කොපමණ වේලාවක් නිදාගත යුතු ද?
මිනිසකුගේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් පමණ ගත කරන්නේ නින්දේ බව ඔබ දන්නවා ද? වටිනා ජීවිතයෙන් මේ තරම් කාලයක් නින්දට වැය කරන්නේ කුමක් සඳහා දැයි ඔබට සිතෙන්නට පුළුවන්. එහෙත් අවදිව සිටීම මෙන්ම හොඳ නින්ද ද මිනිසාට අත්‍යවශ්‍යයි. සුවබර නින්ද කෙනෙක් කායිකවත් මානසිකවත් ප්‍රබෝධයෙන් තබයි. අද සාකච්ඡා කෙරෙන්නේ නින්ද ගැන බොහෝ දෙනකුට බලපාන ගැටලු පිළිබඳවයි.
නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීමට සාමාන්‍ය පුද්ගලයකු දිනකට කොපමණ වේලාවක් නිදාගත යුතු ද?
එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. වයොවෘද්ධ අය සාමාන්‍යයෙන් නින්දට වෙන් කරන්නේ පැය හයකටත් අඩු කාලයක්. එහෙත් කුඩා දරුවන් දවසේ දිගු කාලයක්. පැය 12 - 16 ක් තරම් නිදා ගන්නවා. තරුණයන් හා වැඩිහිටියන් පැය 7 - 8 ක් නිදා ගැනීම ප්‍රමාණවත්.
සමහර අය තමන්ට නින්ද නොයන බව කියමින් වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා ගන්නවා. එසේ නින්ද නොයාමට හේතුව කුමක් ද?
හේතු රාශියක් බලපෑ හැකියි. විශේෂයෙන් සෞඛ්‍ය සම්පන්න, ජීවිතයේ කරදර අඩු කෙනෙකුට නින්ද නොයන්නේ ඉතාම කලාතුරකින්. එහෙත්, නිදාගන්නා රටාව වෙනස් වූ විට කෙනෙකුට නින්ද නොයන්නට පුළුවන්.
රාත්‍රී වැඩ මුර ඇති අයට, රාත්‍රී කාලයේ වරින් වර ඇහැරෙන්නට සිදුවන අයට නිදා ගැනීමේ අපහසුතා ඇතිවිය හැකියි. එවැනි අය නින්දට පෙර මඳක් උණුසුම් ජලයෙන් ඇඟපත සෝදා ගැනීම, කහට නොදැමු කිරි වීදුරුවක් පානය කිරීම වඩාත් සුදුසුයි. නිදිමත එනතුරු ප්‍රියකරන පොතක්, පත්තරයක් කියවීම මඟින් ද නැවත හොඳ නින්දකට පිවිසිය හැකියි.
ව්‍යායාම නොකිරීමත් නින්දට බාධාවක් ද?
ඔව්. ව්‍යායාමවල නිරත වන ක්‍රීඩකයන්ට හොඳින් නින්ද යනවාදැයි විමසුවහොත් ඔවුන්ගෙන් ලැබෙන පිළිතුර ඉතාම සුවදායක ලෙස නින්ද යන බවයි. මීට හේතුව කායික ව්‍යායාම නින්දේ ගුණාත්මක බව වැඩි කිරීමයි. ව්‍යායාම කිරීමම නොවෙයි, අවශ්‍ය වන්නේ මොන යම් ආකාරයක හෝ ඇඟ වෙහෙසවීමයි. ගෙදර වැඩ, ගෙවත්තේ කුඹුරේ වැඩ, බයිසිකල් පැදීම, ඇවිදීම සහ නැටීමත් සුදුසුයි. හොඳ පිරිසිදු වාතය ආස්වාස ප්‍රස්වාස කරමින් අඩු තරමින් සතියකට දින තුන හතරක් හෝ පැය භාගයක කාලයක් ව්‍යායාමවල නිරත වීමෙන් සුවදායි නින්දකට පිවිසිය හැකියි.
තේ කෝපි වැඩිපුර බීම හා නින්ද නොයාම අතර සම්බන්ධයක් තිබෙනවා ද?
ඔව්. කෝපි සහ තේවල අඩංගු කැෆේන් සහ ටැනින් යන සංයෝග නිදිමත නැති කරනවා. ඒ වගේම චොකලට් සහ චීස් වර්ග, රතු වයින්, කෝලා පානයන් නිදිමත නැති කරන ආහාරපාන. මේවා අඩුවෙන් ආහාරයට ගැනීම සහ විශේෂයෙන් රාත්‍රී නින්දට පෙර ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි.
අධික වෙහෙසත් නින්දට බාධාවක් ද?
