවේශ පත ඇතුව/නැතුව) නිහඬව හෝ "ඉතුරු බහිද්දි දෙන්නං" ලෙස පවසා ඔබෙන් නික්ම යයි. ඔබ සම්මා සතියෙන් යුත්තෙකු නම් බසයෙන් බැසීම ට පෙර ඉතිරි සල්ලි ඉල්ලා ගනී, එවි ට අකැමැත්තෙන් වුව ද කොන්දොස්තර ඔබට ඉතිරි දීම ට පෙළඹේ. නැති නම් ඔබේ පාඩුව රුපියල් පහකි.

මෙහි භයානක තත්ත්වය නම්, ඉතිරි ඉල්ලූ විට මගියාට බැණ වදින, අපහාස කරන දරුණු රෝගීන් ද සිටීමයි (Chronic No Change). මේ නිසා වැදගත් අහිංසක මගීන් බොහෝ විට ඉතිරි ඉල්ලීම නොකරයි. මෙය කොන්දොස්තරගේ රෝගය ට උල්පන්දන් දීමකි. මේ සඳහා සමහර කොන්දොස්තරයන් ඉතා භයානක මූණක් ද ආරූඨ කර ගනී. අසරණ කාන්තවන්, ළමුන්, වැඩිහිටියන් මෙම මුහුණ ට බිය වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මේ සඳහා නීතිමය පියවර ගත යුතුය. ඒ සඳහා ක්‍රමවේදයක් සකස් විය යුතුය. එවන් බස් කොන්දස්තරයන් ගැන මගී ප්‍රවාහණ අධිකාරියට හෝ පොලීසියට පැමිණිලි කළ යුතුය.

කොන්දොස්තර ගේ රැකියාව වන්නේ, මගීන් ගෙන් ගමන් ගාස්තුව නිවැරිදි ලෙස ගෙන, ප්‍රවේශ පතක් දී ඔවුන් ව නිසි අයුරින් බස් රථයේ අසුන් ගැන්වීම හා හිට ගැන්වීමයි. මීට අමතරව, නිසි ගමනාන්තයෙන් බැස්සවීම ද සේවයේම කොටසකි. බස් රථය තුළ මගීන් ගේ වගකීම රියදුරු මෙන්ම කොන්දොස්තර අත ද එක හා සමානව පවතී. මෙහිදී "මාරු නෑ" කීයා ඉතුරු සල්ලි නොදීම කිසි සේත් අනුමත කළ නොහැක. අනික එය නීති විරෝධී ද වේ. නියම ගාස්තුව ගෙන ඉතුරු සල්ලි දීම ට කොන්දොස්තර නීතියෙන් බැදී ඇත. මේ බව මගීන් හොඳින් අවබෝධ කර ගත යුතුය. මෙම රෝගය තුරන් කළ හැක්කේ මගීන් ට ම පමණකි. මගීන් වන ඔබ ඔබට අදාල ගාස්තුව ගෙචා, ප්‍රවේශ පත ගෙන අදාල ඉතුරු මුදල් ද ලබා ගැනීම ට වග බලා ගන්න. ඔබ දහදිය මහන්සියෙන් උපයා ගත් සත පනහ වුව ද කොන්දොස්තරයන් ට පුදන්න ට අවැසි නැත.

මෙලෙස මගීන් ගේ මුදල් වංවා කළ ද කොන්දොස්තරයන් ට වන සෙතක් ද නැත. ඔවුන් ගේ කිසිදු දියුණුවක් පෙනෙන්නට නැත. ඔයාකාරයෙන් කොල්ල කන මුදල් වලින් හවස ට රා අරක්කු බී තුට්ටු දෙකක් අතේ තියන් ගෙදර යන ප්‍රතිශතය ඉතා ඉහලය. ඔවුන් ට මෙම මුදල් යා දෙන්නේ නැත. එය නිතර දෙවේලේ බස් රථ වල යන/නොයන ඕනෑම කෙනෙකුට පෙනෙන සත්‍යයකි.

ඔබේ රුපියල ඔබට වටී, කොන්දොස්තරගෙන් ඉතිරි ඉල්ලීම ට ලැජ්ජා නො
න්න.! මෙම රෝගය බෝවීම වැලක්වීම කළ හැකි එකම පිළියම නම් ඉතිරි ඉල්ලා ගැනීම ම පමණි. ඔවුන් ට හිස ඔසවන්න ඉඩ නොතබන්න. ඒ මන් ද යත් මෙම රෝගයෙන් පීඩා විදින්නේ කොන්දොස්තර නොව මගීයා වන ඔබ නිසාවෙනි.



උපුටා ගැනීමකි

 
  • Like
Reactions: 88gee and Hayao

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
sirawatama aththa kathawa machan
private untath wada meka karanne ctb karyooo
anika samahara welawata rupiyala illuwama wata pite inna un higanna diha balanawa wage api diha balanawa
man ananthawath dakala thiyenawa athe rupiyala thiyan denne nathi un
eth ban eka seen ekak thiyenawa oya rupiyalawal illala ape game bus eke kondala tharaha karaganna ba
mokada elaga dawase un dakkath dala yayi..ethakota paya 1/2k katta kanna wenawa
mewa kawada hadeida manda ban
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
sirawatama aththa kathawa machan
private untath wada meka karanne ctb karyooo
anika samahara welawata rupiyala illuwama wata pite inna un higanna diha balanawa wage api diha balanawa
man ananthawath dakala thiyenawa athe rupiyala thiyan denne nathi un
eth ban eka seen ekak thiyenawa oya rupiyalawal illala ape game bus eke kondala tharaha karaganna ba
mokada elaga dawase un dakkath dala yayi..ethakota paya 1/2k katta kanna wenawa
mewa kawada hadeida manda ban

set wela dawaska nelapan ekekta madi nokiyanna...
ayeth wenne ne..kawadawath nathara karanne nethuwa yama ekakuth ne
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙයට විසදුමක් ලෙස කාසි පිරවූ මල්ලක් ලබා දිය හැක සෑම දිනකම
    තමා රාජකාරී සදහා ඩිපෝවෙන්, බස් නැවතුමෙන් පිටත් වන කොන් දොස්තර වරුන්
    සදහා... ඒ මල්ල පසු දින එකතු වූ කාසි පොට්ටනියෙන්ම සකසා ගැනීමටද හැක..
    :lol::lol::lol::lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙයට විසදුමක් ලෙස කාසි පිරවූ මල්ලක් ලබා දිය හැක සෑම දිනකම
    තමා රාජකාරී සදහා ඩිපෝවෙන්, බස් නැවතුමෙන් පිටත් වන කොන් දොස්තර වරුන්
    සදහා... ඒ මල්ල පසු දින එකතු වූ කාසි පොට්ටනියෙන්ම සකසා ගැනීමටද හැක..
    :lol::lol::lol::lol::lol:

    ah අමතක උනා ඒ පොට්ටනියට හවසම සුම්මා වෙනවනේ ....:lol::lol::lol:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇත්ත කතාව මචන්. මුන් එක්ක හොඳින් කතාකලත් ඇඟට එනවා.එතකොට අපිට ඉතින් වෙන්නෙ උන්ගෙ ගානටම වැටිලා බස් එකේ වලි දාගන්න තමයි.
    :oo::oo::oo: :no::no::no::no:
     

    Similar threads