කලබලකාරී මනසට වරින් වර විවේකය ලබා දීම අත්‍යවශ්‍යයි. දවස තිස්සේ එක දිගට ඇඟපත වෙහෙසවා වැඩ කිරීමත් මිනිසුන්ට කළ හැකි දෙයක් නොවෙයි. සිරුරට ද වරින් වර විවේකයක් ලබා දෙමින් විඩාව මඟ හරවාගත යුතුයි. කෙනෙක් දවසේ එක දිගට වැඩ කොට, වැඩ නිම කළ සැණින්ම නිදා ගැනීමට උත්සාහ කරනවානම් එය ඵලදායී නොවිය හැකියි. මේ අය නින්දට යෑමට පෙර පැයක් හෝ දෙකක් විවේකීව සිටිය යුතුයි. පවුලේ සාමාජිකයන් සමඟ සතුටු සාමීචියේ යෙදීම, නවකතාවක් හෝ වෙනත් කැමති පොතක් පතක් කියවීමෙන් නොදැනුවත්වම පහසුවෙන් නින්ද ළඟා කරගත හැකියි.
ආහාර ගැනීමත් සමඟම කෙනෙක් නින්දට යනවා නම් එය ආහාර ජීර්ණයට බාධාවක් ද?
නෑ. නුසුදුසු වන්නේ ආහාර ගැනීමත් සමඟම ව්‍යායාම හා ක්‍රීඩාවල නිරත වීමයි. එවිට ආහාර මාර්ග පද්ධතියට, කුඩාන්ත්‍රයට රුධිර සංසරණය වීම අවම වෙනවා. එය ආහාර ජීර්ණයට බාධාවක්. ආහාර ගත් විගස නින්දට යාමෙන් ආහාර ජීර්ණයට බලපෑමක් වන්නේ නෑ. ආහාර ගැනීමෙන් පසු මඳ වේලාවක් විවේක ගැනීම, කට වහරේ කියන ලෙස ඇලවී සිටීම වඩාත් සුදුසුයි.
රාත්‍රී ආහාර ගත් විගස නින්දට යෑම නුසුදුසුයි කියන්නේ ඇයි?
රාත්‍රී නින්දට පෙර දිරවීමට අපහසු, බර ආහාරයක් ගත් විට සිරුරේ රත්වීම වැඩි වෙනවා. හෘද ක්‍රියාකාරීත්වය ඉහළ යනවා. එය නින්ද අපහසු කරන සාධකයක්. රාත්‍රී නින්දට පෙර අඩුම තරමින් පැය දෙකකට හෝ කලින් රාත්‍රී ආහාර වේල ගැනීමෙන් ඒ අපහසුතාව මඟ හරවා ගත හැකියි.
සමහර අය පුරුද්දක් ලෙස දහවල් ආහාරයෙන් පසුව නින්දට වැටෙනවා. මෙය ශරීර සෞඛ්‍යයට අහිතකර ද?
ශරීරයේ ජීව විද්‍යාත්මක රටාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙනෙකුට දහවල් ආහාරයෙන් පසු නිදාගන්න අවශ්‍ය නම් නිදා ගත යුතුයි. නිදිමත දැනෙන්නේ සිරුරට නින්ද අවශ්‍ය නිසයි. පැය ගණනක් නිදා ගැනීම අවශ්‍ය නොවුණත් සුළු වේලාවක් හෝ නිදා ගැනීමෙන් ශරීරයට ප්‍රබෝධවත් බවක් ඇති වෙනවා. නිදිමතේ වැඩ කරන්නට යාමෙන් සිදු වන්නේ නින්දත්, වැඩත් දෙකම නිසියාකාරව සිදු නොවීමයි.
බර ආහාරයක් ගත් විට වැඩියෙන් නිදිමත දැනෙන්නේ ඇයි.
අප ගන්නා ආහාර සැහැල්ලු නොවේ නම්, බර වැඩිනම් ආහාර මාර්ග පද්ධතියට, කුඩාන්ත්‍රයට රුධිර සැපයුම වැඩි වෙනවා. හිසට රුධිර සැපයුම අඩු වෙනවා. එවිට නිදිමත ඇතිවීම ස්වාභාවිකයි. වැල, වරකා, පැණි වැනි ආහාර වැඩියෙන් ගැනීමත් නිදිමත ඇතිවීමට හේතුවක්.
භාවනාව නිදිමතට හොඳ ඔසුවක් බව කියන කතාව ඇත්ත ද?
එකම විදිහට එකම ඉරියව්වකින් වැඩි වේලාවක් ඉන්නා විට, එකම සිතිවිල්ලක ඉන්නා විට නිදිමත දැනීම සාමාන්‍ය දෙයක්. පොත් කියවීමේදී නිදිමත වැඩියෙන් දැනෙන්නේ ඒ නිසයි. භාවනාවේ දී සිත එක අරමුණක ඇති විට සිතට සැනසිලිදායක බවක් ලැබෙනවා. එයත් හොඳ නින්දකට බලපානවා. වාහනයක ගමන් කරන විට එකම ශබ්දයක් දිගු වේලාවක් ඇසීම නිසා නිදිමත ගතියක් දැනෙනවා. කුඩා දරුවන්ට නැළවිලි ගී කීමේදීත් සිදු වන්නේ එවැනි දෙයක්.
දවල් කාලයේ නිදා ගන්නා අයට රාත්‍රියේ නින්ද යනවා අඩු ද?
ඔව්. දවල් කාලයේ නිදා ගන්නා අයට රාත්‍රියේ නින්ද යාම අඩුවීම ස්වාභාවිකයි. එමඟින් සාමාන්‍ය නිදා ගැනීමේ රටාව වෙනස් විය හැකියි. බොහෝ වැඩිහිටියන්ට මේ තත්ත්වය ඇති වෙනවා. එය රෝගයක් නොවෙයි.
නිදා ගන්නා කාමරයේ දොර ජනෙල් හොඳින් වසා තැබීම සුවබර නින්දකට බාධාවක් ද?
සුවබර නින්දකට ඔක්සිජන් සහිත පිරිසුදු වාතය අත්‍යවශ්‍යයි. අතීතයේ නම් විශේෂයෙන් ග්‍රාමීය සමාජයේ වැඩිහිටියන් වැඩිපුරම නින්දට ගියේ ගෙදර පිල්කඩේ. නිරාවරණය වූ පරිසරයේ හොඳින් වාතාශ්‍රය ලැබුණ නිසා ඔවුන්ට සුව පහසු නින්දක් ලැබුණා. නිවසේ කාමරවල දොර ජනෙල් වසා තැබුණේ පවා කලාතුරකින්. ඒත් අද මේ තත්ත්වය වෙනස්. මේ නිසා නිදන කාමරයට හොඳින් වා කවුළු තැබීම ඉතාම වැදගත්.
ශබ්ද සහ ආලෝකය ගලා නොඑන පැත්තේ ඇති ජනේල විවෘතව තැබීමෙනුත් නිදන කාමරයට පිරිසුදු වාතාශ්‍රය හොඳින් ලැබෙනවා. ජනෙල් සහ වා කවුළුවලට දැල් ගැසීමෙන් මදුරු කරදරවලින් මෙන්ම සොර සතුරු කරදරවලින් ද බේරී සිටිය හැකිය. නිදන කාමරයට හොඳින් වාතාශ්‍රය නොලැබුණත් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවී නින්දට බාධා විය හැකියි.
ඒ වගේම දරුවන්ගේ හැඬීම, සහකරු ගේ හෝ සහකාරිය ගේ ගෙරවිල්ල, ඝෝෂාකාරී සංගීතය, වාහනවල ශබ්ද සුව පහසු නින්දට බාධා ගෙන දිය හැකියි. තද ආලෝකයක් සමහර අයගේ නින්දට බාධාවක්. මේවායින් වැළකී සිටීමට කාමරයට අඳුරු තිර දැමීම, නිදන කාමරයේ දොර වසා තැබීම ආදිය කළ හැකියි.
නිදි උලුක්කු ඇති වන්නේ නිදා ගන්නා ඉරියව්වල ඇති වරදක් නිසා ද?
ඔව්. නිදා ගන්නා ඉරියව් වැරදුණ විට නිදි උලුක්කු වගේ ම හන්දිපත් රුදාව, කොන්දේ කැක්කුම, හිසරදය වැනි තත්ත්වයන් පවා ඇතිවිය හැකියි. එය සුව පහසු නින්දටබාධාවක් මෙන්ම ශාරීරිකව දැඩි අපහසු බවක් ඇති කරනවා. මේ නිසා නිදා ගන්නා ඇඳ, මෙට්ටය සහ කොට්ටය නින්දට ගැළපෙන අයුරින් සකසා ගැනීම ඉතාම වැදගත්.
ඇඳ ඇතිරිලිවල පවිත්‍ර බව ගැනත් සැලකිලිමත් විය යුතුයි. හොඳින් සෝදා අව්වේ වියළා ගත් ඇඳ ඇතිරිලි, කොට්ට සහ මදුරු දැල් භාවිතයෙන් ලැබෙන ප්‍රසන්න බවත් සුවබර නින්දට බලපානවා.
විශේෂයෙන් පුද්ගලයකුගේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් ගෙවෙන්නේ නිදන ඇඳ මත. මේ නිසා එවැනි තැනක පිරිසිදු බව හා ක්රමානුකූල බව පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.
මත්පැන් හා දුම්පානය කරන අයට අඩුවෙන් නින්ද යනවා කියන කතාව ඇත්ත ද?
ඔව්. මද්‍යසාර හෝ දුම්කොළ සුළු ප්‍රමාණයකට වුවද කෙනෙක් අවදිව තැබිය හැකියි. ඊට හේතුව දුම්කොළ වැනි දේ මඟින් ස්නායු පද්ධතිය උත්තේජනය කිරීමයි. එවිට නිදිමත නැතිව යනවා. මත්පැන් ගන්නා සමහර අයට ඉක්මනින් නිදිමත දැනුණත් ඔවුන් නිදා ගන්නා කාලය අඩුයි. වේලාසනින් ඇහැරුණත් නැවත නින්ද නොයාම කායික, මානසික සුවතාවයට බලපානවා. මත්පැන් හා දුම්පානයට ඇබ්බැහි වූ කෙනෙක් සුවබර නින්දක් බලාපොරොත්තු වනවා නම් කළ යුතු එකම දේ එම පුරුද්ද අත්හැරීමයි.
නින්දට බාධා ගෙන දෙන රෝගී තත්ත්වයන් තිබෙනවා ද?
ඔව්. හන්දිපත් රුදාව සහ නොයෙකුත් රෝග නිසා හට ගන්නා ඇඟ පතේ වේදනාව, විශේෂයෙන් පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථියේ ඉදිමීම නිසා හට ගන්නා මුත්‍ර හිරවීමේ වේදනාවන්, හෘදය, පෙනහලු සහ ආහාර මාර්ගය වැනි ඉන්ද්රියයන්ගේ වේදනාවන් නින්දට බාධා කළ හැකියි. උදාහරණ ලෙස ආමාශයේ හා ග්‍රහණියේ තුවාල සුව පහසු නින්දට බාධාවක්. මේ රෝග හඳුනාගෙන එයට සරිලන ප්‍රතිකාර ලබා ගැනීමෙන් මීට විසඳුමක් ලබා ගත හැකියි.
ඒ වගේම මානසික කලකිරීමක්, බිය, දුක, කාන්සාව හා නිතර කනගාටුවෙන් සිටින අයට නින්ද යාම ප්‍රශ්නයක් විය හැකියි.
නින්ද නොයාමට අමතරව නිතර කේන්ති යාම, ආහාර අරුචිය, ලිංගිකත්වයට ආශාව නැතිවී යාම, සිරුරේ බර අඩුවීම, පපුව ගැහීම, තමන්ගෙන් තම පවුලට හෝ සමාජයට වරදක් වූවා යැයි නිතර සිතට නැඟීම, වෙනත් අය දෙතුන් දෙනකු කතා කරන විට ඒ අය තමන්ට විරුද්ධව කතා කරනවා යැයි සැක සිතීම, ජීවිතය එපා වීම මානසික රෝගයක ලක්ෂණ. මේ අය නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්.
නින්ද නොයන අය පුරුද්දක් ලෙස නිදිපෙති ගැනීම අහිතකර ද?
නිදි පෙති ආවට ගියාට බීමට සුදුසු ඒවා නොවේ. නිදි පෙති ගැනීම කළ යුතු වන්නේ රෝගී තත්ත්වයක් හඳුනා ගැනීමෙන් පසු ප්‍රතිකාරයක් ලෙස අවශ්‍ය නම් පමණයි. ඒ පිළිබඳව තීරණයක් ගත හැකි වන්නේ වෛද්‍යවරයකුට පමණයි.
නිදිපෙතිවලට හුරු වී සිටින කෙනෙක් ඒ තත්ත්වයෙන් මිදෙන්නේ කොහොම ද?
නිදිපෙති මඟින් බොහෝ විට සිදු වන්නේ සිහින තරංග නැති කර දමා සිතුම් තරංග වැඩි කිරීමයි. නිදිපෙති බීම එකවර නවතා දැමීමෙන් සිහින තරංග වැඩිපුර නිපදවීමෙන් භයානක සිහින පෙනීමටත්, නින්දෙන් බිය වී අවදි වීමටත්, පුළුවන්. ඒ හේතුව නිසාම ඒ පුද්ගලයා නැවතත් නිදිපෙති ගැනීමට පෙලඹෙනවා. එහෙත් කළ යුතු වන්නේ ටික දිනක් එම තත්ත්වය ඉවසා දරා ගැනීමයි. නින්ද පහසු කරවන සාධක ඇතිකර ගැනීමත් වැදගත්.
ඒ වගේම කාලයක් තිස්සේ කෙනෙක් නිදිපෙති ගැනීමට පුරුදු වී සිටිනවා නම් එය එකවර නතර කිරීම ද නොකළ යුතුයි. කළ යුතු වන්නේ ගන්නා ඖෂධ ප්‍රමාණය ක්‍රමයෙන් ටිකෙන් ටික සති හෝ මාස කිහිපයකින් අඩු කිරීමයි. ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.
රමණී සුබසිංහ
(silumina)